☸︎ ඇයි හදිස්සි... නිවන් දකින්න ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682
    113

    සිතන්න ...

    වයස අවුරුදු පහක කුඩා ළමයෙකුට සහ
    වයස අවුරුදු විසිපහක වැඩුණු මිනිසෙකුට
    කිලෝ 50ක බරක්
    ඔසවන්න දෙනවා කියා ...

    අවුරුදු පහේ ළමයා වීර්යයෙන් උත්සාහ කරාවි, දඟලාවි, දත් මිටි විකාගෙන නැවත නැවත වෙර දරාවි.
    නමුත් ඔහු සාර්ථක වන්නේ නෑ ...
    මොකද ඔහුගේ කය, ඔහුගේ සිත, එවැනි විශාල බරක් දැරීමට තවම සූදානම් නෑ,
    තවම පරිණත නෑ

    එහෙත් අවුරුදු විසිපහක වැඩුණමනුෂ්‍යයා
    යම්කිසි උත්සාහයක් දරා, ඉතා පහසුවෙන් එම බර දරාවි
    මොකද ඔහු, කායිකව මානසිකව එවැනි බරක් ඉසිලීමට
    පරිණත වී සිටීම නිසා

    ධර්මස්කන්ධයත් ඒ වගේ

    ඔබ පරිණත වන තාක්,
    කොතෙකුත් උත්සාහ කළද එය දැරිය නොහැකි වනු ඇත
    එය කායික මානසික වෙහෙස වැය වෙන වෙන නිෂ්ඵල ක්‍රියාවකි

    එම නිසා , නිසි කාලය පැමිණෙනතුරු
    රැඳී සිටින්න ...
    නමුත් උත්සාහය අතාරින්න එපා,

    පිටිය සකස් කරන්න,
    අවශ්‍ය බීජ සහ, සරු වර්ෂාව ලැබූ කලෙක
    ධර්මස්කන්ධය ඔබෙත් ඵලදරාවේ

    සද්ධර්ම ශ්‍රවණය,
    කල්‍යාණ මිත්‍ර ආශ්‍රය
    කුසල් වැඩීම

    මේ සියල්ල සිදු කරන්න
    නිවැරදි මොහොතේ, ඵලදරාවි.

    ( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරින් )
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth
    එතකොට සුනීත සෝපාක ලා පොඩි කාලෙම බර වැඩ කරලා පුරුදු වෙච්ච නිසාද පොඩිකාලේම නිවන් ගියේ? පොඩි කාලෙම කිලෝ 50 තනි ඇඟිල්ලෙන් ඉස්සුවනේ. 🤷🏻‍♂️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682
    113
    එතකොට සුනීත සෝපාක ලා පොඩි කාලෙම බර වැඩ කරලා පුරුදු වෙච්ච නිසාද පොඩිකාලේම නිවන් ගියේ? පොඩි කාලෙම කිලෝ 50 තනි ඇඟිල්ලෙන් ඉස්සුවනේ. 🤷🏻‍♂️

    සුනීතට සෝපාකට මේ ලෝකේ යමෙකුට ඉන්න පුළුවන් උත්තරීතර ම කල්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය තිබුණා, උපදෙස් ලැබුණා.

    සහ පෙර සසර පුරුදු කිරීම.

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බනත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් සංසාරේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth
    සුනීතට සෝපාකට මේ ලෝකේ යමෙකුට ඉන්න පුළුවන් උත්තරීතර ම කල්‍යාණ මිත්‍රයාගේ ආශ්‍රය තිබුණා, උපදෙස් ලැබුණා.

    සහ පෙර සසර පුරුදු කිරීම.

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බනත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් සංසාරේ
    තේරුනා 😍
     
    • Like
    Reactions: Cypress and Yeezus

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උත්සාහ කරන්න කිඉවේ කොහොමද "හිස් ගිනිගත්තෙක් ඒම ගින්න නිවන්න උත්සාහ කරන්නේ කෙසේද එලෙස නිවන් දකින්න උත්සාහ කරන්න" කියල.
    අප්පමාදී වෙන්න.

    බුදු වදන් මිස වෙන කෙනෙකුගේ පෞද්ගලික අදහස් අසා සසරේ අතරමන් නොවන්න. 🙏🙏🙏🙏
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682
    113
    බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උත්සාහ කරන්න කිඉවේ කොහොමද "හිස් ගිනිගත්තෙක් ඒම ගින්න නිවන්න උත්සාහ කරන්නේ කෙසේද එලෙස නිවන් දකින්න උත්සාහ කරන්න" කියල.
    අප්පමාදී වෙන්න.

    බුදු වදන් මිස වෙන කෙනෙකුගේ පෞද්ගලික අදහස් අසා සසරේ අතරමන් නොවන්න. 🙏🙏🙏🙏
    මම මෙතන කියන්නේ නිවන් දකින්න ඉක්මන් වෙන්න එපා කියන එක නෙවේ ...

    නිවන දකින්න බෑ කියලා උත්සාහ කරලා කරලා තෙහෙට්ටු උනොත්, දැන් ඇති කියලා හිතුනොත් .. අන්න ඒ එන කලකිරීමට උත්තරයක් ....

    හිතන්න යම්කිසි පුද්ගලයෙක්, මට මේ සතිය ඇතුලත නිවන් දකින්න ඕනි කියලා අදහසින්, 24*7 කන්නේ බොන්නේ නැතුව පේ වි ගෙනම භාවනා කරනව කියල.

    එතකොට නිවන තියා ධ්‍යානයක් වත් උපදවා ගන්න බැරුව, ඒ එන කළකිරීමෙන් ඒ පුද්ගලයා කලකිරෙන්න, නිවන පිළිබඳ විචිකිච්චාව ඇතිව්නන් පුළුවන්.

    නිවන් මාර්ගය ගොඩක් දිගයි,
    දුරු කරන්න, එකතු කරන්න ගොඩක් දේවල් තියනවා
    සීල සමාධි ප්‍රඥා වගේ වඩන්න ගොඩක් දේවල් තියෙනවා

    හැමෝටම නිවන් යන්න බෑ, සසර practice එක තියෙන්න ඕනි.

    ඒ නිසා කරන්න තියන හොදම දේ තමයි,
    බණ අහලා, ඒවා මෙනෙහි කරලා, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරලා, දන් දීලා, සිල් අරගෙන නිවන් මාර්ගය වඩන එක.

    නිවන සාක්ෂාත් කරා හෝ නැතා,
    ඒ ක්‍රියාවලියේ ඉන්න ඕනි.
     
    nidarsha91

    Well-known member
  • බුදුහාමුදුරුවෝ නිවන් දකින්න උත්සාහ කරන්න කිඉවේ කොහොමද "හිස් ගිනිගත්තෙක් ඒම ගින්න නිවන්න උත්සාහ කරන්නේ කෙසේද එලෙස නිවන් දකින්න උත්සාහ කරන්න" කියල.
    අප්පමාදී වෙන්න.

    බුදු වදන් මිස වෙන කෙනෙකුගේ පෞද්ගලික අදහස් අසා සසරේ අතරමන් නොවන්න. 🙏🙏🙏🙏
    බුදු හාමුදුරුවො තමන්ගෙ අතින්ම ලියපු පොතක් හරි තමන් විසින්ම සකස් කරපු ශිලා ලිපියක් පෙන්නපන් මචන්

    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කට පාඩමින් ආව කියන කතාවට පුන්චි උදාහරණයක් දෙන්නම්. එතකොට තේරෙනවා තමන්ම ගවේශනය කරන්න කිව්ව කතාවෙ ඇත්ත නැත්ත.

    • Like
    Reactions: Yeezus

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    බුදු හාමුදුරුවො තමන්ගෙ අතින්ම ලියපු පොතක් හරි තමන් විසින්ම සකස් කරපු ශිලා ලිපියක් පෙන්නපන් මචන්

    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කට පාඩමින් ආව කියන කතාවට පුන්චි උදාහරණයක් දෙන්නම්. එතකොට තේරෙනවා තමන්ම ගවේශනය කරන්න කිව්ව කතාවෙ ඇත්ත නැත්ත.

    මෙතන සාමාන්‍ය මිනිස්සුන්ගේ කටකතාවයි ත්‍රිපිටකය පැවැතගෙන ආපු විදියයි සංසන්දනය කරන ඒක සම්පුර්ණ වැරදි. බානක පරම්පරා සහ රහතන් වහන්සේලා සමාන කරලා බලන ඒක. බානක පරම්පරා ගැන තව හදාරන්න වෙයි.
    එ ඔක්කොම පැත්තකින් තියලා ලංකාවේ ගන්තාරූද කරපු ත්‍රිපිටකයයි බිරිමයේ ශිලා ත්‍රිපිටකය යී සමාන උනේ කොහොමද කිසිම සම්බන්දයක් නැතුව පැවැතගෙන ඇවිත්. ඔය දෙකේ පොඩි වෙනස්කම් තියෙන්නේ වචන වල විතරයි තේරුම අතින් සමානයි.
    මේක එහෙම ඒක පාඩමකින් දෙකකින් උබේ සැකය දුරු කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඕක ගැබුරින් හදාරුවම උබටම තේරෙයි. උඩින් බළලා ඔයා කතාවම මාත් අවුරුදු ගානකට කලින් කිව්වා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    මොකද බන් ලංකාවේ උන්ට මෙච්චර හදිසි නිවන් දකින්න? හරියට නිකන් රෙන්න බර වෙලා වගේ! මම දැකලා තියෙනවා කොහෙවත් නැති පුදුම මේනියාවක් වගේ දෙයක් හරියට සමාජෙට කියාගන්න දගලනවා මම නිවන් දකින්න හදන්නේ වගේ සීන් එකක්...ජීවත ්වෙලා හිටපල්ලා නිවන් දකින්න කලින් දැන් බලපන් සුද්දෝ උන් දන්න ධර්මෙකුත් නැ..හැබැයි උන් ධර්මය දන්නවා කියන ලංකාවේ උන්ට වඩා සතුටෙන් ඉන්නවා..ලංකාවේ උන්ගේ පන්ඩිත කම කියන්නේ පෝඩ්ඩක් දැනගෙන රගනවා රැගිල්ලක් ලොවතේ නැ. එහෙම උන්ට නිවන් දුරයි. මොකද ඌ නිවන් දකිනවා කියල අදහස් කරන්නේ සමාජයට පෙන්න නිවන් දකින එක. නිවන කියන්නේ ඒක නෙමෙයි ඒක අඩබෙර ගහල කරන දෙයක් නෙමෙයි කවුරුත් දන්නෙත් නැ නිවන් දැක්කා කියල ඒ තරම් ඒක හැංගිච්ච දෙයක්. තමන් විතරයි නිwaන ප්‍රත්‍යක්ෂ කරා කියල දැනගන්නේ. කන්නෙත් නැ බොන්නෙත් නැ අදින්නෙත් නැ අනේ නිවන් දකිමු දකිමු සීන් එකේ ඉන්නේ. පුදුම කලකිරීමෙකින් ජීවත් වෙන්නේ ජීවිතේ දුකයි දුකයි කියාගෙන. ඉතින් බැන්ද ජීවිත වැඩකුත් නැ ටිකක් හරි බේරිලා ඉන්ජෝයි කරයි බැන්ද උන් වෙන රටකට ගියොත් අන්න නිස්කලංක ජීවිත නිවන් යන්න.

    වෙලාවකට අර සන්නා කියන කතාව ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    898
    1,061
    93
    බුදු හාමුදුරුවො තමන්ගෙ අතින්ම ලියපු පොතක් හරි තමන් විසින්ම සකස් කරපු ශිලා ලිපියක් පෙන්නපන් මචන්

    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කට පාඩමින් ආව කියන කතාවට පුන්චි උදාහරණයක් දෙන්නම්. එතකොට තේරෙනවා තමන්ම ගවේශනය කරන්න කිව්ව කතාවෙ ඇත්ත නැත්ත.

    උබ බෞද්දද? එහෙනම් අර කතාව හරි. උබලම තමයි බුද්දාගම නැති කරන්නෙ. ඊටපස්සෙ උබලා සුලුතරය වෙනවා. වෙන ජාතීන්ට බනින්න එපා.
     
    • Love
    Reactions: nidarsha91

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    හැංගිච්ච දෙයක්. තමන් විතරයි නියන ප්‍රත්‍යක්ෂ කරා කියල දැනගන්නේ.

    හැංගිලා නිවන් දකින්නනම් මහත්තයෝ පසේ බුදු හරි ලොවිතුරා බුදු කෙනෙක් හරි වෙන්න ඕනේ. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්න. මාර්ගඵල ලබන්න නිකන් බැහැ. පරතෝගෝෂක ප්‍රත්‍ය ඕනේ. කළ්‍යාණ මිත්‍රයෝ ඕන. කළ්‍යාණ මිත්‍රයෝ බෝඩ් අලවන් ඉන්නැහැ.. ගවේෂණය කරන් යදද් තමයි ඒ වගේ තව අය හම්බවෙන්නේ. ඒ හම්බෙන අය අතර කළ්‍යාණ මිත්‍රයොත් ඉන්නවා. පුලුවන් තරම් අනිත් අය එක්ක කතා කරන්නේ, සාකාච්ඡා කරන්නේ ඒ නිසා.

    අපිත් සතුටෙන් තමයි ඉන්නේ. සම්මුතියේ ප්‍රශ්න වලට විසදුම් නෙමෙයි ධර්මයකින් හොයන්නෙ.

    නොදන්න දේවල් ගැන පරිභව නොකර ඉන්න එක තමයි හොද.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    බුදු හාමුදුරුවො තමන්ගෙ අතින්ම ලියපු පොතක් හරි තමන් විසින්ම සකස් කරපු ශිලා ලිපියක් පෙන්නපන් මචන්

    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කට පාඩමින් ආව කියන කතාවට පුන්චි උදාහරණයක් දෙන්නම්. එතකොට තේරෙනවා තමන්ම ගවේශනය කරන්න කිව්ව කතාවෙ ඇත්ත නැත්ත.

    Meh cooperate building games ekkada rahatan wahansela rakagena aran apu suthra deshana compare karanne 🤦‍♂️
     
    • Love
    Reactions: nidarsha91

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    හැංගිලා නිවන් දකින්නනම් මහත්තයෝ පසේ බුදු හරි ලොවිතුරා බුදු කෙනෙක් හරි වෙන්න ඕනේ. ස්වයංවූ ඤාණයෙන් අවබෝධ කර ගන්න. මාර්ගඵල ලබන්න නිකන් බැහැ. පරතෝගෝෂක ප්‍රත්‍ය ඕනේ. කළ්‍යාණ මිත්‍රයෝ ඕන. කළ්‍යාණ මිත්‍රයෝ බෝඩ් අලවන් ඉන්නැහැ.. ගවේෂණය කරන් යදද් තමයි ඒ වගේ තව අය හම්බවෙන්නේ. ඒ හම්බෙන අය අතර කළ්‍යාණ මිත්‍රයොත් ඉන්නවා. පුලුවන් තරම් අනිත් අය එක්ක කතා කරන්නේ, සාකාච්ඡා කරන්නේ ඒ නිසා.

    අපිත් සතුටෙන් තමයි ඉන්නේ. සම්මුතියේ ප්‍රශ්න වලට විසදුම් නෙමෙයි ධර්මයකින් හොයන්නෙ.

    නොදන්න දේවල් ගැන පරිභව නොකර ඉන්න එක තමයි හොද.
    කොහෙද බන් මම මෙතන පරිභව කරල තියෙන්නේ ? උඹට ට්‍රැක්ද?
    තමුන් විතරක් දන්නවා කියල හිතන එකත් ලොකු කේස් එකක් බ්‍රෝ. අනිත් මිනිස්සුත් දන්නවා තමුන් විතරක් නෙමෙයි.

    හැංගිච්ච කියන වචනේ උඹ තේරැම් ගත්ත විදිහ වෙනස් ඇති ඒක මම දන්නේ නැහැ මම මෙතන හැංගිච්ච දෙයක් කිව්වේ කාටවත් පෙන්නේ නැ කියන එකයි. කාවුරුත් දකින් නිවන එකයි බ්‍රෝ මොන මොන බර වචන දැම්මත්. නිවන කාටත් එකම නිවන තමයි. එක එක්කෙනා නිවන දකින් විදිහ වෙනස්. ඒක මම නැ කිව්වේ නැනේ. මම හැංගිච්ච දෙයක් කිව්වෙ ්කටවත් ඒක දැකලා බාහිරින් දැකලා තේරැම් ගන්න බැ කියන අදහස.
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    kauru mnva kiwwath nivan dakinna oni nan adu gane mahana vennama venava nikan gihigeyi idala nivan dakinna baha kohomath mey kale , oya gihigeyi idan lorry talk dena ayata kiyanne adu gane mahanvath vela talks denna
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    තමුන් විතරක් දන්නවා කියල හිතන එකත් ලොකු කේස් එකක් බ්‍රෝ. අනිත් මිනිස්සුත් දන්නවා තමුන් විතරක් නෙමෙයි.

    හැංගිච්ච කියන වචනේ උඹ තේරැම් ගත්ත විදිහ වෙනස් ඇති ඒක මම දන්නේ නැහැ මම මෙතන හැංගිච්ච දෙයක් කිව්වේ කාටවත් පෙන්නේ නැ කියන එකයි. කාවුරුත් දකින් නිවන එකයි බ්‍රෝ මොන මොන බර වචන දැම්මත්. නිවන කාටත් එකම නිවන තමයි. නිවන දකින් විදිහ වෙනස්. ඒක මම නැ කිව්වේ නැනේ. මම හැංගිච්ච දෙයක් කිව්වෙ ්කටවත් ඒක දැකලා බාහිරින් දැකලා තේරැම් ගන්න බැ කියන අදහස.

    කොහොමද දැන් ඕක (නිවන) දකින්නේ?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    කොහොමද දැන් ඕක (නිවන) දකින්නේ?
    උඹම කියපන්කො බන් දැන් උමනේ මම කිව්ව එකේ වැරදි හෙව්වේ? පරිභව කරාලු. එහෙමහ කියන්න ඉතින් උඹ මට වඩා දැනගන්න එපැයි නේද? ඒ නිසා උඹම කියපන්කො "ඕක (නිවන) දකින්නේ" කියල!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    බුදු හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙත් සියවස් ගානකට පස්සෙ එතකන් කට පාඩමින් ඇවිල්ලා ලියවුනු කරුණු අල්ලගෙන උඹල මෙතන කතාන්දර කියනවා.

    කතන්දර තමයි ඔක්කොම. ඒත්, කතන්දර වලයි බන වලයි වෙනසක් තියෙනවා.

    ඔය හැම සූත්‍රයකම වචන අර්ථයට එහා පෙන්නන දිශානතියක් තියෙනවා, ඒ පෙන්නන පැත්ත සිහියෙන් දැකලා, ඒ පැත්තට ගියොත් තමයි විදර්ශනාව trigger වෙන්නේ. යෝනිසෝ මනසිකාරය වෙන්නේ. නැත්තම් වෙන්නේ කියවලා, මොකක් හරි තේරුම් ගන්න එක.

    උඹම කියපන්කො බන් දැන් උමනේ මම කිව්ව එකේ වැරදි හෙව්වේ? පරිභව කරාලු. එහෙමහ කියන්න ඉතින් උඹ මට වඩා දැනගන්න එපැයි නේද? ඒ නිසා උඹම කියපන්කො "ඕක (නිවන) දකින්නේ" කියල!

    මන් දන්න නිවන දකින්නෙනම්,
    කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය
    ධම්මානුධම්ම ප්‍රතිපදාව
    යෝනිසෝ මනසිකාරයෙන්

    කොහෙද බන් මම මෙතන පරිභව කරල තියෙන්නේ ? උඹට ට්‍රැක්ද?
    තමුන් විතරක් දන්නවා කියල හිතන එකත් ලොකු කේස් එකක් බ්‍රෝ. අනිත් මිනිස්සුත් දන්නවා තමුන් විතරක් නෙමෙයි.

    මන්නම් කියලා නැහැ මන් දන්න දේවල් පරම සත්‍ය කියලා කොහෙවත්.

    plus, කන්න බොන්න නැතුව හරි නිවන් දකින්න උත්සහ කරන එක හොදයි. ඒක තමයි වීර්යය. හැම දේම (සංඛතය) දුක්ඛ තමයි. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ සම්මුති දුක නෙමෙයි. කාමභෝගී ජීවිතයෙන් නෙක්ඛම්මයට යොමු වෙන එකම ලොකු දෙයක්. ඔය enjoyable කියන life එකේ හිල් දැකපු මිනිස්සු තමයි නෙක්ඛම්මයට යොමු වෙන්නේ. නැතුව ලෞකික ජීවිතේ සැප විදපු, enjoy නොකරපු අය නෙමෙයි. එයාලා හොයන එක එතන නැහැ. ඒ නිසා ඔය enjoyable කියන දේවල් ඒ මිනිස්සුන්ට අදාල නැ. ඒ මිනිස්සුන්ව සහ ඒ මිනිස්සුන්ගේ ජීවන චර්යාව අසෘතවත් පෘථග්ජනයෝ සහ කාමභෝගී ජීවීතය එක්ක සසදනවා කියන්නේ නෙලුම් මල්, පොකුණේ මඩ එක්ක සසදනවා වගේ.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,827
    1
    6,682
    113
    kauru mnva kiwwath nivan dakinna oni nan adu gane mahana vennama venava nikan gihigeyi idala nivan dakinna baha kohomath mey kale , oya gihigeyi idan lorry talk dena ayata kiyanne adu gane mahanvath vela talks denna

    බුදුහාමුදුරුවෝ බුදුබව ලැබුවේ මහණ වෙලාද ?
    ( ඔබගේ ප්‍රශ්නයට උත්තරේ, මේ ප්‍රශ්නෙ තියෙනවා )
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    බුදුහාමුදුරුවෝ බුදුබව ලැබුවේ මහණ වෙලාද ?
    ( ඔබගේ ප්‍රශ්නයට උත්තරේ, මේ ප්‍රශ්නෙ තියෙනවා )
    Buduhamuduruwo venas api venas , apita kiyanna puluvanda api hamoma e ha samana punya shakthiyak veeryak thiyena minissu kiyala bane , anika gihigeya hara gihillane budu une maligawe iddi nevei ne