සිතන්න ...
වයස අවුරුදු පහක කුඩා ළමයෙකුට සහ
වයස අවුරුදු විසිපහක වැඩුණු මිනිසෙකුට
කිලෝ 50ක බරක්
ඔසවන්න දෙනවා කියා ...
අවුරුදු පහේ ළමයා වීර්යයෙන් උත්සාහ කරාවි, දඟලාවි, දත් මිටි විකාගෙන නැවත නැවත වෙර දරාවි.
නමුත් ඔහු සාර්ථක වන්නේ නෑ ...
මොකද ඔහුගේ කය, ඔහුගේ සිත, එවැනි විශාල බරක් දැරීමට තවම සූදානම් නෑ,
තවම පරිණත නෑ
එහෙත් අවුරුදු විසිපහක වැඩුණමනුෂ්‍යයා
යම්කිසි උත්සාහයක් දරා, ඉතා පහසුවෙන් එම බර දරාවි
මොකද ඔහු, කායිකව මානසිකව එවැනි බරක් ඉසිලීමට
පරිණත වී සිටීම නිසා
ධර්මස්කන්ධයත් ඒ වගේ
ඔබ පරිණත වන තාක්,
කොතෙකුත් උත්සාහ කළද එය දැරිය නොහැකි වනු ඇත
එය කායික මානසික වෙහෙස වැය වෙන වෙන නිෂ්ඵල ක්‍රියාවකි
එම නිසා , නිසි කාලය පැමිණෙනතුරු
රැඳී සිටින්න ...
නමුත් උත්සාහය අතාරින්න එපා,
පිටිය සකස් කරන්න,
අවශ්‍ය බීජ සහ, සරු වර්ෂාව ලැබූ කලෙක
ධර්මස්කන්ධය ඔබෙත් ඵලදරාවේ
සද්ධර්ම ශ්‍රවණය,
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය
කුසල් වැඩීම
මේ සියල්ල සිදු කරන්න
නිවැරදි මොහොතේ, ඵලදරාවි.
( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇසුරින් )