බුදු කෙනෙක් පහල වෙන්න නම් ,

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මම දන්නෑ. දන්නේ තර්කයෙන් විතරක් කිසිම විෂයක් තේරුම් ගන්න බෑ කියන එක විතරයි. උබට එහෙම තර්කයෙන් බුද්ධාගමේ අහු වෙන්නේ තේරෙන්නේ නැති තැනක් පෙන්නුවොත් සමහර විට ඇයි කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.
    තේරුම් ,ගන්නවා පැහැදිලි කරනවා කියන එක ඇතුලේ තියෙන්නෙම තර්කය තමයි බන් . :rofl:
    උබ දැන් ඔය මට පැහැදිලි කරනවා කියලා කරන්න හදන්නෙත් තර්ක කරන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270

    ඔය වචන සෙල්ලම් වැඩක් නෑ මම අර කලින් කියපු කාරණාව (The laws of physics tomorrow will be the same as today) තර්ක වලින් ඔප්පු කරලා පෙන්නුවා නන් උබ කියන එක ඇත්ත ඕනිම දෙයක් තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන් කියල පිළිගන්න තිබ්බ. නැත්තං ඉතිං ඔය කතා ඔක්කොම නිකං වටේ යෑමක් විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඔය වචන සෙල්ලම් වැඩක් නෑ මම අර කලින් කියපු කාරණාව (The laws of physics tomorrow will be the same as today) තර්ක වලින් ඔප්පු කරලා පෙන්නුවා නන් උබ කියන එක ඇත්ත ඕනිම දෙයක් තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන් කියල පිළිගන්න තිබ්බ. නැත්තං ඉතිං ඔය කතා ඔක්කොම නිකං වටේ යෑමක් විතරයි.
    ඉතින් ඕකට මම කිව්වා උත්තරේ තමයි උත්තරේ . . උබ ඒක උබට ඕන විදියට වෙන වචන දාල කිව්වට වැඩක් නෑ . උබ බලාපොරොත්තු උන උත්තරේ නෙවෙයි මම දුන්නේ . ඒක කිව්වා නම් නේ වටේ යන්නේ . අන්තෙට යන්නේ නැතුව probability එකෙන් උත්තරේ දුන්නේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් ඕකට මම කිව්වා උත්තරේ තමයි උත්තරේ . . උබ ඒක උබට ඕන විදියට වෙන වචන දාල කිව්වට වැඩක් නෑ . උබ බලාපොරොත්තු උන උත්තරේ නෙවෙයි මම දුන්නේ . ඒක කිව්වා නම් නේ වටේ යන්නේ . අන්තෙට යන්නේ නැතුව probability එකෙන් උත්තරේ දුන්නේ .
    මට ඕනි උත්තරේ නෙවෙයි උබ හැම වෙලාවෙම කියනවනෙ තර්ක වලින් පුළුවන් කියල දැනුම ගොඩ නගන්න ඒ නිසා තමා මම කියන්නෙ තර්ක කරල පෙන්නන කියල ඕකට උත්තරේ.
    තර්ක වලින් පුළුවන් කියල සම්භාවිතාවෙන් උත්තර දීල හරි යන්නෙ නෑනෙ. තර්ක වෙනයි සම්භාවිතාව වෙනයි. සම්භාවිතාව කියන්නෙම එක විදියකට ගත්තොත් degrees of belief between 0,1
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    මට ඕනි උත්තරේ නෙවෙයි උබ හැම වෙලාවෙම කියනවනෙ තර්ක වලින් පුළුවන් කියල දැනුම ගොඩ නගන්න ඒ නිසා තමා මම කියන්නෙ තර්ක කරල පෙන්නන කියල ඕකට උත්තරේ.
    තර්ක වලින් පුළුවන් කියල සම්භාවිතාවෙන් උත්තර දීල හරි යන්නෙ නෑනෙ. තර්ක වෙනයි සම්භාවිතාව වෙනයි. සම්භාවිතාව කියන්නෙම එක විදියකට ගත්තොත් degrees of belief between 0,1
    ඔය ඉතින් උබ ආයිත් උබට ඕන වචන දාගන්නවා .

    ඉතින් හේතු දක්වනවා කියන්නේ තර්ක කරන එකට තමයි . සම්භාවිතාව පාවිච්චි කරල තමයි ඒක කරන්නේ . උබ කියන විදියට සම්භාවිතා ව / සංයෝජන වගේ ගාණක් හදන්න වෙන්නේ නෑ . number theory complex ගණන් හදන්නත් බෑ . ඒ ඔක්කොම සම්භාවිතාව දාල තමයි හදන්නේ . ඒ තර්ක කරන එක නෙවෙයි ද ?

    සම්භාවිතාව කියන්නේ විශ්වාසයක් කියලා කවුද බන් ඉගැන්නුවේ ??
    මමත් එදා කොච්චර කිව්වද past evidence වලින් ගන්න විය හැකියාව / නොහැකියාව කියලා . ඔය තියෙන්නේ expectation එකක් මිසක් belief එකක් නෙවෙයි .. අපි expect කරන එකක් ඔය tomorro කතාව මෙච්ච්ච්ර කල් උන දේවල් වලට අනුව . අනික ඔතන 0-1 කියල දාගෙන තියෙන්නේ සිමාවන් දෙකක් පෙන්නන්න මිසක් ඕන නම් ඕක 1-100 කියලා අර්තදක්වන්නත් පුලුවන් ඕනෑම වෙන අගයක් දාගන්නත් පුලුවන් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    ආ.. මේ තේ ගෙනාවා බීලා ඉන්න. දැන් දෙන්නට තර්ක කරල මහන්සිත් ඇතිනේ.. 🤷‍♂️ @හෙළයෙක් @dilann
    office-junior-carrying-tray-of-cups.jpg
     
    ඔය අහපු ප්‍රශ්නෙට උබ උත්තරේ හදන්නෙ Bayesian probability එකෙන් (මම හිතා ගත්ත එකක් නන් ඒකත් උබ මොඩල් කරපු හැටි කියන්න), ඒකෙ අර්ත දැක්වීමෙම තියෙන්නෙ degree of belief or confidence in a hypothesis. ගණන් හදන ඒවට ආවොත් සම් භාවිතාවෙ අර්ථ දැක්වීම් වලට යටත්ව නන් ගාණ හදන්නෙ කිසිම ගැටලුවක් නෑ. මේ වගේ The laws of physics tomorrow will be the same as today දේවල් සම්භාවිතාව ගැන ඉගෙන ගන්නකොටම අහක් කරන ඒවනෙ ඕක උබ බලෙන් වගේ සම් භාවිතාව අස්සට ඔබ්බගත්තට ඕක ඇත්තටම මොඩල් කරන්න බැ. සම්හාවිතාවෙන් මොඩල් කරත් ආයෙ යන්නෙ belief එකකටම තමා උබ හරියටම 0 හරි 1 හරි එනව කියල ඔප්පු කරේ නැත්තන්.

    තර්ක වලින් ඔප්පු කරන්න පුළුවන් නන් ඒකෙන්න් ඔප්පු කරන්න හේතු දැක්වීමයි තර්ක කිරීමයි කියන්නෙ අර්ථ දෙකක්.

    තර්කය අයින් කරපු ගමන් කිසිම දෙයක හේතු විමසීම , හේතු පැහැදිලි කිරීම කියන දෙකම අයින් වෙනවා නේ බන් . .
    "The laws of physics tomorrow will be the same as today."

    ඔය උඩ උබ කියල තියෙන හැටියට තර්කයක් අරගෙන මේක ඔප්පු කරන්න කියල මම කියන්නෙ. වෙන කිසිම දෙයක් නෙවෙයි අහන්නෙ උබ කියපු එකක් උබටම ඔප්පු කරල පෙන්නන කියන්නෙ.

    ආ.. මේ තේ ගෙනාවා බීලා ඉන්න. දැන් දෙන්නට තර්ක කරල මහන්සිත් ඇතිනේ.. 🤷‍♂️ @හෙළයෙක් @dilann
    office-junior-carrying-tray-of-cups.jpg
    ආ ස්තූතියි.
    ------ Post added on Feb 11, 2026 at 7:51 PM
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    තේරුම් ,ගන්නවා පැහැදිලි කරනවා කියන එක ඇතුලේ තියෙන්නෙම තර්කය තමයි බන් . :rofl:
    @dilann ට මම කියනවා EUTHANASIA කියලා වචනයක් : @dilann ට පුළුවන්ද දැනට දන්නා දේවල් මත තර්ක කරලා ඒ මොකද්ද කියලා ; එකේ අදහස පිළිබඳ අවබෝධයක් ගන්න කවදාවත් ඒ වචනේ අහලා නැත්තං ? ( බාහිර උපකාර නොගෙන )

    මේකට උත්තරයක් ඕනි 👀
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    @dilann ට මම කියනවා EUTHANASIA කියලා වචනයක් : @dilann ට පුළුවන්ද දැනට දන්නා දේවල් මත තර්ක කරලා ඒ මොකද්ද කියලා ; එකේ අදහස පිළිබඳ අවබෝධයක් ගන්න කවදාවත් ඒ වචනේ අහලා නැත්තං ? ( බාහිර උපකාර නොගෙන )

    මේකට උත්තරයක් ඕනි 👀
    ඒක හරියට කව්රු හරි කොන්ක්‍රීට් බිත්ති වලින් කොටු කරලා ඒකෙන් එළියෙ තියෙන්නෙ මොනාද ඇහුව වගේ. 🤷‍♂️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    ඒක හරියට කව්රු හරි කොන්ක්‍රීට් බිත්ති වලින් කොටු කරලා ඒකෙන් එළියෙ තියෙන්නෙ මොනාද ඇහුව වගේ. 🤷‍♂️
    නෑ මට ඕනි හැමදේම තර්ක කරලා තේරුම් ගන්න බෑ කියලා තහවුරු කරන්න 🙂
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    347
    443
    63
    මේ පෝස්ට් එක දාපු එකා ක්‍රිස්තියානි එකෙක් නේද ? ඇයි මේ ඉතින් අනුන්ගේ ආගම් ගැන හොයන්නේ වැඩක් බලන් පාඩුවේ ඉන්න පුළුවන් නේ? වෙන වැඩ නැද්ද බන් උබලට ගෙවල් වල 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    @dilann ට මම කියනවා EUTHANASIA කියලා වචනයක් : @dilann ට පුළුවන්ද දැනට දන්නා දේවල් මත තර්ක කරලා ඒ මොකද්ද කියලා ; එකේ අදහස පිළිබඳ අවබෝධයක් ගන්න කවදාවත් ඒ වචනේ අහලා නැත්තං ? ( බාහිර උපකාර නොගෙන )

    මේකට උත්තරයක් ඕනි 👀
    දන්නා දේවල් වලට තර්කය සිමා වෙන්ව කියලා කොහෙද කිව්වේ ?
    ඔය භාෂාව කියන්නේ දාගත්ත සම්මුති නේ .

    මට කියන්න පුලුවන් ඔය වචනේ තමයි ඇමේසන් කැලේ ඉන්න ගෝත්‍රික සෙට් එක්ක අඹ ගෙඩියට කියන්නේ කියලා .
    ඔතන තියෙන්නේ අවබෝදයක් නෙවෙයි . එකග වීමක් . අවබෝදය කියන්නේ සිද්දිය ගැන අවබෝදය මිසක් වචන සම්මුතියකට එකග වෙන එකක් නෙවෙයි .

    මේ පෝස්ට් එක දාපු එකා ක්‍රිස්තියානි එකෙක් නේද ? ඇයි මේ ඉතින් අනුන්ගේ ආගම් ගැන හොයන්නේ වැඩක් බලන් පාඩුවේ ඉන්න පුළුවන් නේ? වෙන වැඩ නැද්ද බන් උබලට ගෙවල් වල 🤣🤣
    video එක බලාලා අහපු ප්‍රශ්නේ ට උත්තරේ දීපං බලන

    සුද්දෝදන , මහාමායා , .............................
    ------ Post added on Feb 11, 2026 at 8:08 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    න්නා දේවල් වලට තර්කය සිමා වෙන්ව කියලා කොහෙද කිව්වේ ?
    ධර්මය තර්කයට අල්ලන්න බෑ කියලා පිළිගන්නවාද ?
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඔය අහපු ප්‍රශ්නෙට උබ උත්තරේ හදන්නෙ Bayesian probability එකෙන් (මම හිතා ගත්ත එකක් නන් ඒකත් උබ මොඩල් කරපු හැටි කියන්න), ඒකෙ අර්ත දැක්වීමෙම තියෙන්නෙ degree of belief or confidence in a hypothesis. ගණන් හදන ඒවට ආවොත් සම් භාවිතාවෙ අර්ථ දැක්වීම් වලට යටත්ව නන් ගාණ හදන්නෙ කිසිම ගැටලුවක් නෑ. මේ වගේ The laws of physics tomorrow will be the same as today දේවල් සම්භාවිතාව ගැන ඉගෙන ගන්නකොටම අහක් කරන ඒවනෙ ඕක උබ බලෙන් වගේ සම් භාවිතාව අස්සට ඔබ්බගත්තට ඕක ඇත්තටම මොඩල් කරන්න බැ. සම්හාවිතාවෙන් මොඩල් කරත් ආයෙ යන්නෙ belief එකකටම තමා උබ හරියටම 0 හරි 1 හරි එනව කියල ඔප්පු කරේ නැත්තන්.

    තර්ක වලින් ඔප්පු කරන්න පුළුවන් නන් ඒකෙන්න් ඔප්පු කරන්න හේතු දැක්වීමයි තර්ක කිරීමයි කියන්නෙ අර්ථ දෙකක්.
    bayesian මොකද්ද philosophy කෑල්ල බලලා නෙවෙයි මම ඕක කිව්වේ . හැබැයි ඒ කියල තියන එකට යනවා කියිල මමත් ඕක නිකන් gemini යේ ගැහුවම ආව . උබට දාපු උත්තරයක් එහෙම්මම ගිහින් copy paste කරේ .
    කොහොමත් හැබැයි අපි Probability කියලා බේස් ප්‍රමේයය ඉගෙන ගන්නවා නේ . ඔය ඒ බේස් ම තමයි බලද්දී . ඌ කියලා තියන තරම් මම දේවල් කිව්වේ නෑ . ඔය මම කිව්වේ මට හිතෙන දේ . :baffled:
    කුලක අර්ත්දක්වද්දී නම් අහක් කරනවා .. සම්භාවිතාව ඉතින් පාවිච්චි කරන්න පුලුවන් දත්ත තියනවනම්..

    ධර්මය තර්කයට අල්ලන්න බෑ කියලා පිළිගන්නවාද ?
    ධර්මය තර්කයට අල්ලන්න බැරි නම් මොනවද දේශනා කරනවා කියල කරන්නේ ?
    මොනවද ධර්මයේ පැහැදිලි කිරීම් කියලා කරන්නේ ?
    පටිච්ච සමුප්පාදය / හේතුපල දහම කියලා කරන්නේ ??
    හේතු දෙමින් පැහැදිලි කරන එක තමයි තර්ක කරනවා කියන්නේ ..

    තර්කයට ඔය එක දෙයක් වත් අයිති වෙන්නේ නැත්නම් බුදු කෙනෙක් වැඩක් නෑ නේ . අවබෝදය ලබන්නේ තර්කයෙන් නෙවෙයි ?
    එහෙනම් අර මොකද්ද දිස්ටියක් එකපාර වැහෙනවා වගේ ඉබේ මොකක් හරි පහල වෙන්ව දන්නෙම නැතුව . මොලේ ඕන ම නෑ ..........
    ------ Post added on Feb 11, 2026 at 8:22 PM

    ධර්මය තර්කයට අල්ලන්න බෑ කියලා පිළිගන්නවාද ?
    තර්ක කරන්නේ නැතුව , මට පටිච්ච සමුපාදය පැහැදිලි කරන්න පොඩ්ඩක් !!
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,839
    1
    6,689
    113
    ධර්මය තර්කයට අල්ලන්න බැරි නම් මොනවද දේශනා කරනවා කියල කරන්නේ ?
    මොනවද ධර්මයේ පැහැදිලි කිරීම් කියලා කරන්නේ ?
    පටිච්ච සමුප්පාදය / හේතුපල දහම කියලා කරන්නේ ??
    හේතු දෙමින් පැහැදිලි කරන එක තමයි තර්ක කරනවා කියන්නේ ..

    තර්කයට ඔය එක දෙයක් වත් අයිති වෙන්නේ නැත්නම් බුදු කෙනෙක් වැඩක් නෑ නේ . අවබෝදය ලබන්නේ තර්කයෙන් නෙවෙයි ?
    එහෙනම් අර මොකද්ද දිස්ටියක් එකපාර වැහෙනවා වගේ ඉබේ මොකක් හරි පහල වෙන්ව දන්නෙම නැතුව . මොලේ ඕන ම නෑ ..........

    තර්ක කරන්නේ නැතුව , මට පටිච්ච සමුපාදය පැහැදිලි කරන්න පොඩ්ඩක් !!
    ඔයා ඔය කියන්නේ ධර්මය අවබෝධය ( අසා දැනගැනීම - ඔව් ඒකට තර්කය ඕනේ )

    ඒත් බුදු කෙනෙක් ධර්මාවබෝධය කරන්නේ තර්ක කරලා නෙවෙයි කියන එක තමයි මම අදහස් කරේ !

    එහෙනම් බුදු කෙනෙක් ඕනේ නෑ නේ
    ඕනම පෘථග්ජනයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිවන් දකින්න තර්ක කරලා
    ------ Post added on Feb 11, 2026 at 8:27 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    bayesian මොකද්ද philosophy කෑල්ල බලලා නෙවෙයි මම ඕක කිව්වේ . හැබැයි ඒ කියල තියන එකට යනවා කියිල මමත් ඕක නිකන් gemini යේ ගැහුවම ආව . උබට දාපු උත්තරයක් එහෙම්මම ගිහින් copy paste කරේ .
    කොහොමත් හැබැයි අපි Probability කියලා බේස් ප්‍රමේයය ඉගෙන ගන්නවා නේ . ඔය ඒ බේස් ම තමයි බලද්දී . ඌ කියලා තියන තරම් මම දේවල් කිව්වේ නෑ . ඔය මම කිව්වේ මට හිතෙන දේ . :baffled:
    කුලක අර්ත්දක්වද්දී නම් අහක් කරනවා .. සම්භාවිතාව ඉතින් පාවිච්චි කරන්න පුලුවන් දත්ත තියනවනම්..
    බේස් ඕක මොඩල් කරාට අපි කොහොමත් ඕක නොදැනම සෑහෙන්න යූස් කරනව එවිඩන්ස් එන්න එන්න අපි කොහොමත් අපේ belief ඉස්සරහට අරගෙන යනව.
    https://plato.stanford.edu/entries/induction-problem/ මේකෙ තියෙන ඔය philosophy එකේ කොටස. කොහොම කරත් අපිට අන්තිමට ආයෙ නවතින්න වෙන්නෙ belief එකකම තමා නමුත් subject එක ඇතුලෙන් ගත්තම pragmatically justified trust
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    ඔයා ඔය කියන්නේ ධර්මය අවබෝධය ( අසා දැනගැනීම - ඔව් ඒකට තර්කය ඕනේ )

    ඒත් බුදු කෙනෙක් ධර්මාවබෝධය කරන්නේ තර්ක කරලා නෙවෙයි කියන එක තමයි මම අදහස් කරේ !

    එහෙනම් බුදු කෙනෙක් ඕනේ නෑ නේ
    ඕනම පෘථග්ජනයෙකුට පුළුවන් වෙන්න ඕනේ නිවන් දකින්න තර්ක කරලා
    දැන් මේ හාමුදුරුවෝ කියන දහම හරි ද වැරදි ද කියල උබ තීරණය කරන්නේ තර්කයෙන් ද නැද්ද ?
    දහම තර්කයට අහුවෙන්නේ නැත්නම් උබ කොහොමද වැරදි එක , හරි දහම වෙන් කරල අදුර ගන්නේ ?

    ඔව් පුලුවන් වෙන්න ඕනේ . .

    හැබැයි ආගමේ තමයි එහෙම නෑ කියන්නේ .
    මොකද එහෙම උනොත් ආගමේ පැවැත්මක් නැති වෙන්ව .

    හිතපන් නිකන් ඕන කෙනෙක්ට බුදු වෙන්න පුලුවන් කියලා .
    එතකොට අර තියන ආගමට තර්ජනයක් වෙන්ව අලුතෙන් කෙනෙක් ආවොත් .

    ඒක නිසා ආගම ඇතුලෙම කියලා තියනව ඊලග බුදු එන්නේ තව කල්ප ගානකින් කියල .
    ඒ කියන්නේ උබල කොච්චර දැගලුවත් බුදු වෙන්න නම් බෑ කියල :no: . ඕන නම් ඊට යටින් මොකක් හරි කරගන්න පුලුවන් :rofl: කියල .
    බුදු වෙන්න බැරි නම් , ඊලගට බුදු වෙන්න ඉන්න කෙනා කියලා කවුරු හරි කියන්න තියන හැකියාවත් ආගමෙන් අහුරලා තියෙන්නේ

    ඊළගට බුදු වෙන්න ඉන්න බෝධිසත්වයෝ මේ වෙද්දීත් දිව්‍යලෝකේ ඉන්නව , ඒක නිසා ඒ උබ වෙන්න බෑ කියලා ඒක ත් අහුරලා තියෙන්නේ ;)
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    දැන් මේ හාමුදුරුවෝ කියන දහම හරි ද වැරදි ද කියල උබ තීරණය කරන්නේ තර්කයෙන් ද නැද්ද ?
    දහම තර්කයට අහුවෙන්නේ නැත්නම් උබ කොහොමද වැරදි එක , හරි දහම වෙන් කරල අදුර ගන්නේ ?

    හේතු දක්වල. ඒක තර්ක කරල නෙවෙයි. හේතු දක්වනකොට අපේ belief ඒක ඇතුලෙ තියෙනව. තර්ක වල එහෙම නෑ. තර්ක නැතුව හේතු තියෙන්න පුළුවන්. by experience මම දන්නව ඒක මෙහෙම වෙන්න පුළුවන් කියල අපිට හේතුවක් කියන්න පුළුවන්. එතකොට by experience කෑල්ල විශ්වාසයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    හේතු දක්වල. ඒක තර්ක කරල නෙවෙයි. හේතු දක්වනකොට අපේ belief ඒක ඇතුලෙ තියෙනව. තර්ක වල එහෙම නෑ. තර්ක නැතුව හේතු තියෙන්න පුළුවන්. by experience මම දන්නව ඒක මෙහෙම වෙන්න පුළුවන් කියල අපිට හේතුවක් කියන්න පුළුවන්. එතකොට by experience කෑල්ල විශ්වාසයක්.
    experience කියන්නේ විශ්වසේ ට නෙවෙයි නේ බන් . . experience නැතුව , කිසි හේතුවක් නැතුව පිළිගන්න ඒවා තමයි විශ්වාස..

    දැන් කවුරුහරි දෙයියෝ ඉන්නව අහස්සේ කියල විශ්වාස කරන්නේ experience එකෙන් ද ??
    නිකන්ම source එකක්ම විශ්වාස කරල් .

    ආගම වල කරන්නෙත් ඔය කිසි හේතුවක් නැතුව විශ්වාස කරගෙන පස්සේ ඒ විශ්වාස උඩ ඉදන් තර්ක කරන එකම තමයි . ඒකට උබ හේතු දක්වනවා කියලා කිව්වත් කරන්නේ අරක

    හේතු දක්වල , මේක වෙන්ව , ඒක නිසා මෙහෙම වෙන්නේ වගේ කියන එකට තමයි තර්ක කරනවා කියන්නේ .
    උබ තනිකර ඒ දෙක කණපිට හරවල නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    experience කියන්නේ විශ්වසේ ට නෙවෙයි නේ බන් . . experience නැතුව , කිසි හේතුවක් නැතුව පිළිගන්න ඒවා තමයි විශ්වාස..

    දැන් කවුරුහරි දෙයියෝ ඉන්නව අහස්සේ කියල විශ්වාස කරන්නේ experience එකෙන් ද ??
    නිකන්ම source එකක්ම විශ්වාස කරල් .

    ආගම වල කරන්නෙත් ඔය කිසි හේතුවක් නැතුව විශ්වාස කරගෙන පස්සේ ඒ විශ්වාස උඩ ඉදන් තර්ක කරන එකම තමයි . ඒකට උබ හේතු දක්වනවා කියලා කිව්වත් කරන්නේ අරක

    හේතු දක්වල , මේක වෙන්ව , ඒක නිසා මෙහෙම වෙන්නේ වගේ කියන එකට තමයි තර්ක කරනවා කියන්නේ .
    උබ තනිකර ඒ දෙක කණපිට හරවල නේ
    ඒ ඒ දැනුම පද්ධතියන් ඇතුලෙ ඉන්න අයට ඉන් පිට ඒව පෙන්නෙ විශ්වාස විදියටටත් තමන් ඉන්න එක ඇතුලෙ ඒව එහෙම නෙවෙයි කියලත් තමා පෙන්නෙ.

    ඒක හරි ඒකට මාත් එකගයි. ඕක බුද්ධාගම උනත් සයන්ස් උනත් මැත්ස් උනත් මොකක් උනත් ඔච්චර තමා. එකක ඉදල අනික් එකේ තියෙන්නෙ විශ්වාස කියල කියනවද නැත්තන් ඒකෙත් තියෙන්නෙ මේවගේ එකක්මද කියල හොයල බලන එක තම තමංගෙ වැඩක්.

    ඔය කාරණාව ගැන ඔය වචන අල්ලගෙන නන් බොරුවට කතා කරල වැඩක් නෑ මම දාපු ලින්ක් එකේ තියෙන පිලොසොෆි කෑල්ල කියවල බලන්න ඕනිම නන්. කවදාක හරි පුළුවන් උනොත් The laws of physics tomorrow will be the same as today වගේ එකක් තාර්කිකව 100% ඔව් හරි නෑ කියල හරි ඔප්පු කරන්න (උබ කියනවා වගේ) එතනින් එහාට මේ කතාව අරගෙන යමු. දැනට ආයෙ එකම එකම කතා කරන එක තේරුමක් නෑ.