මුන් එකෙක්වත් දිනන්නෙ නැතුව වෙනම කෙනෙක් එන්නත් පුලුවන්. හැබැයි දැන් විපක්ෂයේ ස්ලෝගන් එක පළපුරුදු නැති අයට බලය දෙන්න එපා කියන එක නිසා මිනිස්සුත් අලුත්ම කෙනෙක්ට ඡන්දේ නොදෙන්න ලොකු ඉඩක් තියනවා. සිරිසේන, ගෝඨා, අනුර කියන තුන් දෙනාම ආදුනික වැඩියි. සිරිසේනත් නිදහස් පක්ෂයේ ලේඛම්, ඇමතිකම් කරාට අගමැති, විපක්ෂ නායකකමක් කරලා නෑ. ප්රධාන ඇමති කමක් කරලා නෑ. ගෝඨාට මෙලෝ දේශපාලන අත්දැකීමක් තිබුනේ නෑ. එයා ලේකම් කෙනෙක් විදියට වැඩ කරපු එක්ස්පීරියන්ස් විතරයි තිබුනේ. අනුරත් කොච්චර දේශපාලනය කරත් ජනාධිපතිකම කරන්න එක්ස්පීරියන්ස් මදි. විපක්ෂනායක , අගමැති, ප්රධාන ඇමතිකමක් කරලා නෑ. මේවාගේ තනතුරක් දැරුවම අඩූම තරමේ විදේශ රටක් එක්ක ගනුදෙනු කරන්න, තනාධිපතිලා එක්ක කතා කරලා ගේමක් ගහගන්න, එක්ස්පීරියන්ස් එනවා. මේ තුන් දෙනාටම ඒක තිබුනේ නෑ. හැබැයි මහින් ද, රනිල්ට මේ එක්ස්පීරියන්ස් තිබ්බ නිසා ගේමක් ගහගත්තා. ඊළග ඡන් දෙදි මේක ගොඩක් හයිලයිට් වෙනවා. එහෙම උනොත් පුතානෝ තමයි ඉන්න එකම කෙනා. (උබලා අපි අකමැති එක වෙනම කතාවක්)
එහෙම දෙයක් උනොත් පුතානෝ දිනයි. දෙමල , මුස්ලිම ඡන්ද පදනමත් එයාට කොහොමත් තියනවා. නාමල්ට නම් දිනන එක ලේසි නෑ. දිලිත් මොකක් හරි ගේමක් ගහලා තව ආසනයක් දෙකක් වැඩි කරගන්න ට්රයි කරයි. එයාටත් කියන තරම් ලොකු පිම්මක් පනින්න බෑ. බැරි වෙලාවත් පුතානෝ දින්නට පස්සේ එයත් ගොන් කතා කියලා වැඩි කල් යන්න කලින් සිරිසේන පාට් 2 වෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන්න පාර කපා ගන්නේ.