ලංකාවේ Dolphin Carawan වගේ පරණ වෑන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,239
    10,503
    113
    තාමත් මාකට් ඇයි බන්..බහින්නෙම නෑනේ ගන්න උනුත් ඕන තරම් ඉන්නවා..කල් යන්න යන්න ගාන නගිනවා..මේකට විශේශ හේතුවක් තියනවද? :confused::confused:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,239
    10,503
    113
    ඒවා රිලයබල් වාහන බන්. සැප පහසුව තියෙනවා. ලංකාවට හොඳට ගැලපෙනවා.
    ඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    ඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේ
    පරණ වුනාට එන්ජින් රෙපයා නොකරපුව තියෙනවා බන්. දිරුම් එහෙම එන්නේ කලාතුරෙකින්. ඒවත් හරියට මේන්ටේන් නොකරපු වාහන වල. විශේෂයෙන් ඩිලිවරි දාපුවා. අනිත් ඒවා එහෙම නැහැ. මම කවදාවත් දැකල නැහැ ඩොල්ෆින් එකක්, කැරවෑන් එකක් කැඩිලා මග හිටලා තියෙනවා. @Lakshan-Seram
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,239
    10,503
    113
    ලංකාවේ උන් දුප්පත් , අලුත් වැන් ගන්න සල්ලි නෑ
    අනික අපේ උන් මෝඩයි
    ලක්ශ 100ක් දීලා ගන්න උනුත් ඉන්නවනේ බන් කොච්චර පරන උනත්
     
    • Love
    • Like
    Reactions: NRTG and san**

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    තාමත් මාකට් ඇයි බන්..බහින්නෙම නෑනේ ගන්න උනුත් ඕන තරම් ඉන්නවා..කල් යන්න යන්න ගාන නගිනවා..මේකට විශේශ හේතුවක් තියනවද? :confused::confused:
    ඕවගේ වයසත් එක්ක ශුවර් කරන්න පුලුවන්ද බන් ඉතින්..අවුරුදු 30ක් විතර වෙනවනේ
    අළුත් මොඩ්ල් එක ගණන් වැඩි වෙනකොට පරණ මොඩ්ල් වල ගණන් නිකන්ම වැඩි වෙනව. ඕවට alternative ඔප්ෂන් එකක් නෑනේ. ඊළඟට තියෙන්නෙ kdh එක. ඒකෙ ගාණට සරිලන්න ඊට කලින් තියෙන මොඩ්ල් එකේ ගණන් ඉහල යනවා. ඩොල්පින් එකට ලක්ෂ 100 වැඩියි කියන එකාට ඊලඟට තියෙන ඔප්ෂන් එක මොකක්ද? කැරවන් E25 ගත්තොත් ඒකත් overpriced. අනික ඒකෙ ලෙඩ. ඉතින් සාධාරණ ඔප්ෂන් එකක් නෑ වෙන.

    අනිත් හේතුව ඒ වාහන පරණ උනාට දුවන්න පුළුවන් හෙනවත් නැතුව. එක එක ඉලෙක්ට්‍රොනික් සරුවපිත්තල නෑනෙ. බොහොම සරලයි. අනිත් එක ඕවා ගන්න උන් උඹල වගේ නෙමේ වාහන ගැන හොඳට දන්න උන්. උන්ට ඕක හරියට නඩත්තු කරගෙන රෙපයාර් ටික කරගෙන පාවිච්චි කරන්න අවශ්‍ය දැනුම තියෙනවා. බාස්ලට උන්ගෙ කනෙන් රිංගන්න අමාරුයි. දශක දෙකක් වගේ කාලයක් ඔය වාහන හැදුවා. අමතර කොටස් ඕන තරම්. ටොයෝටා ලංකා එකෙන් එහෙම ජෙනුයින් අමතර කොටස් ගන්න පුළුවන්. ඔය අවුරුදු 30 කතාව අදාල නැත්තෙ ඔය හේතු නිසා.

    කොහොමත් ඔය කාලෙ වාහන වලට වඩා දැන් එන වාහන දුවන්න පුළුවන් කාලෙ අඩු වෙනවා. සංකීර්ණ වැඩි නිසා සහ මැටීරියල් බාල නිසා. අනික ඕවා කල්පැවැත්ම ගැන කම්පනියෙ නම reputation එක ගැන හිතල හදපු වාහන. දැන් ඒවා හදන්නෙ සේල්ස් ටාගට් අල්ලන්න.

    සතොස මෝටර්ස් ගෙන්නපු 40 ශ්‍රී ෆාගෝ වෑන් බලපන්කො. බොඩිය දිරල කඩන් වැටුනත් එන්ජිම දුවනවා
     

    desh26

    Junior member
  • Jan 1, 2026
    66
    90
    18
    ඒකාලේ තිබ්බ සුපිරි වාහන බන්, එත් දැන් නම් විකිනෙන්නේ බොරු ගනන් වලට. අදුරන එකෙක් ගිය මාසේ ගෙනාවා එකක් කෝටියක් දීලා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,247
    113
    Colombo, Sri Lanka
    ඔව්වා සුපිරි වාහන කල් පැවැත්ම අතින්. ඒ වගේම තමයි MITSUBISHI PAJERO එහෙම මම දවසක් කුරුණෑගලදී එකක් දැක්කා ඔරිගීනල් විදිහටම සුපිරියටම තියනවා