දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලිස්පති හා මාතර දිසාපති නියෝග කරයි. පුවතක්.
ඇත්තටම මේක ඉතා හොඳ තීරණයක්. දකුණු පළාතෙ ඇතැම් අය කාවාඩි ගැන හරි ආඩම්බරයෙන් ඉන්නව වගෙ දැනුන මෑතකාලයෙ සමහර අයගෙ අදහස් වලින්. නමුත් කාවාඩි නර්තනය බෞද්ධ සම්ප්‍රදායට අයත් එකක් නෙමෙයි. දකුණු පළාතෙ ඔය දෙවුන්දර පෙරහැරට කාවාඩි එකතු වුනේ 80 දශකයෙ. ඒක එකතු වුනේ ඒ පැත්තෙ ධීවර රැකියාවෙ යන උදවිය කතරගම දේවාලය වන්දනා කරනකොට ද්‍රවිඩ ජාතිකයින් කරන කාවාඩි නර්තන දැකල. ඔය විදියට පොඩියට ආපු කාවාඩිය මෑත කාලයෙ උග්‍ර උප සංස්කෘතියක් වෙනව දැක්ක දකුණු පළාත ආශ්‍රිතව.
ද්‍රවිඩ සංස්කෘතිය අනුව කාවාඩි නටන අය දින කීපයක ඉඳන් පේ වෙලා වතාවත් කරල කරන්නෙ, එය කරන්නෙ දෙවියන් වෙනුවෙන් ඇති භක්තිය උදෙසා. නමුත් සිංහල අය කරන කාවාඩි වල නං පේ වීම කෙසේ වෙතත් මත්පැන්, සිගරට්, හා වෙනත් විශ මත්ද්‍රව්‍ය වලින් හොඳට සම්පායම් වෙලා කරනව. කාවාඩි නටන අයගෙ හැසිරීමත් ඉතා අශෝභනයි. ගිය අවුරුද්දෙ ද්විත්ව ඝාතනයකට පවා හේතු වුනේ කාවාඩි නර්ථනයක්.
දැන් ඔය දෙවුන්දර හුටපටේ ගත්තත් ලංකාවෙ ප්‍රධානතම කුඩු ජාවාරම්කාර පාතලයො දෙන්නෙක් වෙන කංජිපානි හා දෙහිබාලෙ ගෙ මැදිහත්වීම හොඳට පේනව. ඇයි මේ පාතාලයො කුඩු ජාවාරම්කාරයො කාවාඩි වලට ඔච්චරට කැමති? ඒ අය කාවාඩි නැටුම් පාවිච්චි කරන්නෙ තව තව drug addicts ල ලංකාවෙ බිහිකරන්න.
ඒ හින්ද මෙන්න මේ කාවාඩි වසංගතේ ලංකාවෙ පෙරහැරවල් වලින් තොලොංචි වලා යන්න කියල තමයි මට ප්‍රාර්ථනා කරන්න වෙන්නෙ. ඕන නම් ඔය වැල්ලෙ බීච් එකක හොඳ කාවාඩියක් නටාගත්තදෙන්.
