බොහොම කනගාටුයි, මේක මගේ කාලේ කාපු නිරර්ථක බනක්. මේ විඩියෝ එක එලකිරි එකේ සබ් ෆෝරම් කීපයක පලකරල තිබ්බ ඔබතුමා, සද්භාවයෙන්ම වෙන්න අති. මගේ අදහස නම් මේ බණේ නිශ්චිත අරමුනක් නැති ශ්රාවකයා අතරමං කරන දෙසුමක්.
මේක තමයි බේසික්ස් දන්නේ නැතුව අරහෙං මෙහෙං අහුලං හරි ගුරුවරයෙක් නැතුව මහණාවුනාම වෙන ප්‍රස්න. මේ හාමුදුරුවෝ දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ සහ සංකාර දුක්ක තියල අනන හැටි පැහැදිලිව පේනව.
ඊලඟට පෙලීමයි, නිවනයි සන්සන්දනය කරනව, සැපේ දුකක් ගැන අහනව. මේ කරුනු ගැන බොහොම සවිස්තරව සහ පිලිවෙලට ධර්මයේ විස්තර කරලත් තියෙද්දී මේ නටන නාඩගම මොකක්ද කියල මට නම් තේරෙන්නේ නා. 31 තලය අමතක කරන්න කියනව, මට නම් පුද්ගලිකව 31 තලය තිබ්බත් එකයි නැතත් එකයි, මට ඕවා මතක තියාගන්න අමාරු හින්ද , හැබැයි ඊලඟට මේ හාමුදුරුවෝ කියනව ඕව ලියවෙච්ච පොතුත් තියෙනවනේ කියල නෝන්ඩියකුත් දාල කියනව ත්‍රිපිටකය වගේ පොතුත් තියෙනවානේ කියලා. මේක නම් ඉතාම සංවේගී කාරණයක්. ධර්මය කියල අපිට ඉතුරුවෙල තියෙන ත්‍රිපිටකය නිකංම පොතුත්" තත්වයට දාපු එක ඇතුලේ ඔය එන්නේ වහරක-අභයලා වගේ ශාෂන භක්ෂකයෝ විහිලු කරපු "හුලං භවනා" "පොතේ තියෙන එක කලාම හරිද" වගේ උද්ධච්ච කතාමද මේ එලියට එන්නේ කියලත් හිතෙනවා.
කොහොම උනත් විනාඩි 50 කටවත් වඩා නන් දෙඩවීමක් විතරයි වෙන්නේ. ඊට පස්සේ ඉපදීම දුකක් කියන එක ප්‍රස්න කරනවා, එතනත් අම්මගේ වෝටර් බෑග් එකයි ඉද්පච්චයතාවයි ඔක්කොම එකට අරං කතා කරනව- අරමුණ අපැහැදිලියි. ඉපදීම දුකක් (හට ගැනීම) අර්තයෙන් සංකත බව නිසා දුක එනබවයි ධර්මයේ කියවෙන්නේ. සංකාර දුක්ඛය ගැනත් පස්සේ කියනවා, හැබැයි ඒක කියන්නේ පුද්ගල පෙලීමක් විදියට. මේක නම් නිවැරදි නැහැ. සංකාර දුක්ඛ (හට ගැනීමේ දුක, සමුදය/ හිතට සහට ගතට දැනෙන දුකට අමතරව ධර්මයේ විස්තර කරණ දුක) දකින්නේ උදය වැය ඥානය තිබෙන පුද්ගලයා. උදය වැය ඥානය ඇත්තා අනිත්‍ය දැකපු කෙනෙක්. අනිත්‍ය දැක්කා නම් දෘෂ්ටියෙන් පිරිසිදුයි.
මට වෙලාවක් නෑ මේකේ ඔක්කොම කොන්ට්රඩික්ටරි කාරණා කියන්න. මේක ඔබතුමා සද්භාවයෙන් පෝස්ට් කලා කියන එක ගැනත් මගේ කිසිම සැකයක් නෑ. මේ විඩියෝ එකේ ඔබතුමා දකින සුවිශේෂි කාරනය මොකක්ද?
බලන්න කිව්වේ පලවෙනි වීඩියෝ එක විතරක් නෙමෙයි.
18 ක් තියෙනවා.
ඔය ප්ලේලිස්ට් එක ඉවර කරලා කියන්න.
පලවෙනි වීඩියෝ එක සාකච්චාවකට මූලාරම්භයක් ගැනීමක් විතරයි..
ඔතන හාමුදුරුවෝ ප්‍රශ්න අහා අහා පෙන්නන්නේ, අපි සම්මුතියේ දුක කියලා කතා කරන අර්ථයට එහා අර්ථයක් ශාසනයේ තියෙනවා කියලා.
සරල උදා. ගත්තොත්, දුක කිව්වහම බහුතරයක් මිනිස්සුන්ට ඔලුවට එන්නේ, කැන්සර් එකක් හැදුන වගේ අවස්ථාවක්..
රස කෑමක් කන එක දුක නැහැ වගේ අදහසක් ඔලුවට එන්නේ..
රස කෑමක් කන එකත් සසර, ලෙඩ වෙන එකත් සසර..
දුක්ඛ කියන්නේ සසරෙ තැනින් තැන තියෙන ස්වභාවයක් නෙමෙයි, සසරටම පොදු ලක්ෂණයක්.
ඒක තමයි, සදාකාලික දිව්‍යලෝකයක තියෙන දුක මොකක්ද කියලා ප්‍රශ්න කරන්නේ, දුක කියලා කෙනෙක් උඩ කිව්වා වගේ අදහසක් දරන් ඉන්නවනම්, ඒක නෙමෙයි ශාසනයේ පෙන්නන්නේ කියලා පෙන්නන්න.
බොහොම කනගාටුයි, මේක මගේ කාලේ කාපු නිරර්ථක බනක්
කාලේ කෑමක්ද, නැද්ද කියන්න පුලුවන්නම් බන අහන්න ඕනේත් නැහැ නේද?
පෙර නොඇසූ නොවිරූ දේශනාවක් වෙන්න එපැයි ධර්මය..
අපිම අපි දන්න මට්ටමේ දේවල් වලින් කලින් සංකල්ප ටිකක් ඩිෆයින් කරන්, ඇහෙන එක ඒ සංකල්ප වලට ගැලපෙනවද බලන්නනම් අහන්නේ, පෙර නොඇසූ නොවිරූ ධහමක් අහගන්න ගැලපෙන qualities නැහැ නේද?
හැබැයි ඊලඟට මේ හාමුදුරුවෝ කියනව ඕව ලියවෙච්ච පොතුත් තියෙනවනේ කියල නෝන්ඩියකුත් දාල කියනව ත්‍රිපිටකය වගේ පොතුත් තියෙනවානේ කියලා. මේක නම් ඉතාම සංවේගී කාරණයක්. ධර්මය කියල අපිට ඉතුරුවෙල තියෙන ත්‍රිපිටකය නිකංම පොතුත්" තත්වයට දාපු එක ඇතුලේ ඔය එන්නේ වහරක-අභයලා වගේ ශාෂන භක්ෂකයෝ විහිලු කරපු "හුලං භවනා" "පොතේ තියෙන එක කලාම හරිද" වගේ උද්ධච්ච කතාමද මේ එලියට එන්නේ කියලත් හිතෙනවා.
උබට හාමුදුරුවොන්ගේ ඉන්ටෙන්ෂන් එක කියවන්න බැහැනේ බන්.
සමහරවිට හාමුදුරුවොන්ගේ හිතේ පැත්ත පලාතක නැති කතාවක් උබ හිතන්නේ.
තුච්ච පෝටිල කිව්වහම බුදුහාමුදුරුවෝ ගැන පෝටිල ඔහොම හිතුවනම් තාම සසරේ..
උබලගේ අවුල් තමයි,
එක්ස් වැඩේ කරන්න උබ දන්නවා, මන් කියනවා, ඔය දන්න ටික පොඩ්ඩක් තියලා, මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකට වැඩේ කරලා බලන්න කියලා..
උබ කරන්න ඕනේ, සංයමෙන් දෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික බලන් වැඩේ කරලා බලන එක..
ඊට පස්සේ තමයි ඒ වැඩේට අදාලව ඉන්ස්ට්‍රක්ටර් දීපු අදහස් ක්‍රිටිසයිස් කරන්න පුලුවන්..
උබ, පටන් ගත්ත ගමන්, ඉන්ස්ට්රක්ටර්ගේ මූනේ ඇදක් හොයන්, ඉන්ස්ට්‍රක්ටර්ව ක්‍රිටිසයිස් කරනවා..