උබල මොකද හිතන්නෙ-ගොන් වැඩක්ද

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,808
    18,015
    113
    Auckland
    නුවර කිට්ටුව මගෙ තියනව පොඩි ඉඩන් කෑල්ලක් ඒක සුද්ධ කරල ගන්න එකෙක් හොයා ගන්න අමාරුවෙන් ඉන්නෙ. කොහොම හරි ඩයල් එකක් සෙට් උනා. මූ 30000ක් ඉල්ලනව වැඩේ කරන්න.

    ඉතින් මම කල්පනා කරා මගෙ පරන යාලුවෙක් ඉන්නව හැමදාම ඇඩියාව උගේ. රු30000ක් විතර තමා ඒකට පඩිය සෙට් වෙන්නෙ උගෙ රස්සාවෙන්. මම ඌට කිව්වොත් මේක කරල දියන් උබට මම මේ ගාන දෙන්නම් කියල ඌට වාසියක් වෙන්න. ගොබ්බ වැඩක්ද

    මම ඉතින් ලංකාවට ගිය වෙලාවට මුන්ව අරන් ගිහින් වේලක් කාල බීල ආවම බිල් එනව 20000-30000ක් ඉතින් මූ එහෙම පරන ෆිට් එකට මම ආස්‍රය කරන්නෙ මට කිසිම ලාබයක් නම් නෑ. මෙහෙම චාන්ස් එකක් යාලුවෙක් නිසා වෙන එකෙක්ට යන්න තියන සල්ලි ඌට දෙන්න සලස්වන සීන් එකක් කියල හිතල කරන එක මට කැරකෙයිද.

    ඔස්තාර් ගුපියො කියපල්ල බලන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,468
    2,617
    113
    United States
    ගොන් වැඩක් නෙවෙයි බන්, උගේ පඩියම 30000ක් විතර නම් ඒ ගානෙන් වැඩේ දෙන එක උට ලොකු උදව්වක්. හැබැයි වැඩේ ඉවර වෙනකම්ම ගාන, දවස ගැන කලින්ම පැහැදිලිව කතා කරගනින්, නැත්තන් යාලුකමටත් හානියක් වෙන්න පුළුවන්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,707
    7,149
    113
    Gedara
    ඔවා ගොන් වැඩ බන්. මන් නම් දැන් යාලුවො එක්ක බිස්නස් සහ ඔය වගේ ෆිට් එකට මුදල් එක්ක කරන වැඩ කරන්නෙම නෑ. ජෙනුයින් එකෙක් දෙකෙක් එක්ක විතරයි කරන්නෙ. ඔහොම වැඩ දුන්නම යාලුකමත් කෙල වෙලා , සල්ලිත් නැති වෙලා, දුන්න වැඩෙත් අල
    වීමෙ සම්භාවිතාව වැඩී
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,430
    18,920
    113
    උඹේ ඉඩම් සුද්ද කරන්න කිව්වා කියලා ඌ වැරදි ගනීද දන්නේ නෑ..

    අරුට කියලා කරගත්තා නං වැඩේ බලලා ගනුදෙනු බේරුවා වැඩේ ඉවරයි.. යාළුවා හරියට කරේ නැත්තන් මුකුත් කියන්නත් බෑ
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    231
    347
    63
    Sri Lanka
    යාළුවාත්, මුදලත් පසුකාලීනව ඉඩමත් නැති වීමට ඇති බව මතකයේ තබා ගන්න.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,719
    3,441
    113
    නුවර කිට්ටුව මගෙ තියනව පොඩි ඉඩන් කෑල්ලක් ඒක සුද්ධ කරල ගන්න එකෙක් හොයා ගන්න අමාරුවෙන් ඉන්නෙ. කොහොම හරි ඩයල් එකක් සෙට් උනා. මූ 30000ක් ඉල්ලනව වැඩේ කරන්න.

    ඉතින් මම කල්පනා කරා මගෙ පරන යාලුවෙක් ඉන්නව හැමදාම ඇඩියාව උගේ. රු30000ක් විතර තමා ඒකට පඩිය සෙට් වෙන්නෙ උගෙ රස්සාවෙන්. මම ඌට කිව්වොත් මේක කරල දියන් උබට මම මේ ගාන දෙන්නම් කියල ඌට වාසියක් වෙන්න. ගොබ්බ වැඩක්ද

    මම ඉතින් ලංකාවට ගිය වෙලාවට මුන්ව අරන් ගිහින් වේලක් කාල බීල ආවම බිල් එනව 20000-30000ක් ඉතින් මූ එහෙම පරන ෆිට් එකට මම ආස්‍රය කරන්නෙ මට කිසිම ලාබයක් නම් නෑ. මෙහෙම චාන්ස් එකක් යාලුවෙක් නිසා වෙන එකෙක්ට යන්න තියන සල්ලි ඌට දෙන්න සලස්වන සීන් එකක් කියල හිතල කරන එක මට කැරකෙයිද.

    ඔස්තාර් ගුපියො කියපල්ල බලන්න
    Perch kiyaka idamakda?? Bare land da???
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,234
    5,709
    113
    Athurugiriya
    වැඩේ හරියට කෙරෙන්නෙ නැති උනොත් උඹට ඌට බනින්නන්ත් බෑ අරක මෙහෙම කරපජ් මෙහෙම තියෙන්න ඕන කියල කියන්නත් බෑ. එතකොට උඹට සල්ලි දීල උඹේ වැඩෙත් හරියට කෙරෙන්නෙ නැතුව උඹට ම තමා හිත් රිදිල පාඩු වෙන්නෙ. ඒ නිසා දන්න කියන වැඩේට experience එකක් තියන එකෙගෙන් කරගන්න එක ලේසි. යාළුවට දෙන්නම ඕන නං වෙන්න ඕන විදිහ හරියටම මෙහෙම හැබැයි තියෙන්න ඕන කියල උඹට ඕන විදිහ පොරොන්දු වෙලා වැඩේ කරගන්න පුලුවන් නං කරන්න.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,810
    28,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අන්තිමට යාලුවා ඉඩම සුද්ද කරනවා වෙනුවට උඹේ සාක්කුව සුද්ද කරලා, "රට ගියාම මුගේ ලොකු සීන්" කියලා ගම වටේම කියවයි 😂. ඕක නිකන් සල්ලි දීලා අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගන්නවා වගේ වැඩක් මචං, පිට එකෙක්ට දීලා වැඩේ කරගනින්.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Like
    Reactions: speedmalli

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,063
    49,215
    113
    ඔය යාළුවො විතරක් ඔය වැඩ වලට ගාව ගන්න එපා..උබ රටෙත් නැති නිසා පුළුවන්නම් ඉඩමත් හොර ඔප්පු හදලා විකුණයි..ඔය වගේ උන්ට පෙන්නන්නවත් එපා ඉඩ කඩම්..:yes:...ඉඩකඩම්, සල්ලි වලට තමන්ගේ පවුලේ එකෙක්වත් ෂුවර් නැති අද වගේ කාලෙක යාළුවො කොහොම විශ්වාස කරන්නද..:oo:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,865
    2,862
    113
    Umbata oya gaana disposable amount ekak nam yaluwata kiyapan kauruhari dammala idama sudda karala denna umba 30000 k (hari eta poddak wediyen hari) dennam kiyapan

    Ethakota u ekko adu gaanata kauruhari dammala wede karala u gaanal thiya gani. Nethnam uma wede karala full ganama thiyagani. Eka umbata aulak nehene.

    U othana bulak gehuwoth umbata honda point ekak issarahat uwa circle eke thiyagannawa nedda decide karanna