රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා
ආදරයේ ඒ කුටියේ රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ දෙවු අඟනයි කුමරී
කුමරුනේ මගෙ හදවත ලඟ ඇත සිත ඔබේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ රොන් බිඟුන් ඇදෙන්නපා කෙරේ..