පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මිතුරේ කියන්
මා දෙස බලන්
ඔබ මා නෙත් හමුවිය හැකිදෝ
එදා පටන් අද වන තුරා
ඔබ හද රිදවන්නට මා
කිමක් කළදෝ
මිතුරේ පවසන්
දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මග හරවන්නේ
ඔබගෙන් සගවා
සිටිනා සෑමදා
පරලොවකට සම වූවා මේ ජීවිතේ

 
Jan 15, 2009
9,238
368
0

ඈ නීල නෙතු සලා
මා දෑස මත් කලා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා

පාවී ගියා ඒ වේදනා
දෑසේ මවා මේ චේතනා
ආරාධනා
පාවී ගියා ඒ වේදනා
දෑසේ මවා මේ චේතනා
ආරාධනා

ඈ නීල නෙතු සලා
මා දෑස මත් කලා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා

පාවී ගලා පවනේ පවා
රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා
පාවී ගලා පවනේ පවා
රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා

ඈ නීල නෙතු සලා
මා දෑස මත් කලා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා


╗ ටී. ඇම්. ජයරත්න ╔
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං ඉස්සා
    සිදුවනම් නෝමලි ලස්සනයි
    රෑට නිවීහැනහිල්ලෙ එහම අහන්න හොඳයි.
    ඒත් මේකෙ සිඟිං එහෙම ලාවට වගෙ අප්සෙට් නැද්ද :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙනෙත් අගින් කඳුළැළි පීදේ
    සිතට මගේ තව දුක දී...
    ආදරේ මටමයි කියා කීවා
    කීවා මතකයි දිවුරා එදා
    මා හැරදමා ඔබ ගියා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා

    ජීවිතේ විඩා නිවූ ප්‍රේමයේ සුන්යාමයේ
    මා හදේ නිමා නොවූ කෝ ඔබේ සිනා
    ජීවිතේ නිමා නොවූ ප්‍රේමයේ මිලාන වූ
    මා හදේ විඩා නිවූ කෝ ඔබේ කතා

    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා


    මීන නෙත් සරින් බැදී ඈත නිම්නයෙන් ඇදී
    මා සිතුම් දැහැන් බිදී ඒ ඔබේ සිනා
    මීන නෙත් සරින් මිදී ඈත නිම්නයේ රැදී
    මීදුමෙන් වැසී ගියේ ඒ ඔබේ සිනා

    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා

    කිත්සිරි ජයසේකර සහ නෙළු අධිකාරි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මාලතී ලතා වෙලි මා නුවන් වසා හිදී
    තාරකාවියේ ඒ ඔබේ සිනා
    මාලතී ලතා සැලී මා නුවන් බලා හිදී
    තාරකා නිවේ කෝ ඔබේ කතා

    කිත්සිරි ජයසේකර සහ නෙළු අධිකාරි

    ලස්සන සිංදුවක්.නංගා. මාත් අද යූ.එල් කරල ත්‍රෙඩ් එකේ දැම්මා :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන සිංදුවක්.නංගා. මාත් අද යූ.එල් කරල ත්‍රෙඩ් එකේ දැම්මා :)

    :shocked:OOOOOpsssss.......මමත් දැන් යූ.එල් කරලා දැම්මානෙ අයියේ........:rofl:
    සිටින්න මකන්න......මං දැක්කෙ නෑ නේ.....:baffled:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංකේත අංක ඉරි රූ සටහන් මැද
    නේක වර්ණ එළි නිවී දිලේ
    තාක්ෂණික පෙම් වදන් මුමුණමින්
    සැරිසරමුද පරිඝණක තිරේ
    සැරිසරමුද පරිඝණක තිරේ

    වෙල්ලෝරාවට එල්ලෙන උයනට
    අතීතයට යමු සිහින නෙලන්නට

    වෙල්ලෝරාවට එල්ලෙන උයනට
    අතීතයට යමු සිහින නෙලන්නට

    කසුබ් රජුට පෙර කැටපත් පවුරේ
    ඔබේ නමින් පෙම් ගීය ලියන්නට

    ඔබේ නමින් පෙම් ගීය ලියන්නට

    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..

    අනාගතය අතැඟිලි අතරින් ගෙන
    අඟහරු ලොව මල් උයන් පුරා..
    තොරතුරු වැසි මැද
    කාලය විනිවිද
    අතරමංව ඉමු දෙනෙත වසා..


    මෙගා තොදොල් වැකි
    අකාල සල්පිල් ත්‍රිමාණ පෙම් ගී නාද රටා
    හණමිටි වෙබ් අඩවියෙන් මිදී ඉමු
    සයිබර් අවකාශයට වෙලා
    සංකේත අංක ඉරි රූ සටහන් මැද
    නේක වර්ණ එළි නිවී දිලේ
    තාක්ෂණික පෙම් වදන් මුමුණමින්
    සැරිසරමුද පරිඝණක තිරේ

    සැරිසරමුද පරිඝණක තිරේ

     
    Jan 15, 2009
    9,238
    368
    0
    :shocked:OOOOOpsssss.......මමත් දැන් යූ.එල් කරලා දැම්මානෙ අයියේ........:rofl:
    සිටින්න මකන්න......මං දැක්කෙ නෑ නේ.....:baffled:

    ඔය කරල තියෙන්නෙ පණ්ඩිත වැඩක්.. කවුද දැන් මකන්න කිව්වෙ? :oo::no:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    :shocked:OOOOOpsssss.......මමත් දැන් යූ.එල් කරලා දැම්මානෙ අයියේ........:rofl:
    සිටින්න මකන්න......මං දැක්කෙ නෑ නේ.....:baffled:

    ඕඕඕ ලස්සනයි ඒක..මාත් ආසම කටහඩක්

    ඔව් අමිල එත් එයාගෙත් ගොඩක් ලස්සන ගීත ජනප්‍රිය වෙනවා අඩුයි..ජගත්, ක්‍රිශාන්තගෙ වගේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔව් අමිල එත් එයාගෙත් ගොඩක් ලස්සන ගීත ජනප්‍රිය වෙනවා අඩුයි..ජගත්, ක්‍රිශාන්තගෙ වගේ..
    ඇත්තටම මචං ඕක මචන් ඔය දෙතුන් දෙනාට විතරක් පොදු සංසිද්ධියක් නෙවේ..රූකාන්තගෙන් ඇරඹුන නූතන පරම්පරාවේ බොහෝ තරුණ සංගීත වේදියොන්ට වුණ අභාග්‍යක්..ඊටත් එහා ගියොත් කපුගේ දිවුල්ගනේ වේරලියද්ද.. නමුත් ඔය ලයිස්තුවෙ ඉන්නවා...අනිකා අසංග ප්‍රියමන්ත( ප්‍රසිද්ද වුණේ/කලේ වැඩක්ම නැති සිංදු ටික ඊට පස්සේ හංවඩු ගැහුණා එක රැල්ලකට..අපරාදේ )..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රතු වෙලා හැඩූ දෙනයන යට මේ තරම් සිතක්.... මා නිසා තිබුනු බව දැනුනේ ඒ වෙලෙයි මටත්.... මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්....!!!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා
    උදය සවස වැලද වදිමි අම්මෙ ඔබෙ දෙපා

    අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
    නොමියන ගුණයට කරමිද කෙලෙස මා පිදුම්
    හද බැති මල් පුදමී වැද දොහොත දී මුදුන්
    අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්.......

    හෙන්රි කල්දේරා

     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හදේ එළිය ඇවිදින් මට කවි කියතී
    කැලේ සත්තු නාඩන්නේ ගෙදර ඇති
    හිතේ කටු ඇණි කැක්කුම් රුදා
    දෙතී
    මලේ පුසුඹ මොකටද මල ළඟක නැතී

    baddage
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හංස රාජිණි....සේ..හංස රාජිණි...සේ...
    මන.. මෝහනීය රංගනියේ..
    හංස රාජිණි සේ...
    මන මෝහනීය රංගනියේ
    හංස රාජිණි...

    සැලෙන නයන යුග මදහස පාළා
    සැලෙන නයන යුග
    සැලෙන නයන යුග මදහස පාළා
    සැලෙන නයන යුග මදහස පාළා
    නූපුර ජාල හඩා නද දීලා
    සැලෙන නයන යුග මදහස පාළා...
    නූපුර ජාල හඩා නද දීලා...
    රගනා තාලේ...
    හංස රාජිණි....සේ...
    හංස රාජිණි....සේ.
    මන මෝහනීය රංගනියේ
    හංස රාජිණි...
    හංස රාජිණි.

    sunil Edirisinghe

     
    Status
    Not open for further replies.