Thanking for the author of this letter දර්ශනගේ Blog එක
ඉඟුරු දී සයනයිඩ් ගැනීම
මෙම ලිපිය ලිවීමට අප අදහස් කළේ (බැරිවීමකින් හෝ) සරත් ෆොන්සේකා මහතා බලයට පත් වුවහොත් උද්ගත වන තත්වය අප දකින ආකාරයෙන් විස්තර කිරීමටය. කුමන අයුරින් කරුණු දැක්වුවත් සරත් ෆොන්සේකා මහතා දිනවීමට අදිටන් කර ගෙන සිටින දැඩි එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෝ ජවිපෙ පාක්ෂිකයන්ට කරුණු දැක්වීම කාලය නාස්ති කිරීමක් පමණි. අපේ අරමුණ ඔවුන් නොව විවිධ හේතු නිසා වර්තමාන රජය කෙරෙහි කළකිරීමෙන් ඊට විකල්පයක් ලෙස සරත් ෆොන්සේකා මහතාව දකින පිරිස ආමණ්ත්‍රණය කිරීමය.
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින පක්ෂවල ප්‍රධානම සටන් පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහුද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියා සිටියත් එය කරන්නේ කෙසේදැයි පැහැදිලි වැඩපිළිවලක් ඉදිරිපත් නොකළේය.
යම් හෙයකින් සරත් ෆොන්සේකා මහතා බලයට පත්වීයැයි සිතමු. ඒ මහතා කරනු ලබන මුල්ම කාරිය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමය. මැතිවරණය පැවැත්වෙන තෙක් භාරකාර රජයක් පිහිටුවන බව කියා ඇති අතර එහි අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මිසි අන් කිසිවකු නොවේ. ඒ මහමැතිවරණයෙන් එජාප සන්ධානයට බලය ලබා ගැනීමත්, එජාප, ජවිපෙ සහ අනිකුත් පක්ෂ මෙන්ම ශ්‍රීලනිපයෙන් මාරු වන පිරිස සමග ආණ්ඩුවක් පිහිටුවීම ඊලග පියවර වෙයි.

Last edited: