Some food for thought for SF fans

Wal Bada

Well-known member
  • Thanking for the author of this letter දර්ශනගේ Blog එක

    ඉඟුරු දී සයනයිඩ් ගැනීම

    මෙම ලිපිය ලිවීමට අප අදහස් ක‍ළේ (බැරිවීමකින් ‍හෝ) සරත් ‍‍‍ෆොන්සේකා මහතා බලයට පත් වුවහොත් උද්ගත වන තත්වය අප දකින ආකාර‍යෙන් විස්තර කිරීමටය. කුමන අයුරින් කරුණු දැක්වුවත් සරත් ෆොන්සේකා මහතා දිනවීමට අදිටන් කර ‍ගෙන සිටින දැඩි එක්සත් ජාතික පාක්ෂිකයන්ට හෝ ජවිපෙ පාක්ෂිකයන්ට කරුණු දැක්වීම කාලය නාස්ති කිරීමක් පමණි. අ‍පේ අරමුණ ඔවුන් නොව විවිධ ‍හේතු නිසා වර්තමාන රජය ‍කෙ‍රෙහි කළකිරීමෙන් ඊට විකල්පයක් ‍‍ලෙස සරත් ෆොන්සේකා මහතාව දකින පිරිස ‍ආමණ්ත්‍රණය කිරීමය.

    සරත් ‍ෆොන්සේකා මහතා වෙනු‍වෙන් පෙනී සිටින පක්ෂවල ප්‍රධානම සටන් පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. සරත් ‍ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ මාධ්‍ය සාකච්ඡා‍වේදී ඔහුද විධායක ජනාධිපති ක්‍රමය අ‍හෝසි කරන බව කියා සිටියත් එය කරන්නේ ‍කෙ‍සේදැයි පැහැදිලි වැඩපිළිවලක් ඉදිරිපත් ‍නොකළේය.

    යම් ‍හෙයකින් සරත් ‍ෆොන්සේකා මහතා බලයට පත්වීයැයි සිතමු. ඒ මහතා කරනු ලබන මුල්ම කාරිය නම් පාර්ලි‍මේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමය. මැතිවරණය පැවැත්වෙන ‍තෙක් භාරකාර රජයක් පිහිටුවන බව කියා ඇති අතර එහි අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මිසි අන් කිසිවකු නො‍වේ. ඒ මහමැතිවරණ‍යෙන් එජාප සන්ධානයට බලය ලබා ගැනීමත්, එජාප, ජවිපෙ සහ අනිකුත් පක්ෂ මෙන්ම ශ්‍රීලනිප‍යෙන් මාරු වන පිරිස සමග ආණ්ඩුවක් පිහිටුවීම ඊලග පියවර ‍වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: nj542

    Wal Bada

    Well-known member
  • විධායක ජනාධිපති ක්‍රමය අ‍හෝසි කිරීමට ජනමත විචාරණයක් මෙන්ම පාර්ලි‍මේන්තු‍වේ 2/3 බලයක් ලබා ගත යුතුය. ජනමත විචාරණය ජයග්‍රහණය කිරීම අපහසු විය යුතු ‍නොවේ. පාර්ලි‍මේන්තු‍‍වේ 2/3 බලයක් ලබා ගැනීමටද අවකාශ ඇති බල අ‍පේ හැගීමයි. මන්ද දැන් කුමක් කීවත් ශ්‍රීලනිපයද විපක්ෂයට ගිය‍හොත් විධායක ජනපති ක්‍රමය අ‍‍හෝසි කිරීමට එකග ‍වෙයි.

    සියල්ල අපේක්ෂිත අයුරින් සිදු වුව‍‍හොත් විධායක ජනපති ක්‍රමය අ‍හෝසි ‍වෙයි. දැන් ප්‍රශ්නය ඊට විකල්පය කුමක්ද යන්නය. එය පැරණි ‍‍වෙස්මිනිස්ටර් ක්‍රමයද? නැත‍හොත් රනිල් වික්‍රමසිංහ මහතා ‍යෝජනා කරන විධායක අගමැති ක්‍රමයද? ‍(විධායක අගමැති ක්‍රම‍යේදී සිදු වන්නේ න‍මේ වෙනස පමණක් වන අතර, ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි අපහසුවක් නැතුවම විධායක බලතල ලබා ගත හැකි වේ). ‍


    මේ ‍කොයි ක්‍රමය ස්ථාපිත කළත් අවසාන ප්‍රතිඵලය කුමක්ද? සරත් ‍ෆොන්සේකා මහතා සිය විධායක බලතල රනිල් වික්‍රමසිංහ මහතාට පවරා දීමය. සරත් ෆොන්සේකා මහතා අවලංගු කාසියක් බවට පත් වේ (ඔහුට වැඩිම වුව‍‍හොත් නාමික ජනාධිපති ධූරයක් දරමින් උත්සව වලට සහභාගි විය හැකිය). මෙය රට දෙකඩ වීමටද, බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට රට යටත්වීමටද මග පාදනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා 2002-2004 වකවානුව තුළ ‍මෙතරම් විශාල හානියක් කළේ විධායක බලතල පවා නැතිව බව අප අමතක කළ යුතු නො‍වේ. එහෙව් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක බලතල ලැබුනොත් කුමකින් කුමක් වේද?
     

    Wal Bada

    Well-known member
  • දැන් අ‍පේ ප්‍රශ්නය ‍මෙයයි. සරත් ‍ෆොන්සේකා මහතා පත්වී දූෂණයෙන්, වංචා‍වෙන් ‍තොර ‍ක්ෂේම භූමියක් ‍ගොඩ නගාවියැයි සිහින දකින්නන් ‍ගේ අරමුණ ‍‍මේ ක්‍රියාදාමය තුළ ඉටු වන්නේ ‍කෙ‍සේද යන්න ඒ ප්‍රශ්නය ‍වෙයි. සරත් ‍ෆොන් ‍සේකා මහතා බල‍‍යේ සිටින ‍කෙටි කාලය තුළ ඔහු ඒ සියල්ල කරන් ‍නේ ‍කෙසේදැයි ඒ මහතාද ඒ මහතා ‍වෙනුවෙන් පෙනී සිටින්නන්ද අපට පැහැදිලි කළ යුතුය. (මෙහිදී පිරිසක් දැන දැනම ‍බොරුවට සිහින දකින බව පෙන්වන බ‍‍ව අපි දනිමු. ඔවුන්ට දූෂණය හා නාස්තිය ‍හොද සටන් පාඨ පමණක් ‍වෙයි. අ‍පේ ප්‍රශ්නය අවංකව එ‍‍සේ සිහින දකින්නන් ‍වෙතය). අනිත් අතට විධායක ජනපති ක්‍රමය නැති තත්වයක් තුළ ඒ මහතා විසින් වංචාව ‍හෝ දූෂණය නැති කිරීමට ඇති කරන වෙනස්කම් (එ‍සේ ‍වෙනසක් ඒ මහතා කරාවියැයි උපකල්පනය කළ‍හොත්) දිගටම පවත්වා ‍ගෙන යාමට ඇති වැඩපිළිවල කුමක්ද?

    අනෙක් අතට එ‍සේ පත්වන රජ‍යේ ඇමතිවරුන් කවුද? රවි කරුණානායක, මංගල සමරවීර වැනි ‍දේශපාලන ‘කන්‍යාවන්’ කැබිනට් ඇමතිධූර දරන අති පාරිශුද්ධ ආණ්ඩුවකි ඒ. එවැනි ආණ්ඩුවක දූෂණය වංචාව නැති බව කීම වැඩිය හිනා නොයන විහිලුවක් පමණක් වෙයි. (දූෂණය ගැන කථා කරන විට තවත් කරුණක් සිහියට නැගේ. වත්මන් ආණ්ඩු‍වේ දූෂණ සහ වංචා පවතී. එ‍‍හෙත් එජාප පාලන සම‍යේ දූෂණ මීට වඩා සිදු වුවත් ඒ ගැන හඩක් නොනැගෙන්නේ ඇයි? එවිට රජ‍යේ සහ ‍පෞද්ගලික මාධ්‍ය සියල්ලම එජාප රජය පැත්තේ බැවිනි. එ‍සේ නොවන්නේ දිවයින පුවත්පත පමණි. එහෙත් ශ්‍රීලනිප රජයක් ඇති විට පෞද්ගලික මාධ්‍ය සියල්ලම පා‍‍හේ සෘජුව ‍හෝ සියුම් ‍ලෙස රජයට විරුද්ධව කටයුතු කරති. එබැවින් දූෂණ ගැන කථා කිරීමද නිතැතින්ම වැඩි‍වේ)
     

    Wal Bada

    Well-known member
  • සමහර පඬියන් කියන්නේ ෆොන්සේකා මහතා විනයගරුක රටක් ඇති කරන බවය. අප කලින්ද කී පරිදි මාස 6කදී ඒ සියල්ල කරන්නේ කෙ‍සේද? කෙනෙක් කීමට ඉඩ ඇත්තේ ඔහු විධායක ජනපති ක්‍රමය අ‍හෝසි කරන බව කියන්නේ ‍දේශපාලන උපක්‍රමයක් ලෙස බවය. එ‍සේනම් ඒ මහතා චන්ද්‍රිකා මහත්මියට ‍නො‍දෙවෙනි ‍බොරුකාරයෙක් නොවේද? අද ඒ මහතා කියන්නේ තම ජයග්‍රහණයට එල්ටීටීඊ සංවිධාන‍යෙන් වුවද මුදල් ලැබු‍‍ණොත් ලබා ගන්නා බවය. (ඒ මහතා කීවේ හුදු සහයෝගය ලබා ගැනීමක් ගැන ‍නොවේ. ‘මුදල්’ ගැන ඒ මහතා විශේෂ‍යෙන් සදහන් කළේය). එසේම මත් පැන් පානය සාධාරණිකරණය කරමින් ඒ මහතා කථා කළේය. (මතට තිත වැඩසටහන එතරම් සාර්ථක යැයි අප නොසිතමු. එහෙත් ජනාධිපති වීමට උත්සාහ කරන පුද්ගලයකු, මත්පැන් පානය ‍මෙරට සමාජ ඛේදවාචකයක් බවට පත්ව ඇති බව දැන දැනත් ඒ පිළිබදව ඉතා සැහැල්ලුවෙන් කථා කිරීම අපට අනුමත කළ නොහැක). එසේම මාස 6කට පෙර රූපවාහිනියේ සාකච්ඡාවකදී හමුදා ජයග්‍රහණයේ පීතෘත්වය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව පැවසූ ඒ මහතා අද යුධ ජයග්‍රහණයේ සියලු ‍ගෞරව අත් කර ගැනීමට උත්සාහ කරයි. වීර සෙන්පති‍යෙකු‍ගේ චරිතයෙන් මිදී ඒ මහතා දි‍නෙන් දිනම අවස්ථාවාදී දේශපාලකයකුගේ භූමිකාවට අවතීර්ණ වෙමින් සිටී. වර්තමානයේ ඒ මහතා කරන කියන දෑ දකින විට ඔහු හමුදා මෙහෙයුම් වලට නායක්වය දුන්නේ ර‍ට ජාතිය ගැන අවංක හැගීමකින්ද, නැතහොත් හුදෙක් තම පුද්ගලික ප්‍රතිරූපය ‍ගොඩනගා ගැනීමටද යන සාධාරණ සැකය අපට ඇති‍වෙයි.

    එවැනි පුද්ගලයකුගෙන් ඔය කියන විදි‍හේ පරමාදර්ශී නායකත්වයක් බලා‍පොරොත්තු විය හැකිද?


    ‍නොර්වේ රාජ්‍යය හෝ ‍දෙමළ ජාතිවාදීන් ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් ‍දෙන්නේ මන්දැයි ඒ මහතාට පැහැදිලි කළ හැකිද? ඒ ඔවුන්ගේ අරමුණු ඒ මහතා හරහා ඉටු වන නිසා නො‍වේද? මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවන බව අපි දනිමු. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ‍යේදී බරක් ඔබාමා මහතා හිතාමතාම ‍සෞඛ්‍ය රක්ෂණ සමාගම්වලින් තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා ගැනීම ප්‍රතික්‍ෂේප ක‍ළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහුට යම් ආකාරයට ‍‍සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක් සම්මත කර ගැනීමට හැකිව ඇත. යම් ‍හෙයකින් ඔහු අර රක්ෂණ සමාගම්වලින් මුදල් ලබා ගත්තානම් ඔහුට එය කිරීමට නොහැකිවනු ඇත. මැතිවරණයකදී අපේක්ෂයකන්ට යම් පාර්ශවයක් මුදල් වියදම් කරන්නේ තම අරමුණු ඒ අ‍‍පේක්ෂකයා ලබා ඉටුවන නිසා මිස අන් කිසිවක් නිසා ‍නොවේ.
     

    Wal Bada

    Well-known member
  • අ‍නෙක් අතට ඊනියා ‘ස්වාධීන’ කොමිෂන් සභා ගැනද කිය‍වෙයි. ලෝක‍යේ ස්වාධීන පුද්ගලයෝ නැත. හැම පුද්ගල‍යෙක්ම යම් මතයකට පක්ෂ ‍හෝ විපක්ෂ වෙයි. අ‍නෙක් අතට මේ කොමිෂන් සභා නම් කිසිසේත්ම ස්වාධීන නොවන්නේ ඒවාට නි‍යෝජිතයන් පත් කරන්නේ පාර්ලිමේන්තු‍වේ ‍දේශපාලන පක්ෂ වලින් වන බැවිනි. ඔවුන් නිතැතින්ම කටයුතු කරන්නේ ඒ ඒ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට අනුවය. නියෝජිතයන් පත් කෙ‍රෙන පටිපාටිය අනුව ඉන් ජන මතය නියෝජනය ‍නොවේ. පසුගිය දිනක නම් ‍කෙරුණු ව්‍යාවස්ථාදායක සභාවේ 3/4 ක්ම සිටියේ දෙමළ ජාතිවාදීහුය. එවැනි ව්‍යාවස්ථාදායක සභාවකින් වන්නේ රට කෑලි වලට කැඩීම මිස අන් කිසිවක් නොවේ. සරත් ෆොන්සේකා මහතා ‍මේ කියන ඊනියා ස්වාධීන ව්‍යාවස්ථාදායක සභාව ගැන මහා ඉහළින් කථා කර ඇත.


    ඕනෑම අවස්ථාවක තීරණ ගැනීමේදී ප්‍රමුඛතා (priorities) ඇත. ඒකීය රාජ්‍යය‍ හෝ ජාතික ආර්ථිකය ප්‍රමුඛතාව අතින් වංචා සහ දූෂණ වැළැක්වීමට වඩා ඉතා ඉහළින් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අ‍නෙක් අතට සරත් ‍ෆොන්සේකා මහතා බලයට පත්වීමෙන් ඔය කියන ආකාරයට වංචා දූෂණ වැළැක්වීමක් සිදු නොවන බව අප ඉහත පෙන්වා දී ඇත.


    මේ ෆොන්සේකා මහතා බලයට පත්වී යා හැකි එක මාර්ගයකි. එනම් මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහ කර ‍වේදිකාවෙන් බැස යාමය. එය ඒ මහතා‍ගේ ප්‍රළුම ‘මරාගෙන මැ‍රෙන’ මෙ‍හෙයුම විය යුතුය. ‍
     

    Wal Bada

    Well-known member
  • කුප්‍රකට SF මෙහෙයුම නම් මහින්ද රාජපක්ෂ මහතා ‍දේශපාලන වශයෙන් මරා දැමීමත් (ජනාධිපතිවරණයෙන් පැරදවීම) ඉන් පසුව සරත් ෆොන්සේකා මහතා ‍දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගැනීමත්ය (එනම් විධායක ජනපති ක්‍රමය අ‍හෝසි කිරීම). එජාප සහ ජවි‍පෙ අද කියන්නේ ෆොන්සේකා මහතා ‍මේ මාර්ගයේ යන බවය. ඒ පිළිබදව ඔවුනොවුන් අතර අව‍‍බෝධයක් ඇතැයි කියවෙයි.

    නමුත් ‍ෆොන්සේකා මහතා බලයට පත් වුව‍හොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ඇතැයි අපි ‍නොසිතමු. එවිට සිදු වන්නේ කුමක්ද?

    එවිටද පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වෙයි. නමුත් ඊට පසු විධායක ජනපති ක්‍රමය අහෝසි කරන ‍ලෙස ‍ෆොන්සේකා මහතා බලයට පත් කිරීමට කටයුතු කළ පාර්ශවම ඔහුට බලපෑම් කරනු ඇත. එහෙත් ‍ෆොන්සේකා මහතා එයට එකඟ ‍‍වේයැයි සිතිය නොහැකිය. විශාල කැපකිරීමක් කරමින් දේශපාලනයට පිවිසුන ඒ මහතා සියල්ල අතහැර පැත්තකට වේයැයි යමෙක් සිතන්‍ නේ නම් ඒ ‍‍බොළඳ ක‍මේ ලක්ෂණයකි.


    එවිට සිදු වන්‍ ‍‍නේ කුමක්ද? ඒ මහතා බලයට පත් කල පක්ෂ මූලිකව සියලු පක්ෂ එකතු වී ඒ මහතාට ‍දෝෂභි‍‍යෝගයක් ඉදිරිපත් වීමය. ‍ මෙය හිතලුවක් ‍නොවන්නේ මංගල සමරවීර මහතාට හිතවාදී ‍වෙබ් අඩවියක ‍‍මේ ගැන ඉගියක් දැනටම දී ඇති බැවිනි. විමල් ධීර‍සේකර නම් ‍ලේඛකයකු ලියූ ලිපියක ‍‍සරත් ‍ෆොන්සේකා මහතා විධායක බලතල අත් හැරීමට එකග නොවු‍නොත් ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කර තිබිණි. ඉන් ප්‍රධානම ක්‍රියාමාර්ගය වන්නේ දෝෂාභි‍යෝගය වේ. මන්ද ඒ වන විට විපක්ෂයේ සිටින ශ්‍රීලනිපයද ඊට එකග විය හැකි වීමයි. විපක්ෂ‍යේ සිටින ඕනෑම පක්ෂයක් විධායක බලතල වලට විරුද්ධ වීම වැලැක්විය හැකි නො‍වේ. සරත් ෆොන්සේකා මහතා හිතුමතයට ක්‍රියා කළහොත් ඔහු පාලනය කරන ආකාරය ගැන එජාපය සහ ජවි‍පෙ දැනටම සිතා බලා ඇති බවට සැකයක් තිබිය යුතු නොවේ.
     

    Wal Bada

    Well-known member
  • මෙය අර්බුදකාරී තත්වයක් නිර්මාණය කරන බව අමුතු‍වෙන් කිව යුතු නොවේ. ව්‍යාවස්ථාදායකය සහ විධායකය අතර සෘජු ගැටුමක් නිර්මාණය වීම වැළැක්විය ‍‍නොහැක. සරත් ‍ෆොන්සේකා එබදු අවස්ථාවකදී ‍කෙ‍‍සේ ක්‍රියා කරනු ඇද්ද? සියලු විධායක බලතල සහ සේනාධිනායක තත්වය තිබීයදී තමා බල‍යෙන් පහ කරනු තුරු ඒ මහතා නිහඩව බලා සිටීද?


    සරත් ‍‍‍ෆොන්සේකා මහතා‍‍ගේ මනස ක්‍රියා කරන ආකාරය ‍මෙහිදී ඒ මහතා ක්‍රියා කරන ආකාරයට සෘජුවම බලපායි. ඒ මහතා‍ගේ අතීත ක්‍රියාකලාපය ‍මෙන්ම මෑතකදී හැසිරුන ආකාරය දෙස බලන විට ‍පෙනී යන්නේ ඒ මහතා යම් අරමුණක් ‍වෙනුවෙන් දැඩි ‍ලෙස කැපවී ක්‍රියා කරන පුද්ගල‍යෙකු බවය. එසේම බලය ලබා ගැනීමේ හා රදවා ගැනී‍මේ දැඩි උවමනාවක් ඒ මහතා තුළ වන බව පෙ‍නේ. එසේම තම අරමුණ මුදුන් පත් කර ගැනීමට ගන්නා ඕනෑම පියවරක් තමාටම සහ අනුන්ටද සාධාරණීකරණය කිරීමට ඒ මහතා පසුබට ‍නොවන බට ඔහු විසින් දැනටම ඔප්පු කර ඇත.

    මේ සියලු කාරණා සලකා බලද්දී ඒ මහතාට ගත හැක්කේ එකම විකල්පයකි. එනම් පාර්ලි‍මේන්තුව විසුරුවා හැර නිල හෝ නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීමය. ඒ මහතාට බලය රදවා තබා ගැනීමට ‍වෙන ක්‍රමයක් නැත. සියලු ඒකාධිපතියන්ගේ ‍පොදු නිදහසට කරුණ වන ‘මම සියල්ලම කරන්නේ රට වෙනුවෙන්ය’ යන්න මුමුණමින් තමාවම රවටා ගැනීමට ඒ මහතා කටයුතු කරනු ඇත. (මේ වන විටත් ජාතික බලවේග ‍බෙදීම වළක්වන ලෙස ඒ මහතාගෙන් කරන ලද සියලු ඉල්ලීම් ඔහු විසින් නිෂ්ප්‍රභා කර ඇත‍තේ ඉහත කී බොරු හේතුවට මුවා වෙමිනි)


    එ‍සේ කිරී‍මේදී ‍බොහෝ විට බටහිර රටවල සහයද ඒ මහතාට ලැබිය හැක. එ‍සේම එවන් ආණ්ඩුවක් පිහිටවූ පසු බලය රදවා තබා ගැනීමටද බටහිර රටවල සහය ඒ මහතාට අවශ්‍ය වේ. ඒ මහතා අද බටහිර රටවල අවශ්‍යතා අනුව එජාප ආර්ථික ප්‍රතිපත්තිය සමග එකග වී ඇත (මේ ගැන මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් යැයි කියන ජවිපෙ කියන්නේ කුමක්ද?). එජාපය ආර්ථිකයට දක්ෂ යැයි කීම පට්ටපල් බොරුවකි. එජාපයේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද බටහිර රටවල පවා අවලංගු වී ඇති බැව් වර්තමාන ආර්ථික අර්බුදයෙන් පෙනේ. එජා‍පයේ 17 වසරක පාලනය (මේ නිදහසින් පසු යම් රජයක් පාලනය කළ දිගම කාලය වෙයි) අවසන් වූයේ විරුකියාව හා දුප්පත්කම අහස උසට නැගි වාතාවරණයක් තුළය. දේශීය නිෂ්පාදනය නැත්තටම නැති කර ‍ගොවියන්ට වහ බීමට සැලැස්වූ වාතාවරණයක් තුළය. එජාපය ආර්ථිකයට දක්ෂයැයි කියන්නේ අන් කිසිවකු නොව පිටරටින් භාණ්ඩ ආනයනට කර ‍මෙරට විකිණීම තම එකම හැකියාව කරගත් ජාවාරම්කාර පැලැන්තියයි. සරත් ෆොන්සේකා මහතා තමා ඔවුන් ‍වෙනුවෙන් පෙනී සිටින බව සෘජුවම කියා සිටී. එජාප ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නම් බටහිර ආර්ථික යටත්විජිතවාදයට ‍දොරටු විවර කර දීමත් (re-gaining ශ්‍රීලංකා වැනි) සුළු පිරිසක් ධනවත් වන වැඩි පිරිසක් දිළිදු වන වාතාවරණයක් ඇති කිරීමත්ය. යම් ‍හෙයකින් එජාප රජයක් මෙකල පැවතියේ නම් වත්මන් ‍ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකුද එක පිට එක ඇද වැ‍ටෙනු ඇත. මන්ද නව ලිබරල්වාදී ආර්ථිකය හමුවේ ‍මෙරට ආර්ථිකය බටහිර ආර්ථිකවල පරපෝෂිතයකු වන බැවිනි. වර්තමානයේ සිංගප්පූරුවට අත්ව ඇති ඉරණම මෙයයි. (බටහිර ජනමාධ්‍යවල ‘අපක්ෂපාතීත්වය’ නිසා මේ කරුණු දැන ගැනීමට මෙරට බොහෝ ‍දෙනෙකුට අවස්ථාවක් නැත)
     

    Wal Bada

    Well-known member
  • 13 වැනි සං‍‍ශෝධනයට ඔබ්බෙන් වූ බලය ‍බෙදාහැරීමක් ‍වෙනුවෙන් ඒ මහතා අද ‍පෙනී සිටී (ඒකීය රාජ්‍යය වෙනුවෙන් ‍පෙනී සිටිනවායැයි කියන ජවිපෙ ‍මේ ගැන කියන්නේ කුමක්ද?). ‍වෙනත් වචන වලින් කියන්නේ නම් ඒ මහතා ‍පෙනී සිටින්නේ ෆෙඩරල් හෝ සහ සන්ධීය රාජ්‍යයක් වෙනුවෙනි. ඒ මහතා ‍මෙවැනි කථා කියන්‍ ‍නේ ‍දෙමළ ඡන්ද ලබා ගැනීමට මිස එවැන්නක් ඇත්තටම ක්‍රියාත්මක කිරීමට ‍නො‍වේ යැයි ය‍මෙක් කීමට ඉඩ ඇත. එ‍සේ නම් ඒ මහතා සහ බලය ලබා ගැනීමට ඕනෑම ‍බොරුවක් කියන අනිකුත් ‘ජරාජීර්ණ ‍දේශපාලඥයන්’’ අතර ඇති ‍වෙනස කුමක්ද? කුමන අඩුපාඩු තිබුනත් මහින්ද රාජපක්ෂ මහතා ‍දෙමළ ‍හෝ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට හෝ වෙනත් අරමුණකින් එබදු කථා කියා නැත. එ‍සේ නම් වඩාත් ප්‍රතිපත්තිගරුක වන්නේ මහින්ද රාජපක්ෂ මහතාද? නැත‍හොත් මහා ප්‍රතිපත්තිගරුක පුද්ගල‍යෙකු ලෙස හුවා දැක්‍ ‍වෙන සරත් ‍ෆොන්‍ ‍සේකා මහතාද? ‍


    බෙදුම්වාදයට යළී පණ දීමට ක්‍රියා කිරීම හමුදා ‍මෙ‍හෙයුම්වලදී තම ජීවත සහ අත පය නැති කර‍ගෙන සටන් කළ සෙබලුන්‍ ‍ගේ කැපවීම පාවාදීමක් ‍නො‍වේද?


    බටහිර රටවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ‍යෙන් අප ‍තේරුම් ගත යුත්තක් ඇත. එනම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මානව හිමිකම් ගැන ඔවුන් හඩ නගන්නේ යම් නායකත්වයක් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එ‍රෙහි වූවොත් පමණක් බවය. යම් ඒකාධිපති ‍හෝ හමුදා නායකත්වයක් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පක්ෂව කටයුතු කරත්නම් ඊට ආධාර කිරීමට බටහිර‍‍යෝ මැලි ‍නොවෙති. එවිට අර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කථා ඉබේම යට යයි.

    මීට ‍හොද උදාහරණයක් අග්නිදිග ආසියා‍වෙන් ගත හැකිය. තායිලන්තයේ අතිශය ජනප්‍රිය ජාතික නායකයකු වූ තක්ෂින් මහතා හමුදා කුමණ්ත්‍රණයකින් බලයෙන් පහ ‍කෙරිණි. ඊට බටහිර රටවල ආධාර ලැබුණු අතර බටහිර මාධ්‍ය දිගින් දිගටම තක්ෂින් මහතා දූෂිතයකු ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කළේය (වර්තමාන‍යේ මහින්ද රාජපක්ෂ මහතාට මෙන්). අවසාන ප්‍රතිඵලය වූයේ හමුදා නායකයා ඡන්දයකින් තොරවම එරට බටහිර ගැති විපක්ෂයට බලය ලබා දීමය. ‍

    මෙහිදී අමු අමු‍වේම උල්ලංඝණය වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය ගැන බටහිර මාධ්‍ය කටක් නොසොල්ලති. එපමණක් ‍නොව ‍මේ මුළු ක්‍රියාවලියටම බටහිරයන්ගේ ආධාර සහ අනුග්‍රහ ලැබිණ. හේතුව හමුදා කුමණ්ත්‍රණයකින් ‍‍හෝ බලයට පත්වූ‍‍යේ බටහිර ගැති පාලනයක් වීමය.

    දැන් අනිත් පැත්ත සලකා බලමු. බුරුම‍යේ හමුදා පාලනය බිද වැට්ටවීමට බටහිරයෝ හැකි සෑම ‍දෙයක්ම කරති. තම ඒජන්තවරිය වන අවුං සාං සුකී මහත්මියට (ඇය බුරුමයේ චන්ද්‍රිකා කුමාරතුංග ‍වෙයි) උඩ පැන පැන සම්මාන දෙති. ඇය ගැන කියමින් තම මාධ්‍ය වල පෙරළි ‍පෙරළී හඩති.

    බුරුමයේ ප්‍රශ්නය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යැයි සිතන්නෝ ‍බොළද‍‍යෝ සහ මුග්ධ‍යෝ (සහ බොළද මුග්ධයෝ) පමණක් ‍වෙති. ප්‍රශ්නය බටහිර ගැති පාලනයක් එරට ස්ථාපිත ‍නොවීමය. ලංකා‍‍වේද බටහිරයන්ට ඇති ප්‍රශ්නය ‍මෙයයි. බටහිරයන්ගේ අන් සියලු දැනුම් මෙන්ම බටහිර ප්‍රජාතන්ත්‍රවාදයද (මානව හිමිකම්, යුධ අපරාධ, මාධ්‍ය නිදහස වැනි යු‍දෙව් ක්‍රිස්ති‍යානි සංස්කෘතියේ නිෂ්පාදනය කරන ලද අන් සියලු සංකල්ප ‍මෙන්ම), බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පැවැත්ම, ආරක්ෂාව සහ ව්‍යාප්තිය පිණිස වේ. යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට පරිබාහිර සංස්කෘතිවලට හා චින්තනවලට විරුද්ධව යොදා ගන්නා ආයුධ ‍පමණක් වේ.
     

    Wal Bada

    Well-known member
  • මෙය අතීතය පුරාම සිදුවී ඇත. ඇත්ත වශ‍යෙන්ම මෑත යුග‍යේ බලයට පත්වූ ඒකාධිපති පාලකයන් ‍බොහොමයක් (ඉඩි අමීන්, සදාම් හුසේන්, පොල්පොට්) බලයට පත්වූ‍යේ බටහිරයන්ගේ උදව්වෙනි. බො‍හෝ විට එබදු ඒකාධිපතියන් පාවිච්චි කර ඇත් ‍තේ ජාතිකත්වය මත පදනම් වූ රජයන් ‍පෙරළා දැමිමටය. එ‍සේත් නැතිනම් කොමියුනිස්ට් ව්‍යාපාර මර්ධනය කිරීමටය. සමහර ඒකාධිපතියන් පසු ක‍ලෙක බටහිරයන්ටම විරුද්ධ නැගී සිටි විට ඊනියා මානව හිතවාදයේ නාම‍යෙන් ඔවුන්ව විනාශ කිරීමටද බටහිරයෝ පසුබට නොවූහ (උදා. සදාම් හු‍සේන්). මෙවන් ඒකාධිපතියන් ‍ලොව පුරා කර ඇති ඝාතනයන්ට සහ විනාශයන්ට බටහිරයෝ වග කිව යුතු ‍වෙති.


    මේ අනුව බලන කළ සරත් ‍ෆොන්‍ සේකා මහතාට ගත හැකි මාර්ගය නම් බටහිර ගැති ඒකාධිපති පාලකයකු වීමය. ඒ මහතාට ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයෙන් බැහැරව පැවතීමට නම් බටහිර හිතවාදී ප්‍රතිපත්තියක කටයුතු කිරීම අනිවාර්ය වේ. ඒ මහතාගේ පාලනය ‍බො‍‍හෝ විට කියුබා‍‍වේ බැටිස්ටා ‍හෝ චිලී‍යේ ෆි‍නෝ‍චේට සමාන විය හැකි බව අපේ හැගිමයි. බටහිරයන් සතුටු කිරීමට ‍‍ෆෙඩරල් රාජ්‍යය හෝ ඊට වැඩි යමක් වුවද ඒ මහතා දුන‍හොත් අප පුදුම විය යුතු ‍නො‍වේ. මාස 6කට පෙර ‘මේ රට සිංහලයන්ගේ රට’ යැයි කියා ඒ කටින්ම අද 13+ බලය බෙදීමක් ගැන කථා කරන පුද්ගලයකුට නොකළ හැක්කක් ඇතැයි අප ‍නොසිතමු. එවැනි බලය ‍බෙදීමක අනිටු ප්‍රථිපල සමහර විට එක් වනම ‍නො‍පෙ‍නෙනු ඇත්තේ ඒ මහතා දැඩි හස්තයකින් රට පාලනය කරනු ඇති බැවිනි. එ‍හෙත් ‍කෙදිනක හෝ ඒ මහතා‍ගේ පාලනය අවසන් වූ දි‍නෙක රට ‍‍බෙදී ‍වෙන්වීම වැළැක්විය හැකි නො‍වේ. ඒ පාවා දීම හමු‍වේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සටන් විරාම ගිවිසුමෙන් කළ පාවා දීම පවා දෙවැනි වනු ඇත.

    මේ මහතා විසින් ගත හැකි දෙවැනි මාර්ගය ‍වේ. එනම් ප්‍රජාතන්ත්‍රවාද‍යෙන් බැහැරව නිල ‍හෝ ‍නොනිල හමුදා ආණ්ඩුවක් පිහිටුවීම මගින් බලය පවත්වා ගැනීමය. හමුදාව තුළ විශාල පිළිගැනීමක් ඇති ඒ මහතාට එය සිදු කිරීම කළ නොහැක්කක් නොවේ. ඉන්දියාව එවැනි ක්‍රියා මාර්ගයකට එකග නොවුවද අද ති‍බෙන්නේ රජිව් ගාන්ධි මහතාගේ කාල‍‍යේ තිබූ ඉන්දියාව ‍නොවේ. හිලරි ක්ලින්ටන් මහත්මිය මෑතකදි ප්‍රකාශ කළ පරිදිම වර්තමාන ඉන්දියාව බටහිරයන්ට එකග ප්‍රතිපත්තියක කටයුතු කරයි.

    එ‍සේම එවැනි තත්වයක් උදා වුව‍හොත් ඊට විරුද්ධව පළ‍‍මු‍වෙන්ම පාරට බහිනු ඇත්‍තේ ජවි‍පෙය. එහි ප්‍රතිළුලය නැවත වරක් සිංහල තරුණයන් සංහාරයකට පත්වීමය. බොර දි‍යේ මාළු බෑමට ජවිපෙ ඉතා දක්ෂ ‍වෙයි. එ‍සේ මාළු බෑමට පෙර වතුර ‍බොර කර ගත යුතු බවද ජවි‍පෙ හොදින් දනී.
     

    Wal Bada

    Well-known member
  • අප දකින පරිදි සරත් ‍ෆොන්සේකා මහතා බලයට පත්වුව‍හොත් යා හැකි මාර්ග දෙක ‍මෙයයි. එයිනුත් දෙවැනි මාර්ගය ඒ මහතා විසින් තෝරා ගැනීමට ඉතා වැඩි ඉඩකඩක් ඇති බව අ‍පේ හැගීමය. ‍‍


    මෙවැනි ක්‍රියාමාර්ගයකදී එජාප ‍හෝ ජවි‍පෙ සෘජුවම බලයට පත් ‍නොවන බවද සැලකිය යුතුය. එ‍හෙත් එහිදීද විජාතික බල‍වේගවල අරමුණු ඉටු‍වෙයි. අප මතක තබා ගත යුත්‍ ‍තේ ‍දෙමළ ‍බෙදුම්වාදය සහ ‍දෙමළ ජාතිවාදය ‍මෙන්ම එජාප සහ (වර්තමාන) ජවි‍පෙද බටහිර ක්‍රිස්තියාන නූතනත්‍ ව‍යේ ඉත්තන් පමණක් වන බවය. එජාප සහ ජවි‍පෙ ඔවුන් ‍මෙම ක්‍රියාවලි‍‍යේ ස්වාමීන් බව පෙන්වීමට තැත්කළත් ඔවුහු අතවැසි‍යෝ පමණක් වෙති. රනිල් වික්‍රමසිංහ මහතා සරත් ‍‍‍ෆොන්‍ සේකා මහතාට සහය දක්වන බව ප්‍රකාශ ක‍ළේ කැමැත්තකින් ‍නොවන බව අපට ‍පෙණිනි. විජාතික බල‍වේගවල බලපෑම හමු‍වේ අකමැත්‍ ‍තෙන් වුවත් ඔහුට එසේ කිරීමට සිදුවූ බව අ‍පේ හැගීමය.


    මේ කුමන මාර්ගයක ඒ මහතා ගියත් ප්‍රතිඵලය වන්නේ ලංකාව බටහිර දේශපාලන, ආර්ථික හා සංස්කෘතිය යටත්විජිතවාදයට යටත් වීමය. ‍බෙදුම්වාදය යළි ප්‍රබලව හිස එසවීමය. (ත්‍රස්තවාදය අවසන් වුවත් දෙමළ ‍බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය තවමත් ඉතාම සක්‍රිය බව අමතක නොකළ යුතුය) එය සිංහල ‍බෞද්ධ සංස්කෘති‍යේද අවසානය ‍වේ. දෙමළ හා මුස්ලිම් සංස්කෘතිවලට අත්වන ඉරණම අමුතුවෙන් කිවයුතු නොවේ. අවසාන ප්‍රතිඵලය ලංකාව යු‍දෙව් ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත්වීමය. බටහිරයන් සරත් ‍ෆොන්සේකා මහතා ‍තෝරා ගැනී‍මේ රහස මෙය වේ.


    එසේම ඒ මහතා මාධ්‍ය සාකච්ඡා‍වේදී සදහන් ‍‍ක‍ළේ යුධ අපරාධ ගැන චෝදනා ඇත්නම් පරීක්ෂණ පවත්වන බවය (බටහිරයන් දැනටම ඒ සදහා චෝදනා කර ඇති බව ඒ මහතා ‍නොදන්නේද?). ඒ මහතාට සිදුවූවායැයි කියන ‍‍‍කෙණහිලිකම් නිසා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ ‍ගෝඨාභය රාජපක්ෂ මහතා‍‍ගෙන් පළි ගැනීමට ඔහුට අවශ්‍ය බව පෙනේ. එහි ප්‍රතිළුලය වන්නේ රටට ත්‍රස්තවාද‍යෙන් නිදහස උදා කර දුන් නායකත්වය බටහිරයන්ගේ ඊනියා ජ්‍යාත්‍යන්තර අධිකරණවලට පාවා දීමය.

    ඒ මහතාගේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම එජාප හා ජවි‍‍පෙ විසින් සකස් කර දුන් පරස්පර විරෝධී සටන් පාඨ නිසා තමාටම කකුල් මාට්ටු දමාගෙන වැ‍ටෙනු දැක අපට යම් කණගාටුවක්ද ඇති විය. ඒ මාස කීපයකට පෙර යුධ විරුවකුව සිටි ඒ මහතාට අද අත්ව ඇති ඉරණම ගැනය. ඇත්ත වශ‍යෙන්ම රාජ්‍ය නායකයා වී‍මේ වුවමනාව ඒ මහතාට යුධ ජයග්‍රහණය ලැබීමට පෙරම පැවතීදැයි අප නොදනිමු. යුධ ජය ලැබීමට පෙරම රූපවාහිනියේ බාලාංශ දරුවකු ‍ලෙස නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ මහතාට ඇනුම්පද කීමට ඒ මහතා ක්‍රියා කළේ ඇයිදැයි අපට එකල සිතාගත ‍නොහැකි විය. ඒ ගැටුම දිගින් දිගටම ඇදගෙන යාමෙන් වැළකීම ගැන අප වසන්ත කරන්නා‍ගොඩ මහතාට ස්තුතිවන්ත ‍වෙමු. ‍ කෙ‍සේ වුවත් එකලද සරත් ෆොන්සේකා මහතා යුධ ජයග්‍රහණයේ තනි හිමිකාරිත්වය අයිති කර ගැනීමට එලෙස ක්‍රියා කළේ අනාගතයේ රාජ්‍ය බලය ලබා ගැනීමේ යටි අදහසින් බව දැන් පැහැදිලිය. සරත් ‍ෆොන්‍ ‍සේකා මහතා‍ගේ බලතල අඩු කිරීම පිළිබදව ‍බො‍හෝ ‍දෙනා ‍චෝදනා කළත් එ‍සේ කිරීමට ආණ්ඩුවට සාධාරණ ‍හේතු තිබිණිදැයි අපි ‍‍නොදනිමු. ඒ පිළිබදව හරියටම නිගමනයකට එළඹීමට ජඩමාධ්‍යවල පළවන අදහස් සහ ඕපාදූප පමණක් ‍‍ප්‍රමාණවත් ‍නොවේ.
     

    Wal Bada

    Well-known member
  • සරත් ‍ෆොන්‍ ‍සේකා මහතාට සහය දක්වන සිංහල ජනතාව අතර තම ‍දේශපාලන පක්ෂය ආගමක් ‍සේ අදහන එජාප සහ ජවි‍පෙ පිරස් ‍වෙති. ඊට අමතරව සිංහල ජාතිකවාදීහු (ජාතිවාදීන් ‍නොවේ) පිරිසක්ද ඒ අතර ‍වෙයි.

    ‍මේ පිරිස ‍එල්ටීටීඊයට ‍හෝ ‍දෙමළ ජාතිවාදයට විරුද්ධ වුවද, ඔවුන් පිටුපස සිටින්නේ බටහිරයන් බව පිළි ගැනීමට මැළි ‍වෙති (කරුණු සහිතව පෙන්වූ විට පවා). ඒ පිළි ගත්තත් ඔවුහු ‍බො‍හෝ විට බටහිර අධිරාජ්‍යවාද‍යේ ‍දේශපාලන ‍හෝ ආර්ථික සංඝටක හැර (ඒවාද ඔවුන් දකින්‍ ‍නේ බටහිර මතවාද වන මාක්ස්වාදය ‍‍‍‍හෝ ඊනියා පශ්චාත් නූතනවාදය ඇසුරිනි), සංස්කෘතික අධිරාජ්‍යවාදයක් (වි‍ශේෂ‍යෙන්ම බටහිර දැනුම් යටත්විජිතවාදයක්) ඇතැයි පිළි ‍නොගනිති. සිංහල ජාතිකවාදීහුද අවසාන‍යේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව‍යේ දරු‍වෝ වෙති. කලක් සිංහල ජාතිකවාදයකු වූ සරත් ‍ෆොන්සේකා මහතාට එවැනිම සිංහල ජාතිකවාදීහු පිරිසක් සහ‍යෝගය දීමද, සිංහල ‍බෞද්ධ මතවාදයක කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව බටහිරයන් සරත් ‍ෆොන්සේකා මහතාට සහයෝගය දීමද අහඹු සිද්ධීන් ‍නො‍වේ.


    එ‍සේම අපට පෙ‍නෙන තවත් කාරණාවක් වන්‍ ‍නේ මධ්‍යම පාන්තික (බටහිර දැනුම ලබාගත්) උගතුන් (බුද්ධිමතුන් ‍නො‍වේ) සරත් ‍ෆොන්‍ ‍සේකා මහතාට සහය දැක්වීමය. ඒ අතර ගැමි ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වති. මීට ‍හේතුව කුමක්ද? ගැමි ජනතාවට වඩා නාගරික මධ්‍යම පාන්තිකයන් දූෂණ වැළැක්වීම ගැන උනන්දු වීමද? අප සිතන පරිදි මීට ‍හේතුව නාගරික මධ්‍යම පාන්තික ජනතාව වඩ වඩාත් බටහිර දැනුම ලබා ගැනීම (එයද අනුකරණයකි) සමග සිංහල ‍බෞද්ධ සංස්කෘති‍යෙන් ඔවුන් කැඩී ‍වෙන් වීමය. ඔවුන්ට යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සම්පූර්ණ‍යෙන් ඇතුල් වීමටද ‍නොහැකි නමුදු අඩුම තර‍මේ එය අනුකරණය කිරීමට ඔවුහු රිසි ‍වෙති. එහිදී එබදුම අනුකාරකයකු වන සරත් ‍ෆොන්‍ සේකා මහතාට (සම්භාෂණ වලදී ‘ඔලුව නිදහස් කර ගැනීමට’ මත්පැන් බීම අනුකාරකයන්‍ ගේ ලක්ෂණයක් ‍වෙයි) සිංහල ‍බෞද්ධ ප්‍රතිරූපයක් ‍ගොඩ නගා ‍‍‍ගෙන සිටින මහින්ද රාජපක්ෂ මහතාට වඩා ඔවුහු ආකර්ෂණය ‍වෙති. වත්මන් ආණ්ඩු‍වේ දූෂණ සහ අනිකුත් වැරදි ඔවුන්ට සරත් ‍ෆොන්‍ සේකා මහතාට සහය දීමට ‍හොද නිදහසට කරුණු ‍වෙයි. ආණ්ඩු‍වේ එම දුර්වලතා ‍නොතිබුනත් ඔවුහු සරත් ෆොන්‍ සේකා මහතාට සහය ‍දෙනු ඇත. ඒ ඔවු‍නොවුන් අතර ඇති අවිඥාණික සංස්කෘතික බැම්ම ‍හේතුවෙනි. ඔවුන් තුළ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ඇත්තේ දැඩි සංස්කෘතික වෛරයකි.


    සරත් ෆොන්‍ සේකා මහතාගේ ආගමන‍යෙන් ජාතික බල‍වේග වල ‍බෙදීමක් ‍වෙතැයි අප ‍නොසිතමු. මුලදී එබදු තත්වයක් තිබූ නමුත් දැන් දැන් ජාතික බලවේග ඒ මහතා තනි කරමින් සිටී. ඉදිරි‍යේදී ‍මේ තත්වය තවත් වැඩි වනු ඇත. අවසාන‍යේ ඒ මහතා වටා ඉතිරි වන්‍ ‍නේ දැඩි එජාප, ජවි‍පෙ පාක්ෂිකයන් සහ ඉහත දැක්වූ ‍දෙවර්ගයට අයත් ව්‍යාජ ජාති හි‍‍තෛශීන්ය. ඔවුන් ව්‍යාජ ජාති හි‍තෛශීන් වන්‍ ‍නේ මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ‍නො‍දෙන නිසා ‍නොව ‍දෙමළ ත්‍රස්තවාදයට, ‍බෙදුම්වාදයට සහ ජාතිවාදයට මතුපිටින් විරුද්ධ ‍වෙමින් ඒ ‍මෙ‍හෙයවන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයටම වන්දිභට්ටකම් කරන නිසාය. බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික (දැනුමද ඇතුළුව) යටත්විජිතවාදය සාධාරණීකරණය කරන නිසාය. එම ව්‍යාජ ජාති හි‍තෛශීන් හදුනාගැනීමට හැකි වීම සරත් ‍ෆොන්සේකා මහතා‍ගේ ආගමන‍යෙන් සිදුවූ එක ‍හොදක් ‍වෙයි.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • එසේම සරත් ‍ෆොන්සේකා මහතා කුමක් කීවත් ඔහුට ‍දෙමළ සහ මුස්ලිම් ජනතාව ආකර්ෂණය කර ගැනීම අසීරු වෙයි. වෙනත් කිසිදු මැතිවරණ‍‍යකදී නොසිදු වූ පරිදි කම්කරු කොන්ග්‍රසය කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත් වීමෙන් මේ බව තහවුරු වෙයි. එබැවින් ‍මේ අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරනු ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතුළු රට පුරා ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ජනතාව ආකර්ෂණය කර ගැනීමටය. එය සිංහල ජාතියට දෙමළ සහ මුස්ලිම් ජනවර්ග එක් කර‍ගෙන ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීමේ තීරණාත්මක පියවරක් බවට පත් කර ගැනීම ඒ මහතාට බාරය. එයද සරත් ෆොන්සේකා මහතාගේ ආගමනයෙන් සිදුවන තවත් හොදකි. එසේම තම දෙවන පාලන කාලය තුළදීවත් දූෂණයට, වංචාවට වැට බැදීමටද, ඤාති සංග්‍රහය අඩු කිරීමටද ඒ මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත යුතු වෙයි.


    මේ ‍බොහෝ පටලවාගැනීම්වලට හේතුව අපි බොහෝ විට සංයුක්තව සිතීමය (concrete thinking). එය අ‍පේ සංස්කෘති‍යේ ලක්ෂණයක් වෙයි. එහෙත් අප යම් ප්‍රමාණයකට වියුක්තව සිතීමටද උත්සාහ ගත යුතුය (abstract thinking). අප ඡන්දය දෙන්නේ මර්වින් සිල්වා ගැන සිතා ‍හෝ මිහින් ලංකා ගැන සිතා නම් එතැන ඇත්තේ සංයුක්තව සිතීමකි (‍ පොදු සාමාන්‍යකරණයකට - generalization - වඩා ඒ ඒ සිද්ධි ‍දෙස බැලීම). එ‍සේම මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන පුද්ගලයන් ‍දෙ‍දෙනා ‍දෙස පමණක් සංයුක්තව බැලීමට වඩා ඒ දෙ‍දෙනා වටා ඇති සමස්තය දෙස බැලීමටද අවශ්‍ය ‍වේ. වියුක්තය සමග සමස්තයද දැකිය හැකිනම් අපට වඩාත් පුළුල්ව සිතී‍මේ හැකියාව ලැබේ. බටහිරයන්ට ‍බොහෝ විට අප ඉක්මවා සිතීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන් මෙසේ ව්යුක්තව සිතන බැවිනි. එහෙත් ඔවුන්ද ‍බො‍හෝ විට සමස්තය ‍නොසලකා හරිති. ඔවුන් ‍බො‍හෝ විට කරන්‍‍‍ ‍නේ විශ්‍ ‍ලේෂණය මිස සංස්‍ ‍ලේෂණය නො‍වේ. සමස්තය සලකා බැලීම අ‍පේ සංස්කෘති‍යේ ඇත. එබැවින් වියුක්තය සමග සමස්තයද එක් කර ගත ‍හොත් අපට බටහිරයන්ද ඉක්මවා සිතිය හැකිය.


    එසේම අප ‍’දේශපාලන පක්ෂය’ යන බටහිර සංකල්පය තවමත් හරි හැටි අ‍පේ සංස්කෘතියට අවශෝෂණය කර ‍‍ගෙන නැත. අප ‍බොහෝ ‍දෙ‍නෙකුට පක්ෂය ‘අ‍පේ පක්ෂය’ ‍වෙයි. (එතැනද ඇත්තේ සංයුක්තව සිතීමකි). එබැවින්‍ බොහෝ දෙනෙකුට තම පක්ෂය මැ‍රෙන තුරුම අදහන ආගමක් වැනි වෙයි (‘අපි මැරුනත් ඡන්දය දෙන්නේ අහවල් පක්ෂයට’ වැනි යෙදුම් අපි අසා ඇත්තෙමු). බටහිරයන්ට ‍දේශපාලන පක්ෂය වියුක්ත සංකල්පයක් ‍වෙයි. ඔවුන්ට පක්ෂ ‘අපේ’ පක්ෂ ‍නොවේ. ඔවුන්ගේ රටවල ඇති මැතිවරණවලදී පක්ෂවල ප්‍රතිපත්ති සසදා බලා ඡන්දය දීමට ඔවුන්ට ඒ නිසා හැකි වෙයි. එහෙත් අප ඡන්දය දෙනුයේ ‘අපේ පක්ෂය’ දිනවීමට ‍හෝ ‘අනිත් එකා‍ගේ පක්ෂය’ පැරදවීමට මිස පක්ෂවල හෝ පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති හෝ ඔවුන් පත්වීමෙන් පසු ඇතිවන තත්වය සිතා බලා ‍‍නොවේ. (යම් තරමකට හෝ එ‍සේ සිතන පුද්ගලයන් ඇත්නම් ඔවුහු වියුක්තව සිතීමේ හැකියාව ඇත්තවුන්ය).
     

    Wal Bada

    Well-known member
  • මෙබදු කරුණු නිසා බටහිරයන්ගේ බහු පක්ෂ ක්‍රමය භාවිතයෙන් අපව ඕනෑ අයුරකට නැටවීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. එබැවින් ‍මේ සියල්ල පිළිබද අලු‍තෙන් සිතා බැලීමටද, බටහිරයන්ගේ ක්‍රම‍වේද, මතවාද හා දැනුම ‍ගෙඩි පිටින් අනුකරණය කරනු වෙනුවට හැකි අයුරින් ඒවා අපේ සංස්කෘතියට අව‍ශෝෂණය කිරීමටද, එසේ ‍නොහැකි අවස්ථාවලදී අපේ සංස්කෘතිය මත පදනම්ව නව දැනුම හා ක්‍රමවේදයන් නිර්මාණය කිරීමටද අප උත්සුක විය යුතුය. මෙබදු තර්ජන හා කුමණ්ත්‍රණවලින් අනාගතයේදී ද ගැලවීමටනම් එබදු දීර්ඝ කාලීන වැඩපිළිවලකට අප විසින් අනිවාර්යයෙන්ම එළඹිය යුතුය. ‍


    මෙරට විශ්ව විද්‍යාලවල බටහිර දේශපාලන විද්‍යාව හදාරන්නන් සහ උගන්වන්නන් සියල්ලන්ම පාහේ යෙදී සිටින්නේ බටහිර මතවාද සහ ක්‍රමවේදයන් පුනරුච්චාරණය කිරී‍‍‍මේ සහ ඒවා ‍මෙරට සන්දර්භයට (context) ආදේශ (apply) කිරී‍මෙහිය (අනෙකුත් ක්‍ෂේත්‍රවලද තත්වය මෙය වෙයි). ඒ කිහිප දෙනෙකු හෝ ඉන් ඔබ්බට ‍ගොස් බටහිර ‍දේශපාලන න්‍යායන් සහ ක්‍රම‍වේදයන් අපේ සංස්කෘතියට අව‍ශෝෂණය කිරීමට සහ අපේ සංස්කෘතිය මත පදනම්ව නව න්‍යායන්, මතවාද සහ ක්‍රමවේදයන් නිර්මාණය කිරීමට ‍පෙරමුණ ගනු ඇතැයි අපේ ප්‍රාර්ථනය වෙයි.


    බොහෝ විට සිදු විය හැකි පරිදි සරත් ෆොන්සේකා මහතා පරාජය වුව‍හොත් ඔහුට අත්වන ඉරණම කුමක්ද? සරත් ‍ෆොන්සේකා මහතා ජයග්‍රහණය කිරීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවයකි. (එ‍හෙත් මනුෂ්‍ය ලෝකයේ ඉතා අඩු සම්භාවිතාවක් ඇති දේද ඉඳහිට සිදුවේ. මනුෂ්‍ය ආත්ම භවයක් ලබා ගැනීම කණ කැස්බා විය සිදුරෙන් අහස බැලීමක් බදු වන නමුදු අප සියල්ලෝම මනුෂ්‍යයන් ලෙස ඉපදී සිටිමු. මීට වසර 4කට ‍පෙර එල්ටීටීඊය සමූල ඝාතනය වේයැයි සිතු‍වෝ කවරහුද?)


    ඒ මහතා පරාජය වුව‍හොත් පසුගිය ඉරාන ජනාධිපතිවරණයේදී සිදු වූවාක් මෙන් ඒ ප්‍රතිඵලයට විරුද්ධව උද්ඝෝෂණ, ‍
    පෙළපාලි සහ වැඩ වර්ජන කෙරෙනු ඇත. (ඇත්ත වශයෙන්ම SF ‍මෙහෙයුම පසුගිය ඉරාන ජනාධිපතිවරණයට බොහෝ සමාන ‍වේ. එහිදීද බටහිරයන්‍‍ ගේ ආශිර්වාදය පිට විපක්ෂයෙන් ඉදිරිපත් වූ‍යේ ජාතිකත්ව‍යේ සළු පිළි හැද ගත් එ‍හෙත් හරයෙන් විජාතික මතවාද නියෝජනය කරන පුද්ගලයෙකි). මේ උද්‍‍ ඝෝෂණවලින් අවසාන ප්‍රතිඵලය වෙනස් කළ නොහැකි වුවත් හුදෙක් රට අස්ථාවර කිරීම ඒවා‍යේ අරමුණ වනු ඇත. ඉන් පසුව ඇත්ත වශයෙන්ම සරත් ‍ෆොන්සේකා මහතා‍ගෙන් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒ මහතාගේ රජයට කළ හැකි බලපෑමක් නැත. ඒ මහතා ‍මෙරට ජීවත් වුවහොත් විජාතික බල‍වේග ඒ මහතාගෙන් ඊට පසු ගත හැකි එකම ප්‍රයෝජනය ගනු ඇත. එනම් ඒ මහතා ඝාතනය කර එහි වගකීම රජය පිට පටවා රජයට විරුද්ධව ජනමතයක් ඇති කිරීමට උත්සාහ කිරීමය (ජානක පෙරේරා සිද්ධිය මෙන්). ‍එ‍සේ ‍නොවුනහොත් බො‍‍හෝ විට සිදුවිය හැකි පරිදි ඒ මහතා ඇ.එ. ජනපදයට සංක්‍රමණය වනු ඇත. එහිදීද ඒ මහතාව භාවිතා කෙ‍රෙනු ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සහ ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඊනියා යුධ අපරාධ ‍චෝදනා ‍ගෙන ඒමට ඉත්තකු ලෙසය. ‍


    මේ කොයි ‍දේ වුනත් ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ඒ මහතාගේ අනාගතය ඉතාමත් අභාග්‍ය සම්පන්න වෙයි. අද ඒ මහතා වටා සිටිමින් ඒ මහතාව උසි ගන්වන පිරිස් එදිනට ඔහුව අතහැර දමනු ඇත. ඒ මහතාට සිදු වන්නේ බටහිර ක්‍රිස්තියාන නූතනත්වයේ ඉත්තකු ලෙස අපකීර්තිමත්ව තම ජීවිතයේ ඉතිරි කාලය ‍ගෙවා දැමීමටය. එවිට කීර්තිමත් යුධ ‍සෙන්පතියකුගේ සිට අපකීර්තිමත් ඉත්තකුට සහ ගැත්‍ ‍තෙකුට රූපාන්තරණය වීම පිළිබදව ‍‍තමාටම දොස් පවරා ගැනීම හැ‍‍රෙන්නට ඒ මහතාට කළ හැකි අන් කිසිවක් නැති වනු ඇත.


    අවසාන වශයෙන් කීමට ඇත්තේ වංචාව, දූෂණය ‍‍හෝ ඤාති සංග්‍රහය වැළැක්වීමට යැයි කියා සරත් ‍ෆොන්සේකා මහතා ජනාධිපති ධූරයට පත් කර ගැනීම නම් ඉඟුරු දී සයනයිඩ් ගැනීමක් වන බවය.