මං මොනව ලියන්නද කියල ගොඩාක් හිතුවා..ඒකයි මෙච්චර පරක්කු වුනේ ලියන්න....
මං මේ හූයට මුලින්ම එනකොට සුන්දර බෝනික්කියක් හිටියා..එයාගෙ පුංචි හිත එයාගෙ හීන ගැන කියපු තෙපලපු හැම දේම එයා කවියට නැගුවා..මම ඈතින් ඉඳන් බලා හිටියා...කියවලා ගොඩක් රස වින්ඳා....
පුංචි ඉවක් මට තිබුනා මේ බෝනික්කි තවත් නිකන්ම නිකන් සෙල්ලම් කරන්නම ඉපැදුනු බෝනික්කියක් නෙවෙයි කියල...කාලයාගේ ඇවෑමෙන් හීන ලෝකය කෙමෙන් ඉලක්ක බවට පෙරලුනා...නිකන්ම නිකන් ඉලක්ක නෙවෙයි..යන්නට ලං වෙන්නට අපිට හිතන්නවත් බැරි ඉලක්ක..හැබැයි තියා ගත්තු ඉලක්කවල මනා සැලසුමක් පේන්න තිබුනා..ආවට ගියාට අපි තියාගන්න ඉලක්ක වගේ නෙවෙයි..
මොකද අපි ගොඩාක් දුරට තියා ගන්නේ බලාපොරොත්තුනේ..බලාපොරොත්තු කියන්නෙ ඉටුවෙනකම් අපි බලා ඉන්න දේවල්නේ..නමුත් ඉලක්ක බලාපොරොත්තුවලින් එහාට ඔබ්බට ගිය එකක්..ඒකට මනා සැලසුමක් ඕනෙ..නිශ්චිත කාල පරාසයක් තුල එය ගොඩ නැගිය යුතුයි ඒ වගේම බොහෝ සතස අභ්‍යාසයන් හා කැපකිරීම් ඕනෙ වෙනවා එතැනට සමීප වෙන්න.. ඒ ඔක්කොම මේ බෝනික්කී ගාව නොඅඩුව තිබුනා..
කෙමෙන් කෙමෙන් සිඟිති බෝනික්කී මනසින් මුහුකුරා වැඩුනු... සමාජ පන්නරය ලැබූ පුංචි විප්ලවකාරියක් වුනා..
දැන් ඇය විප්ලවයේ අවසන් කොටසට ඇවිත්..තව ටික දුරයි මහගිරිදඹේ නගින්න තියෙන්නේ..
ජනතාව එකහෙලා ඔබ සමඟ..ඉතින් කුමක් තව හිතන්නද..අනිත් අයට ලබා ගන්න දිනා ගන්න බැරි ජනතා ගංඟාවක් ඔබ හා නොනැවතී ඔබේ නොසිඳෙන ශක්තියත් එක්ක එකට ගලන්නට සැදී පැහැදී බලා ඉන්නවා..
දැන් තියෙන්නේ ඒ ජනතා අපේක්ෂා මුදුන් පත් කරවීමට සටනේ බැරෑරුම්ම කොටස තිර අධිෂ්ඨානයෙන් හා ඔබ තුල හැමදා තිබුන හා දැනටත් තියෙන යෝධ ශක්තියෙන් ජය ගැනීමයි...
එයට සහාය දෙන්න සටනේ ඉදිරියෙන්ම ඉන්න අභීත කස්ස සෙන්පතියගෙන් ලැබෙන අපරිමිත සෙනෙහස් යුධ උපක්‍රම සහාය මං බොහෝ අගය කරනවා..
විගහට සටන ඉවර කරනවාට වඩා කල් අරගෙන හොඳින් සටන ඉවර කරන්න..අපි එතකොට එය සමරා ජය පැන් බොමු..
මගේ පුංචි විප්ලවකාරියේ එහෙනම් ඔබ සටන දිනා කස්ස සෙන්පතියා සමඟ අප අතරට නැවත එන දිනය උදාවෙන තුරු දැස් දල්වා මං මග බලා හිඳින්නම්..
ඔබේ ජීවිත සටනට දළදා සමිඳු පිහිට ආරක්ෂාව.......
මං දැනට නවතින්නම්....