~ කලාකරුවාගේ මරණය ~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
~ කලාකරුවාගේ මරණය ~

KalakaruwageMaranaya.jpg

 

nwnbs

Member
හ්ම්ම්ම්... අපිට එදා හිටපු ගොඩක් වටින කලාකරුවන්ට වගේම දැන් ඉන්න ඇතැම් කලාකරුවන්ටත් මුහුණපාන්න සිදුවෙලා තියෙන අවාසනාවන්ත තත්වයක්...:(
නංගිය අපූරුවට ලියල තියෙනව. ගොඩක් හොඳ කවක් නංගා... :D

(මම අහන්න කියල හැදුව විතරයි ඔයාගෙන් අළුත් නිර්මාණ නැද්ද කියල...:))
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ්ම්ම්ම්... අපිට එදා හිටපු ගොඩක් වටින කලාකරුවන්ට වගේම දැන් ඉන්න ඇතැම් කලාකරුවන්ටත් මුහුණපාන්න සිදුවෙලා තියෙන අවාසනාවන්ත තත්වයක්...:(
නංගිය අපූරුවට ලියල තියෙනව. ගොඩක් හොඳ කවක් නංගා... :D

(මම අහන්න කියල හැදුව විතරයි ඔයාගෙන් අළුත් නිර්මාණ නැද්ද කියල...:))
බොහොම ස්තුතියි නුවන් අයියගෙ දිරිගැන්වීමට
හුඟ දවසකින් නිර්මාණයක් කලේ
 
  • Like
Reactions: DiLakshika

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්ත ලියන එක නැවැත්වීමත්... පන්හිඳ වැන්දඹු කිරීමත් අවාසනාවකට වගේ ජිවිතයට වරින්වර විවිධ වේශයෙන් ගලා එන දුක්ඛ දෝමනස්සයන් හා ගලපා ගැනීම සඳහා ක්ෂනිකව ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් පාවා දීම් කල කලාකරුවෝ සාහිත්‍යධරයෝ හිටපු හා අදටත් ඉන්න සමාජයක ඇතුල් පැත්ත මෙසේ එලි දැක්වීම හා දැනුවත් කිරීම පිලිබඳ ඔබට මගේ ආචාරය...

කලාකරුවන්ගේ නිදහස් සිතුවිලි දහරාවට බලෙන් වැට කඩොලු බඳින තාක් කල් හා ඔවුන්ව ජීවත් කරන්නට හා රැක ගන්නට රාජ්‍ය අනුග්‍රහය මත ගොඩ නැගුනු නිසි ක්‍රියා මාර්ගයක්, පිලිවෙතක් හෝ වැඩපිලිවෙලක් නැති තාක් කල් ඔය ක්‍රියාදාමය ඔය විදිහටම සැමදා සිදුවෙන බව ඒකාන්තයි..

ගොඩක් කාලෙකට පස්සේ අපුරු නිර්මානයකින් කල එලි බැසීම ගැන සතුටුයි..

යතාර්ථය හා බැඳුනු කාලෝචිත නිර්මානයක්..දිගටම ලියන්න..ඔබට ජය..
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම කලාකාරයෝ අපිට ජීවිතය විදවන්න නෙවෙයි විදින්නයි තියෙන්නෙ කියලා කිව්වට බොහෝ සැබෑ කලාකරුවෝ ජීවිතය විදවනවා. ඔවුන්ට මානසික තෘප්තිය තිබුනත් අතේ සල්ලි නැහැ. ඒ අපේ සමාජයේ සබෑ කලා නිර්මාණවලට තියෙන අඩු තැන හින්දා...

    ඒ හින්දා බොහෝ කලාකරුවන් තමන් තුල ඉන්න කලාකාරයා මරා දාලා බිස්නස් කාරයෙක් බවට පත්වෙනවා. ඒ දේ කරන්න වීම ගැන ඒ අය හිත ඇතුලෙන් දුක් වෙනවා. නමුත් ඒ අයට වෙන විකල්පයක් නැහැ...

    අලුත් පාරක ගිය නිර්මාණයක් සහෝදරී...