පද පේලි .....

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්.......

සැඳෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැඟෙන ඝනඳුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බිඳෙයි ඉවසිලි...

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ....

චිත්‍රපටය: බක්මහ දීගේ
ගේය පද: මහා නාට්‍යකරු දයානන්ද ගුණවර්ධන
සංගීතය: සෝමදාස ඇල්විටිගල
ගායනය: පණ්ඩිත් අමරදේව
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
වන මල් කැකුලිය සොයා වඩින්නේ
වන මල් කැකුලිය කුමට සොයන්නේ
ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ....

සැඟවුනු රස මදිරා තුඩ ගාවා
පෙම් මකරන්දය මුලූ වත නාවා
බමර කුසුම් හදවත් යුග යාවා
දෙමිය පියුම් ලොව හැම රස පාවා....

අන් මලකට මකරන්දය ගාවා
ඔබෙන් ගෙනා බව මලට නොකීවා
අප පෙම එමලින් මල් පලදේවා
ලස්සන ලස්සන මල් සුපිපේවා....

බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
මලක් නොලත් ගස නැහැ පලදෙන්නේ
මලත් ගසත් නැති ලොව කොයි වැන්නේ
මෙත් ගුණ නැති රළු කතරක් වැන්නේ.....


ගේය පද: ගාමිණි පොන්සේකා
චිත්‍රපටය: සරුංගලේ
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: පණ්ඩිත් අමරදේව සමග නන්දා මාලිනී
 
Last edited:

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුනේ

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇහුරුතුමියයි යෞවනේ //

    සෝකයේ රුදු වේදනාවෙන්
    කඳුළු සයුරේ උල්පතයි

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුනේ

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ //

    සොම්නසේ ආනන්දයේ
    හසරැල් තරංගේ උල්පතයි

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුනේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කව්දැයි කව්දැයි රණ්ඩු කරන්නේ
    නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ
    මොකටද මොකටද රණ්ඩු කරන්නේ
    වැඩකට නැතිවලු ගහ බැණ ගන්නේ

    මාමා වලස් මාමා
    නැන්දා වලස් නැන්දා
     
    • Like
    Reactions: cmanimations

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චංචල ළපලු සෙවණේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    ..............................
    ...........................
    ..................
    I find her standing in front of the church
    the only place in town where I didn't search
    She looks so happy in her weddingdress
    but she's crying while she's saying this

    Boy I've missed your kisses all the time but this is
    twentyfive minutes too late
    Though you travelled so far boy I'm sorry your are
    twentyfive minutes too late

    :(:(:(:(

    MLTR 25 minutes
     
    Last edited:
    • Like
    Reactions: cmanimations

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වළාකුලක් ගෙන මුවා කරමු හිරු
    ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ
    රත්වුනු වැලි කැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ.....

    වතුර මලෙන් නා දොල අමතක කර
    දූලි හුලං විඳ වෙල අමතක කර
    විදුලි පහන් මැද සඳ අමතක කර
    දෙපා අභියසට ගමු අපි සුරපුර..........

    නගර දනව් මැද සුවිසල් මන්දිර
    අතර උපන් රට නොරටුන් ලංකර
    පඳූරු පතොක් කටු අතගා උල්කර
    විනෝද වෙමු අපි ලේ මස් දියකර.......

    චිත්‍රපටය: සහරාවේ සිහිනය
    ගායනය: විජය කුමාරණතුංඟ
    සංගීතය: රෝහණ වීරසිංහ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එපා බලන්නට සැකයෙන් මා දෙස,
    මා සිත එක්ටැම් ගෙයක් නොවේ
    ගී රස වෑහෙන කැටපත් පවුරකි”
    මිහිරි හඬින් කිව මැනවි ඔබේ

    සුරා බඳුන් ලඟ නුරා රැගුම් දැක,
    ඔබ කිරි දරුවකු සේ
    ඔබේ සුසුම මට පමණයි දැනුනේ,
    නිහඬ හැඬුම මට පමණයි ඇසුනේ

    ලස්සන නොදකින හිස් මිනිසුන් මැද,
    ඔබ පුන් කලසක් සේ
    නිවා තැවුල යලි හමුවිය යුතු වේ,
    එදා ලොවම මට රස උල්පත වේ



    ලතා දිසානායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
    පාවඩ පළස ඉරා
    සිඳු ළද ගෙන දුන් මුතු කැකුළක්සේ
    ඔබ මට තිළින වෙලා
     
    • Like
    Reactions: cmanimations

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුක හාදු දෙන රැයේ
    හිත පතුලටම වෙලා
    යවුවනේ අකට විය විරහී
    හද ගිලන් වෙලා...

    ගහ කොලද මල් පිපේ
    ඇල දොල නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ
    ඒ රුවට රැවටුනේ....

    නන්නාඳුනන ලෙසේ
    මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි
    යමු දුරස් වෙලා......

    ගේය පද: වසන්ත බණ්ඩාර දිසානායක
    සංගීතය හා ගායනය: විශාරද ගුණදාස කපුගේ
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මා හදෙහී සෙවනැල්ලකි
    යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...

    ලිං තොට ගං තොට ආදි තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවුවා
    සෙනෙහස් අරුණළු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා.....

    දැහැනකි ඔබ මගෙ හදවත බන්ධන
    සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්ඳන
    දිනයක් එළැඹෙනු ඇත මන නන්දන
    අසුමිය මල් මත සිරිකත කැන්දන......

    ගී පද හා සංගීතය: සෝමතිලක ජයමහ
    ගායනය: සෝමතිලක ජයමහ හා පුණ්‍යා කත්‍රිආරච්චි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්.....

    පමාවෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා යයි...

    අවුල් දුහුල්වල සිහිල් පහස වැද
    නංවන රංඟන නොනවත්වනු මැන
    ඒ ගී හඬ මුලු ජීවිතයම සතු
    රසබර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි...

    ගේය පද: මහගම සේකර
    චිත්‍රපටය: වෙස්ගත්තෝ
    සංගිතය: සෝමදාස ඇල්විටිගල
    ගායනය: වික්ටර් රත්නායක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
    කාටවත් නෙමේ නඟාටයි මේ ආ නංගෝ
    පොඩිකලේ වාගේ අපි
    ඔන්න ඔට්ටුයි කියාල හැංඟි මුත්තා සොයලා
    හැංඟමුදෝ අයියේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
    කාටවත් නෙමේ නඟාටයි මේ ආ නංගෝ
    පොඩිකලේ වාගේ අපි
    ඔන්න ඔට්ටුයි කියාල හැංඟි මුත්තා සොයලා
    හැංඟමුදෝ අයියේ
    :D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මිණි මිණි පොද වැටේවි
    මල් මිණි දැදිරි දේවි
    ඔබ එනවා නම්
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්.....

    ලා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින්
    රන්තරු මාල බැඳන් රන්වන් අහසින්
    අද හොඳම දවස
    අද හොඳම දවස ඔබ එනවා නම්.....

    බිම් කලුවර ඈතින් ඉරෙන්නට කලින්
    සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
    අද හොඳම දවස
    අද හොඳම දවස ඔබ එනවා නම්....

    ගේය පද: රත්න ශ්‍රි විජේසිංහ
    ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉල් මාසේ ..
    ඉල් මාසේ නිල් වැස්සට
    ඉඳලොලු පිපිලා
    ඉරිඟු කරල් හේනෙ ඉඳන් මට අත වැනුවා
    එන්නට බෑ බණ්ඩාරේ
    එන්නට බෑ බණ්ඩාරෙ මට දුක හිතුණා

    කඩුළු තහංචි කරලා
    වරිග සභාව තියලා
    මට ගෙයින් දොරට බහින්න තහනම්
    මගෙ ඇස් දෙකටත් අඩන්න තහනම්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හෙවණැලි ද ඉකි බිඳී ගණ අඳුරේ
    ගහකොළ ද පණ අදී බිම වැතිරී
    අභය ඉල්ලා යදින්නී ඈ
    ආලයේ නාමෙන්

    ගිරි හිසින් උදා වූ මධු සඳ බැස යයි
    වන හිසින් නැගී ආ පිළි රැවු වියැකෙයි
    මුණින් තලාවේ සුධවල යහනත
    තැවෙන්නී ඈ.. ආලයේ නාමෙන්

    කුළුඳුලේ පිපී ආ මධු මල මැලැවෙයි
    දොළ දිගේ ගලා ආ දිය වැල බොරවෙයි
    පිදූ පාපයෙන් හද සැලමුතු පෙම
    තැවෙන්නී ඈ.. ආලයේ නාමෙන්
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පායන් රන් සඳ පෙරගිරි මුදුනින්
    නැග එන පාළුව මකා දමා
    කොතෙක් වෙලා මම බලා සිටින්න ද
    ඔබ එනතුරු හිස් දෙනෙත යොමා

    ඈත එපිට සිට යුගයෙන් යුගයට
    ප්‍රේමාතුරයන් හෙලූ කඳුළු කැට
    එකතු වෙලා දෝ ගලා හැලෙන මේ
    මහ වරුසා මැවුනේ
     
    Status
    Not open for further replies.