පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ මඬලක් බැස ගියාට සඳ එළියට දොස් කියන්නෙ නෑ
    පිණි කඳුළක් වියෙකුණාට හිරු කැල්මට දොස් කියන්නෙ නෑ
    මල් යායක් හැර ගියාට ඹබර තුඩට දොස් කියන්නෙ නෑ
    මං හැරදා නුඹ ගියාට නුඹේ පෙමට දොස් කියන්නෙ නෑ

    මලක් නැති ගසට නුඹ තනි මලක් වුණා
    පිපාසිත සිතට නුඹ පැන් පොදක් වුණා
    අඳුර පිරි නෙතට නුඹ එළිවැටක් වුණා
    තනිව සිටි මසිත නුඹ පෙම් සිතක් කළා

    සඳ මඬලක් බැස ගියාට .................

    පිපුණු තනි මල ම අද පර මලක් වුණා
    සිහිල් පැණ් තොට ම දිය සිඳි තොටක් වුණා
    පහන් එළි වැට ම අඳුරට හාද වුණා
    මතක පෙම් සුවඳ නුඹ මට ඉතිරි කළා

    සඳ මඬලක් බැස ගියාට .................



    ගායනය :- නිශාන්ත නානයක්කාර
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    චේතනා පරිශුද්ධ වුවත් පෙම් සටන් පරදී
    අසාධාරණ හැඟුම් කැටිවුන
    කුරිරු මිනිසුන් වෙසෙන ලොව තුල....

    ආලයට මග වැටී ඇත්තේ මල්විමන් අතරින් නොවේ

    පෙමවතුන් යන මං පෙතක් මැද මල් පිපී තිබුනේද කිසි දින....

    ආලයට දිවි පිදූවන් මිස ආලයෙන් ජය ලැබූ අය නැත

    කඳුලකින් තොර පෙම් කථාවක
    සටහනක් හමුවේද කොතැනක.....

    ගේය පද: සුනිල් ආරියරත්න

    සංගිතය හා ගායනය: සනත් නන්දසිරි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අඳුර බිඳින්නට රැයක් දවාලූ ලන්තෑරුම් නිවලා
    තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනැවිල්ලා......

    මතකය නම් වූ මලපොත පෙරලා

    මල ගිය ඊයේ සිහිපත් කල මැන
    පැතු පැතුම් අත් මිට මොලවාගත්
    දෑතේ දසැඟිලි දිග හැර ලනු මැන
    එහි මොනවද ඇත්තේ
    කිසිත් නැත හිස් බවකිය ඇත්තේ.......

    සමුදුරු ගීතය දෙරණ තලා මැද

    යෞවන විය පියවර තබනා සඳ
    හිස් වන පද විත සපුරා ගන්නට
    මියැසි විරාමය යලි පැමිණී ඇත
    කරුමෙකි පවතින්නේ එපමණයි පිළිසරණය වන්නේ....


    සංගීතය: සෝමදාස ඇල්විටිගල

    චිත්‍රපටය: වෙස්ගත්තෝ
    ගායනය: වික්ටර් රත්නායක
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    mama me sinduwa kawadawath ahala naane Ron ayye,kawuruhari laga tiyenawada me sinduwa

    චේතනා පරිශුද්ධ වුවත් පෙම් සටන් පරදී
    අසාධාරණ හැඟුම් කැටිවුන
    කුරිරු මිනිසුන් වෙසෙන ලොව තුල....

    ආලයට මග වැටී ඇත්තේ මල්විමන් අතරින් නොවේ

    පෙමවතුන් යන මං පෙතක් මැද මල් පිපී තිබුනේද කිසි දින....

    ආලයට දිවි පිදූවන් මිස ආලයෙන් ජය ලැබූ අය නැත

    කඳුලකින් තොර පෙම් කථාවක
    සටහනක් හමුවේද කොතැනක.....

    ගේය පද: සුනිල් ආරියරත්න

    සංගිතය හා ගායනය: සනත් නන්දසිරි
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    ප්‍රේම පරාදීසේ....

    ප්‍රේම පරාදීසේ....
    සිනහ බිඳුව ඔබ - කඳුලු බිඳුව ඔබ
    ප්‍රේම පරාදීසේ.....

    විකල් මතක මැද පහන් තරුව ඔබ
    බොඳවුනු සිහිනෙක අරුණු උදය ඔබ
    වැළපුනු වෙරළක දියබින්දුව ඔබ
    ගොළුවුනු දෙතොලක සිනහ සිලිල ඔබ...

    ගිනිදන කතරක පවන් රැලකි ඔබ
    විලිලන අඳුරක නැවුම් ඉරකි ඔබ
    නොහැඟෙ නනොලැබෙන නොවිඳි සුවකි ඔබ
    වියරුව යාමෙන් නොයෙන දුකකි ඔබ...


    පද: ප්‍රේමකීර්ති ද අල්විස් මයා
    හඬ: වික්ටර් රත්නායක මයා

    LDS>> දෙසවනට-හිතට-හදවතට


     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
    නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසු දැල්
    උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්
    නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්.....

    මා හැර ගිය දුකින් තැවී

    නුඹට ශාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    සිතේ වෛර බඳිනු බැරී......

    නිදි නැති රෑ දෑස තෙමී

    මතක සුවඳ වැළඳ ගනී
    මා තනිවූ අයුරු පෙනී
    නුඹ සැනහෙන් මට හිනැහී....

    ගායනය: වික්ටර් රත්නායක
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ මුළු අහසම මට මදි ඔබ ගැන
    මෙතුවක් නොලියූ ගීය ලියන්නට
    පුංචි තාරකාවක් දැල්වෙන තැන
    ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට......

    සත් සමුදුරෙහි නිල් සායම් ඇත

    එක පැහැයක් මදි ඔබෙ රුව අඳිනට
    ඇසින් ඇදී යන එක කඳුළු බිඳක් ඇති මට
    ඇත මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට....

    සිත් සහසක් මදි ඔබ ගැන සිතුමට

    එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
    එක සිතකින් මේ ගැන සිටියත්
    මට ආදරයක සිත.......

    ගායනය: වික්ටර් රත්නායක සමඟ ශ්‍රීමතී තිලකරත්න
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හදවතින් ඔබව පැතුවම සංසාරේ පුරාවට
    වෙන් වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
    හංගන්න දෙයක් නැ මගේ නුඹේ හික මගේ ලග
    වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව

    චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්
    දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක්
    මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්
    පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක්
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හදවතින් ඔබව පැතුවම සංසාරේ පුරාවට
    වෙන් වෙන්නේ කොහොමදැයි එය මට කියනවද නුඹ
    හංගන්න දෙයක් නැ මගේ නුඹේ හික මගේ ලග
    වෙන් වෙන්න දෙන්නෙපා අසරණ වේවි මම තව

    චුට්ටක් හරි දුරින් ඉද්දි ඒක තනිකමක්:(
    දවසක් හරි නොදැක ඉද්දි ඒක කල්පයක්:sorry:
    මොහොතක් හරි ඔබ දැක්කොත් ඒක ලොකු පිනක්:yes:
    පොඩ්ඩක් හරි රිදවනකොට ඒක ලොකු දුකක්:sorry:

    :yes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    දුර ඈත රටක තනිවී
    සිහිවෙන හැම මොහොතක් ගානේ
    නෙතඟට කඳුලු පිරේ
    එන්න හිතයි ඔබෙ කුටියට
    මාගේ කිරිල්ලියේ...

    :sorry:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෑ අඳූරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මගෙ ලෝකයේ................
    සඳ සේ කැලූම් දී
    මළ සේ සිනාසී..................බ්ලාඩි ඩාඩි ඩා..........


    ඔය වගේ සින්දුවක් තිබ්බ මතකයි
    කා ගාව හරි තියෙ නම් ලබා දෙත්වා :yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රෑ අඳූරෙ තනි රකින තරුවක් වගේ
    ඔබ ඉන්න මගෙ ලෝකයේ................
    සඳ සේ කැලූම් දී
    මළ සේ සිනාසී..................බ්ලාඩි ඩාඩි ඩා..........


    ඔය වගේ සින්දුවක් තිබ්බ මතකයි
    කා ගාව හරි තියෙ නම් ලබා දෙත්වා :yes:




    මේක නේද මල්ලියා සින්දුව...ඕක sloldhits එකෙන් ඉල්ලන්න...සුරුස් ගාලා ලැබෙයි.....

    මෙහෙමයි මුල් පද ටික:

    ගායනය: Ashan/Zakir

    රෑ අඳුරේ තනි රකින
    තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ....
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනාසී
    සැනසෙන්න මගේ ලෝකයේ......
     
    • Like
    Reactions: Zeus

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    bleed in arms wounds within
    fall from grace as i offer you sin
    sacrifice yourself so frail
    this pseudo love is as good as betrayal

    bleed for promises which all died
    a drop of tear for every lie..
    love forever torn away
    I'm only to cherish your pain...

    im only to cherish your pain..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක නේද මල්ලියා සින්දුව...ඕක sloldhits එකෙන් ඉල්ලන්න...සුරුස් ගාලා ලැබෙයි.....

    මෙහෙමයි මුල් පද ටික:

    ගායනය: Ashan/Zakir

    රෑ අඳුරේ තනි රකින
    තරුවක් වගේ
    ඔබ ඉන්න මල්මාලියේ....
    සඳ සේ කැළුම් දී
    මල් සේ සිනාසී
    සැනසෙන්න මගේ ලෝකයේ......
    Re Andure.mp3
     
    Status
    Not open for further replies.