~හිමි අහිමි~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
තවත් මොනව කියන්නද...
හිතට තදින් දැනුන අයියෙ... කවද හරි ඔවුන්ගේ වරද තේරුම් ගනී. සමහරවිට එහෙම වෙන එකක් නෑ... කොහොම උනත් ඔවුන් පමා නොවී වරද හදාගනිත්වා කියල පතමු...


බොහොමත්ම ස්තුතියි මල්ලියගේ කවදත් දෙන නිර්මාන අගැයීමට හා නිරවුල් අදහස් ගොන්නට..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම සංවේදී නිර්මාණයක් රොන් අයියෙ
මේ වගේ කතා කොතෙකුත් අහන්නට ලැබෙනවා මේ පරිසරයෙ ජීවත් වෙද්දි
ඇත්තටම හිත කම්පා වෙනවා, ආයෙමත් අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ බැදීම් වලින් නිදහස් නොවුන සිතටමයි නේද මේ දුක් ඔක්කොම කියලා හිතෙනවා.

සාර්ථක නිර්මාණයක්

බුදු දහම කොච්චර සත්‍යය ජීවන දර්ශනයක්ද කියල ජීවිතයට දැනෙන හා දැනුනු වාර අප්‍රමාණයි....

ගොඩාරියක් ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට හා අදහස් පල කලාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාම සන්වේදී නිර්මානයක්...........
පසුවට කම්පා නොවී අදම තේරුම් ගෙන නිවැරදිව ක්‍රියා කරන්න, හැම දෙනාටම ලොකු ආදර්ශයක්...

බොහොම ස්තුතියි රොන් අය්ය මේ අති මහත් වූ සමාජ සේවයට

ගොඩාරියක් ස්තුතියි ගොඩ කාලෙකට පස්සේ දීලක මල්ලියා ඇවිත් මගේ නිර්මානය ගැන සඳහනක් කලාට..
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
wow........මේක මාරයි රොන් අයිය......අයි මෙහෙම ලියන්න හිතුනෙ?

ජීවිතය පුරාවට දරුවන් වෙනුවෙන් බැල මෙහෙවර කරලා නොවිඳිනා දුක් විඳලා ඔවුන්ගේ සැදෑ සමය මේ වගේ කාත් කවුරුවත් නැතිව අසරණව ගෙවන දෙමව්පියන් බුරුතු පිටින් මෙහේ ඉන්නවා..

ඒ වගේ දුක් විඳින තාත්තා කෙනෙක්ගේ සත්‍යය ජීවිතය පාදක කර ගත්තා මේ නිර්මානයේ වස්තු බීජය හැටියට....

අපේ සමාජයේ එක පුතෙක් හෝ දුවෙක් මේක දැකලා ඔවුන්ගේ දෙමව්පියන් ගැන අදට වඩා හෙට නිරවුල්ව හිතන්න පෙලඹුනොත් මට ඒ ඇති...

කස්ස මල්ලියට බොහොමත්ම ස්තුතියි දක්වා තිබෙන අගනා විචාරයට....
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමාජයේ මේ දේ අද බහුලව දකින්න ලැබෙනවා...ඇයි ඔහොම වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ... ලස්සන නිර්මාණයක් අයියා.:)
     

    paalugama

    Well-known member
  • මේක හුගක් බටහිර රට වලට එක්තරා ආකාර‍යකට පොදු දෙයක්නේ! දැන් ටික ටික අපේ රට වලටත් බෝ වී ‍ගෙන යනව! මේක තීරනය වෙන්නේ මම හිතන විදිහට නම් බුද්ධියේ අවුලකට වඩා ඔවුනට පුරුදු කරපු ‍යහ ගුණ වල අඩු පාඩු හින්දයි! Good Topic Good poem!
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සමජයේ එක් පියෙකුට අසාදාරණයක් මේ.
    මේ වගේ කී දහක් පියවරු දුක් විදිනවා ඇත්ද?
    මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරලා,
    උන්ගේ සතුට දැකලා සතුටු වුණ පියාට දරුවන්ගෙ හඬ අහන්නත් තහනම් වෙලා.

    පියවරුන්ගෙ දිනයටවත් මෙහෙම මල් පොකුරක් නොලැබෙන තාත්තලා කී දාහක් ඇත්ද?
    අගනා නිර්මාණයක් අයියේ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමාජයේ මේ දේ අද බහුලව දකින්න ලැබෙනවා...ඇයි ඔහොම වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ... ලස්සන නිර්මාණයක් අයියා.:)


    බොහොමත්ම ස්තුතියි ඔන්න මගෙ කවිය කියවලා අදහස් පල කලාට...

    මේ වගේ දේවල් හෙට දවසේ නොවෙන්න මොනවද අපි අද දවසේ කල යුත්තේ කියන තැනටයි අපි කතිකාවතක් ඇති කල යුත්තේ....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක හුගක් බටහිර රට වලට එක්තරා ආකාර‍යකට පොදු දෙයක්නේ! දැන් ටික ටික අපේ රට වලටත් බෝ වී ‍ගෙන යනව! මේක තීරනය වෙන්නේ මම හිතන විදිහට නම් බුද්ධියේ අවුලකට වඩා ඔවුනට පුරුදු කරපු ‍යහ ගුණ වල අඩු පාඩු හින්දයි! Good Topic Good poem!

    යහ ගුණ වැපිරීම කරන්න නම් මෙහෙත් ඔහෙත් කියල ලේසි නෑ..

    දැන් දැන් ඔහෙත් මෙහෙ තියෙන සිහින ෆැන්ටසියම ඒ විදිහටම ස්පර්ශ කරල අපි තමයි මිනිස්සු කියල හිතන බහුතරයක් අපේ නංගිලා මල්ලිලා එයින් සහමුලින් මුදවගන්නකම් ඊට වඩා දෙයක් මේ ජීවිතවලින් ඔවුන්ට කරන්න පුලුවන් කියන ධනාත්මක චින්තනය ඒ ඔද්දල් වුනු ඔලු ගෙඩි තුලට කොහොම හරි කාවද්දනකම් මේ යහ ගුණ වැපිරීම ගොඩක් අමාරු කර්තව්‍යයක්...

    නමුත් එය එසේ සිදු නොවුනහොත් එය අපේ හෙට දවස බාර ගන්නා තරුණ පරපුරේ අවාසනාවම තමයි..

    අදහස් දැක්වීම ගැන ඔබට බොහොම ස්තුතියි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සමජයේ එක් පියෙකුට අසාදාරණයක් මේ.
    මේ වගේ කී දහක් පියවරු දුක් විදිනවා ඇත්ද?
    මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරලා,
    උන්ගේ සතුට දැකලා සතුටු වුණ පියාට දරුවන්ගෙ හඬ අහන්නත් තහනම් වෙලා.

    පියවරුන්ගෙ දිනයටවත් මෙහෙම මල් පොකුරක් නොලැබෙන තාත්තලා කී දාහක් ඇත්ද?
    අගනා නිර්මාණයක් අයියේ.

    ගොඩාරියක් ස්තුතියි නංගියාගේ වටිනා විස්තරාත්මක විචාරයට....