මුලින්ම කියන්න ඕනා මේක රී පෝස්ට් එකක් නෙවෙයි. කිතුල්ගල ගැන එලකිරි සංචාරකයා වෙනුවෙන් අපේ ජේ.කේ. ත්රෙඩ් එකක් කළා මතක ඇති. කිතුල්ගල යන්නේ ගොඩක් අය රාෆ්ටින් කරන්න. මමත් ගියා මගේ යහළුවෝ පිරිසක් එක්ක රාෆ්ටින් කරන්න. ඒත් ඉතින් මට වෙච්ච අනතුර නිසා මොන රාෆ්ටින් ද? ඒත් අත පය කැඩුනා කියලා ට්රැවලින් නවත්තන්නත් බෑ නේ. අතපය ගැට ගහගෙන මමත් මිසිස් පෙරේරාත් රාෆ්ටින් කරන දිහා බලන් හිටියා. හිතාගෙන ගියේ කට්ටියට වටපිටාවේ හොඳ පින්තූර ටිකක් අරන් එනවා කියලා. ඒත් මගේ එක අතක් බැන්ඩේජ් කරලා නිසා තනි අතින් තමයි පින්තූර ගන්න පුළුවන් උනේ. අපි ගියේ Adventure Base Camp එකට. හිතුවා අඩුම තරමේ පින්තූර ටිකවත් කට්ටිය එක්ක බෙදා ගන්න. පින්තූර වල මොකක් හරි අඩු පාඩුවක් තියනවා නම් සමාව ඉල්ලනවා.
මේ යන අතර මඟ
මේ බේස් කෑම්ප් එකට ඇතුල්වෙන ස්ථානය.
ඒ ස්ථානයේ වට පිටාව හරි ලස්සනයි.
මහා මාර්ගයේ ඉඳලා බේස් කෑම්ප් එකට බහින්න ඕනා ගොඩාක් යටට. තේවතු වගේම කුඩා දොළ පාරවල් කිහිපයක් පසුකරගෙන. ලී පඩිපෙළවල් තමයි තියෙන්නේ.
මේක මිස්ට පෙරේරාගෙන් මිසිස් පෙරේරාට.
Adventure Base Camp එක ගැනත් යමක් කියන්න ඕනා. ගොඩක් හොඳ කාර්ය මන්ඩලයක් එහේ ඉන්නවා. ශ්රී ලාංකීය ක්රමයට සෑදූ රසවත් ආහාරවේලක් මෙහෙදී ඔයාලාට ගන්න පුළුවන්. මිල ගනන් ගොඩාක් සාධාරණයි. නැවුම් පළතුරුවල රස විඳාන්නත් පුළුවන්. ඒ වගේම නාන්න නම් කියාපු තැන. ස්වභාවික ගල් වලින් වටවෙච්ච අපූරු ස්වාභාවික තටාකයක් එහි තියනවා.
රාෆ්ටින් කරලා තියන අය දන්නවා ඇති කිතුල්ගල ප්රධාන රැපිඩ්ස් 3ක් තියනවා. ඒ තුනෙන් දෙවෙනි රැපිඩ් එක තියෙන්නේ බේස් කෑම්ප් එක ගාවයි.
මේ තියෙන්නේ ඒ දෙවැනි රැපිඩ් එක.
මගේ යාළුවෝ ටික දෙවෙනි රැපිඩ් එකට මුහුන දුන්න විදිය මම ඡායාරූපගත කළා ලඟටම ගිහිල්ලා.
එක පාරටම වහිනවා එක පාරටම පායනවා. කිතුල්ගල දේශගුණේ ගොඩක් වෙනස් වෙලා වගේ.
වැස්සෙත් සමහරු රාෆ්ටින් කරනවා. වැස්සේ රාෆ්ටින් තමා මරු.
හොඳම ටික තමයි මේ තියෙන්නේ.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මඟ එන ගමන් ගත්තේ. කැළණිවැලි මාර්ගයේ අවසානේ. අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය.

ඒක අස්සෙත් රේල් පීලි ටිකක් ෆොටෝ ගහලා........

rep++ 

බන් ... ඕවයේ යනකොට මාරයාගේ පිටඋඩ යනවා වගේ තමා මට නම් දැනෙන්නේ ...