මමත් මේ හඬ පටියට ඇහුම්කන් දුන්න. නමුත් ඔබ හිතින් මවාගත් දේවල් මුකුත් මේකෙ නැහැ. ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දානව කියන එක වැරදියි. කෙල්ල ලස්සන නිසා ඔබ වැරදි හැඟිමක් ඇති කර ගත්තට ඒ අය පලි නැහැ. ඔබ කියන්නෙ බඩු විකුණන්නයි ආගම් ප්‍රචාරය කරන්නයි යන්න ඕන අවලස්සන කෙල්ලො විතරයි කියලද ?
මුදල් වලට ආගම් වෙනස් කරන කථාවක් මෙතන සිදු වෙලා නැහැ නේද ? ඔවුන් මුදල් ගැන එක වචනයක්වත් කථා කලාද? මේ ඔක්කොම ඔබේ හිතින් මවා ගත්තු දේවල් විතරයි. ඔවුන් කෙරුවෙ ඔබට කියවන්න සඟරාවක් දීල ගිය එක විතරයි. ඔබට කිසිම බල කිරීමක් හෝ බලපෑමක් සිදුකලේ නැහැ. එය කියවීම හෝ නොකියවීම ඔබේ අයිතියක්. නමුත් ඔය කථා කරපු කොල්ල වගේ මෝඩ කථා කියල නම් ඔවුන්ගේ ආගමට හරවගන්න බැරි වෙයි. ධර්ම ප්‍රචාරය සඳහා ඊට වඩා සුදුසු අය යවන්න තරම්වත් දැනුමක් ඔය ජෙහෝවගෙ කට්ටියට නැතිවීම හාස්‍යයට කරුණක්. මමත් ඔය වගේ මූලධර්මවාදී ආගම් වලට කිසිසේත්ම කැමති නැහැ. නමුත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමේ පණිවිඩය රැගෙන යාම ගැන අපි විරුද්ධ වෙන්නෙ කොහොමද? අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අමෙරිකාව, යුරෝපය වැනි අබෞද්ධ රටවල ජනයාට බුදු දහම ප්‍රචාරය කිරීමත් එතකොට වැරදිද ?
අද මිෂනාරි ඉරිදා. ලොව පුරා කිතුදහමේ සුභාරංචිය ප්‍රචාරය කරන දිනය අදයි. මම කතෝලිකයෙක්. කැමති නම් මටත් බැන්නට කමක් නැහැ.