ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?
අනගාරික ධර්මපාලතුමා සිහි කරමින් වසරකට වරක් අපේ දහම් පාසලේ එතුමා ගේ ඦායාරුවකට මල් මාලයක් දමය්. ඉන්පසු මයික්‍රෆෝනය අතට ගන්න අයියා කෙනෙකු විසින් දෝරෙ ගලන තරමට ධර්මපාලතුමාගේ ගුන වර්නනා කරය්, ඉන්පසු මැක්කාගේ තියරියෙන් දෙමල හා මුස්ලිම් ජාතීන්ට පලු යන්නට බැනීම ආරම්භ කරන අතර සුලු ජාතීන් සිංහල බෞද්ධයන්ගේ රට අල්ලා ගැනීමට කුමන්ත්‍රනය කරන බවත්, එයට එරෙහිව සිංහල අපි වහා නැගී සිටිය යුතු බවත් පවසා කතාව අවසන් කරය්. එය අසා අපි ජාති ආලයෙන් චූන් වී අත්පුඩි ගසන හැටි හොන්දට මතකය. නායක ස්වාමීන් වහන්සේද, ශා මරු කතාවයය් තවත් හොන්දට පොහොර දමය්. අපිත් ඉතින් ශා සිංහලයො වෙලා ඉපදෙන්න අපි කොච්චර පින් කරල ඇත්දය් හිතාගෙන ආතල් එකේ පන්ති කාමරයට යය්. පන්ති කාමරයේදීද ධර්මපාලගෙන් අපිට ගැලවීමක් ඇත. මන්දයත් උන්නාන්සෙට වෙන් කෙරූ පාඩමක්ම ඇති බැවිනි. එයින් කියැවෙන්නෙ ධර්මපාලතුමා නියම බොදු පුතෙකු බවය්, ජාතික වීරයෙකු බවය්. මේවා කියවූ මම ධර්මපාල වගේ වෙන්න්ට ඇත්නම් කියා සිහින මැවූ වාර ගනන අනන්ත අප්‍රමානය.
නමුත් වයසින් මුහුකුරා යත්ම මේ අපි ඉගෙන ගෙන ඇත්තේ මොන හරුපයක්දැය් මට සිතෙන්නට පටන් ගත්තේය. ඇත්තටම අනගාරික ධර්මපාල යනු කවරෙක්ද.දොන් ඩේවිඩ් හේවාවිතරන නම වෙනස් කොට ධර්මපාල යැය් නම පටබැඳගෙන අනගාරික ජීවිතයට පිවිස අයෙකි. ධර්මපාල යනු ධර්මය ආරක්ශා කරන්නා යන්නය්. ධර්මපාලතුමා තම රථයේ නැගී සිංහල බෞද්ධයනි නැගිටපල්ලා, හරක් මස් කන්න එපා යැය් කියමින් රට පුරාම ගියේය. ඒ කාලයේ මිනිස්සුන්ට මෝටර් රථයක් යනු මහා මැජික් එකකි. එම නිසා ඔවුන් ධර්මපාල වටා එකතු කරගන්නට පහසු විය. ඉන්පසු ධර්මපාල විසින් ඔහුගේ ඓතිහාසික ප්‍රකාශයන් සිදු කරන ලදී. ධර්මය රැක ගන්නට යැය් කියා රට වටේ ගිය අති උත්තම ධර්මපාලගේ එක් ප්‍රකාශයකි මේ
"උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල"
කුඩා කාලයේ පටන් අපි වීරයකු ලෙස සැලකූ ධර්මපාලතුමාගේ ප්‍රකාශයකි ඔය. මුස්ලිම් හෝ දෙමල හෝ යැය් වෙන් නොකොට සියල්ලන් සමඟ සුහදව කටයුතු කරන මට මෙම ප්‍රකාශය කියවීමේදී ඇති වන්නේ මහත් පිලිකුලකි. දොන් ඩේවිඩ් හේවාවිතාරනට අනුව ඔහු බෞද්ධ ධර්මය අනුගමනය කරන්නෙකි, බෞද්ධ ධර්මය ආරක්ශා කරන්නට කැප වූ අයෙකි. නමුත් මා දන්නා බුදු දහමේ නම් තිබෙන්නේ මිනිසුන් ජාති කුල මල ආගම් වලින් බෙදීම නොවිය යුත්තක් බවත්ය, එමෙන්ම යමෙකු උසස් වන්නේත් පහත් වන්නේත් තමන්ගේ ක්‍රියාව අනුව බවය්.
නමුත් ධර්මපාල පවසන්නේ සමාජයට ජාති භාශා ආගම් බේද අවශ්ය බවයි, එසේ නොසිතීම වැරදි බවය්,දෙමල සහ මුස්ලිම් මිනිසුන් සිංහල ජාතියට සමාන නොවන බවය්. එනම් සිංහලයා හරි විශිෂ්ට යන්නය්(සිංහලයාට අනිත් මිනිස්සුන්ට නැති අමුතු මෙව්ව එකක් තියේද?, සිංහලය අනිත් ජාතීන්ට වඩා වෙනස් ඇය් දැය් ධර්මපාලතුමා කිසිවිටකත් පැහැදිලි කලේ නැත. ). සියල්ලන්ට එක සේ සලකන්නටය් කියන බුදු දහම ආරක්ශා කිරීමට කැපවූ කෙනෙකු යැය් කියාගන්නා කෙනෙකුගේ මුවින් ඔවැනි ප්‍රකාශ නිකුත් වීම ඇත්තටම ජෝක් එකකි. නමුත් මෙම විහිලුව ඇස් රතු වෙන විහිලුවකි. මන්දයත් ධර්මපාලතුමා ගම් නියම්ගම් පාසා ගොස් අපූරුවට ජනයාගේ මොල ඇතුලට මෙම සංකල්ප ඇතුල් කිරීමට සමත් වූ නිසාය.
මේ ඔහුගේ තවත් ප්‍රකාශයකි.
"උඹල වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවි ගම, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා, හතර පැත්තට බෙදිලා, උඩරට පහත රට කියලා දෙපැත්තට බෙදිලා.... " .ඇත්ත, අතීතයේ ලංකාවේ කුල බේදය දැඩිව පැවතුනි. ධර්මපාලතුමාට එය මහා අපරාධයකි, නමුත් ධර්මපාලතුමා කලේ ඊට හපන් එකක් ලංකාවට හඳුන්වා දීමය්. එනම් ජාතිවාදයය්. ධර්මපාලතුමාට අනුව ජාතිවාදය සහ ආගම්වාදය ලෝකයට අත්‍යවශය දෙයකි, එනම් මිනිස්සු ජාති ආගම් නාමයෙන් කුලල් කාගත යුතුය. අනුන්ගේ ආගමටත් ගරු කරන්න යැය් බුදු දහමේ ඉගැන්නුවත්, ඔහුට අනුව ලංකාවේ පල්ලි කෝවිලි නොතිබිය යුතුය. ඔහුට අනුව කුල බේදය වැරදිය, නමුත් ජාති බේදය හා ආගම බේදය ශෝක්ය. ධර්මපාලතුමාට දෙබිඩි පිලිවෙත් බොහෝමයක් තිබූ බව පැහැදිලිය.

Last edited: