මූන්ගේ කමිටු වාර්තාව වෙනුවෙන් අපි රජය සමගයි
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අදාළ උපදේශන කමිටු වාර්තාව හරහා මෙරටට එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ද රජය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් අන්තවාදී හා ජාතිවාදී පක්ෂ එක්ව අදාළ වාර්තාවට එරෙහිව සිදුකරන උද්ඝෝෂණ හෝ උපවාස තුළින් මෙම චෝදනා පරාජය කිරීමට නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළේය.
මෙරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී ඔවුන්ට හිතකර වූ විසඳුමක් ලබාදීමට කටයුතු කිරීමට රජය පියවර ගෙන තිබුණේ නම් මෙවැනි විදේශීය ඇගිලි ගැසීම්වලින් මිදීමට හැකියාව තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේය.