🪐මහින්ද යළි නැගිටියිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    OiJ6GfT.jpeg

    --​
    මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික දෘෂ්ටියකින් නොවේ. එහෙත් ජ්‍යෝතිර් වේදියකු මෙන්ම මේ රටේ පුරවැසියකු වශයෙන් මම දකින සත්‍යයි.
    මහින්ද රාජපක්‍ෂ යනු ලාංකේය ඉතිහාසයේ පහළවූ අනභි භවනිය යුග පුරුෂයකු වේ. මෙරට එක්සේසත් කළ රාජාවලියේ අවසන් පුරුක වන්නේ ඔහුය. එසේ සලකන්නේ නම් සත්‍ය වශයෙන්ම මහින්ද රජෙකි!
    ගෙවීගිය යම් කාලයක් පුරා ඔහුගේ ජන්ම බලය යම් තරමකින් යටපත් වීමක් සිදු වුවද එකී ජන්ම බලය නැවතත් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. උපත් කේන්ද්‍රය සලකු විට ඔහු රාජ්‍ය පාලනය වෙනුවෙන්ම ජන්ම ලාභය ලැබුවෙකි. ගුරු, ශනි සහ විශේෂයෙන් රාහු ගේ පිහිටීම සුවිශේෂී වේ. මනුෂ්‍ය ගුණාංග මෙන්ම මිත්‍රශීලි බවද ජනාකර්ශන ශක්තිය ද ඉතා ඉහළ වේ. සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි..
    තත්කාලීන ග්‍රහ චාරය අනුව පෙනී යන කරුණු ගණනාවක් ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අසීරු වේ. කිව හැකි වැදගත් කරුණු අතර පුත්‍ර කාරක ශනි හත් වැන්නේ දිග්බල වීම විශේෂවේ. මේ හේතුවෙන් ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීම පෙන්නුම් කරයි. එහෙත් භාර්යාවට යම් අපලකාරී බවක් ඇතිවිය හැකිය. එළඹෙන ජුනි මාසයෙන් පසු උපතේදී ලග්නගතව සිටි ගුරු එකොළොස් වැන්නේ උච්ච වූ විට බොහෝ අරිටු භංග වීමෙන් යසස හා කීර්තිය ශීඝ්‍රයෙන් වැඩේ. ජනාකර්ශනය යළි ඉස්මතු වේ.
    මේ අතරම යම් අපලකාරී තත්වයක් ද පසුබිමේ ලියලා වැඩීම සිදුවේ. විශේෂයෙන් රුධිරය හෝ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් හඳුනාගත නොහැකි අයුරින් උත්සන්න විය හැකිය. පිට කොන්ද සහ දෙපා ආශ්‍රිත සංකුලතා විශේෂයෙන් ඇතිවිය හැකිය. ඇවිදීම අපහසු විය හැකිය. මෙම රෝගී තත්වයන් ගේ නෛසර්ගික ගුප්ත භාවය හේතුවෙන් නිසි අවධානය නොලැබුනහොත් මාරක වීමේ අවධානමක් ද පවතී. එබැවින් එකී අපල කාරී තත්වයන් මගහරවා ගැනීම සඳහා රාහු මුල්කර ගත් සුවිශේෂී ත්‍රිවිධ ග්‍රහ පුජාවක් නොපමාව සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය වන බව සටහන් කර තබමි.
    එතුමන්ට නිදුක් නිරෝගී ථිර ජීවනය ප්‍රාර්ථනා කරමු 🙏
     
    • Haha
    Reactions: xnfa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    අංශබාගෙට එනවා.
    ලේ විෂ වීමක්, කපාට වල ප්‍රශ්නයක්, ස්නායු තෙරපීමක් වගේ වෙන්න ඉඩ තියෙනවා :rolleyes:
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    මොනා උනත්, යුද්ධෙ දින්නා කියලා මාකට් කර කර, අන්තිමට ජනතාවගේ ධනය හොරා කෑවා. යුද්ධෙන් පස්සේ හරියට රට කලා නම් 3%ට බහින්නේ නෑ. අනෙක මහින්දව දැක්කම දැන්, Shortak ගහගෙන FCID ගිය උක්කු පුතාවයි, කපුටගේ මූණයි තමයි ආයේ මතකෙට එන්නේ යුද්ධෙට වඩා. කෙන්දර නම් පට්ටපල් බොරු හැබැයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,753
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    කවුරුත් සදාකාල් ජීවත්වෙන්නෙ නෑ. මොන මොන ලොක්ක උනත් කවදහරි මැරෙනව. තමන් මැරෙද්දි කිසිම දෙයක් ගෙනියන්නෙ නැ නමුත් පින් පව් වලට අනුව මිනිස්සු හිනාවෙනවද නැද්ද කියන එක තීරණය වෙයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,007
    113
    tracing Geo-location.. ... ...
    මටනම් හිතාගන්න බෑ මෙච්චර කල් ජීවත් වුන එකත්.. නාමලයව ගොඩ දාන්න ඕනෙකමට බලෙන් අල්ලන් ඉන්නවා වගේ අමාරුවෙන් පණ ගැටගහන් ඉන්නේ..

    හැබැයි කට කෑවත් කියන්න වෙනවා මහින්ද level එකේ attraction එකක් අනුරට නම් හීන තමයි.. බලයට ඇවිත් අවුරුදු 2 යද්දි තනි විහිළුවක් වුනා..

    මේ යන විදියට නම් කලින් එලවපු උනුත් මැරුණම දුක් වෙයි හිරේ දාන්නම් කියලා බලයට ආව උන් කරපු චෝදනා තවම ඔප්පු කරගන්න බැරි වුන එකෙන්..

    මම දකින විදියට ලංකාවේ මෑත කාලයේ දුර්වලම පාලකයා තමයි අනුර (සජියා පැරදුන නිසා).. මෛත්‍රිපාල මීට වඩා හොඳයි..

    පොන්නයා, සමනලයා ගගා බැන්නට රනිලා කරලා ගියපු ටිකත් නැත්නම් අනුර මේ වෙද්දි මීට වඩා නාලා..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,753
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    මටනම් හිතාගන්න බෑ මෙච්චර කල් ජීවත් වුන එකත්.. නාමලයව ගොඩ දාන්න ඕනෙකමට බලෙන් අල්ලන් ඉන්නවා වගේ අමාරුවෙන් පණ ගැටගහන් ඉන්නේ..

    හැබැයි කට කෑවත් කියන්න වෙනවා මහින්ද level එකේ attraction එකක් අනුරට නම් හීන තමයි.. බලයට ඇවිත් අවුරුදු 2 යද්දි තනි විහිළුවක් වුනා..

    මේ යන විදියට නම් කලින් එලවපු උනුත් මැරුණම දුක් වෙයි හිරේ දාන්නම් කියලා බලයට ආව උන් කරපු චෝදනා තවම ඔප්පු කරගන්න බැරි වුන එකෙන්..

    මම දකින විදියට ලංකාවේ මෑත කාලයේ දුර්වලම පාලකයා තමයි අනුර (සජියා පැරදුන නිසා).. මෛත්‍රිපාල මීට වඩා හොඳයි..

    පොන්නයා, සමනලයා ගගා බැන්නට රනිලා කරලා ගියපු ටිකත් නැත්නම් අනුර මේ වෙද්දි මීට වඩා නාලා..
    NPP උන් නිකන් බෙට්ට සුවදද බලන්න රෙනකන් ඉන්න කියන ජාතියෙ සෙට් එකක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි..
     
    • Like
    Reactions: KDH and rangana26

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    හෙමීට පරන බයි සිතිවිලි මෝදු වෙනවා නේද වේස බයියන්ගේ! තමුසෙගෙ හොර කේන්දර බලන්න ඕනෙ නෑ ඕයි ඔය ටික කියන්න මහින්දයා දැක්කම 5 වසරෙ ඉන්න පොඩි එකෙකුත් කියයි උට තියෙන ලෙඩ ටික