මේක දියුණු කරන්න එන උන්ට යන්න වෙන්නෙ එක්කො හොරු වෙලා. එක්කො පචයො වෙලා. කොහොමත් අපේ මිනිස්සුම මේක දියුණු කරන්න දෙන්නෙ නෑ. අනික් පක්ෂෙ බොරු අහල ආණ්ඩු මාරු කල ටිකක් කෙලෝ ගන්නව. ඊටපස්සෙ ආයෙ එකෙක් පත් කරගෙන ඌ තව ටිකක් කෙලෙව්වම තව ඊට වඩා චොර එකක් පත් කර ගන්නව. මෙච්චර කාලෙටම උනේ ඒකනෙ සිරිමාවෝගෙ කාලෙ ඉඳන්.
සිරිමාවො රට ගොඩ දාන්න හැදුව. මිනිස්සුන්ට ඉවසන්න බැරුව වෙන එවුන්ට දීල කෙලෝ ගත්තා මුලින්ම. මහින්ද ලස්සනට කරගෙන ගියා. රට පෙනි පෙනි දියුණු උනා. මිනිස්සුන්ට හොරු අල්ලන්න ඕන වෙලා ජෝකර් කෙනෙක්ව ගෙනාව. (මාත් ඌට දුන්නා සිරිසේනට)

පස්සෙ ඌ තව ටිකක් කෙලියා. ඌ අවුල් කියල ගෝඨා ගෙනාව. ඌ වෙනස්ම විදියකට කරන්න ගිහින් ටිකක් ඇන ගත්තා. ඒ අස්සෙ කොරෝනා ආව අරක මේක උනා රට වැටුනා. ඌව පන්නල දැම්ම. පස්සෙ අර රනිලා යන්තම් උගෙ පරන අත්දැකීම් එක්ක අරගලේට ඇරල දාල යන්තම් ගැට ගහගෙන ආව මේක. ටිකක් Stable වෙද්දිම මිනිස්සුන්ට ආයෙ ඕන උනා හොරු අල්ලන්න. දැන් හොඳටම කර ගත්තා.. දැන් ආයෙ ඊගාවට එන එකා එන්නෙත් ඒ විදියටම තමයි. ඒ කිව්වෙ අනුරය පච ඇර ඇර චොර කරනවනෙ. ඌටත් අවුරුදු 5න් යන්න වෙනව. ඌ නොකරපුවා කරවගන්න එකෙක්ට දීල ඒ එන එකා මීට වඩා චොර කරනව රට. ආයෙ ඇන ගන්නව. මේක දිගටම යනව ලංකාව ලෝකෙන් දුප්පත්ම රට වෙනකන්. පුළුවන් තරම් ඉක්මනට වෙන රටකට ගිහින් Stable වෙන එක තමයි කරන්න තියෙන්නෙ. මේක හදන්න නම් ලංකාවෙ මිනිස්සුන්ගෙ ජාන වලට ජපන්නුන්ගෙ ජාන Injection වලින් විදල හරි කමක් නෑ ජාන ටික වෙනස් කරන්න ඕන. එතකොට හරි.