අද කන්න ඊවේ නෑ ගෙදර රෑට කඩෙන් ගේන්නම් කියල වැඩක් තිබ්බ නිසා ඒකත් කරලා 11ටත් කිට්ටුවෙලා ටවුන් ගියා. ටවුන් එකට දානකොටම බයික් එක්කින් හෝන් කරගෙන මොකක්ද කියාගෙන ගියා. මම හිතුවෙ මම උන්ට යන්න පාර ඉඩදුන්න නිසා කියලා, ඊගාව වන්ගුවට යන්න හම්බුනේ නෑ පොලිසියෙන් සෙට් එකක් පාරට පැනල අත දාල ගන්න කීවා ලයිසන් ඉන්ශුරන්ස් අනේ ඇදලා දුන්නා ගින්නක්ම නැතුව. ඉටපස්සෙ කියපි ආදායම් බලපත්තරේ දෙන්න කියලා. කරුමෙට ඒක පර්ස් එකේ නෑ. ගෙවල් කිට්ටුවම නිසා මම මෙතන ඉස්සරහ ගිහින් ගේන්නම් කියල ගෙදර ආවා උනුත් ලයිසන් ඉන්ෂුරස් තියාගෙන මට ගේන්න කීවා. මම ගෙදර ඇවිත් කුලප්පුවට මේ අවුරුද්දෙ මුල ඉවර වෙච්ච එකක් අරගෙන ගියා ගිහින් අර පොලිස් කාරයෝ ජෝඩුව හොයල හොයලා හම්බුනේ නෑ පොලිසියේ උන් 2ක් හම්බුනා ඒ එකෙක්වත් අරුන් දෙන්න නෙවෙයි. අන්තිමට හම්බුන සෙට් එක අදායම්බ් බලපත්‍රේ බැලුවාමයි දැක්කෙ ඒක පරන එක. ආපහු ගෙදර ගිහින් අලුත් එක අරන් අරුන් දෙන්නව හෙවුවා. දැන් කන්න ගන්න වෙන්නෙ නෑ කඩවල් වැහුවොත් මම ට්‍රැක් පැනලා පිස්ස වගේ අරුන් දෙන්නව හොයනව. පස්සෙ බැරිම තැන පොලිසියට ගියා. අප්පේ අර ජෝඩුව ඉඳලා ඔක්කොම බලල අපි ලිවුවේ නෑ ඔන්න කියල ලයිසන් ඉන්ශුරන්ස් දුන්නා. ගෙදර එනගමන් කෑම ගන්න බැලුවාම ඔක්කොම කඩ වහලා. දැන් අද රෑ බඩගින්නෙ. ගොං කමට හොඳ පාඩම් මට. ඔය මගුල් නැති උනාම ෆෝන් එකෙන් බලන්න විදියක් තියෙනව නේද?