උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,324
    6,110
    113
    කාටද මතක සල්ලි දාල කරන jack pot වගෙ ගේම් මැශින් එකක් තිබුන ඉස්සර කඩවල. පස්සෙ ඒක තහනම් කලාද කොහෙද..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,791
    9,181
    113
    kandy
    බලාගෙන යද්දි මේකේ ඉන්නේ 80-90 නාකි ටික තමා..
    ඒ කාලේ තමයි බන් මිනිස්සු ජීවත් උනේ . toyota Aua එක 38 යි . micro panda එක 13 යි . ත්‍රී වීල් ලක්ෂ 5.
    80 000ටත් use කරපු honda Dio තිබුනා .
    කොටින්ම කිව්වොත් රුපියල් ලක්ෂේට සිංගප්පූරුවේ ගිහින් දවස් 4 ඉදලා එන්න පුළුවන් ..

    අව්රුදු කාලේ කොච්චි වල කට කපලා .මිනිස්සු ඇන්කර් පෙට්ටි වල කෑම ජාති දාගෙන නැදැයෝ බලන්න යනවා .දැන් වගේ ගෙදර ලගට හිගින් කීල්ස් එකෙන් උස්සගෙන එන්නේ නෑ .එදිනෙදා භාණ්ඩ වල මිල උනත් ගොඩක් අඩුයි .එත් මිනිස්සු එකත් වැඩියි කිව්වා .. ඉස්සර කතාවක් තිබුනා "හාල් ෆෝට් , පොල් ටුවෙන්ටි , රනිල් නෝටි" කියලා.
    ඉතින් බඩු වල ගණන් හිතාගන්න පුළුවන් නේද . පාන් ගෙඩිය රුපියල් 9 ගානකට තිබුනා .
    බිත්තරයක් රුපියල් 3 යි . උබලා කිලෝ එකේ , දෙකේ සැමන් ටින් තිබුනා කියලා දන්නවද ..
    ටොපියක් සත පනහයි . කිරි ටොපියක් රුපියලයි ..




    දැන් මොනවද බන්

    මිනිස්සු ලෙවකනවා විතරයි


    දේශපාලනයක් සීන් එකෙන් බලන්න එපා . 2000 සිට 20015 කාලය ගැන පොඩි විග්‍රහයක් විතරයි
     
    Last edited:

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,948
    2,936
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,393
    50,697
    113
    සේදවත්ත
    අනුන්ගෙන් වතු වලට පැනලා ගඩා ගෙඩි කැඩීම සහ උස්සලා අච්චාරු දානව . සීසන් එකට ගස් වෙනස් පලතුරුත් වෙනස් . අයිතිකාරයෝ එනකොට ගගෙන් රූටල තුවාල එකයි පපුවේ කකුල් අතපය වල
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,324
    113
    කාලෙ හැටියට තමයි
    Spell binder එකේ රියානට වැඩියෙන්ම ආස වෙලා හිටපු කාලයක් තිබුනා, තව ටිකක් කත්‍රීනාටත් ආස වෙලා තිබුනා
    දෙවනි එකේ කැතීට ආස වෙලා තිබුනා

    ඔය වගේ ඒවට තමයි ලොකුවටම ආස වෙලා තිබුනෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,443
    19,647
    113
    Colombo
    අඩෝ අපේ ගෙට පල්ලහා වෙලක් තිබබා .. දැන් එක පුරන් වෙලා..ඉස්සර මාර ලස්සනයි.. හුලන් කාලෙට ගොයම් අස්සේන් සිරීස් ගාල ගොයම් නමාගෙන හුලන් යන්නේ,, ඒ කලේ අපි සරුංගල් අරිනවා.. නියරවල් වලවැටි වැටී දුවන්නේ.. ආයෙ ඒ කුබුරු වලට වතුර එන ඇල හරස් කරල ඩෑම් එකක් ගහල නානවා... ඒ මතකනම් පිස්සුවක්
    අපේ ගෙට පහල වෙලක් තිබුනා පොඩි කාලෙ සෙල්ලම් කරපු සරුංගල් යවපු
    ලඟදි ඒක විකුනන්න දාල තිබුනා. මම ඒක ගත්තා සල්ලි වලටම
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,615
    2,740
    113
    My Teacher mentioned in the 90s that it's the generation that's two times above us (60 - 80) that protects the sanity of the country..

    He was absolutely right..

    Look at the way Gen Y (Millenniums) here, trying to destroy the fragile social fabric here with posting filth and inappropriate stuff..!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,623
    18,937
    113
    35
    Spain
    කාටද මතක සල්ලි දාල කරන jack pot වගෙ ගේම් මැශින් එකක් තිබුන ඉස්සර කඩවල. පස්සෙ ඒක තහනම් කලාද කොහෙද..
    ඔවු, ඒ නම් ප්‍රේමදාස ආණ්ඩු කාලේ. ආණ්ඩුවෙන් මැෂින් ටික අරගෙන තැලුවා.
     
    • Like
    Reactions: NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,498
    41,732
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ. :love:
    Umbe ammata hukana eka
     

    karikota

    Well-known member
  • May 26, 2015
    365
    430
    63
    වකපුටේ
    ඉරිදා උදේ අඹ යාලුවෝ බලන්න
    ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා ලග ගෙවල් වල කොල්ලො සෙට් එකත් එක්ක ක්‍රිකට් ගහන්න
    4 ඉදන් 5 වෙනකන් dynavision cartoon ටික බලන්න (පස්සේart tv වුනා)
    නමයයි පහ, කදමල්ල බලන්න
    මුලින්ම මන්චි චොකලට් බිස්කට් එක කන්න පටන් ගත්ත දවස්
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    868
    383
    63
    Sri lanka
    කොම්පියුටරේ on කරන් Dos games play කරන එක. ඒ දවස් වල TV game එකෙන් computer එකට මාරු උනාට පස්සෙ නිකං පිස්සු වගේ. මහ ලොකු කොම්පියුටරයක් නෙමෙයි. used 486 එකක්.
    Prince of Persia, Commander Keen, Alladin, Mario, Dave, Lion king, Another World, 4D sports, Doom, Duke nukem වගේ එවා පැය ගනන් එක දිගට play කරා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,678
    3,604
    113
    මම පොඩි කාලෙ ඉදන් උසස් පෙල වෙනකං හැදුනේ වැඩුවන් ඉලුක්ගොඩ කියලා ලස්සන ගමක. සරදියෙල් ඉගෙන ගත්තේ අපේ ගමේ පන්සලේ. අපි පොඩි කාලේ ඒ ගමේ හිටපු තරුණ සෙට් එක මාරම එකමුතුයි ඒකාලේ. ගමේ පොදු දෙයක්, කාට හරි කරදරයක් නම් ඔක්කොමලා එකා වගේ වැඩ කරනවා. පායන කාලෙට ‍හවස 2 විතර වෙනකොටෙ සෙට් එකම මා ඔයට යනවා නාන්න. පෝය දවසට කොස් / මයියොක්කා/ බතල තම්බගෙන, පාං රාත්තල් 15-20ක් අරගෙන ඔය අයිනේ තියන වතුවලින් පොල් අහුලාගෙන කුරුම්බා කඩාගෙන බොනවා. හවස 6-7 වෙනකං නාලා තමයි ගෙදර යන්නේ. ගමේ කසිප්පු නැත්තටම නැති කරලා දැම්මා අපි. 2000 විතර යවුවන සමාජ පිහිටවන කාලේ වොලිබෝල් කෝඩ් එකක් හම්බුනා. ඊට පස්සේ ටීම් හදාගෙන මැච් වලට පවා සහභාගි උනා. හැම පොසොන් එකටම දන්සලක් දුන්නා. හොල්මං ගුහා කලා. ඒ මතක අදටත් මාර සුන්දරයි. ටික ටික වයස් වැඩි වෙද්දි හැමෝම වගේ ජොබ් වලට ගියා. කාර්ය බහුල උනා. මමත් උතුවන්කන්දේ පදිංචියට ආවා. අද වෙනකොට ගමේ පොඩි සෙට් එක ගන්න දෙයක් නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,450
    1
    158,920
    113
    98
    කෑගල්ල
    ස්කොල නිවාඩුවට අම්මගෙ ගමට යනව, තිස්සමහරාමෙ, කුබුරු වල නටනව, වැව් වල නානව, මාලු අල්ලනව
    පඩි තවසට අම්ම චීස් ගෙනව
    බල්ලෙක් හිටිය ඌත් එක්ක ගම වටේම යනව
    මාලු අල්ලන්න යනව, කජු අහුලන්න යනව, වටෙ ඉඩම් වල කුරුම්බ කඩනව
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,222
    4,710
    113
    පොඩි කාලෙ සිකුරාද වෙනකං බලන් ඉන්නව තාත්ත කොලඹ ඉඳන් එන්නෙ එදාට හින්ද. චොක්ලට්, දෙළුම්, චීස් අනිවා ගේනව. අවුරුද්ද අන්තිමටයි, අලුත් අවුරුදු කාලෙටයි චොක්ලට් පාර්සල් පිටින් ගේන්නෙ. කා ගන්න බෑ. කාල කාල අහල පහල අයටත් දෙනව, ඉස්කෝලෙත් ගෙනියනව. අපේ කලින් ගෙවල් වලට උඩහින් රක්ෂිතයක් තිබ්බ. ගමේ කොල්ලොත් එක්ක ඒකෙ ඇවිදින්න යනව, දොල පාරව්ල් දිගේ උඩහට යනව, අලුත් අවුරුදු කාලෙට අවුරුදු උත්සවේ තරඟවලට යනව. දහම් පාසල් ගිහිල්ල පන්සලේ පොල් හොරාට කඩනව, කඨින පින්කම් වලට ගිහිල්ල පෙරහැරේ යන ගමන් පිස්සු කෙලිනව, කෙල්ලන්ට ටෝක් කරනව. (ඒ කාලෙ කෙල්ලොත් දැන් ඉන්න උන්ට වඩා සෑහෙන්න හැදියාවක් තිබ්බ උන්.)
    ආතා එක්ක කුඹුරු කොටලා තියෙනව, දැනුත් කුඹුරු කෑලි 4-5ක්ම තියෙනව. සමහරක් ඒව අතෑරලා දාල තියෙන්නෙ. උදේ ඉඳන් හවස් වෙනකං කුඹුරු යායෙ ඉන්නෙ ඒ කාලෙට. සමහර දේවල් හීනයක් වගේ. කාලෙ කොච්චර වේගෙන් යනවද කියල හිතෙනව.
    ඒ කාලෙ හිටපු කොල්ලො දැන් තාත්තල වෙලා, අපේ අම්මලා තාත්තලා දැන් වයසට ගිහිල්ල. මට මම වයසට යනවට වඩා දුක අම්ම තාත්තා වයසට යන එක. ඒ කාලෙ හිටපු ගමේ වයසක මිනිස්සු දැන් මැරිල ගිහිල්ලා, ලෙඩ ඇඳේ. ඒ කාලෙ තරුණ කොල්ලො දැන් වයස්ගත වෙලා.
    මතක් කරනව නං සෑහෙන්න දේවල් තියේ. ඒත් අන්තිමට දුක හිතෙනව.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    සිකුරාද හරි සෙනසුරාද හරි උදේ 6 කොහෙද රෙස්ලින් පෙන්නුව TNL එකේ. ඕක බලන්න නැගිටිනව පාන්දරම. තව හවස robin hood බලන්න කොහෙ හිටියත් ගෙදර දුවන් එනව ඒ වෙලාවට. තව කැන්ඩොස් චොක්ලට් කොලේ පවුල හැදුව. කොකාකෝල මූඩිද ලේබල්ද එකතු කරල බැට් එකක් හම්බ උනා. තව යෝයෝ. Edna චොක්ලට් වල ක්‍රිකටස්ලගෙ ෆොටෝ එකතු කලා. ඒ කාලෙ තමා ඉතින් ආතල්ම.
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    470
    142
    43
    මමටනම් අදටත් මතක ආසම දේ තමා ඒ කාලෙ අපේ තාත්ත වැඩ කලේ දුර. ගෙදර එන්නෙ සති දෙකකට සැරයක් සිකුරාදට. එදා රැට ගෙදර උයන්නෙ නෑ. තාත්ත ඔය රයිස්, කොත්තු වගේ දෙයක් අරන් එනව. ගෙදර ඔක්කොම එක්ක එකතු වෙලා ඕව කනව. ඒ කාලෙ ඉතින් ඔහොම දෙයක් කන්න හම්බ වෙනව කියන්නෙ ලොකු දෙයක්. ඕක තමා මමනම් ආසම මතකෙ. :love:
    ape hema masema 25 kottuwai rice akai :D