දඟර වාණෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම
උඩ වාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පස් යාර් බාගෙ යාන්තමින් නොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස්දෙක උගුලන්ට හිත්දෙන
තාන තනම් තන්දෙන තන මේ උඩැක්කි කෝලම
පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුනු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙඳන මුවහසරැලි නංවන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම