1. H

    නිවැරදි කථාව...

    බුදුහාමුදුරුවො ගැන හේමවත හා සාතාගිරි කියන යාළුවො දෙන්න ඇති වුන කථාවක් ආශ්‍රයෙන් තමයි මේ ලිපි ලියවෙන්නේ. මේ ලිපියෙන් කථා කරන්නේ බොරු කීම සහ නිවැරදි කථාව ගැන. කැමැත්තෝ බලත්වා.... ඇත්තටම අපේ ජීවිතයේදී අපි කථා කරන වචන වලින් කීයක් නම් අපි ඇත්ත කථා කරනවාද කියලා අපිම හිතන්න ඕනා. නිවන් දකින්න අරමුණු...
  2. H

    බුදුහාමුදුරුවො බොරු කියනවාද?

    බුදුහාමුදුරුවො බොරු කියනවාද? බුදුහාමුදුරුවො බොරු කියනවාද? දැන් හේමවත භෞතිකව සිදුවන වැරදි ක්‍රියාවන්ට අවධානය යොමු කලාට පස්සේ වැරදි කථාව සම්බන්ධයෙන් ප්‍රශ්නත් ඇහුවා. යහළු සාතාගිරි, ඔබේ ගුරුතුමා වන බුදුහාමුදුරුවො බොරු කියනවාද? සැර පරොස් වචන පාවිච්චි කරනවාද? යහළුවන් කොටවන්න පුළුවන්...
  3. H

    සාධු කියන හැටි..

    සාධු කියන හැටි.. බුදුහාමුදුරුවො හරි වේගයෙන් ධ්‍යානයන්ට සම වැදුනා. බුදුහාමුදුරුවො පිදුම් ලබන්න සුදුසු වීමේ තවත් හේතුවක් තමයි උන්වහන්‍සේ නිරන්තරයෙන්ම ධ්‍යානයන්ට සම වැදිලා සිටීම. දේශනාවක කොටසක් අවසානයේදී අහන් ඉන්න අය සාදු සාදු සාදු කියද්දි ඒ පුංචි වෙලාවෙදි බුදුහාමදුරුවො ධ්‍යානයන්ට සම වැදෙනවා...
  4. H

    පුංචි කථාවක්....

    2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියත් ලඟ ලඟම එන නිසා මට හිතුනා පුංචි කථාවක් ලියන්න. හැබැයි මේක නිකම් බොරු කථාවක් නෙමෙයි දැනට අවුරුදු 2600කට විතර කලකට ඉස්සරදී සිද්ධ වෙච්ච ඇත්ත කථාවක්. මටත් මගේ ගුරුවරයා නිසයි දැන ගන්න ලැබුනේ. ඒ ගැන හිතලා බැලුවම පුදුම සතුටක් දැනෙන නිසා ඔයාලත් එක්ක ඒ සතුට බෙදා ගත්තොත්...
  5. H

    නිවන....

    බෞද්ධ අපේ අරමුණ තමයි නිවන් දැකීම. එහෙමත් නැත්නම් දුකට නැවතීම තියන එක. සැපය අත් කර ගැනීම. නිවන කියන වචනය බෞද්ධයන්ට බුදුහාමුදුරුවො තරම්ම සමීපයි. නමුත් මේ වචනයත් එක්කම බැඳිච්ච අපිට නොතේරෙන දේවලුත් හුගක් තියෙනවා. නිවන කියන්නේ අල්ලන්න, දකින්න, දැනෙන දෙයක් නෙමෙයි. ඉතින් මිනිස්සුන්ට යමක් තමන්ගේ විෂයට...
  6. H

    ගමන...

    බෞද්ධ අපිට අරමුණු හුඟක් තියෙන්න විදියක් නෑ. බෞද්ධ අපේ එකම අරමුණ ව‍ගේම මූලික අරමුණ තමයි අර්හත්ඵලය සාක්ෂාත් කර ගැනීම. අරමුණ මේක වුනාට මේ අරමුණ ඇත්ත කර ගන්න එක නිකම් කජු තනවා වගේ ලේසි වැඩක් නෙමේ. අපි ක්‍රමානුකූලව කරන්න ඕනා දෙයක්. ක්‍රමානුකූලව වගේම මේ අරමුණ ‍දක්වා හොඳ සිහියෙන් යන්නත් ඕනා. නැත්නම් මහ...
  7. H

    බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනා..

    බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනා.. බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත හැරීම. බුදුරජාණනක් වහන්සේ තමන්ගේ අවසන් වස් කාලය ගත‍ කලේ බේළුව ගමේ. මේ කාලයේදී උන්වහන්සේට දරුණු ආබාධයක් හට ගත්තා. ඇසළ පෝය දවසේදී තමන් වහන්සේගේ පෙර කර්මයක් නිසා දරුණු කොන්දේ...
  8. H

    අනත්ත ලක්ඛණ

    අනත්ත ලක්ඛණ නාම - රූප...., ලක්ෂණ අනාත්ම විදියට හඳුන ගැනීම අනත්ත ලක්ඛණ ලෙසට හැඳින්වෙනවා. අනත්ත ගැන සලකද්දී මුලින්ම බලන්න වෙන්නේ අත්ත කියන්නේ මොකද්ද කියලයි. සාමාන්‍ය භාවිතයේදී අත්ත කියන්නේ හරයක් තියෙන දෙයක්, ඒ කියන්නේ යමක් තියෙනවා කියන එකයි. දැන් අපි බලමු උදාහරණයක් විදියට, මැටි ඇතිළියක හරය...
  9. H

    අනිච්ච ලක්ඛණ

    අනිච්ච ලක්ඛණ නැත්නම් අනිත්‍යතාවයේ සලකුණු තමයි විපරිණාම සහ අඤතභාවයේ විෂය පථය. විපරිණාම කියන්නේ ස්වභාවය රැඩිකල් විදියට වෙනස් වෙන එක. ඒ කියන්නේ වර්තමාන තත්වයේ ඉඳලා වර්තමාන තත්වයේ නොවන ආකාරයට වෙනස් වෙන එක. අඤතභාව කියන්නේ ස්වභාවයේ සිදුවන වෙනස් වීම. මේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ සිහියෙන්, විවෘතව...
  10. H

    තණ්හා

    තණ්හාව තව තවත් තණ්හාවටම මග පෙන්වනවා. එතනදි සීමාවක් නෑ. ඇති වීමක් නෑ. පහසුවෙන් සැනසීමක් නෑ. හිතන්න දැන් ඔයාට පුළුවන් කියලා රුපියල් 1000 ක් උපයන්න. ඒ මදි. ඔයාට ඕනා වෙනවා ඒ 1000, 10000 කර ගන්න. එතනින් නවතිනවාද නෑ. ඒක 100000, ඊටත් වඩා වැඩි කරගන්නයි ඕනා. දැනට ඉන්න තැනක් තියෙනවා කියලා හිතන්න. ඒත්...
  11. H

    බැහැර කරන්න

    පුද්ගලයෝ වර්ග 2 ක් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ සක්කාය භිරාත - තමන් ගැන හිතාගෙන සතුටු වෙන පුද්ගලයෝ නිබ්බාණ භිරාත - නාම රූප ධර්මයන් අවසන් කිරීම අරමුණු කර ගත් පුද්ගලයන් විදියට. මේ මුලින් කියන්න‍‍ යෙදුන පෘථග්ජනයා තමන්ගේ ජීවිතය ලස්සන කර ගන්නවා සය ආකාරයකින්. අනික් තැනැත්තා එක්කෝ සේඛ වෙන්න...
  12. H

    සතිපට්ඨාන බල

    සතිපට්ඨානය ගැන ලියවෙච්ච පුංචි වුනාට වැදගත් පොතක්. ඔයාලත් කියවලා බලන්න. උඩඊරියගම ධම්මජීව හාමුදුරුවන‍් විසිනුයි සම්පාදනය කරලා තියෙන්නේ...
  13. H

    පටිච්ච සමුප්පාද ‍

    පටිච්ච සමුප්පාද ‍ නරක සිතුවිලි දුක ලන් කරනවා වගේම පින්වත්,පිරිසුදු සිතුවිලි සතුට ලන් කරනවා. හොඳ පිරිසිදු සිතුවිලි සහිතව සිතන, කථා කරන වගේම ක්‍රියා කරන අය හොඳ කම්ම සංස්කාරයන් ගොඩ නගා ගන්නවා. හොඳ කර්මයන් මේ ආත්මයේදී වගේම මතු ආත්ම වලදීත් සැප විඳින්න හේතුවක් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ බව...
  14. H

    පටිච්ච සමුප්පාදයේ සතර ආකාරය

    පටිච්ච සමුප්පාදයේ සතර ආකාරය අපි මතක තියා ගන්න අවශය කරන ආකාර හතරක් පටිච්ච සමුප්පාදයේ තියෙනවා. එයින් එකක් තමයි වීර්යයක් නොමැති වීම (අව්‍යාපාර). අවිද්‍යාව නිසා සංඛාර හටගන්නේ කිසිම උත්සහයක් නැතිව වගේම සංඛාර හේතුවෙන් නැවත උප්පත්තියක් ඇති වෙන්නත් කිසිම උත්සහයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ ගැන තියෙන...
  15. H

    බුදුහාමුදුරුවන්ගේ කීර්තිය

    බුදුහාමුදුරුවන්ගේ කීර්තිය බුදුරජාණන් වහන්සේගේ කීර්තිය මුළු විශ්වය පුරාම ව්‍යාප්ත වූවක්. විශ්වයේ සමහරක් භූමි තලයන්හි ඉපදුන සත්වයෝ බුදුහාමුදුරුවනගෙන් බණ අහන්න ආපු නිසා එක් ආකාරයට විශ්වය පුරා උන්වහන්සේගේ කීර්තිය පැතුරුනා. සමහරක් වෙලාවලදි බුදුහාමුදුරුවො වෙනත් ලෝකයන්ට වැඩම කරලා ධර්ම දේශනා කරනන්ට...
  16. H

    බර කරේ තියන් යෑම

    බර කරේ තියන් යෑම ස්කන්ධයන්ගෙන් එකක් වන මේ ශරීරය ඇත්තටම මහා බරක්. අපි ශරීරිය පවත්වාගෙන යනවා කියනවා කියන්නේ මහා බරක් අරන් යනවා කියන එකයි. අපි ඒකට ඇඳුම් අන්දද්දි නැත්නම් කෑම ගිල්ලද්දි අපි කරන්නේ බරක් අරන් යන එක. ඒ කියන්නේ අපි රූපස්කන්ධයේ සේවකයෝ කියන එකයි. ඇඟට ඇඳුම් අන්දලා, කෑම කවලා අපි ශාරීරික...
  17. H

    පටිච්ච සමුප්පාදය

    පටිච්ච සමුප්පාදය මේ ලෝකේ තේරුම් ගන්න අපහසු ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි චතුරාර්‍ය සත්‍යය, සත්වයාගේ ස්වභාවය, නැවත උත්පත්තියේ ස්වභාවය සහ පටිච්ච සමුප්පාදය. අපි දැන් කථා කරන්න යන්නේ මින් හතර වැනි ධර්මතාවය ගැන. මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න අපහසු වන්න හේතුවක් තමයි මුලින් කියන්න යෙදුන ධර්මතා තුනම...
  18. H

    ප්‍රශ්න දෙකක් තියෙනවා

    ප්‍රශ්න දෙකක් තියෙනවා ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි, 1. මොකකින්ද ලෝකය ආවරණය වෙලා තියෙන්නේ? (කෙනස්සු නිවත්ථු ලෝකෝ? ) 2. ඇයි ලෝකය බැබළෙන්නේ නැත්තේ ? (කෙනස්සු නප්පනසති ලෝකෝ? ) කියන ප්‍රශ්න. ලෝක ත්‍රිවිධාකාරයි. 1. ඕකාස - ලෝකය 2. සත්ථ - සචේතනික සතුන්ගේ ලෝකය 3. සංඛාර - අජීවි ලෝකය...
  19. H

    ඔබ සැමට .....

    තමන් පවතින බව හිතන වැරදි දැකීම (සක්කාය දිට්ඨි) යයි. සන්තො කායො සක්කායෝ කියන විදියට සක්කාය කියන්නේ ස නැත්නම් සන්ත (පැවැත්ම) සහ කාය (නාම රූප එකතුව) කියන පද එක්ව ගත්තහමයි. කාය නැත්නම් නාම රූපයන්ගේ එකතුව පිළිබඳ දැනීම පොත් වලින් වත් කාගෙවත් පස්සෙන් ගියාටවත් එන්නේ නෑ. තමන් විසින්ම අත්දැකීමෙන්...
  20. H

    ධර්මය

    ධර්මය කියන්නේ අපි හැමෝටම දවසක සැනසීම ගෙන දෙන සම්පත. ධර්මයේ ගුණ අසීමිතයි වගේම කියලා නිම කරන්න බෑ. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ තික නිපාතයේදී ඒ නිසා අපිට සිහි කර ගන්න පුළුවන් මට්ටමට ගැලපෙන්න ධර්මයේ ගුණ දක්වලා තියෙනවා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී විදියට. අපි දන්නවා අපිට නියම ධර්මය අහන්න තේරුම් ගන්න...

    No contents