අතීතය අමතක වීම නරක රෝගයකි. නිදහස ලැබුනදා සිටම අප විවිද සංධිස්ථානයන් පසුකරමින් දශක ගනනාවක යුද්දයක් නිමකර නිදහස අර්ථවත් කරගැනීමට වෙරදරන මොහොතක සිට අප මෙතෙක් පසුකරගෙන ආ දේශපාලනික ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී අතීතයේ සිදුවීම් හා ඒවාද සමග බැදුනු සමහර තීරන පිළිබදව අප අපටම දොස් පවරාගන්නේ නිරායාසයෙනි...