1. DJ චි කේ යි යා

    New Year Greeting Cards ඕන

    ලස්සන, චාම්, යුනික් ගතියට තියෙන අලුත් අවුරුදු සුබපැතුම් පත් ගන්න තියෙන තැනක් කියන්නකෝ..
  2. DJ චි කේ යි යා

    කොළඹ අවට ඉන්න හොඳ, සම සම්බන්ධ ඩොක්ටර්ලා කවුද (Dermatologist)

    කොන්ඩේ යන එක පෙන්නගන්න ඕන බන්. නිකන් කරන්නම් වාලේ දේවල් කරලා ඇති වෙලා. පරීක්ෂණ ටිකක් කරගෙන මේකට හේතුව හොයාගන්න ඕන හරියට. හොඳ Dermatologistලා කවුද ඉන්නේ මේකට කොළඹ අවට ඉන්න?
  3. DJ චි කේ යි යා

    Uber Pick Me අපිට නෑනේ

    මචන්ලා අපේ පැත්තේ Uber, Pickme සර්විස් ඇත්තෙම නෑ. අඩුම ගානේ වීල් එකකට මීටරයක්වත් නෑ. තිබ්බත් ඕකුන් එකෙනුත් හොදට ගරා ගන්නවනේ. මං කියන්නේ මේකයි, පුදුම මාෆියාවක් යන්නේ. පොඩි දුරකට ගියත් අඩුම 250,300 ගන්නවා. තෙල් නෙමේ මොනා අඩු වුණත් මේ රේට් නම් නෑ අඩුවෙන්නේ. උතුරේ පවා ඌබර් පික්මී එහෙම තියෙනවලු. මට...
  4. DJ චි කේ යි යා

    අම්මට ෆෝන් එකක්

    මචන්ලා, අම්මට ෆෝන් එකක් අරන් දෙන්න ඕන. තිබ්බ එක හොඳටම අබලන්. මට හොඳ එකක් සජෙස්ට් කරහල්ලකෝ. මේකයි, කෝල් ගන්නයි, වට්සැප් යන්නයො, එෆ් බී යන්නයි තිබ්බ නම් ඇති. ඒ වගේ සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් ෆෝන් මොනාද? ලොකු ලොකු ගණන් ඒවත් එපා. මොකද නිතරම ෆෝන් එක එහෙම වට්ටගන්නවත් එක්ක. තේරුමක් නෑ. චාටර්ම...
  5. DJ චි කේ යි යා

    තණකොල කපන මැෂින්

    තනකොල කපන මැෂින් එකක් කීයක් වගේ වෙනවද බන්? හොඳ බ්‍රෑන්ඩ් මොකවත් තියෙනවද? කල්පැවැත්ම එහෙම කොහොමද? ගෙන්න ගන්නේ කොහෙද? දන්න අය විස්තර දෙන්නකෝ. තල්ලු කරගෙන යන මැෂින් එක නෙමේ, අර එල්ලගෙන කපන, දැත්ත තියෙන මැෂිම.
  6. DJ චි කේ යි යා

    කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

    කොන්ඩෙ යන එකට ඩොක්ටස්ලා හම්බෙන්න ගිය අය කවුද? ඒවා සම්බන්ධ හොඳ ඩොක්ටර්ස්ලා කවුද? එයාලා කරන්න කිව්ව මෙඩිකල් ටෙස්ට් මොනාද සාමාන්‍යයෙන්? Vitamin D3, Iron මට්ටම එහෙම බැලුවද?
  7. DJ චි කේ යි යා

    SLT හැතිකරේ

    SLT එවුන්ට කම්ප්ලේන් එකක් කරනවා කරනවා මුන් බල්ලෙක්ට ගණන් ගන්නේ නෑනේ බන්. ඇටෙන්ඩ් වෙන්නෙම නෑ. මං කම්ප්ලේන් කරලා කරලම දැන් උනුත් ඇරියස් එකට වගේ ඉන්නේ. මට මේ ගැන තව පැමිණිලි කරන්න පුළුවන් තැනක් කියපල්ලකෝ. දැන් නම් වැඩේට වඩා මුන් ගැන තරහ තියෙන්නේ.
  8. DJ චි කේ යි යා

    රටට පැකේජ් එකක් යවන්න ඕන

    අයර්ලන්තෙට පැකේජ් එකක් යවන්න ඕන අපේ නැන්දට. කෑම වගේකුයි, පරණ ඇඳුම් කැඩුම් වගේකුයි යවන්න ඕන.පොස්ට් ඔෆිස් එකේ කුරියර් සර්විස් එකෙන් තමා යවන්න හිතන් ඉන්නේ. කට්ටියක් කියනවා හොඳයි කියලා. වෙන කුරියර් සර්විස් නැතුව තැපෑලේ කුරියර් එකෙන් යවපු අය අදහස් කියන්නකෝ. චාජස් නම් අඩු ඇති නේද අනිත් ඒවට වඩා? බඩු...
  9. DJ චි කේ යි යා

    ZTE Phone බැක් කවර්ස් නැද්ද?

    ZTE Blade V30 Vita කියන ෆෝන් කටුවේ බැක් කවර්ස් නැද්ද බන් හොයාගන්න? සිංගර් එකෙන් මේ ලබ්බ කරන්නේ.. අවුරුදු 2කට කලින් ගත්තේ. දැන් නම් තියෙනවද දන්නෙත් නෑ.
  10. DJ චි කේ යි යා

    පොල් ගෙඩි වැටේ නම්

    වහලෙට පොල් වැටෙන එකෙන් වෙන හානිය අවම කරගන්න මොනාහරි ක්‍රම තියෙනවද බන්? ගහ කපන්න හෝ අදිනවා ඇරෙන්න වෙන මොනාහරි ක්‍රම මුකුත් තියනවද? වහලෙට මොකවත් තියලා වගේ මොනාහරි? උඹලා දැකලා කරපුවා එහෙම තියේ නම් විස්තර කරහල්ලකෝ..
  11. DJ චි කේ යි යා

    රසදිය

    රසදිය ගන්න තියෙන්නේ කොහෙද සාමාන්‍යයෙන්? ඕන කෙනෙක්ට දෙනවද ඒවා?
  12. DJ චි කේ යි යා

    barclays එකේ

    Barclays එකේ Repairing හොදද? හොර බොරු නෑනේ? අය කිරීම් සාධාරණද?
  13. DJ චි කේ යි යා

    CCTV කැමරා ප්‍රොබ්ලම්

    මගෙ hikvision සීසීටීවී කැම් 4න් එක කැම් එකක් දවසෙ පැය කිහිපයක් වැඩ නැතුව තිබිලා ආයෙ හිටි ගමන් වැඩ කරන්න ගන්නවා. ස්ක්‍රීන් එකේ නෝ වීඩියෝ කියලයි වැටෙන්නේ ඒ පැය කීපයටම. දවසට පැය 6ක් විතර වැඩ නෑ. අද තමා දැනගත්තේ. අනිත් කැම් 3 නම් අවුලක් නෑ ඒවා වැඩ. මේකේ අවුල මොකක් වෙන්න පුලුවන්ද? දැනට සතියක් තිස්සෙම...
  14. DJ චි කේ යි යා

    Call Recording App for Android

    කෝල් රෙකෝඩින් ඇප් එකක් කියන්නලකෝ හොඳ එකක්. Android ඒවට හරියන විකාර වැල්වටාරම් නැති එකක්. ෆෝන් එක ZTE
  15. DJ චි කේ යි යා

    කොන්ඩෙ එනවද?

    ඔලුව ස්ටීම් කළාම මචන්ලා තට්ටෙ පෑදුනු එවුන්ට ආයෙ කොන්ඩෙ එනවද? අත්දැකීම් කියන එවුන් කියහල්ලකෝ.
  16. DJ චි කේ යි යා

    බෑග් ගන්න හොඳ තැනක්

    ඔෆිස් බෑෆ්, ඉස්කෝල බෑග් වගේ බෑග්ස් ගන්න හොඳ තැන් කොහෙද තියෙන්නේ කොළඹ අවට? මල්වත්ත පාර ඇරෙන්න වෙන දන්න තැනක් තියෙ නම් කියන්න. ඒක නෙමේ මල්වත්ත පාරෙන් කොච්චර ගානකට ගත්තත් උන් අපිට ඇරියාමයි කියන ෆීලින් එක එනවනේ. හා නැද්ද?
  17. DJ චි කේ යි යා

    හොඳ මාස්ටර් එකක්

    යාලුවනේ, මං මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරලා ඉන්නේ.මට හොඳ මාස්ටර් එකක් කියන්නකෝ. අඩු කාලෙකින් කරන්න පුලුවන් එකක් වෙන්න ඕන. රජයේ හෝ පුද්ගලික ඕනම එකක්. හොඳයි කියලා හිතෙන ඒවා නිර්දේශ කරන්නකෝ.
  18. DJ චි කේ යි යා

    කොටුවෙ සයිකල් බඩු

    කොටුවෙ සයිකල් බඩු ගන්න තියෙන ඒරියා එක මොකක්ද බන්? බයිසිකල් පොම්පයක් ගන්න ඕන. දැන් කීයක් වගේ වෙයිද හැබෑට?
  19. DJ චි කේ යි යා

    Electricity Board E Meter

    මචන් LECO E Meter පාවිච්චි කරන අය කවුද ඉන්නේ? පොඩ්ඩක් ඒ ගැන විස්තර කියහන්කෝ. අපි E Meter එකකට මාරු වෙද්දි උන් අයකිරීමක් කරනවද? රවුටර් මොනාහරි අනංමනං තියෙන්න ඕනද බන්? වහලා දාලා තියෙන ගේකට බන්. මේන් ස්විච් ඔෆ් කරලා එන්නේ. එහෙම කලොත් රවුටර් බෑනේ.. ඒකයි

    No contents