1. hpalpola

    උපාසකවරු

    ඒක ඉතින් ඔයාගේ අර්ථය. ඔයාට හිතෙන්නෙ එහෙම වෙන්නැති.
  2. hpalpola

    උපාසකවරු

    උපාසක උපාසිකා නමින් පැවිදි නොවන සියළු දෙනා හඳුන්වන්නෙ නැහැ. තිසරණේ පිහිටපු කෙනා විතරයි ඒ නමින් හැඳින්වෙන්නෙ. අනෙක් අය පෘථග්ජන කියන පොදු නාමයෙන් හැඳින්වුවා. මේ අය අතරට ගෘහපති, බමුණු, සිටු වගේ අය ඇතුළත්. මීට අමතරව තීර්ථක නමින් හඳුන්වන පිරිසක් ඉන්නවා. ඒ අය වෙනත් ආගමික මත දරපු අය. ආජීවක, නිඝණ්ඨ වගේ...
  3. hpalpola

    උපාසකවරු

    බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ...
  4. hpalpola

    සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

    ඒක ඉතින් එක එක කෙනාට කැමැති විදියට දැකතහැකි. නිදසුනකට රාහුලගේ මව් පස සීයා ඒක දැක්කෙ ඔයා කියනවා වගේ. හැබැයි දැකලා නැවතුනේ නැහැ. බුදුරජාණන්වහන්සේට වෛර කරලා අවසානයේ අවීචියට ගියා. රාහුලගේ මව, මව් පස සීයා, මව් පස ආච්චි, රාහුල සහ ඔහුගේ මව ඒක දැක්කෙ වෙනස් විදියකට. ඒ අය නිවන් ගියා. ඕව ඔහොම තමයි. තමුන්...
  5. hpalpola

    සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

    ඔය ප්‍රශ්නය ඔයා විතරක් නෙමෙයි යාළුවා හුඟක් අය අහන ප්‍රශ්නයක්. සිදුහත් කුමාරයට දුක දැනෙන්නෙ ළමයා ලැබුනම විතරක් නෙමෙයි, ඊට කලින් ඉඳන් ඒ ගැන එතුමා යශෝධරාව සමග සාකච්ඡා කරනවා. සුදොවුන් රජතුමා ඒ නිසා තමයි සමහරක් දේවල් හංගන්න කටයුතු කරන්නෙ. යම් කිසි දවසක ගිහිගෙය අත්හරින බව කුමාරයා යශෝධරාවට කියලා...
  6. hpalpola

    තරහ පාලනය කිරීමට

    එක නිදසුනක් කියන්නම්. “ශාරීපුත්‍රය, ශික්‍ෂා පද පසෙක්හි සංවරවූ කර්‍මාන්ත ඇති උතුම් සිතෙහි හටගත්තාවූ මේ ආත්මයෙහි සැප විහරණ සතරක් කැමති පරිදි ලබන්නාවූ, පහසුවෙන් ලබන්නාවූ, බහුලව ලබන්නාවූ යම්කිසි සුදු වස්ත්‍ර හඳනා ගිහියෙකු දන්නහුද, හෙතෙම කැමතිවනු ලබන්නේ ක්‍ෂවූ නිරය ඇත්තේ, ක්‍ෂයවූ තිරිසන් යෝනිය...
  7. hpalpola

    මානසික ප්‍රශ්නයක්....

    මේක සාමාන්‍ය මානසික තත්ත්වයක්. වැඩේ තියෙන්නෙ මේ අදාළ මහත්මයා බෞද්ධ ප්‍රතිපදාව අනුව මේ වෙලාවේ කටයුතු කරන එකක් නැති වීම. මට පුළුවන් වෙන්නෙ ඒ ආශ්‍රයෙන් දෙයක් කියන්න විතරයි.
  8. hpalpola

    තරහ පාලනය කිරීමට

    යාළුවා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කාටවත් කරදර කරනවද නැද්ද කියන එක අදාළ නැහැ සීලයට. සරලවම කියනවා නම් ඔයාට හිතෙනවා නම් ඔයාගේ ක්‍රමය හොඳයි කියලා ඒක කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කළ මාර්ගය අනුගමනය කරන්න ඕනා කියලා හිතෙනවා නම් ඒ මාර්ගය පුහුණු කරන්න. බුදු දහම පිළිපැදීම කෙනෙක්ට අනිවාර්යය නැහැ.
  9. hpalpola

    තරහ පාලනය කිරීමට

    බුදු දහමට අනුව කෙනෙක් අපායගාමී නොවන්නේ සෝවාන් මාර්ගඵල තත්ත්වයට පත්වූවොතින් පමණයි. එසේ නොවන තාක් සතර අගතියෙ ඉපැදීමේ හැකියාව ඒ පුද්ගලයාට තියෙනවා. සෝවාන් මාර්ගඵල ලාභියාගේ සීලය කැඩෙන්නෙ නැහැ. ගිහියෙකුගේ පැත්තෙන් ගත්තොත් සීලය කියන්නෙ පංචසීලය. එයට මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතාවෙන් වැලකීම ඇතුළත් වෙනවා...
  10. hpalpola

    තරහ පාලනය කිරීමට

    Oyata ona apaye yana widiyakda
  11. hpalpola

    තරහ පාලනය කිරීමට

    මිනිස්සු විවිධාකාර ය. මේ විවිධාකාර මිනිසුන් අතර ජීවත්වන එක්තරා මිනිස් කොටසක් වන්නේ අනුන් නිසා තරහ ගන්නා අයයි. මොවුන් සමග සබඳතා පවත්වා ගැනීම පවා අපහසුය. අන්අයකුගේ හොඳ ක්‍රියාවක් වේවා නරක ක්‍රියාවක් වේවා ඔවුන් කිපෙයි. මේ බව දන්නා පිරිස ඒ පුද්ගලයා තරහ ගස්සා සතුටු වෙති. එය මා අනුමත නොකරමි. මදකට සිතා...
  12. hpalpola

    අමු සොහොනක් බඳු මිනිසා

    අමු සොහොන ඔබට එතරම් දැක පුරුදු ස්ථානයක් විය නොහැක්කේ අද වන විට විධිමත් ආකාරයට මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයක් ඇති නිසාවෙනි. නමුත් දැනට වසර දහස්ගණනකට පෙර ආසියානු කලාපයේ එවැනි භාවිතාවක් නොතිබුණි. මෙනිසා අමු සොහොන් දක්නට ලැබිණි. මළ මිනී රෙද්දකින් ඔතා එහි ගොස් දමයි. සතිපට්ඨානය තුළ මළසිරුර ආශ්‍රයෙන්...
  13. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    මන් හිතන්නෙ මගේ යාළුවට පොඩි අවුලක් වෙලා වගේ. හොඳයි හොඳයි.
  14. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    සල්ලි කියන දෙයත් වැදගත් සාධකයක් තමයි පෘථග්ජනයාට සතුටින් ඉන්න.
  15. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    හිතට එකඟව ඇත්තක්. මන් ලියන දේවල මූලාශ්‍රයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ මූලාශ්‍රය සඳහන් කරලා තියෙනවා. ලිය හැමදෙයක් ම මූලාශ්‍ර සහිතව ලියන ඒවා නෙමෙයි.
  16. hpalpola

    පංචේන්ද්‍රිය පාලනය කොරන්නට යාම

    බුදුරජාණන්වහන්සේ ධර්මය දේශනා කලේ ජීවත් වෙන මිනිස්සුන්ට. සමහර මිනිස්සුන්ට ධර්මය දේශනා කලේ නැහැ කොච්චර ලඟ ඉඳියත්. සමහරුන්ට කොච්චර ධර්මය ඇහුවත් ප්‍රයෝජනයක්වත් හරි ප්‍රතිඵලයක්වත් ලබන්නත් බැරි වුනා. ඉස්සරහටත් බැහැ. පෘථග්ජනයට ධර්මය අවබෝධ කරන්න පුළුවන් ඒකට අවශ්‍ය පරිසරය හදා ගත්තොත්. නැත්නම් ඉතින් නැහැ...
  17. hpalpola

    හිතේ ආශ්චර්යය

    හිත කියන්නෙ පුදුම දෙයක්. තවමත් මිනිස්සු උත්සාහ කරනවා හිත ගැන සම්පූර්ණයෙන් කියවන්න. බුදුරජාණන්වහන්සේ වරක දේශනා කරනවා හිත ගැන මෙහෙම. දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි ය. ජීවත්වෙන ටික කාලය ඇතුලෙ අපි විවිධ දේවල් කරනවා. කියනවා. හිතනවා. මේ...
  18. hpalpola

    සිංහල ටයිපින්ග් උදව්වක් ඕනා

    අභය, බින්දුමතී වගේ සිංහල ෆොන්ට්වලින් ටයිප් කරද්දී අකුරු හල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියනවාද වින්ඩෝස් 10 වලට පාවිච්චි කරන්න පුළුවන්.

    No contents