1. hpalpola

    කැමැත්ත නිසා ඇති වන දුක.

    කැමැත්ත නිසා ඇතිවන දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ මෙසේ දැක්වේ. "කතමඤ්ච, භික්ඛවේ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදේවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියේහි සම්පයොගො දුක්ඛො, පියේහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි...
  2. hpalpola

    ශීලය සහ භාවනාව

    සමහරක් භාවනා කරන්න හරි උනන්දුවෙන් වාඩි වෙනවා. හැබැයි හිත එක තැනකට ගේන්න හරිම අමාරුයි. මේ නිසා ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ නිසා භාවනාව අත්හැරලා දානවා. සමහරු දැඩි වීර්යෙන් අල්ලන් ඉන්නවා. මේ තත්ත්වය ඔයාටත් දැනිලා ඇති. එහෙම නැතුවත් ඇති. මේ වගේ අවස්ථාවක් ඔයාගේ භාවනා පුහුණුවට ආවොත් ඒකට පිළියමක් තමයි...
  3. hpalpola

    දානය සහ භාවනා

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ දානය, සීලය සහ භාවනාව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විදියට. ඒ බව පුඤ්ඤකිරියවත්ථු සුත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි අද වෙද්දි මිනිස්සු හුඟක් උත්සාහ කරන්නෙ භාවනා කරන්න. ඒ වෙනුවෙන් භාවනා වැඩසටහන්වලට පවා සම්බන්ධ වෙනවා. ඇත්ත. වඩාත් පින් සිද්ධ වෙන්නෙ භාවනාවෙන් තමයි. හැබැයි දන් දීම කරන...
  4. hpalpola

    හිතත් මරු තමයි.

    රූපවාහිනියක දුරස්ථ පාලකය ඔබට ලැබුන විට ඔබ කරන්නේ කුමක් ද? සමහරු නම් තමුන් කැමැති චැනලය ලැබෙන තුරු එය ඔබයි. අකමැති චැනල් ලැබුන විට මාරු කරයි. සමහරක් චැනල්වල පෙන්වන්නේ කුමක්ද කියා විමසිලිමත්වී එය අප්‍රිය නම් වෙනත් චැනලයකට ගමන් කරයි. බහුතරයකගේ සාමාන්‍ය ස්වභාවය එයයි. ඔබත් එසේ විය හැක. මෙසේ හැසිරීමේ...
  5. hpalpola

    පංචේන්ද්‍රිය පාලනය කොරන්නට යාම

    පංචේන්ද්‍රිය පාලනය කිරීමට යාම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේයැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඉන්ද්‍රිය දමනය කිරීම යනු ඉන්ද්‍රියන් පාලනය කිරීමයැයි සිතන්නා වූ පිරිස් වෙති. මිනිසාගේ ප්‍රධාන ඉන්ද්‍රිය පහකි. ඇස්, කන්, නාසය, කට සහ සිරුර ඒ ඉන්ද්‍රිය පහයි. මේ ඉන්ද්‍රියන් පාලනය කිරීම අමාරු නැත. අමාරු කාර්යය...
  6. hpalpola

    දවසක, රස නොදැනුනොත්?

    ඔව්. අශ්‍රැතවත් අඥානයාට එසේද පෙනෙනවා.
  7. hpalpola

    දවසක, රස නොදැනුනොත්?

    පසුගිය දිනක රෑ කෑමක් සඳහා සහභාගී වී සිටියදී ඇසීමට ලැබුණු දෙයක් නිසා මෙය සටහන් කරමි. අප සිටි මේසයට අසල වූ මේසයක ද පිරිසක් අසුන් ගෙන ආහාර ගනිමින් සිටියහ. එතැන සිටි අයකු තමුන්ට ආහාර වල රස නොදැනෙන බව පවසයි. එවිට අනෙක් සාමාජිකයන් ඔවුන්ගේ ආහාර වර්ගද ඔහුට රස විඳින්නට ලබා දෙයි. එම ආහාරයේද රස ඔහුට...
  8. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    ඔව්. මුළු දේශනාවම එක තැනක. එක මිටකට.
  9. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    මන් අහලානම් නැහැ. නමුත් කායානුපස්සනාව සක්මන් භාවනාවෙන් කරන්න පුළුවන්.
  10. hpalpola

    බුදු පිළිම වන්දනාව

    බුදු පිළිම වන්දනා කිරීම ගැන සමාජයේ කතිකාවතක් ඇත. ඒ ගැන විවිධ මතවාද පවතී. සමහරු කියන්නේ මැටි පිළිමවලට වැඳීමේ ප්‍රතිඵලයක් නැති බවයි. සමහරු එය පින් වැඩෙන ක්‍රියාවක් බව කියයි. ත්‍රිපිටකයට අනුව බුදුරජාණන්වහන්සේ කිසිදු විටක තමුන්වහන්සේගේ පිළිමයකට වන්දනා කිරීම පිළිබඳව දේශනා කර නැත. නමුත් උන්වහන්සේ...
  11. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    Bari kenata kohomat ba. Puluwan kyla hitana kena utsahayakwt darawi. Rahat wennet prutagjanayekma tamai
  12. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    ශබ්දය, ඇසීම සහ ඇහුම්කන් දීම අතර වැදගත් වෙනසක් ඇත. මෙම වෙනස රූප දැකීම සහ රූප බැලීම අතර ඇති වෙනසට සමානය. 1. ශබ්දය ඇසීම (Hearing): - මෙය ස්වාභාවික, අකර්මන්‍ය ක්‍රියාවලියකි. - කන සහ ශබ්දය එකට මුණගැසුණු විට සිදුවන ස්වයංක්‍රීය ක්‍රියාවලියකි. - මෙය හුදු සෝත විඤ්ඤාණය (කනේ විඥානය) පමණි. -...
  13. hpalpola

    රූප දැකීම සහ රූප බැලීම

    රූප දැකීම සහ රූප බැලීම අතර වැදගත් වෙනසක් ඇත. මෙම වෙනස බුදු දහමේ ඉගැන්වීම් වල, විශේෂයෙන් සතිය සහ විපස්සනා භාවනාව පිළිබඳ ඉගැන්වීම් වල, වැදගත් ස්ථානයක් ගනී. 1. රූප දැකීම (Seeing): - මෙය ස්වාභාවික, අකර්මන්‍ය ක්‍රියාවලියකි. - ඇස සහ රූපය එකට මුණගැසුණු විට සිදුවන ස්වයංක්‍රීය ක්‍රියාවලියකි. -...
  14. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    ඉතින් හරිනෙ. බැඳලා ඉතුරු ටික කර ගත හැකි
  15. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    විශුද්ධි මාර්ගයත් සමහර අවස්ථාවලදී වටේ යවනවා. හුඟක් වෙලාවට මන් දැකලා තියෙනවා ගුරුවරු උගන්වද්දි සතිපට්ඨානය අවස්ථා 4 කදි වඩන්න ඕන විදියට උගන්වනවා. ඒක වැරදියි. අනෙක් අතට විශුද්ධිමාර්ගයෙදි මෛත්‍රිය ගැන කතා කරන්නෙ අනාගාමී ඵලයට යනකම් විතරයි. නමුත් මෛත්‍රිය අර්හත් ඵලය දක්වාම යනවා. මම කියන්නෙ නැහැ මන්...
  16. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    රහතුන්වහන්සේලාටවත් ඒක පෙන්නෙ නැහැ බුදු කෙනෙක්ටම ඇර. නමුත් සෝවාන්ඵලය ලබපු සමහර කෙනෙක්ට ඒක දැන ගන්න පුළුවන්. සමහර කෙනෙක්ට බැහැ. ඒකත් ප්‍රඥාවේ ප්‍රමාණය අනුව. තමුන් උපරිමෙන් උත්සාහ කරන්න ඕනා තමුන්ගේ අවබෝධය වැඩි කර ගන්න අවශ්‍යනම්.
  17. hpalpola

    භාවනා කරන්න වෙලාවක්

    බහුතරයක් දෙනා කැමැති ලොකු වැඩ කරන්න. භාවනාව වුනත් එහෙමයි. සත්‍යාවබෝධය සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. ඉතින් ලොකු වැඩ කරන්න කැමැති අයට එදිනෙදා ජීවිතේ දී භාවනා කරන්න බැහැ. එක්කො වෙලාව නැහැ, එක්කො තැනක් නැහැ. සාමාන්‍ය පුද්ගලයකුට භාවනා කරන්න ගත්තම මේ වගේ ප්‍රශ්න එන්නෙ නැහැ. එයාට ජීවිතේම භාවනාවක්. ඒ කොහොම...
  18. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    ගොඩක් හාමුදුරුවරුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඕක තමයි. පොත පත කියවලා හොඳට දැනුම තියෙනවා. ප්‍රඥාවත් තියෙනවා. ඒකනෙ ඒවා මතක තියෙන්නෙ. හැබැයි අවබෝධය අඩුයි. ඔය කියනවා වගේ පොතකින් කියවලා විතරක් ගොඩ දාන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. ඒක තියරිය විතරයි.

    No contents