මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකොපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි.
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි.
මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලොකන...