කාමරයේ තනි නොතනිය මැකුව වෙලේ
එකටම හිඳන් එකටම අපි හැඬුව දිනේ
දුරකට ඇවිත් දරුවන් සිහි කෙරුව කලේ
අප දෙන්නාට හිටියේ අපි නොවෙද අනේ
අතටම තිබුනු සුදු සාරිය පටලාලා
මුව ළඟ සිනාවත් ලාවට පූදාලා
අඩු සපු ලීයකින් පෙටිටියකුත් සාදා
උඹ නිදි අරන් සංසාරය යාවීලා
මහතැන් නැතත් අපි එකටම ආ කලට
වයසත් මෝරලා හැත්තෑ අට...