1. H

    ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි

    එහෙම කරන්න බැරි හේතුව මම කලින්ම කිව්වේ ඒකයි. ඔයා උදාහරණෙට ගන්න ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාන්ත ක්‍රමයක්. චීනයේ මැතිවරණ තියෙන විදිහ හොයලා බලන්න. අනික් රටවල් දෙකේම පුද්ගලික අංශය ලංකාවේ පුද්ගලික අංශය එක්ක සසඳලා බලන්න. මේ ලංකාවේ, ළමයෙක් ඉපදෙනවා රජයේ රෝහලේ නොමිලේ. ඒ ලමයට ප්‍රතිශක්තිකරන එන්නත් ටික...
  2. H

    ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි

    මෙහෙමයි, ඇමති මණ්ඩලය 15ට අඩු කරා කියමු. ඒත් ලංකාවේ හැම දෙයක්ම රජය මූලික වෙලා කරන තත්ත්වයක් තියෙන්නේ. එතකොට එක ඇමති කෙනෙකුට එන විෂය පරාසය වැඩියි. නිකමට හිතමු. අපි කෘෂි කර්ම ඇමති කියලා, ඒ ඇමතිට ඒ ගැන සියලු දේ බලන්න කියනවා නම්, ලංකාවේ වගාවන් (වී,එළවළු,පලතුරු,වෙනත් ධාන්‍ය) ඔක්කොම, සත්ත්ව පාලනය...
  3. H

    හැපී එන්ඩින් එපා කිව්වම සුද්දව ස්පා එකෙන් එළවලා

    අනේ මන්දා ඉතිං, ලංකාව tourism කරනවා කියලා අර සුද්දට මෙහෙම වුනා, අර සුද්දි පාරේ යද්දි එකෙක් පස්සෙන් ආවා, බලාගෙන හිටියා, අරූට කඩේ එකා වැඩි මිලට වික්කා... කිය කිය මේ හැම එකක්ම මහා news වෙනවා නම් දැන් දැවැන්ත විදිහට tourism කරන scam රටවල නැද්ද? ඒ රටවල scam තිබ්බා කියලා tourists ලා යන්නෙ නැද්ද? එහෙම...
  4. H

    මාලිට දෙමුද

    උගත්කම ගැන කියනවා නම් Oxford එකේ උපාධි ගත්ත මහ බැංකු අධිපතිලත් හිටියනේ. අනික මේ කියන උගත් කම අදාළ වෙන්නේ අදාළ දේට මිසක් වෙන දේකට නෙවෙයි. කාට හරි පාලි භාෂාව ගැන පශ්චාත් උපාධියක් තියෙනවා ඒ හින්දා බැංකුවේ කළමනාකරු කරන්න කිව්වා වගේ දෙයක්නේ මේක.
  5. H

    ත්‍රිපෝශ

    ඔය තැඹිලි පාට එක දෙන්නෙ ලමයින්ට, ඒකත් බර අඩු නම්. දැන් රස නම් මොකද දන්නෙ නෑ. හතරක්ම දුන්නා කියන්නෙ බර සැහෙන්න අඩු ඇති. ඉතින් ළමයින්ට කන්න හොඳ නැත්නම් දෙන්නෙ නෑනේ. අපි ඒක කාලා රස නෑ කියලා වැඩක් නෑ. මොකද අපිට කන්න නෙවෙයි ලමයින්ට කන්නනේ දෙන්නේ. එතකොට ඒ රසකට හදලා ඇත්තේ. අර ටෙලි නාට්‍යක නළුවෙකුට...
  6. H

    Recommend a good horoscope reader near Colombo

    එතකොට කවුද ඒ ප්‍රශ්න පත්‍රය හදන්නෙ?ඒවා බලන්නෙ කවුද? ආදි වාසියෙකුට,කුලී වැඩ කරන සාක්ෂරතාවක් නැති මිනිහෙකුට ඡන්ද බලය නැති වෙන එකට මොකද කරන්නෙ?
  7. H

    180වෙනි SMART පන්තිකාමරය

    අස්වැසුම ගත්තා කියලා ඒ මිනිස්සු ඔක්කොම ආන්ඩුවට ඡන්දේ දෙනවා කියන්න බෑ. ඒත් මෙහෙම හිතමු. දැන් tax ගහන්නේ professionals ලට විතරද? එහෙම නැත්නම් professionals ලට tax ගහන එක නතර කරොත් ලංකාවේ බුද්ධි ගලනය නවතිනවාද? තවත් සරලව කිව්වොත් ඕනම ආන්ඩුවකට professionals ලගේ ඡන්දයට වඩා ඔය සමුර්දි,අස්වැසුම, තව...
  8. H

    මුන්ගේ මරු සමීක්ෂණය.

    ටිකට් කඩන එකාට බැනලා වැඩක් නෑ, ඒ මනුස්සයා කරන්නේ duty යක්. Dust bin නැති එකට නගර සභාවට හරි කියන්න වෙයි. අර මනුස්සයා ගෙදරින් ගෙනත් dust bin දාන්නද?
  9. H

    Midwife athulta 🤪

    ඕක ඇවිල්ලා පැත්තෙන් පැත්තට ඉන්න midwife අනුවත් වෙනස් වෙනවා. මූලිකම දේ ඔයගේ ළමයා ඉස්කෝලෙට දාන්න බලාපොරොත්තු වෙන පැත්තට අදාල mid wife register ට වෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට clinic ගියා වැටෙන්නේ ඒ පැත්තට. ඕක නොකළා කියලා නඩු වැටෙන්නේ නෑ. ඒ වුනාට clinic ගියාම එහෙම එක එක කතා අහගන්න වෙන්න පුළුවන්.
  10. H

    Annual leaves වලට ගෙවන්නෙ කොහොමද?

    ඔය මාසෙක පඩිය ආපහු දෙන්න කියන්නේ, කලින් දෙන්න ඕන කාලෙට කලින් දීලා අයින් වෙන නිසා.
  11. H

    ලිංගික සංසර්ගයකින් තොරව අවු. දහතුනේ කන්‍යාවිය ගැබිනියක් වීම ගැන විමර්ශන

    මොකක් හරි. ඒත් මේක මාධ්‍යයට කරේ leak ඇයි? මේ කෙල්ලයි, පවුලේ එවුනුයි කොච්චර පීඩනයක ඇද්ද මේවා පත්තරේ යද්දි අඩු ගාණේ පත්තරේ එකාට කල්පනා වෙන්නෙ නැද්ද මේවා මෙහෙම දාන්න ඕන ඒවාද කියලා.
  12. H

    සුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්...බුද්ධි අංශ යොදවයි...

    වෙළෙඳ අක්‍රමිකතා අල්ලන්න බුද්ධි අංශයේ සහය දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒකට පාරිභෝගික කටයුතු අධිකාරියේ කඩා පැනීමේ හමුදා නැද්ද?
  13. H

    යල්පැනපු මාක්ස්-ලෙනින් සමාජවාදී මාලිමා ජෙප්පෝ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නැතිව ඇඹරෙද්දී IMF hopeful SL’s debt talks will conclude soon

    //වැලිඔය එවැනි සැපයුම් කරුවන්ට ලබා නොදී පිටස්තර සැපයුම් කරුවන්ට අවස්ථාව ලබා දීම//මෙන්න මෙතන හරියටම බැලුවා නම්....
  14. H

    මාලෙට ඇති අපිට නැති දේ

    මෙහෙමයි දැන් ලංකාවට එහෙම පට්ට.... සල්ලියක් තියෙන එහෙම නැත්නම් අත දිග ඇරලා වියදම් කරන සංචාරකයො ගෙන්න ගන්නවා නම් ඒ විදිහට පහසුකම් එහෙමත් දෙන්න වෙනවා. මොකද ඔය back packer කෙනෙක් නම් YouTube දාලා බැනලා යයි. ඒ වගේද ලොකු නහර කාරයෙක්ට ටොපියක් සෙට් වුනොත් ලංකාවට ණය දෙන එකට වුනත් බලපෑම් කරන්න බලයි.
  15. H

    800ට වඩේ වික්කට කමක් නෑ - රනිල් is allowed?

    ඉතින් වෙන රටවලත් දේශීය අයට එක ගාණකටත් විදේශීය අයට වැඩි ගාණකටත් ටිකට් විකුණන තැන් තියෙනවා. අර ටජ් මහල් බලන්න යන තැන ලංකාවේ සමහරු ඉන්දියාවේ අය වගේ යන්න හදන්නේ.
  16. H

    රට ගියපු උන්ට හරියට කරන්නත් නෑ. මොකක්ද බං ඔය ජීවිතේ තේරුම 😄

    මෙහෙමයි ඉතින්, ඔය වැඩේ ලංකාවෙත් සමහරු කරනවා. ලේසියි, ඒත් නරක් වෙන අවුල තියෙනවා. හදිසියේ fridge එක off වුනොත් ඉවරයි. යුරෝපේ රටක ඒ රටේ මිනිස්සුන්ට කන්න හදන චොකලට් එක මේ රටට ගෙනැල්ලා කන්න ගියොත් අතට ගත්ත ගමන් දිය වෙන්න පුළුවන්. එතකොට මේ රටවලට හදන්නේ වෙන version එකක්, වෙන්නත් පුළුවන්. අනික...
  17. H

    ඇදුම් බ්‍රෑන්ඩ් names

    ඔතන අතුරු කතා ගොඩක් තියෙනවා. bundle pricing කියලා එකක් තියෙනවා. එතනදි ඇඳුම් කඩවල එකට එල්ලලා තියෙන ඇඳුම් ගොඩක් අස්සේ අඩු මිලට වෙනදා විකුණන ඇඳුමක් අර වැඩි ගාණටම දාන වෙලාවල් තියෙනවා. අහුවෙන වෙලාවල් තියෙනවා. ඊළඟට කොහෙන් ගත්තත් තමන්ට set වෙන්නේ නැත්නම් ගන්න ඕන නෑ. ඒක ලොකු කඩේද පොඩිද කියලා නෑ.
  18. H

    🛑Breaking News! ලංකාවේ කාතෝලිකයන් ආදම් සහ ඒවගෙන්ද බවුද්දයන් සහ අනෙකුත් ජාතීන් වදුරන්ගෙන් පැවත එන බව තහවුරු වේ😮!

    මිනිස්සු වඳුරාගෙන් පැවත එනවා නෙවෙයි, වඳුරයි, මිනිහයි ජාති දෙකම එක පොදු සතෙකුගෙන් පැවත එන්නේ. එහෙම නැත්නම් වඳුරාගෙන් පැවත ආවා නම් ඇයි තාම වඳුරො ඉන්නේ?
  19. H

    ♦️මෝඩ ගෝටාභය Cancel නොකරා නම් අද මේ වෙනකොට මාලබේ ඉදන් කොලබට සැහැල්ලු දුම්රියේ යන්න තිබ්බා කියලා දන්නවා ද?

    එක පැත්තකට හරි කමක් නෑ ඉක්මනට යන්න පුළුවන් නම් මොකද වෙන්නේ? අදටත් කොළඹ උදේට පිටින් වාහන එනවා. හවසට ඒ ආපු වාහන පිටට යනවා. එතකොට එක පැත්තකට තමයි එක වෙලාවක ලොකු තදබදයක් එන්නේ. එහෙම නැති සමහර වෙලාවල් තියෙනවා. ඒත් පොදුවේ වෙන්නේ ඕක.
  20. H

    කාසල් රෝහලේ සය නිවුන් දරු උපතට මුල්වූ කලල තැන්පතුව වෛද්‍ය සදාචාර ප්‍රශ්නයක්

    ඔය පවුලට උදව් කරනවා නම් කරන්න. ඒත් මේකේ IVF එක කරේ කවුද? එතකොට මේ අවදානම දන්නෙ නැද්ද? මේ IVF එක private කරා නම් ඒ කරන්න මේ වගේ අන්ත දුගී පවුලකට සල්ලි ලැබුනේ කොහොමද?

    No contents