1. H

    🔴අලිපූට්ටුවන් කොළඹ රෝයල් එකේ පාසල් ළමුන්ට කඳුලුගෑස් ගසා මාට්ටු...🔴

    ඉස්කෝල අරින වෙලාව බලලා ඒ ගාවම පිකටින් පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඉස්කෝල ලමයින්ට වැදුනා කියලා. ඕකම තමයි කැම්පස් වලත් අලුතෙන් ළමයි ආවම කරන්නේ. නැති ප්‍රශ්නයක් හදලා අලුත් එවුන් ඇදගෙන යනවා පිකට් වලට. පොලිසියෙන් එද්දි අලුත් එවුන් විශේෂයෙන්ම කෙල්ලො ඉස්සරහට දානවා, ලොක්කො හැංගෙනවා. කැමරා එනකොට ලොක්කො...
  2. H

    මේ සින් එක කුමක්ද ගුපියනේ ??

    පොඩි කතාවක් කියන්න හිතුනා. දවසක් super market එකකට ආපු කොල්ලෙක් cashier එක ළඟට ඇවිල්ලා සිගරට් පත්තු කරගෙන බොන්න හැදුවා. එතකොට cashier එකේ කෙල්ල කිව්වා මෙතන සිගරට් බොන්න එපා, වෙන තැනකට ගිහින් බොන්න කියලා. එතකොට කොල්ලා තර්ක කළා මම සිගරට් ගත්තේ ඔයාගේ කඩෙන්,මෙතන සිගරට් ගන්න හොඳයි නම් බිව්වම මොකද...
  3. H

    Lawyers la nemeida?

    නීතිඥයෝ කියන්නෙත් මේ රටේ මිනිස්සුනේ. අමුතු ග්‍රහලෝකයකින් ආපු අය නෙවෙයිනේ. මිනිස්සු ඇත්ත කතා කරන කෙනා ගාවටද නැත්නම් නඩුව දිනවන කෙනා ගාවටද නඩුවක් භාර දෙන්න යන්නෙ?
  4. H

    මේ music වලින් අමුතු feeling එකක් එනවා

    ඔය මල් මිටක් සින්දුවේ නම් තාලයේ සමානකමක් ජැක් හා බෝංචි වැල වගේ සුර්ංගනා කතාවක චිත්‍රපටියක සංගීතයට තියෙනවා කියනවා.
  5. H

    පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ

    ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැම එකක්ම රටේ විධිමත් බැංකු පද්ධතිය මතම යැපෙනවා කියන්න බෑනේ. පොළී මුදලාලිලාගෙන් ණය අරගන්න කට්ටිය ඉන්නවා. එතකොට රටේ පොළී අනුපාත වැඩි කළ පමණින්ම එක පාරට ව්‍යාපාර ඔක්කොම වැටෙනවා කියන්නත් බෑ. අනෙක එහෙම වැඩි කළාම මිනිස්සු FD දාන්න ගන්නවා. එතකොට බැංකු ඒ සල්ලි අරන්...
  6. H

    දුප්පත් ලංකාවේ දුප්පත් මිනිස්සු

    එහෙම වෙන්නේ ඒ මිනිස්සුන්ටම තමයි, මොකද මම සඳහන් කරපු අවස්ථා හැම එකකදිම තමන් දුප්පත් කියලා කියන්නේ ඒ මිනිස්සුම තමයි. ඔය අවස්ථා තුනේදිම ඔය මිනිස්සු රජයෙන් දෙයක් දෙනකම් බලාගෙන ඉන්නේ. ඔකේ ප්‍රතිඵලය මම මේකට එන ප්‍රතිචාර එක්ක දානව.
  7. H

    දුප්පත් ලංකාවේ දුප්පත් මිනිස්සු

    ලංකාවේ අපි දුප්පත්කම නැත්නම් දරිද්‍රතාව ගැන කතා කරනවා. මිනිස්සුන්ට සල්ලි නෑ කියලා කියනවා. ඒත් ඇත්තටම ඒක එහෙමමද? ඇත්තටම ලංකාවේ මිනිස්සු අහිංසකද? මේ කතා කීපයම මම දන්නා පවුල් කීපයකට අදාළව. 1- මෙයාලා කියන්නෙ දුප්පත් කියලා. රජයෙන් ලැබෙන ඕනම සහනාධාරයක් පැනලා ගන්නේ. කට ඇරියොත් කියන්නෙ සල්ලි නෑ කියලා...
  8. H

    ජෝතිෂය බෝරුද 🤔

    ජෝතිෂ්‍යවේදියෙක් කියන අනාවැකියක් ඇත්ත හෝ බොරු වුනාම ඒකෙන් ජෝතිෂ්‍යය ඇත්ත හෝ බොරු වෙනවා නම් ගැන වෛද්‍යවරු කියපුවා ඇත්ත/බොරු වෙන එකෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඇත්ත/බොරු වෙනවද?
  9. H

    විදුලි බිල වැඩි කිරීම තුල අසාධාරණයක් නැහැ

    මේකනේ ප්‍රශ්නේ, ඔය දේශපාලන පත්වීම් දෙන්නේ කාටද? මේ රටේ මිනිස්සුන්ට, ඡන්ද බලය හිමි මිනිස්සුන්ට. ඔය පත් වීම් දුන්නේ නැත්නම් ඔය මිනිස්සු ඡන්දේ දෙනවද? පත්තරේක ලිපියක් අරගෙන බලන්න, සමහර ගම් වල මිනිස්සු බලන් ඉන්නේ ඔය හැම දේම රජයෙන් කරව ගන්න. වැඩිය ඕන නෑ, පෝර සහනාධාරය බලන්න.
  10. H

    Mara return ne ban mewa

    ඒක තමයි ගාණක් කපාගෙන හරි කියලා කිව්වේ. ගස් වවන්න සල්ලි දාලා පැළ ගලවගෙන යන්න බෑනේ, සල්ලි වෙනුවට.
  11. H

    Mara return ne ban mewa

    ඕක ගැනම නෙවෙයි, පොදුවේ, ඔය ගස් වවන්න ආයෝජනය කරන ව්‍යපෘති වල තියෙන්නේ දැන් අපි සල්ලි ගාණක් දීලා අවුරුදු ගාණකින් ඒ පැළ ලොකු වෙලා ගස් වුනාම විකුණන්න පුළුවන් කියන එකනේ. වැඩේ තියෙන්නේ මේකයි. අපි බැංකුවක දැම්මාම මඟදි ඒ කියන්නේ අවුරුදු 5ට දාලා ඒක අවුරුදු 3න් ගන්න ගියාම ගාණක් කපලා හරි පොළිය එක්ක සල්ලි...
  12. H

    වැල් පාලමේ ලංකාව එතෙර වෙමින්.. උද්දමන ලයිස්තුවේ විශාල වර්ධනයක.. රුපියල දුර්වල නෑ.. ජෝන් හොප්ස්කින් වාර්තාව මෙන්න..

    රටක මුදල් සැපයුම වැඩි වෙලා උද්ධමනය වැඩි වෙනකොට ඒ මුදල් ආපහු බැංකු පද්ධතියට ගන්න තියෙන එක ක්‍රමයක් තමයි පොළී අනුපාත වැඩි කරලා තැන්පතු විදිහට ගන්න එක. දැන් පොළී අනුපාත වැඩියි ණය ගන්න බෑ කියලා කෑ ගහන එකාම ඊට පස්සේ පොළී අනුපාත අඩු කරාම කෑ ගහන්න ගන්නවා අපි ජීවත් වෙන්නෙ ඒකේ පොළියෙන් කියලා.
  13. H

    අද රනිල්ගෙ කතාව ඇහුවද . මුලු පාර් ලිමේන්තුවම මෝඩයොද

    ඔය කෑලෑවල අලි ගම් වදින ප්‍රශ්නේ කතා නොකරන පැති තියෙනවා. මිනිස්සු කැලේ කපලා හේන් කරනවා,ඉඩම් අල්ලගන්නවා. අනික අලි වැට ගැහුවම ඒකෙන් කම්බි එහාට කරලා හරක් දිගේලි කරනවා. එහෙම කරලා වල් අලි ගහනවා කියනවා.
  14. H

    බටහිරට ගැතිකම් කරන එක අවුල්ද ?

    දැන් මේ නළුවා අර සන්ධාන ආණ්ඩුව හදන කාලේ හිටියේ මොන පැත්තෙද? දැන් මේ 77න් පස්සේ මොක්කුද එවුන් තමයි දේශපාලනේ ඉන්නෙ කියනවා නම් ඔය කතා කරන පක්ෂේ ඉන්නේ ඊට කලින් දේශපාලනේට බැහැපු කට්ටියද?
  15. H

    තනතුරු දෙක සදහාම වැටුප්

    මේ මනුස්සයා සුද්ද කරන්න ඕන නෑ. ඒ වුනාට ඔය විනෝදාස්වාද දීමනාව කියන්නේ entertainment allowance එක සිංහල නම් සංග්‍රහ දීමනාව. කොහොමත් සමාගමක සභාපති ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් එක්ක කරන අවස්ථා තියෙන්න පුළුවන්. මෙතන වැඩේ මේක රාජ්‍ය සමාගමක් වෙච්ච එක.
  16. H

    2023 NPP රජය යටතේ දුප්පතුන් "කෝටිපති බිස්නස්කාරයන්" වෙන හැටි මෙන්න...😮

    ඔය සමෘද්ධි ගන්න අයගේ උපාධිදාරීන්ට හරි A/L පාස් අයට හරි රජයේ රස්සා දුන්නා කියලා හරි යන්නෙ නෑ, මොකද එයලා කසාද බැන්දම වෙනම පවුල් ඒකකයක් කියලා අර අම්මා/තාත්තා/ආච්චි/සීයා ආයි සමෘද්ධිය ඉල්ලනවා. අනෙක ඔය සමෘද්ධි මාසෙකට 10,000 ට වැඩි කරන්නයි, අර ණය පොළී රජයෙන් ගෙවන්නයි සල්ලි කෝ?
  17. H

    චෙක් ප්‍රශ්නයක්

    ඔයාගේ ගිණුමෙන් සල්ලි අඩු වෙලා නම් ඔයාගේ පැත්තෙන් අවුලක් නෑ. එයාට එයාගේ බැංකුවත් එක්ක කතා කරලා අහන්න කියන්න ඇයි සල්ලි hold කරන්නෙ කියලා. එයා ගෙවන්න තියෙන ණයක් වගේ එකක් හිඟ හිටලා ඒකට හරියන්න තියන් ඉන්නවද දන්නෙ නෑනේ. ඔයා ඔය කතාව එයාගෙන් email එකක් ගෙන්න ගෙන ඒක දාන්න ඔයාගේ බැංකුවේ මැනේජර්ට එයාගේ...
  18. H

    ජනරජ පෙරහැර හරි අභිමානවත්ව තිබුනා නේද ?

    ජන රජ පෙරහැරක ඉතින් කරඬුවක් වඩම්මන්න බැරි හින්දා මෙහෙම අරන් යන්න ඇති.
  19. H

    පේරාදෙණි සරසවියේ අනිවාර්ය නිවාඩු යැවූ කථිකාචාර්යවරියට අමුතු ගෙවිල්ලක්

    ඉතින් මෙතන කියන විදිහට අනිවාර්ය නිවාඩු යැව්වා මිසක් පඩි නතර කරේ නෑනේ. එතකොට ආපහු වැඩට ගත්තම හිඟ වැ‍ටුප් ගෙවලා තියෙනවා. ඔය කියන අධ්‍යයන දීමනා, පර්යේෂණ දීමනා අනිවාර්ය නිවාඩු ගියාම දෙන්න බෑ කියලා විගණන අංශය කියන්නෙ කොහොමද?
  20. H

    එළකිරි අනාතයින් කියන තරම් මිනිසුන්ට අමාරුද?

    ඔතන තියෙන්නේ ප්‍රමුඛතා ගැන ප්‍රශ්නයක්. සමහර මිනිස්සු ඉන්නවා මාසෙට ලක්ෂගණන් හම්බ කරනවා ඒකෙන් කරන දේ කන බොන අඳින එක විතරයි, ඉතුරුවක් නෑ. හැබැයි කියන්නේ දුප්පත් කියලා. ගමකට ගිහිල්ලා බලන්න ඕන තරම් ඉන්නවා.

    No contents