1. H

    USD rate එකට ඉස්සරහට මොනවා වෙයිද?

    ඩොලර් ගේන වැඩපිළිවෙලක් නේද? අර ඌව පළාතේ තියෙන උස කඳු පෙන්නලා ඒ කඳු උඩ කැළෑ තියෙනවා, ඒ කැළෑ වලින් කාලා හරකුන්ට කිරි දෙන්න පුළුවන්, එතකොට ඒකෙන් ඌව පළාතේ කිරි පට්ටි දාන්න පුළුවන් වගේ වැඩපිළිවෙළක් ලංකාවට ඩොලර් ගේන්නත් කියමු. :giggle:
  2. H

    පණ්ඩිත් අමරදේව?

    අමරදේව දක්ෂයෙක්,ඒකේ ගැටළුවක් නෑ.ඒත් එහෙම කියලා එයාවම හෝ එයාටම මේක කියන එකේ ගැටළුවක් තියෙනවා.මම අහලා තියෙන විදිහට ඉස්සර කාලේ ගුවන් විදුලියේ සින්දු කියන්න පරීක්ෂණේට ආපු M.S. ප්‍රනාන්දු ගේ කට හඬ සින්දු කියන්න හොඳ නෑ කියලා ප්‍රතික්ෂේප කරපු කමි‍ටුවේ මෙයත් හිටියලු. හොඳයි කියලා කියපු එකම කෙනා සුනිල්...
  3. H

    මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)

    ඕක එක්ක හෝදපු වෙන ඇඳුමක සායම් ගියාද?
  4. H

    මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)

    ඔතන වෙලා තියෙන එකනම්හරියටම මොකක්ද දන්නෙ නෑ.ඒ වුනාට ඔය ඇඳුමේ සායම් යන ගතියක් පේනවා. කෝකටත් hanger එකක දාල ඕවා වනන්න,ලා අව්වේ.
  5. H

    profa la

    ඕන තරම් ඉන්නවා, එක එක්කෙනා එක එක විදිහයි.
  6. H

    How to handle large withdrawals

    Online transfer කරන්න. එහෙම විදිහක් නැත්නම් pay order එකකින් ගෙවන්න පුළුවන්ද කියලා කඩේන් අහන්න. සල්ලි නෝට්‍ටු විදිහටම ඕන නම් කොළ වලින් ඉල්ලන්න ගොඩක් පෝලිමක් නැති වෙලාවක. තනියෙන් යන්න එපා. පාරේ අරන් යනවා නම් හොඳ තද පොරක් වගේ තව එකෙක් එක්ක යන්න. පිටේ එල්ලන හයිය බෑග් එකක සල්ලි දාන් යන්න. ඒත්...
  7. H

    රිළවුන් හරිම ලස්සණයි චීනයට පටවනවට මා විරුද්ධයි - නවීන් දසනායක

    මෙතන වෙන්නෙ මේකයි. මෙහේ මොන කෙහෙම්මල කරන්න ගියත් ඒකට විරුද්ධ වෙන්න ඉන්නවා සෙට් එකක් මොකක් හරි අටවගෙන හරි හෝ වැරදි. දැන් රිලා ගැටළුව ගත්තම ඒක ගැන කියවන්න එන සමහරු කරන්නේ මේකට හේතුව අරක මේක කියලා නතර වෙන එක මිසක් විකල්ප විසඳුමක් දෙන එක නෙවෙයි. හරියට ගෙදර ළමයා වැටිලා තුවාල වුනාම බේත් දාන්නෙ නැතුව...
  8. H

    පාසල් පද්ධතිය කඩා වැටීමට ආසන්නයි

    ඉස්කෝලවල ගුරු හිඟයක් තියෙනවා කියමුකෝ. ඒ වුනාට හොයලා බැලුවොත් සමහර ඉස්කෝලවලම ගුරු අතිරික්තයකුත් තියෙනවා නේද? ඉස්කෝලවල කාල සටහන් හරියට හැදුවොත් ඔය ගොඩක් සෙල්ලම් එලියට එනවා.
  9. H

    සංවර්ධනය ඇරඹෙයි රටට යහපත් කාලයක්

    ඕක ඉතින් එක මතයක්නේ. දැන් රජයක් ඇවිල්ලා රෝහල්වල බේත් හිඟයක් නැතුව දෙනවා. ගුරු ගිඟයත් නැතුව යනවා. ඔය රජයෙන් ගෙවන සහනාධාර සල්ලි එහෙමත් වෙලාවට ගෙවනවා කියමු. ඒත් එහෙම වුනොත් මිනිස්සු අහන්නේ මොනවද?කෝ කිසි වැඩක් කරලා නෑනේ, දැන්වත් වැඩ කරනවද?ඇඟට දැනෙන වැඩක් වෙලා නෑනේ. ඔන්න ඕවා. ඕන ටවුමක දැන් දාන්න ලොකු...
  10. H

    පොරොන්දම්

    කෙල්ල අහිංසක නම් මුලින්ම හිත හදපන්. අනික දෙන්නා කතා කරලා තීරණයක් ගන්න මොකද කරන්නෙ කියලා. බඳිනවා නම් හොඳම දේ වෙන හොඳ කේන්දර බලන තැනකට පෙන්වලා මොක්ද කරන්නෙ කියලා අහපන්. නොගැලපෙන ඒවට කරන්න පිළියම් තියෙනවා, මහ ගාණක් වියදම් නොකර. ඒකයි කිව්වේ හොඳ තැනකට යන්න කියලා, සල්ලි කඩා ගන්න තැනකට නෙවෙයි. එහෙම...
  11. H

    පොරොන්දම්

    මෙහෙමයි, ඔය 58% කියන්නේ පොරොන්දම්. ඒක බැලුවට මදි ග්‍රහ පිහිටීම් බලන්න කියන්න. තව හොඳ කේන්දර බලන තැනකට ගිහිල්ලා පෙන්වගන්න, පුළුවන් නම් ඔයාලා දෙන්නා යන්න. ශනි මංගල යෝගයට පිළියම් තියෙනවා. ගැනු ළමයා මුරණ්ඩු චරිතයක්ද?
  12. H

    පොඩි මෑන්ගෙ කකුලේ පොඩි ඇද ගතියක් - Doctor Help

    Physiotherapist කෙනෙක්ට පෙන්නලා හිටියොත්?
  13. H

    රැකියා විරහිත උපාධිධාරින්ට රජයේන්ම රස්සා දෙන්න ඔනෙද ?

    ඔය ලංකාවේ ‍රැකියා විරහිත උපාධිදාරීන් කියලා ඉන්න බහුතරයක් එක්කො බාහිර උපාධි, නැත්නම් කලා විෂය කරපු අය. බාහිර උපාධිය ගත්ත අයට නම් සමාවක් දෙන්න බෑ මොකද ඒක ‍රැකියාවක් කරන ගමන් කරන්න හැකි දෙයක්. fulltime නෙවෙයි. ඔතන ඔය රජයේ කතාව එන්නේ ඔතනට වැටෙන සමහරු කැම්පස් කාලේ එක එක අයගේ ඉත්තො. පහුගිය කාලේ ඒ ඒ...
  14. H

    ඇයි? රාජ්‍ය සේවෙ ඉන්න උන්...

    ආණ්ඩු මාරුවෙන කොට වෙන දේවල් මතක් කරගන්නකො.
  15. H

    මේකේ කියලා තියෙන දේවල් නේද හරියටම වෙන්නේ?

    ඔන්න එකෝමත් එක රටක ගායිකාවක් හිටියලු. මෙයාට අලුත් චිත්තරපටියක අලුත් ගායකයෙක් එක්ක සින්දුවක් කියන්න තිබුනලු. ඉතින් මෙයා හරි ලොකුයිනේ. ඒ හින්දා ඒ අලුත් ගායකයා එක්ක සින්දු කියන්න බෑ...... කිව්වලු. ඊට පස්සේ මොකක් හෝ වාසනාවකට ඒ අලුත් ගායකයව කපලා දාන්නේ නැතිව ඒ සින්දුවම වෙනත් ගායිකාවක් එක්ක කිව්වලු. ඒ...
  16. H

    ණය උනාම ගෙදර මොකක් හරි විකුනලා ණය ගෙවමු

    ගෙදර මනුස්සයෙක් ගෙදර මේසයක්,පු‍ටුවක් විකුණුවාම ඒක ගෙදරින් ඉවත් වෙනවා. වරාය විකුණුවා කියලා වරාය උස්සගෙන යන්නෙ නෑනේ. වරාය එහෙමම තියෙනවා. ඒකේ ලාභය/පාඩුව ගත්ත මිනිහා ගන්නවා. අපි පාඩුවට දුවන්නේ ඒ මිනිස්සු කොහොම ලාභ ගන්න දන්නවද දන්නෙ නෑ කියන එකට සරලම පිළිතුර තමයි දක්ෂතාව කියන එක.
  17. H

    ලංකා තෙල් සංස්ථාවේ දූෂණය..

    හැබැයි මීටරේ බොරුවට කරකවන්නෙ නැත්නම් full tank කරලා mileage බලලා ආයි full tank කරද්දි mileage බැලුවා නම් සරලව ඕක හොයන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඕනම වාහනේක ඕක සාමාන්‍ය (average) අගයක්. කොළඹ traffic එකේ යද්දි එකක්,traffic අඩු කෙළින් පාරක යද්දි තව එකක්. අනික load කරලා යන්නෙ එක පැත්තකට, එද්දි හිස්ව...
  18. H

    "ලක්ෂ 7.5ක් ඉන්න ඕන රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17ක් දක්වා වැඩි කළේ ඔයයි මමයිද?"

    ඔය ඉන්න ඕන ගාණ හැදුවේ කොහොමද? මොකද වැඩිම රාජ්‍ය සේවකයො ඉන්නේ හමුදාවෙ,පොලිසිය,සිවිල් ආරක්ෂක ඒවයෙනෙ. එතකොට?
  19. H

    වැල් බලන වෙලේ මේකත් කියෝපන් හෙන ගහන ඇත්ත යකෝ

    හරි දැන් පට්ට ඉතිහාසයක් තියෙනවා කියමුකෝ, ඉතින් දැන් මොකක්ද කරන්න කියන්නේ? අර කොහෙද තියෙන න්‍යෂ්ටික ගබඩාවෙන් වැඩක් ගන්න පුළුවන්ද?
  20. H

    170.000 කට වඩා පඩියකුත් අරන් ඒකට හරියන්න වැඩත් නොකරන මුලු පඩියම කවර් වෙන්න ලෝන් 4කුත් ගහපු NPP/JVP වුර්තීය සමිති නායකයා

    එහෙම පැහැර හැරියා කියන මිනිස්සුන්ගෙන් ලේසියෙන් ගන්න පුළුවන් කොහොමද? නඩු දාලාද? නඩුව කොච්චර කාලයක් යයිද? නඩුව පැරදුනොත් අභියාචනා කරොත් මොකද වෙන්නේ? ඔතන තියෙන්නේ ලංකාවේ බිස්නස් කරන මිනිස්සුන්ගේ ආදායම හරියට ගණනය කරන්න බැරි ගැටළුවක්.

    No contents