1. yasas bandara

    සුද්දාගේ දුක...

    I can respect that...:yes:
  2. yasas bandara

    සුද්දාගේ දුක...

    ඕකෙ දෙපැත්තක් තියනවා... ඉන්දියාව හෙට දිනල අවසන් තරඟය දින්නොත් උන්ගේ රැස්පොට් බලන්න ඕන... පකිසො හෙට දිනල අවසන් තරඟය දින්නොත් "ශ්‍රී ලංකා පකිස්-මුස්ලිම්" ලෙස හැදින්වෙන ("ශ්‍රී ලංකා මුස්ලිම්" නොවේ) ජන කොට්ඨාශයේ රැස්පොට්, වෙඩි හඩවල් ආදිය දෙපාරක් අහන්න ඕන.... (මේ සැරේනම් මිනීමරලා තමයි නතර වෙන්නේ)...
  3. yasas bandara

    සුද්දාගේ දුක...

    ක්‍රිකට් ලෝක කුසලානය තනිකරම ආසියාවට හිමිවීම පිළිබඳ සියලු සුද්දන්ගේ හද පත්ලේ නැගෙන මහා දුක් කන්දරාව ප්‍රකට වූයේ අද දින ඉදිරිපත් කළ අතිශය පක්ෂපාතී ක්‍රීඩා විචාරයෙනි. :growl: නවසීලන්තයේ වැඩ කිඩ නැවත නැවත මතක් කරමින්, ඔවුන් කෙසේ හෝ අවසන් මහා තරඟයට සහභාගී විය යුතුම කණ්ඩායමක් ලෙස හැඟවෙන පරිදි...
  4. yasas bandara

    ඉතා අවාසනාවන්ත සිදුවීමක්...

    ඉතා අවාසනාවන්ත සිදුවීමක්... පසුගියදා ඉතා අවාසනාවන්ත සිදුවීමක් අහන්නට ලැබුනා. මෑතකදී විවාහ දිවියට එළඹි තරුණ යුවලක් වන නාවුක හමුදාවේ සෙබලෙකු වන එච්. එම්. ඩබ්ලිව්. වසන්ත කරුණාතිලක සහ යුධ හමුදාවේ සෙබලියක වන බිරිඳ නිලුකා දමයන්ති (ඇලහැර අත්තනකඩවල දිග්ගල්පිටිය ගම්මානයේ) තමයි මේ කතාවට මුල් වන්නේ...
  5. yasas bandara

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    ඒක ඉතින් ඒ මනුස්සයගේ බ්ලොග් එක කියලා තෙරෙන සිංහලෙන් කියල තිබුණනේ... නලින් මහතාගේ අදහස් වලින් පෝෂණය වූ බව නම් පැහැදිලියි. එත් ටිකක් වෙනස්....
  6. yasas bandara

    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    මෙය නලින් ද සිල්වා මහතාගේ ලිපියක් නම් නෙවේ. ඒ මහතාගේ නම කිවූ සැනින් බොහෝ දෙනා කුලප්පු වන්නේ ඇයිදැයි තේරුම් ගත් නොහැකිය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමට උත්සහ දැරූ එකම හෝ පළමු තැනැත්තා එතුමා නොවේ. උදාහරණයක් ලෙස හිට්ලර් පවා ජාතියක් ජන්මයක් රටක් නැති යුදෙව්වන් මතවාද වලින් ලෝකය...
  7. yasas bandara

    තිලාන් සමරවීර හැලිය යුතුයි

    බොහෝ දෙනෙකුට අමතක වෙච්ච කාරණයක් තමයි තිලාන් ආවේ මුරලිට සහායක පන්දු යවන්නෙක් විදිහට මිසක් බැට්ස්මන් කෙනෙක් විදිහට නෙවෙයි. ඔහුට බැට්ස්මන් කෙනෙක් විදිහට "රූපාන්තරනය" වෙන්න සිදු වුනේ ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෙකුට ස්ථාවර වෙන්න තියන අමාරුව නිසා. තිලාන් කියන්නේ පළමු පන්තියේ විකට් 300 ක් පමණ ලබා...
  8. yasas bandara

    ත්‍රිපිටකය (යථාර්ථය )

    මෙම පිළිතුර හුදෙක් මෙය කියවන සැබෑ බෞද්ධයන්ගේ ප්‍රයෝජනය පිණිස පමණි. මෙය ලියූ පුද්ගලයාට මින් වැඩක් නැති බව දනිමි. :rolleyes: බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් පැනවූ කිසිදු විනය නීතියක් උන් වහන්සේ සඳහා වලංගු නොවන බව දත යුතුය. කොසොල් රජතුමා සංඝයා වෙනුවෙන් පැනවූ ප්‍රාතිභාර්යයන් නොපෑමේ නීතිය අනුව යමා...
  9. yasas bandara

    භාවනාවෙදි වෙන්නේ කුමක්ද?

    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl: කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ? ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත්...
  10. yasas bandara

    කරණීය මෙත්ත සූත්‍රයේ යථාර්තය

    මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl: කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ? ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත්...
  11. yasas bandara

    "Channel EYE" සහ "ක්‍රිකට්"

    මට ADS ටික බලාගන්න විදිහක් නැහැ ඒක මැද්දට ක්‍රිකට් මැච් එකක කෑළි වගයක් දානවා... පිස්සුද මන්දා....:baffled:
  12. yasas bandara

    සෝතාපන්නයින් 8 වැනි භවයට නොගොස් රහත්වීම

    මමත් දන්න තරමින් එහෙම නැහැ. ඒත් බලන්ගොඩ හාමුදුරුවෝ එහෙම පොත් වල තමන්ට හමු වුනා යයි කියන එවැනි අය ගැන දක්වල තියනවලු...:baffled: හරිම ගැටළුවක්... එවැනි අය හමු වුනා නම් ඒ අය දෙව්ලොව නොගිය කාරණය පැහැදිලිව කිව්වනම් හොඳයි.
  13. yasas bandara

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    මේවට උත්තර දෙන්න වෙලාව නාස්ති කරන්න එපා මචං. මෙයා කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි... මීට කලිනුත් කලේ මොනව හරි බයිල ටිකක් කියල පැනල යන එක.. අර ආරණ්‍යක ඉන්න හාමුදුරුවො (?) රැප් කරන බණ තමයි මෙයා දෙසන්නෙ. පංච ඉන්ද්‍රියන් ආශය නොකර නිවන් දකින්න පුළුවන් නම්, උපතින් අන්ධ, බිහිරි අහේතුක ප්‍රතිසන්ධි...
  14. yasas bandara

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය - පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා...
  15. yasas bandara

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    ඇති යන්තන් බළලා මල්ලෙන් එලියට පැන්නා..... මම හතර අතේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙන් මේවා Copy Paste කලාද කියලා...:lol: ඔය රහතන් වහන්සේ වෙන්න ඇති බුදුන් වහන්සේ බුදු වුනාට පස්සේ නිවන සංස්කාර ධර්මයක් නොවන බව ෂුවර් කර ගන්න සති ගානක් පරීක්ශණ කළා කියලා 'දේශනා' කළේ.:rofl: මට ඉතින් මතක් වෙන්නේ උපක...
  16. yasas bandara

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    ධර්මය කියන්නේ ගණිතය වත් භෞතික විද්‍යාව වත් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා අපේ ඔළුවට කවලා තියන ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්ක ක්‍රමය අමතක කරලා චතුශ්කෝටික තර්ක ක්‍රමය භාවිතා කරල ධර්මය දෙස බලන්න ටිකක් පුරුදු වෙන්න. ද්විකෝටික තර්ක ක්‍රමය අනුව ඕන කෙනෙක් එක්කෝ බාලයෙක් නැත්තම් පණ්ඩිතයෙක්. අතරමැදි අවස්ථාවක්...
  17. yasas bandara

    ෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴

    :yes::yes::yes::yes::yes: බටහිර සංස්කෘතියේ තියන ලක්ෂණයක් තමයි සමූහයට (පවුල ) වඩා පුද්ගලයාට (කාන්තාව/පිරිමියා ) මුල් තැන දීම. ඔවුන්ගේ දික්කසාද වීම් වැඩි වීමට මෙය හේතුවක්. ඔවුන් විවාහයේ ඇතිවන ප්‍රශ්ණ දෙස බලන්නේ පුද්ගල කේන්ද්‍රීයව මිසක් පවුලට සාපේක්ශව නෙවෙයි. ලංකාවේ දික්කසාද වීම් අවම වීමට...
  18. yasas bandara

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි ඒත් මේක Original එක නෙවෙයි. :( Quality අඩු එකක් Miyuru Gee වල තියනවා. මම හොයන්නේ Quality තියන එකක්. Thanks anyway..
  19. yasas bandara

    SL OLD HIT SONGS Add Here

    මට මේ සින්දුවේ Original එක හොයලා දෙන්න පුළුවන්ද?..... සඳයි තරුයි නිසංසලේ.. - සෝමසිරි මැදගෙදර Thanks in advance.

    No contents