1. Ameesha2

    සිර කරන් කවියක...

    සිර කරන් කවියක බැඳ දමා වැකියක නවතලනු හැකි වෙද සොඳුරු නිම් නැති පෙම සුසුමකට මුසුකොට පා කළා ඔබ හට ළඟ ළඟයි හිතුවට අපි දුරයි ඇත්තට හද හොරෙන් බැඳුනට බැමි දමා වටකොට හිත වෙනස් නොවුනට දුරයි අපි ඇත්තට
  2. Ameesha2

    කඳුළු...

    ඊයේ ඇස් වල තිබු කඳුළු පිසලන්නට බෑ කිවූ නිසා ඒ කඳුළේ ආදරයේ පැහැයක් මා නෑ කිවූ නිසා සඳ අඳුරට උරුම වෙලා ආදරයේ කඳු බෑවුම් අතරේ කඳුළු වලින් මියැදී සිනහවෙන් ඉපදී ආ හැටි පෙරදී කඳුළේ ඉපදී වියැකී ඒ සුරතල් සිනා ඒ කඳුළේ ආදරයේ පැහැයක් මා නෑ කිවූ නිසා ඒ කඳුළේ ආදරයේ පැහැයක් තිබුනා
  3. Ameesha2

    නෙලා ගැනුමට නොහැකි වූවද...

    ❤️ ❤️ ❤️ ❤️ ❤️❤️
  4. Ameesha2

    නෙලා ගැනුමට නොහැකි වූවද...

    :love: :love: :love: :love: :love: :love: :love:
  5. Ameesha2

    නෙලා ගැනුමට නොහැකි වූවද...

    නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය ඇස් පනාපිට බිඳුනු හීනෙක ලොවට රහසින් සැරි සැරීමය හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදි වැරීමය ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ පැරණි පෙම්බස් සිහි කිරීමය පණ පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බැඳීමය
  6. Ameesha2

    මා මළ දා

    මා මළ දා සුදු ඇඳගත් වතුසුදු ගහ වාගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ මා සිහිකර සුසුම් ලමින් නුඹ දුක්වන ගානේ කදුළක්වත් පිස දමන්න මං නුඹ ළග නෑනේ ඉටිපන්දම් දල්වන විට නුඹ තවමත් සොහොනේ මම කොහොමද තව භවයක උපදින්නේ නෝනේ
  7. Ameesha2

    හිටිහැටියේම 'වාෂ්පවන' මිනිසුන්

    "ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය සිය කැමැත්තෙන් 'වාෂ්පවන' මිනිසුන් පිළිබඳව ඔබ අසා තිබේ ද? එය පුදුමයට කරුණක් නොවේ. ඇතැම් මිනිස්සු හිතාමතා ම 'වාෂ්ප' වෙති. තම රැකියාව, පවුල, දරුවන්, දෙමාපියන්, වත්කම් ආදී සියල්ල අතහැර ඔවුහු එක් රැයකින් සිය දෙවන ජීවිතයට ඇතුළු වෙති. යළි කිසිදා පළමු...
  8. Ameesha2

    ඇන්ටිජන් 100%ක් ම හරි ද?

    Antigen කරාම සෙම ගතියක් එනවා, හොඳට steam කරන්න, එතකොට දවසකින් වගේ ඕක හරි යනවා
  9. Ameesha2

    රිදුනු තැන් ජීවිතේ බෝමා...

    :love::love::love::love::love:
  10. Ameesha2

    පොල්තෙල් export

    පොල් සංවර්ධන මණ්ඩලයේ approval eka ganna wenawa
  11. Ameesha2

    සියක් දහසක්...

    සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා වැවේ දියකඳ දන්නවා ඇති දියවරේ හැන්ගුනු කතා ඉසුරු කුමටද සඳළුතලයක සැපකි මට මේ පවුර පාමුල නුඹම පමණයි එකම ගැහැණිය කළු ගලක හද ගැස්ම හඳුනන අනෝරා වැහි ඇද හැලෙන විට පපුතුරේ උණුහුම රකින ඔබ සෙල් රුවක් වී උන් නිසාමද නොගියේ මා මෙහි අතරමන්කොට
  12. Ameesha2

    වෙන්ව යමු අපි...

    වෙන්ව යමු අපි හමු නොවන්නට නැවත කිසි දින කිසිම ලෙසකින් ඉන්න මා ළග තවත් මොහාතක් ඔබේ සුපුරුදු සුවඳ සමඟින් මුසුව එන ආදරයක සමඟින් පැතුව ආදර සුවඳ සමඟින් ඉන්න මට තව තවත් ලංවී තවත් මොහොතක් ආදරෙන් පිදුව ඒ ආදරය ඔබ මට කෙලෙස යන්නද මග හැරන් දැනෙන දුක හිත පුරා දිව යයි වාව ගන්නට බැරි තරම් ගෙවන්නට හැකි වේද...
  13. Ameesha2

    කඳුළු අසපුව...

    කඳුළු අසපුව අභියසින් හිඳ සමුගන්න මම අද පතමි අවසර තැබුව සිහිවටනයන් හිත තුල තබා යන්නම් ඔබේ දෙපා මුල එක්ව සිටිනට මැවූ සිහිනය දෑස් ඉදිරියේ බිඳ වැටෙත්නම් කුමට වෙහෙසෙනු හදේ සෙනෙහස ඔබේ මතකෙන් මැකී යත්නම් ලංව සිටි ඔබ මගේ මානෙන් දිනෙන් දින ඈතටම යත්නම් යන්න යන්නම් ඔබෙන් සමුගෙන හදේ දුක මම වාව ගනිමින්
  14. Ameesha2

    හීලෑ නැති හීනයක්...

    ජීවිතයම කියා දුන්නෙ නුඹ හැර කවුරුද...
  15. Ameesha2

    රාත්‍රිය...

    :love::love::love::love::love::love:
  16. Ameesha2

    රාත්‍රිය...

    ගත කිලිපොලන සීතල සොයයි උණුහුම තුරුළු වන්නට...
  17. Ameesha2

    නොපෙනුනානම්...

    ❤️❤️❤️❤️❤️

    No contents