කවීශ කියූ පරිදි මදාරා රථය නැවැත්වූ වාය.ගමන පිටත් වන්නට පෙර තිබු සතුට හොරු අරන් ගොසිනි.යන ගමන ගැනද දැන් ඇත්තේ නොකැමති ගතියකි.සිතේ වේදනාවෙන් කිසිදෙයක් කල නොහැකිය.
මදාරා ගේ මුහුණ අඳුරු වී ඇති සැටි කවීශ ට පෙනුනත්,කිව යුත්තේ කුමක්දැයි කියා සිතාගත නොහැකිය.උදේ පාන්දරම යන්නට යන ගමන හිත නොහොඳ කරගෙන යන්නට...