සිහිනයකි ජීවිතේ (නවකථාව )

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මදාරා කල ඉල්ලීම සිහිවූයේ දැන් ය.සොයා යන්නේ අම්මා නිසා වරදක් වන්නට ඉඩක්ද නැත .කලින් සිදුවීම නිසා ඇගේ හැසිරීම ස්ම්පූර්ණයෙන් වෙනස් වී ඇත.ගැහැණු දරුවකුට අම්මා කෙනෙකු නැති අඩුව ප්‍රබලව දැනෙනවාට සැක නැත.එසේ නමුත් මේ ගමනට සහබාගී වීමෙන් තම රැකියාව අනතුරේ හෙලීමට නොහැකිය.ඇය කිසියම් නොමනා ක්‍රියාවක් නොකරන බවට සහතිකයක් ලබා දෙන්නට කෙනෙක්ද නැත.හැමදේටම වඩා මෙය ඉරේෂා අක්කාට ආරංචි වුවහොත් ඇගේ සිත වුවත් බිඳී යා හැකිය.කවීශ තීරණය ක් ගැනීමට නොහැකිව දහ අතේ කල්පනා කලේය.ඉරේෂා අක්කාට කියා ගමන යන්නට පුලුවන් වුවත් ඇය කෙසේ භාර ගනීවිදැයි සිතාගත නොහැක.
    අම්මා සොයා යන ගමන් ආයතනයටත් ඩැඩීටත් රහසින් සිදුවිය යුතුය.අම්මාට තමා නැවත ලං වනවාට ඩැඩී කිසිසේත් කැමැත්තක් නම් නොදක්වනු ඇත.අම්මා තමාව කෙසේ පිළිගනීවිදැයි කියාද හිතේ චකිතයක් ඇත.ඒ කෙසේ වෙතත් ඈ සොයා යා යුතුය.හෙට නිවාඩු දිනයක් නිසා කාර්‍යාලයට ආරංචි නොවන්නට මේ ගමන පිටත් විය හැකිය .විශේෂයෙන්ම කවීශ ගමනට එකතු වන්නේ නම් වඩා පරිස්සම් විය යුතුය.තමාටත් වඩා ඔහුගේ ආත්මගරුත්වයට හානියක් වීමට ඉඩ තැබිය නොහැකිය .කවීශ ගෙන් පසුගියදා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත ඔහු එක එල්ලේ ප්‍රතික්ෂේප ද නොකල නිසා හිතේ බලාපොරොත්තුවක් ඇත.
    දුරකථන ඇමතුම ගත්තේ ගමන කලින් සැලසුම් කරගතයුතු නිසාය.කීප වරක් උත්සාහ කලත් ඔහුගේ දුරකථනය ක්‍රියා කරන්නේ නැත.නිවසේ අංකයට ඇමතුවේ හිතේ චකිතයක් දරාගෙනය.
    “හෙලෝ කවීශ ඉන්නවද අම්මා ෆෝන් එක වැඩ නෑනේ ”
    අනෙක් පසින් ඇසෙන්නේ ගැහැණු කටහඬෙකි .පුතා ගැන කෙලින්ම අසන්නේ කවුරුන්ද කියා සිතේ පැනයකි.
    “කවුද දන් නෑ මේ පුතා නම් නිදි තවම”
    “අනේ මම මදාරා කියල එයාගෙ යාලුවෙක් අම්මා ඇහැරුනාම මට කෝල් එකක් ගන්න කියන්නකො ..මම තියන්නම් බුදු සරණයි “
    “හොඳයි දුවේ මම කියන්නම්”
    දුරකථනය තැබුවේ ප්‍රශ්නයක් හිතේ දරාගෙනය .පොඩීට මදාරා කියා යාලුවෙක් සිටියා මතක නැත.මේකා කෙල්ලෙක්වත් හොයාගෙනද.මොන සක්කරවට්ටමක්ද දන් නෑ.අම්මාවරු පිරිමි පුතුන් දන් දෙන්නට ලෝබය .කතා බහේ නම් වරදක් නැත කට පුරා අම්මේ කියා කීවාය.මම හොයාගන්නම්කෝ අම්මා තමාටම කියා ගත්තාය.
    දුවේ කියා ආමන්ත්‍රණය කල විට හිත ගැස්සී ගියේ අම්මා සිහි වීමෙනි.අම්මා සොයා ගියත් ඈට අම්මා කියා ළං වීමට ඉඩ නැත.අප අතර කහසිවුරකින් වෙන්කල පවුරක් ඇත.බවුන් වඩන ඇගේ සිතට කෙලෙස් මූලයක් වන්නට උවමනාවක්ද නැත.කවීශ දැං දං කතා කරාවියැයි ඈ මග බලා උන්නාය.
    ලොක්කීගේ ප්‍රශ්න ය අප්පච්චිට යන්තම් කියා ගත්තේ සැර බාල කරමිනි.කේන්ති ගෙන මොනවා හෝ මෝඩ කමක් කරන්නට බැරි නැත.කටේ ගිනිවතුර හලා ගත්විට ඉන්නේ වෙනස්ම පුද්ගලයකි.හිතේ ආවේගයකින් මොනවා හෝ ප්‍රශ්නයක් දමා ගත්තොත් එය ලොක්කීට හොඳ නැත .
    “මොනවත් කියනව කරනව එහෙම නෙවෙයි හොඳද”
    “මම කාටවත් මොනවත් කියන්න යන්නෙ නෑ අපි හොයලදීපු දේවල් නෙවෙයි නෙ “
    ඒත් ඒ ඇස්වල ඇත්තේ කෝපය බව අම්මා දන්නේය.පවුලේ පළමු දරුවා වූ ලොක්කීට අප්පච්චි මහත්සේ ආදරේය.පොඩි කාලයේ සුලු අසනීපයකටත් මහත් සේ බියවී එහේ මෙහේ දඟලන හැටි තවම මතකය.දරුවන් කියන්නේ වගකීම්‍ ය.
    හන්දියට ගිය විට කරුණාපාල හමුවූයේ කලකට පසුවය.ආගිය තොරතුරු කතාකරමින් සිටි ඉරේෂා ගේ පියා පරණ මිතුරාට සංග්‍රහය ක් කිරීමට සිතුවේය.
    “කරූ මොකෝ කියන්නේ මොනා හරි කරමුද”
    “සල්ලී නෑ කුමාර මහත්තයො මේ වෙලාවෙ”
    “දැං මම සල්ලි ඉල්ලුවද එන්නකො යන්න යාලුකම් අලුත් වෙන්නත් එක්ක අද මම ගානෙ”
    දුරකථනය නාද වනු ඇසී ඉරේෂා පත්තර ය පසෙක තබා දිව ආවාය.
    අම්මා කුස්සියේ සිට සාලයට ආවේත් ඒ සඳහා ය.ඉරේෂා අතින් සන් කොට අම්මාට ඉන්නට කියා දුරකථනය ගත්තාය.
    “මේ ඕයි තමුසෙගේ අප්පච්චිට කියනව කෑවනම් බීවනම් පාඩුවෙ ඉන්න කියල මෙතන ඇවිත් අපට ලැජ්ජ කරන්නෙ නැතුව”
    අනෙක්පසින් ඇසෙන බන්දුල ගේ හඬ අඳුනා ගැනීමට අපහසු නැත.කියනා කතාවේ අගක් මුලක් සිතාගනු බැරිව ඈ ලතවුනාය.
    “ඇයි මොකක්ද ප්‍රශ්නෙ “
    ඉරේෂා කඳුළු හිර කරගෙන ඇසුවාය.
    “වෙලා තියෙන එක පොලිසිය ට ගිහින් බලා ගන්නව..”
    ඉරේෂා ළඟ තිබූ පුටුවේ වාඩි උනා නොව ඒ මතට ඇදගෙන වැටුනාය.කලයුත්තේ කුමක්දැයි සිතාගැනීමට බැරිය.
    “මොකද වෙලා තියෙන්නෙ කවුද කතා කලේ”
    අම්මා ඉරේෂා අසලට දිව ආවාය.පොඩ්ඩීද අම්මාගෙ සද්දය නිසා කාමරයෙන් පිටතට ආවාය.
    “අප්පච්චි බන්දුලගෙ ගෙදර අය එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන..බන්දුල කතා කරල බනිණව” ඈට හැඩුම් ආවේ බයටය.
    “අනේ මම ඔය මිනිහට කිව්වා ප්‍රශ්න ඇතිකරගන්න එපා කියල ...අනේ දෙයියනේ තියෙන ප්‍රශ්න මදිවට”
    අම්මා කියවාගෙන ගියා ය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඊලඟ දුරකථන ඇමතුම ලැබුණේ පොලීසියෙනි.බන්දුල ගේ නිවස අසල කලහ කාරී ලෙස හැසීරීම නිසා අත්තඩංගුවට ගෙන තිබූ අප්පච්චිට එරෙහිව බන්දුල ලාගේ අප්පච්චි විසින් චෝදනා ගොනුකර තිබිණි.ලහි ලහියේ සූදානම් ව පොලීසියට දිවගියේ කරන්නෙ කුමක්දැයි අරමුණකින් තොරවය.හිර කූඩුවේ දමා සිටි අප්පච්චිගේ නලළ තුවාල වී තිබේ.අප්පච්චි දුටු විගසම අම්මා කෑ ගසා හඬන්නට වූවාය.මත් පැන් බීගන විත් ගෙදර කෙතරම් කෑ කොස්සන් ගැසුවත් ගමේ කවුරුන් සමග හෝ අප්පච්චි රන්ඩුවට ගොස් නැත.අම්මාට කවදාවත් අතක් ඔසවා නැත අසැබි වචනයක් කියා නැත.එහෙව් අප්පච්චිට හිර කූඩුවේ ලගින්නට සිදුවූයේ තමා නිසාවෙන් බව සිහිවූ ඉරේෂා ගේ හැඬුම දෙගුනවී ගියේය.බීමතින් සිටි නිසා අප්පච්චි ට ඇප දීම ප්‍රතික්ෂේප කෙරුන අතර ඔවුන්ට සිදුවූයේ හෙට වන තුරු ඉවසා සිටීමටය.
    “අපි වැරදි කරල නෑ මහත්තයො ඔය පරබල්ලො මගෙ කෙල්ල ට කතා හදන්න හදනව..ඕකුන්ට වටින්නෙ නැතුවට මට මගෙ කෙල්ල රත්තරං යකෝ රත්තරං “
    අප්පච්චි කූඩුව ඇතුලත සිටන් කෑ ගසනේ දරු දුක නිසාවෙනි .ඉරේෂාට ඒ වචන දරා ගැනීමට බැරිය.කෑ ගසා නොකීවාට අප්පච්චි ගේ ආදරයේ තරම වැටහුනේ අදය.
    වේලාව හවස හයට කිට්ටුය තවදුරටත් පොලීසියේ රැඳී නොසිටින ලෙස දැන් දෙවන වරටත් අවවාද කර හමාරය.බන්දුල ගේ පියා දේශපාලන ශක්තියක් ද සහිත පුද්ගලයකු නිසා මේ කාරනාව ලේසියෙන් නොවිසඳෙන බව ඉරේෂා සිතුවාය.පිහිට පතන්නට කිසිවෙකු නැත.සිනාවෙන් ගෙවූයේ එකම එක දිනක් පමණි .
    “මොකද අම්මෙ කරන්නෙ”
    “අනේ මම දන්නෙ නෑ කාට කියල කියන්නද මේක අර බලු කූඩුවේ කොහොමද ඉන්නෙ”
    අම්මාගේ අප්පච්චි ට ඇති ආදරය ඇස් වලින් උතුරා යන්නට විය.
    “ගොඩැල්ලෙ අයියට කියමුද”
    “ආ ඔව් කොල්ල පොලිසියේ නේද අනේ කතා කරල කියල බලමු”
    අම්මාගේ පැත්තෙන් නෑදෑ වන ගොඩැල්ලෙ මාමලා ඉඩම් ප්‍රශ්නයක් නිසා තම පවුල සමග හිතවත්කම් අත් හැරියත් ඉන්දික අයියා එසේ කලේ නැත.තමා කෙරේ තිබූ හැඟීම නිසා හෝ ඉද හිට වත් පවුල සමග තිබූ සබඳතා අලුත් කරගන්නට ඔහු අමතක කලේ නැත.බොහෝ කලක සිට ඇවිටිලි කලත් ඔහුට බහක් නොදෙන්නට තීරණය කර තිබුණේ ඒ කතාව මතුවූ මුල් කාලයේමය.එහෙව් මිනිසාගෙන් උදව් ඉල්ලන්නට වීම හිතට වදයක් වුණත් මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් වන්නේ අප්පච්චි බේරා ගැනීමය.
    “හෙලෝ ඉන්දික අයියේ මම ලොක්කි”
    “අප්පේ මොකෝ බං අපිව මතක් වෙලා තියෙන්නෙ”
    “පොඩි කරදරයක් වෙලා අයියෙ අප්පච්චි ව ඇරෙස්ට් කලා පොඩි කලබලයක් කරල දැං මේ පොලිසියේ ඉන්නෙ අපි”
    “ හරි වැඩේනෙ ඔහොම ම ඉන්න නංගි මම ටවුන් එකේ ඉන්නෙ විනාඩි පහෙන් එන්නම්”
    “හරි අයියෙ”
    යුධ සමයේ රට වෙනුවෙන් විශේෂ මෙහෙවරක් කල පොලිස් විශේෂ බලකා සෙබලකු වූ ඉන්දික
    හමුදා ප්‍රධානීන් පවා දන්නා හඳුනන විශේෂ නිළධාරියෙකි.වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර රතයෙන් බිමට බට ඉන්දික ඉරේෂා අසලට එනවිට ඔවුන් නැගී සිටියාහ .
    “අනේ පුතේ බලන්නකො වෙච්චි දෙයක් ඇප දෙන්නත් බෑ කියනව”
    “එහෙම කොහොමද කරන්නෙ..ඔහොම ඉන්නකො”
    “නංගී..”ඔහු ඉරේෂා ගේ උරට තට්ටු කර පොඩ්ඩිගේ හිස පිරිමැද්දේ ය.
    “ලොක්කි එන්නකො යන්න නැන්ද ඔහොම ඉන්න”
    පොලිසිය තුළට පිවිසෙත්ම වයසක පොලිස් නිළධාරීන් පවා නැගිට ඉන්දික ට ආචාර කලහ.ඔහු ඔවුන්ව ගනණකට වත් නොගෙන කෙලින්ම ගියේ ස්ථානාධිපතිවරයා ගේ කුටියටය.
    ස්ථානාධිපතිවරයා සමඟ කතාබස් කරන තුරු ඉරේෂා පසෙකට වී උන්නාය.
    “දේශපාලන නෙවේ මොන බලපෑම තිබුණත් අද රිලීස් වෙන්න ඕන මාමව..නැත්තං මම ඕක කරගන්න හැටිත් දන්නව හැබැයි කරදර වෙයි හැමොටම”
    ඉරේෂා ටත් ඇසෙන සේ ඉන්දික තර්ජනයක් එල්ල කලේය.කෙසේ හෝ සාඛච්ඡා කර ඉන්දික ඇප මත ඉරේෂා ගේ අප්පච්චි ව නිදහස් කරගන්නට සමත් විය.ඔහුගේ වාහයෙන්ම පිරිස ගෙදරට ඇරලවූ ඔහු හෙට නැවත එන බවට පොරොන්දු වී යන්නට ගියේය.
     
    • Like
    Reactions: HypermaD2

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අටවන පරිච්ඡේදය
    තවමත් කවීශ කාමරයෙන් පිටතට නොපැමිණීම නිසා අම්මා නැවත කාමරය ට එබුනේ ඔහුව අවදි කරන්නට සිතාය.දුරකථනය අතේ තබාගෙන කවීශ කල්පනා කරමින් සිටියේ මදාරා ගේ ගමන ගැනය.
    “මොකද කොල්ලො ඕක අතේ තියන් භාවනා කරනවද ?”
    “භාවනා තමයි මම මේ රැවුල පත්තුවෙලා ඉන්නෙ අම්මා මේ දුවේ පුතේ කියල දා ගන්න ලෙඩ තමා “
    “මොකද්ද දැං මම දාපු ලෙඩේ”
    කවීශ සැකෙවින් කිව හැකි ප්‍රමාණයක් මදාරා ගේ කතාව අම්මාට කීවේ ය.
    “මගෙන් අහනව එහෙ යන්න එන්න පුලුවන් ද කියල..යනවද නැද්ද කියල මම මේ කල්පනා කරන්නෙ අප්පා”
    “රස්සාව නැති වෙන වැඩනම් කරන්න යන්න එපා අන්තිමට තමන්ට දෙයක් උනාම උදව් ඉල්ලං එන කවුරුවත නෑ..ඒත් ඉතිං අම්මා හොයාගෙන පන්සලකට යන ගමනක් නිසා එපා කියන්නත් බෑ.කාගෙ වුනත් අසරණ වෙච්චි දරුවෙක්නෙ.ප්‍රශ්නයක් වෙන් නෑ කියල විශ්වාස නම් ගිහිං එන්න “”
    “ඔන්න අම්මා තමයි කියන්නෙ මොනාහරි උනොත් බලා ගන්න එකයි”
    මේ කතාවේ අස් කොන් ගැන අම්මා දන්නේ නැත.ඒව කියන්නටත් බැරිය.
    මදාරා අවශ්‍ය ඇදුම් පැළඳුම් සකස් කර ගත්තේ කවීශ ආවත් නාවත් තනිව හෝ මේ ගමන යන බවට ගත් දැඩි කරගත් සිතිනි.ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු බලා සිටියත් එය ඉටු වූයේත් නැත.පුදුම ආඩම්බරකම්ක්නෙ හරියට අවලමේ යන්න කතා කලා වගේ .හිතේ ඇත්තේ කේන්තියකි.
    “හෙලෝ මැඩම් මට කතා කරල තිබුණේ ඇයි දන් නෑ”
    කවීශ කිසිත් නොදන්නා සේ කතා කලේ සිතා මතාමය.දැන්ද මතක් උනේ ගෙම්බො මාව.
    “ආ ඔව් කවීශ අර ගමන ගැන අහන්න ගත්තෙ ඔයා අකමැති නම් කමක් නෑ”
    “කමක් නෑ මැඩම් මම එන්නම්...කීයටද යන්නේ”
    “ආ යූ සීරියස්..තෑන්ක්ස් කවීශ තෑන්ක් යූ වෙරි මච් ..මම උදෙන්ම පිටත් වෙලා ඔයා කියන තැනකින් පික් කරන්නම්”
    “හරි මැඩම් උදෙන්ම ගියොත් ලේසියි අපේ අම්මල සිල්ගන්න පන්සලට දාල තමයි මට එන්න වෙන්නෙ “
    “අනේ ඒකට කමක් නෑ කවීශ ..තෑන්ක්ස් අගේන් අයිල් කෝල් යූ”

    හිතට නව පණක් ලැබුණා සේ මදාරා සතුටු වූවාය.එහෙනම් මම ගැනත් හිතනව නේද .ගමන ගැන සැලසුම් එකින් එක සිතේ මැවෙමින් ඒ.පසුදිනට පහන් වනතුරු නොඉවසිල්ලේ පසු වුනාය .
    කවීශ මල්ලීගේ කෙටි පණිවුඩය දැක්කෙ රාත්‍රියේ ඇඳට ගිය මොහොතේ ය.
    “පොඩි කරදරයක් උනා මල්ලියො පස්සෙ කියන්නම් ”
    මේ කාරනා ඔහුට කෙසේ දැනේවිදැයි කීමට නොහැකිය අප්පච්චි ගැන වැරදියට සිතාවිදැයි බියක්ද දැනේ.මම මහ ප්‍රශ්න ගොඩක්ම් විතරයි කියල හිතයිද දන්නෙ නෑ.ඉන්දික අයියා කලේ මිල කල නොහැකි උදව්වක් වුවත් ඒ හා බැඳී එන තව ගැටලු බොහොමයක් ඇති බව ඉරේෂා සිතුවාය.බන්දුල ගේ අප්පච්චි ට වූ ලැජ්ජාව නිසාම ඔහු මේ සදහා අනිවාර්යයෙන්ම මොනවා හෝ කරනවා ඇත.මුණ ගැහුනු මොහොතේ පටන් තමා දෙස ඇස් ගසාගෙන සිටි ඉන්දික තමාට ලං වීමට මෙය අවස්ථාවක් කරගන්නවාට සැක නැත.තම මහ පව්කාරියකැයි ඉරේෂා ට සිතුනේ ය.මොනා කරන්නද එන දේකට මූණ දෙනව ඈ සිතුවාය.
    සිල්සමාදන් වීමට යාම සඳහා අම්මා ත් අප්පච්චි ත් අවදිවූ නිසා කවීශ ටද අවදි වීමට සිදු විය.මූණ සෝදා පිරිසිදු වී සුදු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඟලා ගත්තේ යන්නේ පංසලකට නිසාවෙනි .ඉරේෂා අක්කා ගේ කෙටි පණිවුඩය දැක්කේ දුරකථන ය අතට ගත් මොහොතේය.ඊයේ තමා නින්දට වැටුනායින් පසු ලැබී ඇති පණිවිඩයෙන් කියවෙන්නේ ඈට කරදරයක් බවය.එය දැන ගැනීමට මහත් කුතුහලයක් මතුවී ආවත් ඇය තවමත් නින්දේ ඇතැයි සිතුන නිසා ගන්නට ගිය ඇමතුම කවීශ විසන්ධි කර දැමුවේය .යන්න කලින් අහනව.එසේ සිතා කවීශ දුරකථන ය පසෙක තබා අම්මාට උදව්වට ගියේය.
    “ඒවං මේසුතං ඒකං සමයං භගවා”
    සුපුරුදු ලෙස ගුවන් විදුලියේ පිරිත් ස්ජ්ජායනාව ඇසේ.වෙලාව උදේ පහේ කනිසම පසු වූවා පමණ ය.වාහනයක් නලාව හඬවනු ඇසී කවීශ ගේ අප්පච්චි මිදුලට බැස්සේ කවුදැයි විමසා බැලීමටය.නවීන පන්නයේ ප්‍රාඩෝ රතයක් මිදුලේ නවතා ඇත.
    “මේ කවීශ බණ්ඩාර ගෙ ගෙදරද..?”
    සුදු පැහැ ඩෙනිම් කලිසමක් සහ බ්ලවුසයකින් සැරසීගත් තරුණියක් මෝටර් රතයෙන් බැස එමින් අසන්නට වූවාය.
    “කවීශගෙ ගෙදර නම් තමා ..”
    අප්පච්චි කල්පනා කලේ මේ සුකුරුත්තම කවුදැයි කියාය.
    “අංකල් මම මදාරා ඉද්දමල්ගොඩ කවිශ ගෙ බොස්”
    ඈ සිනාමුසුව කීවාය .
    “ආ පුතා කිව්ව නෝනත් එක්ක කොහෙද යන කතාවක් ..එන්න එන්න ගෙට”
    අප්පච්චි කා එක්කදෝ හරි හරියට කතා කරනු ඇසී කවීශ සාලයට ආවේය.අප්පට සිරි බොසී මෙයා මොකෝ මෙහෙ අප්පච්චි ටත් කොක්ක ගහල වගේ.
    “මැඩම් මොකෝ මෙහෙ “
    “ගුඩ් මෝර්නිං කවීශ මම ටිකක් කලිං එවුන නිසා මග ඉන්නත් බෑනේ කෙලින්ම ආව ඉතිං”
    “ගේ හොයාගත්තෙ කොහොමද මට කෝල් කලෙත් නෑනෙ “
    “අපෝ ඔයා හරි ප්‍රසිද්ධයිනෙ හන්දියේ කඩෙන් අහපු ගමන් පාර කිව්වා”
    අම්මාත් එලියට ආවේ පැමිණි අමුත්තා දැක බලා ගන්නටය.
    “මේ අම්මද..අම්ම එක්කනම් මම කතා කලානෙ”
    “ආ ඒකනේ “කියා සිනාසුනත් අම්මාට ලැජ්ජාවක් දැනුනේ පෙරදා දුවේ කියා කතා කිරීම ගැනය.පෙනුමෙන් කතාවෙන්ම සල්ලිකාර බව හොඳින් තේරුම්‍ ගත හැකිය .කඩා දමා ඇති කෙස් වැටිය තැනින් තැන තඹ පාට කර තිබේ.මුහුණේ ඇත්තේ වැදගත් පෙනුමකි.
    ඉරේෂා ට නින්ද ගියේ පාන්දරට වන්නය පෝය දවස නිසා අම්මාත් ඉරේෂා ට නිදාගන්නට දී දවසේ කටයුතු ආරම්භ කලාය.ඊයේ සිදුවීමෙන් පසු අප්පච්චි ලැජ්ජාවෙන් සහ කලකිරීමෙන් සිටියේය .අම්මා කිසිත් නොකියා සිටියේ තවම වෙරි මතේ ඇතයි සිතාය.දරුවන් නිසා සිතේ ඇත්තේ දුකකි.කුසට ආ දා පටන් කවා පොවා ලොකු මහත් කොට දීග තල දුන්නද දරු වකුගේ වගකීමෙන් මිදීමට දෙමාපියනට නොහැකි ය.
    නින්දෙන් අවදි වූයේ හිසේ කැක්කුමක් සමඟය.කවීශ මල්ලී නමින් සටහන් වූ කෙටි පණිවුඩය ඈ කියවා බැලුවාය.
    “අක්කි කොටේ දොයිද ඇහැරුනාම මට කෝල් කරනවද මොකද උනේ”
    කවීශ මල්ලීට මේ ප්‍රශ්න යේ කොයිතරම් දුරට කියන්නෙ දැයි කියා ඈ නැවතත් සිතුවාය.
    “මම දවල් වෙලා ගන්නම් මල්ලියෝ ඔලුවෙ කැක්කුමක් හැදිල හරි අමාරුයි”
    ඈ ප්‍රශ්න ය මග හැරියාය.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ගතට ඇත්තේ උදාසීන ගතියකි.මේ සියල්ලෙන්ම මිදී කොහේට හෝ ගොස් ඉන්නට ඇත්නම් කියා ඉරේෂා සිතුවාය.සාලයේ කවුදෝ කතා බස් කරනු ඇසුන නිසා කන් යොමා සිටියත් කවුදැයි කියා නිශ්චය කරගත නොහැක.නිදි ඇඳුමින් ගවුමකට මාරු වී හිස පීරා ගත්තේ එලියට යන්නටය.
    “ලොකූ තවම නිදිද මේ ඉන්දික පුතා ඇවිත්”
    අම්මා කාමරයට එබුනාය.මුල පටන්ම අම්මාගෙ නම් ඉන්දික කෙරේ අකැමැත්ත ක් තිබුණේ නැත ඉවසා සිටියේ ඉරේෂා ගේ විරුද්ධත්වය සලකාගෙනය.ඔනෑම පිරිමියකුගේ වැරදි ඇත ඒවා නිවරද කර ගැනීමට ගැහැනියකට පුලුවන් විය යුතුය.පොලිසියේ ඉහළ තනතුරක් දරන ඉන්දික ට පවුලක් නඩත්තු කිරීමට ඕනෑවටත් වඩා වත්කම් ඇත.ලොක්කීගේ ඇති රෝගී තත්ත්වය උනත් ඔහු එතරම් නොසලකනු ඇත.මේ තරම් පස්සේ වැටෙන්නේ ලොක්කී කෙරේ ආදරය ක් ඇති නිසා නේද.එකම පරහකට ඇත්තේ වසර අටකට ආසන්න වයස පරතරය පමණි.ගැහැනියක ට වැඩිමහලු ස්වාමියෙකු සිටින එක වඩා හොඳ ය.
    මෑත් වූ දොර රෙද්දෙන් පිටුපස හරවා සිටින ඉරේෂා ව දැකගන්නට ඉන්දික ට හැකිවිය .හැඟුම් දනවන පිරුණු නිතඹ මග හැර සිටිය නොහැකිය.මාමා හිරේ වැටුනේත් එයට පිහිට වන්නට ලැබුනේත් වාසනාවටය.
    “එනව අම්මා”
    ඉරේෂා සෙමෙන් විත් උලුවස්සට හේත්තු වුණාය.
    අප්පච්චි සමග කතා කරමින් සිටි ඉන්දික ඉරේෂා දැක කතාව නැවැත්තුවේය.
    “කොහොමද ලොක්කි ..අසනීප උනලු නේද මම දන් නෑනෙ..පොලිස් හොස්පිටල් එකෙන් සටස් ගාල ඔපරේෂන් කරගන්න තිබුණා ඔක්කොම මම දන්න අය ඉන්නෙ”
    ඉරේෂා සිනාසුනා විනා කිසිත් නොකීවාය.ඔහුගේ පම්පෝරි ඕන තරම් අසා ඇත.
    “කවද්ද වැඩේ තියෙන්නෙ “
    “පහලොව ඇඩ්මිට් වෙන්න තියෙන්නේ අයියෙ”
    කිහිප වරක්ම තම ලැම දෙස ඉන්දික ගේ ඇස් හැරෙනු දුටු ඉරේෂා නොසන්සුන් වූයේ තිසර පටවත් ගවුම් කරෙන් මෑත් වී ඇත්දැයි සිතාය.ඉන්දික ගේ නොමනා සබඳතා ගැන ගමේ වරින් වර කට කතා පැතිරී ඇතත් අම්මා ඒ කිසිත් නොදන්නා සේ කතා කල හැටි මතකය.කලින් වතාවේ බන්දුල සමඟ විවාහය තීන්දු බව කියා ප්‍රශ්න ය මග හැරියත් මෙවරනම් කියන්නට දෙයක්ද නැත.දුරකථනය නාද වනු ඇසුනත් ඉරේෂා එයට පිළිතුරු දීමට නොගියේ එය නොගැලපෙන්නක් සේ සිතුන නිසාය.තවමත් අප්පච්චි කෙලින් බලා කතා කලේ නැත.එක්කෝ තමා සමග තරහක් හිතේ ඇතුවා වන්නට පිලිවන නැතිනම් ඔහු නිසා සිදුවූ ලැජ්ජාව ගැන පසු තැවෙනවා වන්නට පුලුවන.
    බොහෝ වේලා යනතුරු ආගිය තොරතුරු කතාකරමින් සිටි ඉන්දික යන්නට සූදානම් ව නැගී සිටියේ ය.
    “අරුන්ගෙන් ආයෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මම ගිහින් පර්සනලිම කතා කරල ආවෙ..මොනව හරි උනොත් මට කියන්න නංගි මම බලා ගන්නම්”
    බලෙන්ම තමාගේ වගකීම ගන්නට හදන හැටි.
    ගිහින් එන්නම් කියා ඉන්දික අම්මා ටත් අප්පච්චි ටත් වැන්දේය.
    “කෝ මට වඳිනව ඉතිං”
    ඉරේෂා පහත්වී ඉන්දික ට වැන්දාය.
    වඳින්නට පහත් වූ ලොක්කී ගේ ගවුම් කරෙන් යන්තමට මෑත් වූ සුදොවන් පියොවුරු දෙස බැලුනේ ඉබේටමය.දෙවුරින් අල්ලා ඔසවා ගත්තේ උඹව වෙන කාටවත් දෙන් නෑ කියා අදිටන් කරමිනි.
    අම්මලාව ද ප්‍රාඩෝ රතයෙන්ම ගෙනගොස් පන්සලේ බස්සවා කවීශ සහ මදාරා ගමන පිටත් වූහ.කතා කරන්නට මාතෘකාවක් ද නැත.තරහ කාරයින් දෙදෙනෙක් මෙන් මුලු ගමනම යන්නද.ගෙදරින් එන්න කලින් ඉරේෂා අක්කාට කතාකරන්නට සිටියත් මදාරා කඩන් පාත්වීම නිසා එය මග හැරී ගියේය.
    “කවීශ මොනවහරි කියන්නකො අප්පා නින්ද යයි මට හරිද”
    “මොකක්ද කියන්න ඕන..කවියක් සිංදුවක් “
    නෑ මට ආදරෙයි කියන්න..මේවා කටින් කියන්නට බැරිය.
    “සිංදු කියල නිදිමත වැඩි වෙයි ද”
    “ගායන හැකියාව දැකල නැති නිසා තමයි ඔහොම කියන්නෙ”
    “මම දැකල තියෙනව කැන්ටිමට ගියත් ඔලුව වන වන සිං කරනව “
    මගුල චූ කරන එකත් බලං ඉන්නවද දන් නෑ.
    “ඇත්තටම සිංදුවක් කියන්නකො ප්ලීස් කවීශ “
    “බඩේ පණුවො එහෙමනම් බර සිං කරනව දැං”
    “ආ හරි හරි බ්‍රෙක්ෆස්ට් ගම්මු ..ඔයා දන්න තැනක් තියෙනවද?”
    “අපි කන තැං වලින් මැඩම්ට කන්න බෑ”
    “ආ ඒ මොකෝ කවීශ ල කන්නෙ කටින් නවේද”
    “කටින් නම් තමා ඒත් ඉතිං අපි කන දුප්පත් කෑම මැඩම්ට හරියන් නෑ”
    “ඔයා හරි නරකයි කවීශ ඇයි නැති ඩිෆරන්ස් එකක් ගේන්න හදන්නෙ අපි අතරට..මාත් සාමාන්‍ය කෙල්ලෙක් “
    “ඒත් ඉතිං යතාර්ථය ඊට වෙනස්..මේ පංතිමය වෙනස නැති කරන්න බෑ”
    “අනේ මට ඕව තේරෙන්නේ නෑ “
    මට රිද්දන්න නේද ඕන.තවමත් පලිගන්නේ එදා සිදුවීමටය.දෑසට කඳුළු ආවේ අසරණ කමටය.මහ නපුරෙක්.
    හිතා මතා නොකීවද කී කතාවට ඇගේ හිත පෑරී ඇත.ගැහැණුන්ගේ ඇස් වලට කඳුළු නොදිය යුතුය.
    “සොරි මැඩම් අයි ඩිඩ්න්ට් මීන් ඉට්..ඔය ඉස්සරහ පොලතු වහල තියෙන කඩේ ගාව නවත්තන්න.අපි ඒකෙන් කමු”