1. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මිනිස් ජීවිතය නම් පුදුම සහගතය. මනසින් උසස් සත්ත්වයා ලෙසින් මිනිසා හඳුන්වයි. අන් සතුන්ගෙන් මිනි‍සා වෙනස්කොට දක්වන්නේ "අවබෝධය"යි. නමුත් මිනිස් අවබෝධය එකිනෙකාට වෙනස්ය. එකම අවස්ථාවක් දෙදෙනෙකුට දෙඅාකාරයකට අවබෝධ වේ. කිසිවිට කිසිවකුට එකම දේ එකම ආකාරයට අවබෝධ වන බවක් නොපෙනේ. අධිකරණ කටයුතුවලදී එය...
  2. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    හවස නඩු තීන්දු කියවමින් ඉද්දි ජොන්ටි කෑ ගහන්, නැට්ට උස්සන් දුවන් ආවා. ආ කියන්න අමතක වුනා, ජොන්ටි කියන්නේ අපේ පූස් පැටියා. බැලුවා මොකද මූ දුවන්නේ කියලා. බල්ලෙක් වත්තට ඇවිල්ලා. උෟට බයේ තමයි ජොන්ටි දුවලා තියෙන්නේ. බල්ලව පන්නලා දාලා ඉඳගත්තම ජොන්ටි උකුලට පැනලා මා එක්ක නඩු තීන්දු කියවන්න පටන් ගත්තා...
  3. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ඔබත් "භාෂ්‍යතාරාමයෙන්" පෙලෙන්නෙක් ද? නිතරම කතා කිරීමේ වුවමනාව, නොනවත්වා කතා කිරීම, වුවමනා දෙයටත් එපා දෙයටත් කතා කිරීමේ වුවමනාව, කවුරුන් හෝ යම් මාතෘකාවක් ගැන කතා කරමින් සිටියදී ඒ ගැන දැනුවත්වූවත් නොදැනුවත්වූවත් කතා කිරීමේ වුවමනාව, කොටින්ම නිතරම භාෂණයේ යෙදීමේ ආශාව/වුවමනාව වැනි රෝග ලක්ෂණ මෙහිදී...
  4. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මිනිසුන් පුදුම ජාතියකි. ඔවුන්ට තරම් වැඩ රාජකාරී මිහිපිට ජීවත්වන කිසිම සතකුට නැත. අනෙක් අතට කිසිම වැඩක් නැති අයත් වැඩ පෙන්වන්නට හරිම කැමතිය. ඒ නිසා බොරුවටත් කට අරින්නේ "මම බිසී" කියමිනි. නමුත් ඔබ දන්නවාද ඔබේ මේ බිසිය නැත්නම් දවසෙ පැය 24 ටත් කර අවසන් කිරීමට නොහැකි වැඩ රාජකාරී නිසා ඔබගේ ජීවිතය දුක්...
  5. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ජීවිතේ නම් පුදුම දෙයක් යන්න නිතරම සිතෙයි. හරි හරි වැඩය මටනම් සිදු වන්නේ. ඔබලාටත් එසේදැයි මා නොදනිමි. ඒ දවස්වල නීතීඥ වෘත්තියට මා පුදුම ලෙස වෛර කළෙමි. ඒ අපේ පැත්තේ සිටි නීතීඥවරයකු නිසාවෙනි. ඔහු පුදුම දුකක් විඳය මිය ගියේ. ඔහු මිය යන විට අතුණුබහන් පවා කුණුව ගොස් තිබිනි. ආතානම් කීවේ මිනිසුන්ට කල...
  6. hpalpola

    බුද්ධගෝෂ හාමුදුරුවෝ

    ඇත්තටම යාළුවා අපේ බෞද්ධයෝ කියන පිරිස බුදු දහම ගැන හරියට දැනන් නෙමෙයි කෑ ගහන්නේ. උදාහරණයකට බලන්න එක එක මිනිස්සු බුදු පිළිමවලට අපහාස කරනවා කියලා කෑ ගහන හැටි. බුදුරජාණන්වහන්සේම දේශනා කරනවා ජීවත්ව ඉඳියදීම කව්රුහරි මට අපහාස කරනවා කියලා උඹලා දැන ගත්තම උඹලා ඒකට කේන්ති ගන්න එපා, එතකොට ද්වේශය ඇති වෙන්නේ...
  7. hpalpola

    බුද්ධගෝෂ හාමුදුරුවෝ

    ඕනෑම ශිෂ්ටාචාරයක් පරිණාමයට යද්දි ඒ ශිෂ්ටාචාරයේ තියෙන භාෂාවත් පරිණාමය වෙනවා. උදාහරණයකට බලන්න එදා මගුල් කෑම පොත නැත්නම් උම්මග්ග ජාතකය පොත කුමාරතුංග මුනිදාස මහතුන් ලියපු භාෂාව සහ අද අපිට ඒ පොත් භාවිතා කරන්න ගියාම ඇතිවෙන අපහසුව. සමහරුන්ට 1940 ගණන්වල භාෂාව අද තේරුම් ගන්න බෑ. අද පුද්ගලික රේඩියෝ...
  8. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ජීවිතය අපිට නොයෙක් අත්දැකීම් දෙනවා. අපි ඒවා බාරගන්නා ආකාරය එකිනෙකාට වෙනස් නිසා ඒ අත්දැකීම් කෙනෙක්ට වදයක් වෙද්දි කෙනෙක්ට සතුටක්, වින්දනයක් වෙනවා. පුංචි කාලෙ මන් හැදුනෙ දෙමව්පියන් ලඟ නෙමෙයි. ඉතින් මේ නිසා කෑම බීම සපයා ගැනීම ගැන අපහසුතා තිබුනා. තාම මතකයි ආතා බඩ ගින්නෙ ඉන්නවා මට කෑම දීලා. ඒ කාලෙ...
  9. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    සෑම බෞද්ධයෙකුගේම (නාමික නොවන බෞද්ධ) අරමුණ නිර්වානය සාක්ෂාත් කර ගැනීමයි. ඒ සඳහා තෝරාගත හැකි මාර්ගයන් තුනකි. බුදු, පසේ බුදු සහ රහත්. මේ කුමන මාර්ගයක් තෝරා ගනු ලැබූවත් එහි ගමන් කල යුතු පිළිවෙලක් තිබේ. ඒ අනුව කෙනකු පිළිවෙලින් සෝවාන්, සෘදාගාමී, අනාගාමී අවස්ථාවන් පිළිවෙලින් පසු කොට ය රහත් අවස්ථාවට පත්...
  10. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ශ්‍රී ලංකාව ලොව ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක් ලෙසිනි. බෞද්ධ දර්ශනයේ දී පුද්ගලයාට නිරයෙන් වැලකී සුවපත්ව ජීවත්වීමටත් නිර්වාන සුවය ලබා ගැනීමටත් උගන්වයි. එසේම චතුරාර්ය සත්‍යය පිළිබඳව හඳුන්වා දී දුකට හේතුව නම් ‘තණ්හාව’ බව ද උගන්වයි. එයින් නොනැවතී එකී දුක නැති කිරීමේ මාර්ගය ද හඳුන්වා දෙයි. කැමති කෙනකුට...
  11. hpalpola

    බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

    ෙකාම්බුව අවුල් වුනාට සමාවනන මචංලා. සුත්ත නිපාත, අාමගන්ධ සූත්‍රය බලන්න. "241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ. 242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද...
  12. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    දුකින් මිදී, අවිද්‍යාවෙන් ඈත්ව මෙලොව ජීවත්වීමට මිනිසකුට නොයෙක් ප්‍රතිපත්තීන් හේතු සාධක වේ. නමුත් මිනිසුන් ඒවා නොදන්නා හෙයින් හැමදා දුකින් තැවෙමින් දුකම විඳිමින් දුක සේ ම ජීවත් වේ. මේ සඳහා එක් පිළිවෙතක් සුත්ත නිපාතයේ (5-1) දී බුදුරජාණන්වහන්සේ මෙසේ දක්වා ඇත. "කාමෙසු නාභිගිජ්ජෙයිය මනසා නාවිලො...
  13. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    කොසොල් රජු දුටු හීන - ඉතිරි ටික 4. රජතුමා දැක්ක හතරවැනි හීනය තමයි කරත්ත පේළියක ඉස්සරහ කරත්තවල වසු පැටවුනුත් පසුපස කරත්තවල හොඳ හරක් බැඳලා තිබීම. ඉතින් ඉස්සරහ ඉඳියෙ වසු පැටව් නිසා කරත්ත ටික ඇදගන්න බැරිව කරත්ත පේළිය නතර වෙලා තිබුනා. මේ ගැන බුදුහාමුදුරුවො අර්ත විවරණය කළා...
  14. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    ඊයේ පෙරේදා FB ආපු වෙලාවක දැක්කා අන්ධ ගැහැණියක් විසින් 2016 ගැන කියපු අනාවැකි දක්වලා පෝස්ටුවක් කව්රු හෝ ෂෙයාර් කරලා තිබුනා. ඒක දැක්කම හිතුනා මේවා වෙයිද නැද්ද දන්නෙ නැති නිසා අදටත් සිද්ධ වෙමින් පවතින නමුත් දැනට අවුරුදු ගාණකට කලින් බුදුහාමුදුරුවො විසින් දේශනා කළ අනාවැකි කීපයක් ගැන කතා කරන්න. හුඟක්...
  15. hpalpola

    නිවැරදි සාංගික දාන

    Sadhu Sadhu Sadhu
  16. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    පහුගිය දවසක මතකය අළුත් කර ගන්න හිතලා මහා පරිනිබ්බාන සූත්‍රය ආපහු කියවන්න හිතුනා. බොහෝ බෞද්ධ පින්වතුන් මේ සූත්‍රය ගැන දැනුවත්. අමුතුවෙන් කිව යුතු නැහැ. බුදුරජාණන්වහන්සේ අවුරුදු 45 ක් විතර කාලයක් අසරණ මිනිස් වර්ගයා වෙනුවෙනුත්, අප වෙනුවෙනුත් තමන්ගේ දිවිය කැප කරලා පරිනිර්වාණයට පත් වීමට වැඩිය ගමනත්...
  17. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    Kauruwt kiyawanne na wage me thread 1. Hm hm
  18. hpalpola

    නාගදීපය

    පහුගිය දිනවල ෆේස්බුක්, රේඩියෝ වැනි ජනමාධ්‍ය හරහා නාගදීපය, නාගතිව් කිරීමට යාමට වන විරෝධය පෑම ගැන තොරතුරු වාර්තා විය. මේ ගැන යමක් ලිවීමට සිතුනේ එනිසාවෙනි. නාගදීපය යනු කුමක් ද යන්න කෑ ගසන බොහෝ සිහලුන් දන්නේ දැ යි සැකයක් මතු වේ. කෙසේවෙතත් නොදන්නා අයවලුන්ගේ දැන ගැනීම සඳහා නාගදීපයේ ආරම්භය මෙසේ...
  19. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    සතිමත්බවේ ආශ්චර්යය ආරම්භය අපි දැන් කථා කරන්නේ සතිමත්බවේ ඇති ආශ්චර්යය ගැන. ඇත්තටම කෙනෙක්ට හිතා ගන්නවත් බැහැ සතිමත්බව කෙතරම් ආශ්චර්යමත් ද කියලා. හැබැයි සතිමත්බව ඇති කර ගැනීම හරිම සරලයි වගේම එතරම් බරපතල නැහැ. ඔබ කරන්නේ කුමක් ද, කියන්නේ කුමක් ද, හිතන්නෙ කුමක් ද මේ හැම දේකදි ම අවධානයෙන්...
  20. hpalpola

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    මුසාවාදා සහ මුසාවාදා වේරමණි වරක බුදුහාමුදුරුවො දේශනා කරනවා තමන් වහන්සේ සංසාරේ පුරාවට නොකළ එකම පාපය බොරු කීම බව. එනිසාවෙන්ම උන්වහන්සේ දේශනා කරන එක වචනයක් වුනත් සත්‍ය බවට පිළිගන්නවා. අපි කතා කරමු මුසාවාදා ගැන. පාලියෙන් මුසා කියන වචනයෙ විරුද්ධ පදය තමයි සච්ච.‍ බලන්න සච්ච කියන වචනයෙ...

    No contents