1. 1

    අතිගරු ජනාධිපතිට ආයේ මුකුත් කියන්න යන්න එපා.

    හිස් excellency කියන්නත් එපාද?
  2. 1

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    කලකට පෙර (1970 දශකයේ) දර අවශ්‍යතාවය ගැන සලකා බලලා ලංකාවට හඳුන්වා දුන් ඉපිල් ඉපිල් (Ipil ipil ) කියන ගහ මේ වගේ තැනකට සුදුසු විය හැකියි. ඒ කාලේ රජයේ ආයතනයකින් මේ ඇට උපදෙස් පත්‍රිකාවක් සමග නොමිලේ බෙදා දුන්නා . නමුත්, පසුකාලීනව ඒවා දකින්න ලැබුනේ නැහැ. පිලිපීනයෙන් මේ බීජ ගෙන්වා බෙදා දුන් බව මම දැනගෙන...
  3. 1

    කඩා වැටුනු ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් මහ මුහුදෙන් හමුවේ

    ඉන්දුනීසියාව ගුවන් යානා නඩත්තුව සම්බන්ධයෙන් බොහොම නරක වාර්තාවක් තියන රටක්. 2007 විතර EU එකෙන් ඉන්දුනීසියාවේ ජාතික ගුවන් සේවය වන ගරුඬා එකත් ඇතුළුව ඒ රටේ තියන සියලුම ගුවන් සමාගම් පනහකටත් වඩා බ්ලැක් ලිස්ට් කරලා යුරෝපේ ගුවන් සීමාවන්ට ඇතුළු වීම තහනම් කළා. ඒ තහනම 2018 පමණ වනතුරු තිබුනා. ඉන්දුනීසියාවේ...
  4. 1

    මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

    1986 දී මගේ කකුලක් තුවාල වෙලා මාසයක් විතර මහ ඉස්පිරිතාලේ දොස්තර විජේමාන්න මහත්තයාගේ (Mr. N. Y. Wijemanne FRCS) ගේ වෝර්ඩ් එකේ නැවතිලා හිටියා. ඒකේ (ප්ලාස්ටික් සර්ජරි වාට්ටුව කියලයි කිව්වේ) මේ වගේ රෝගියෙක් හිටියා. මෑන් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ තමයි එතැනට එවනවා කිව්වේ. එයාගේ නළලේ ඇතිවෙන මේ...
  5. 1

    මෝදර මරිවැල්ලට ගොඩ බෑ ලංකාවේ පළමු දුම්රිය ඇන්ජිම

    ලංකාවේ දුම්රිය මාර්ග ආරම්භ කිරීමට පළමු පස් පිඩැල්ල කැපූ අවස්ථාවේ ඡායාරූපයක් අරගෙන තියනවා. ඒ ඡායාරූපයේ නෙගටිව් එක ඩිවලොප් කරලා බලද්දී ඒකේ සටහන් වෙලා තිබිලා තියෙන්නේ විසාල පස්සක් තියන ගැහැණු කෙනෙකුගේ පස්ස පැත්තයි. මම කියවා ඇති ආකාරයට, එහි සඳහන් වී තිබුනේ "කරක් ගෙඩි සායක් හැඳ සිටි සුදු කාන්තාවකගේ...
  6. 1

    කොරෝනා එන්නත ගන්න බ්‍රැන්ඩික්ස් සභාපතිගෙන් මිලියන 6250 ක්

    මෙහෙමනේ, ඩොලර් එකක් රුපියල් 190 යි. එතකොට ලැබිය යුතු මුදල රුපියල් 9,500,000,000 යි. නමුත් ආණ්ඩුවේ කට්ටියගේ කොමිෂන් එක අඩු උනාම ලැබෙන්නේ 6,250,000,000යි . නිකම් හම්බ වෙච්ච සල්ලි වලින් යාන්තම් 34% ක විතර කොමිෂන් එකක් ගත්තට මොකක්ද තියන ප්‍රශ්නේ?
  7. 1

    එල්ලුම් ගසෙන් ගැලවුනු එරික් බචෝ

    මේ කතාවේ කියැවෙන පහත සිද්ධි දෙක ගැන මම දන්නා දෙයක් කියන්නම්. //ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ, හමුදාවේ සේවය කළ පෙරේරා යන අයද මරණ...
  8. 1

    ස(ර්)ට අවුරුද්දයි

    ලංකා ඊ නිව්ස් එකේ දාලා තිබුනා පළමු වසරේ ප්‍රගති වාර්තාව. නන්දසේන ජී රාජපක්ෂගේ පළමු වසරේ රිපෝට් කාඩ් එක නිකුත් වේ..! (ලංකා ඊ නිව්ස් -2021.‍ජන.05, ප.ව.11.00) වර්ෂ අවසාන ප්‍රගති වාර්තාව -2020 පාසැල - ජනාධිපති විද්‍යාලය -කොටුව ශිෂ්‍යාගේ නම - නන්දසේන ජී. රාජපක්ෂ පන්තිය - පළමු වසර විෂය - ලබාගත්...
  9. 1

    වෛද්‍යවරුන්ට මිනී මරණ්න පුලුවන්ද?

    මේකේ "මිනී මරන්න" පුලුවන්ද වගේ දරුණු වචනයක් වෙනුවට කෙනෙකුගේ "ජීවිතය නිමා කරන්න" පුලුවන්ද කියලා ඇහුවා නම් උත්තරය ඔව් කියන එකයි. නමුත් ඒකට Euthanasia ලෙස හඳුන්වන ජීවිතය නිමා කිරීම නීතියෙන් පිළිගත් රටක් විය යුතුයි. ඒකත් නිකම්ම නිකං දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා, ''මට හිටියා ඇති, සයනයිඩ් කැප්සියුල්...
  10. 1

    නිරෝධායනයට යොමු කළ යාල ජීප්රථ රියදුරන් දුෂ්කරතා රැසක

    ඒ බව දන්නා නිසා නිසා තමයි රටේ පාලනය ක්‍රම ක්‍රමයෙන් හමුදාව යටතට පත් කරන්නේ . පසුගිය දවස් වල පත් කල හමුදා නිලධාරීන් විසිපස් දෙනා සිවිල් පාලන බලතල සහිත (දිසාපතිවරුන් වැනි) නිලධාරීන්ට ඉහලින් පත් කරලා තියෙන්නේ ඒ සඳහා තමයි.
  11. 1

    නෑනා බ්ලැක්මේල් කළ ඉංජිනේරු මස්සිනා

    වරුණි බෝගහවත්ත 2019 දී මානව හිමිකම් නඩුවකට වැරදිකාරිය උනා. මේ තියෙන්නේ ඒ කතාව. //මාතර ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත මහත්මියට රුපියල් ලක්ෂයක දඩයක් ගරු අධිකරණය මගින් නියම කොට ඇත. හත් වසරකට ඉහත බාල වයස්කාරියක ලෙස සිටියදී නීතිවිරෝධීව රඳවා තබාගෙන පීඩාවට පත් කරනු ලැබූ තරුණියකට...
  12. 1

    පට්ට හොරු

    මේක කියෙව්වාම මට වෙච්ච දේවල් මතක් උනා. 1980 දශකයේ මට එකල තිබුන පරණ ලෑන්ඩ් රෝවර් එකේ සයිඩ් කන්නාඩි ගලවාපු වාර ගණන මටවත් මතක නැහැ. අලුත්ම IPF ෆොග් ලෑම්ප් දෙකක් හයි කලේ මගේ එකල මාසෙක පඩියටත් වැඩිය මුදලක් වියදම් කරලයි. ඒකටත් ගේම දුන්නා. ගරාජ් එකට තිබුනේ කොට බිත්ති. දොරක් තිබුනෙත් නැහැ. සම්පුර්ණ...
  13. 1

    2021 will begin with unwelcome, 220-meter wide asteroid visitor, NASA warns

    කලකට පෙර මම මධ්‍යම ඕස්ට්‍රේලියාවේ, ඇලිස් ස්ප්‍රින්ග්ස් කිට්ටුව තියන අභ්‍යවකාශ ග්‍රාහකයක් කඩා වැටුණු Henbury Meteorite crater කියන එක බලන්න ගියා. ඒ ප්‍රදේශයට ලොකු ග්‍රහ වස්තුවක් කඩා වැටිලා, ඒක වායුගෝලයට ඇතුල් වෙනකොට පුපුරා ගිහින් කෑලි වලට කැඩිලා තමයි බිමට වැටිලා තියෙන්නේ. එයින් ලොකුම කෑල්ල වැටුන...
  14. 1

    දොස්තරලා & නර්ස්ලා ගල් වීම.

    සුභ නව වසරක්! මීට වසර 35/40කට පෙර අපේ ගමේ යාලුවෙකුගේ ගෙදර තොවිලයක් තිබුනා. ඒක හොර රහසේ කරපු දෙයක් උනත් මටත් එදා රෑ එහෙ එන්න කිව්වා. තොවිලය කරපු කට්ටඩියාව රාත්‍රියේ තුං මං හන්දියකට උස්සාගෙන යන්න පිරිමි 4 දෙනෙක් ඕනෑ නිසා මටත් එන්න කියූ බව දැනගත්තේ එහි ගියාමයි. කට්ටඩියාව උස්සාගෙන ගියේ හරියටම මේ...
  15. 1

    කථානායකගේ ආරක්ෂක..පෙරගමන් රියදුරු..ගෙදර සිටි ‘පොලිසියේ SI’ කොවිඩ් රෝගීන්

    කථානායක ගේ පෙර ගමන් රථයේ රියදුරා ආසාදනය වෙලා. එයාව ආශ්‍රය කරපු කෙනෙක් තැපැල් කන්තෝරුවට ගියා කියලා තැපැල් කන්තෝරුවත් වහලා. එතකොට අර ආපු යුක්රේන් සංචාරකයන්ගෙන් හයක් ආසාදනය වෙලා. එකම ගුවන් යානයේ පැය දහයක් විතර ආපු අනික් පිරිස රට වටේම කොරෝනා බෙද බෙදා යනවා. එක රටක්. එක නීතියක්!
  16. 1

    ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

    This is what I said about this few days ago. 1sam Well-known member Sunday at 8:19 AM දැන්, ඉස්සර කාලේ වගේ "සංචාරය" කියන එක තැන් තැන් බල බලා ඇවිදින එකට සීමා වෙලා නැහැනේ. දැන් ඒකේ ප්‍රභේද ගොඩක් තියනවා. Eco tourism, Health tourism, Backpacking, Adventure වගේ categories තව ගොඩක් තියනවා. ඉතින්...
  17. 1

    Dual citizen ගන්නද එපාද?

    I would like to correct some of your comments. These two sentences are misleading, // you're bounded with their country if you have their "passport"//. Again, //you are also a citizen of their country as long as you hold their "passport".// Passport is just a travel document. There...

    No contents