1. tear

    සොඳුරු හිතුවක්කාරයා ...

    සොඳුරු හිතුවක්කාරයා ... සොඳුරු හිතුවක්කාරයා ... සොඳුරු හිතුවක්කාරයා නුඹ නපුරු රිදුමින් මහද රිදවන අසුරු සැනෙකින් යලිදු සනහන අපූරුම ආදරේ පණනල
  2. tear

    ජීවිතය හා ආදරය

    ජීවිතය හා ආදරය ජීවිතය හා ආදරය ආදරය රැඳුනු තැන ... ජීවිතය අහිමි විය ... ජීවිතය හිමි වූ සඳ ... ආදරය ශේෂ නැත ...
  3. tear

    තරු දෑස ...

    තරු දෑස .. රෑ අහස පුරාවට මං හෙව්ව තරු දෑස හංඟාන දුර ඈත ඔබ සැඟව උන්නාට .... පෙරදාක මට පෑව සෙනෙහසේ මුදු සුවඳ දැනෙනවා මට තාම සිත ගාව පෙර සේම ..... නෙතු පියන් යට නිදන් වූ මතකයන් පිබිදිලා යළි යළිත් ඔබ සොයනවා සිතම අවසඟ වෙලා දුරාතීතේ සොඳුරු සැමරුම් අතරේ සැරි සරා පරමාදරේ මිහිර මා සිතින් තවම...
  4. tear

    .

  5. tear

    තරු දෑස ...

    තරු දෑස ... රෑ අහස පුරාවට මං හෙව්ව තරු දෑස .... හංගාන දුර ඈත ඔබ සැඟව උන්නාට .... පෙරදාක මට පෑව සෙනෙහසේ මුදු සුවඳ ... දැනෙනවා මට තාම සිත ගාව පෙර සේම ...
  6. tear

    උඹ...

    උඹ... මං මාව හෙව්ව හැමතැනකදිම මට හම්බ උනේ උඹවම විතරමයි බං ....
  7. tear

    ස්වප්නයක් ...

    ස්වප්නයක් .... ප්‍රේම සිතුවිලි බර වැඩි හදට උහුලන්නට බැරි සිහින අතරේ සරන විට දී දැනෙන තනිකම කඳුලකි ... හිරුට රහසින් හමු උනා දෑස්පිය යට සැඟවුනා නෙතට නෙත මුණ ගැහෙන හැම විට ආදරේ මල් පිබිදුනා ... සිහින එකිනෙක ගිලිහුනා හිත හදා ගන්නට වෙහෙසුනා ඒත් ඒ හැම විටකදිම හිත ඔබම පතමින් ලතැවුනා ..
  8. tear

    මායාව...

    මායාව... සිහිනයක තැවරූ ආදරය සොඳුරු නුහුරු නුපුරුදු කඳුල ළං කර සැඟව ගිය අයුරු ... ආදරය ඇදහූ හිත යළි යළිත් රිදවූ ඔබම පතමින් තවම වැළපෙන හිතක දුක් කඳුළු ....
  9. tear

    අහස තරම්...

    අහස තරම්... අහස තරම් මං ඔබට දුරයි කී දා ඒ අහස කරා එන්නම් කියා ආදරයෙන් සපථ කළා ... ජීවිතේ ම නතර කරන් මං හිටි පියවර සිටියා ඒ අහස කරා ඔබ නැගෙන තුරා ... පය පැකිලෙමින් මඟ වැරදි වැරදී ඔබ හෙමි හෙමින් ආවා පිදු ආදරේ අදහා මං මඟ බලා උන්නා … කඳුලේ ගැලී සුසුමේ වෙළී අඳුරේම මා සිටියා හිරු මඩල වී ඔබ පහන් වී...
  10. tear

    නොහිම් සෙනෙහස....

    නොහිම් සෙනෙහස.... නොහිම් සෙනෙහස ... සත් සිඳු තරණය කර ඇවිදින් සිත් මල පුබුදා ආදරයෙන් මා හද ගැඹරේ ඔබ වෙනුවෙන් ආදරයක් ඔබමයි ජනිත කළේ... අප ආ මඟ නැවතී අතර මඟින් ඔබ ආපසු හැරුනේ ඇයි එලෙසින් අප ආ මඟ තනිවම යා හැකි වෙද මට සරණක් නොමැති ලෙසින්.. නොහිම් සෙනෙහස ඔබ නිසා වැරෙන් සඟවමි හද පෙළා යළිත්...
  11. tear

    වියෝ ගීයක් ...

    වියෝ ගීයක් ... දෑසක ලියැවුනු මාහැඟි සෙනෙහස ඈතක පාවී මැකී ගිහින් .... නෙතු අග දිලිහෙන කඳුලක උණුහුම හිත ලඟ තනියට තියා ගිහින් ..... පෙම් කළ තරමට වාවනු බැරි හිත තාමත් වැළපේ ලසෝ දුකින් ..... මගෙන් මිඳුනු ලොව සුවෙන් හිඳී නම් සැනහී ඉන්නම් වියෝගයෙන් ....
  12. tear

    සිතක් ...

    සිතක් ... ආදරේ සැඩ මාරුතේ ... බිඳී විසිරුණු ජීවිතේ ... පාළු නටඹුන් නගරයේ ... ජීවය සොයා වෙහෙසෙන සිතක් ...
  13. tear

    අහස

    අහස අහස තරම් ආදරේ අරන් ඇවිදින් .. ඒ අහස තරම් දුක තියා ගිහින් රහසින් ... අහස උසට මැවූ සිහින බිඳී සැනෙකින් .. හිස් අහස වගෙයි හිස් වෙලා හදේ හැඟුමන් ..
  14. tear

    සොබා සිරි

    සොබා සිරි දිලෙන හිරු සඳු තාරකා ගලන ගඟුලැලි දියඇලි නිලන කඳු රැලි හෙල්වැටි නෙතට සිසිලකි සුවයකි .. හමන මඳනල හා එතී සැලෙන තුරුපත් ගුම් දිදී සුපිපි වනමල් සුවඳැති සුවඳ විහිදයි ලොබ නොවී .. සරන විහඟුන් නිදහසේ ගයති ගී බෝ මිහිරැති නිහඬ වනපෙත් පාඩුවේ සඟවා හිඳී රූ සිරි ලොවෙන් .. හිස් අහස සරසන නෙක...
  15. tear

    අ(හිමි )

    අ(හිමි ) අඳුරු මතකයෙ රුදුරු සෙවනැලි තවම ඔය සිත පෙළනවාදෝ ... දැවුනු සිතකට සිසිලසක් වී පිදූ සෙනෙහස මදි වුනාදෝ ... නුඹෙ මව්ට දෙවැනිව නුඹට ලෙන්ගතු සිතක් ඇති බව නොම දැනීදෝ ... සසර කතරේ අතරමං කර අතර මඟකින් වෙන්ව යාදෝ ....
  16. tear

    එකම එක හිතක් ළඟ...

    එකම එක හිතක් ළඟ... එකම එක හිතක් ළඟ... සුදු මල් පියවිලි අතුරා නැත අප පිය මැන ආ මාවත සරසා ... මියැදුනු සිතකට රහසින් පෙම් බැඳි ජීවිතයම සුසුමක එතුනා ... හදගැබ ඉකිලන අරුමැසි සෙනෙහස ඔබ වෙනුවෙන් පණ ගැහෙන නිසා ... නිකැලැල් සෙනෙහස සුවිසල් හින්ද ම සුරකිමි පණ නල තියෙන තුරා ...
  17. tear

    "ආදරය" ගීතයක් නම් .....

    "ආදරය" ගීතයක් නම් ..... "ආදරය" ගීතයක් නම් ..... ඔබෙ දෑසින් කියූ නුහුරු පෙම් ගායනා නෑසූ ලෙසින් මා දුරින් දුරස් වුනා .. ඔහු ස්නේහෙන් ගැයූ මියුරු පෙම් ගීතිකා රැව් දේ සවන් පුරා මා හදේ නිදන් වෙලා ..
  18. tear

    ඔබ සතු වී නම් ....

    ඔබ සතු වී නම් .... විවර කළෙමි මම හදේ දොරගුළු ඔබට රිසි සේ ඉගිල යනු ඉඩ දී ... විවර දොරගුළු දැක දැකම ඔබ සිතම නතු කර මා සිත තුලම සැඟවේ ... සිත පෙළා සෙව්වෙමි අන් හදක් වෙනුවෙන් ඉඩක් වේ දැ'යි හිත් කොනක හෝ ඉතිරි ... අරුමයකි මා හද ගැබේ අද මට ද ඉඩ නැත අංශුවක් තරමින් ... මා සිතම ඔබ සතු වී...
  19. tear

    යෙහෙළියක සේ සොයුරියක සේ...

    යෙහෙළියක සේ සොයුරියක සේ...
  20. tear

    කියූ වදන්...

    කියූ වදන්... නිල් කඳු රැල්ලේ තුරු සිහිලැල්ලේ පියමන් කල දා සොඳුරු ඇසිල්ලේ මුවඟට කැන්දූ පෙම් හසරැල්ලේ කියූ වදන් සවන'ත පිළි රැව් දේ

    No contents