°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිරර් ලින්ක් එක වැඩ...
    බට් ඕකත් ස්කෑන් වෙනව මීළග පැය 24 ඇතුලත....
    ෆයිප් නේම් වෙනස් කරල අප් කරපං....පුළුවන් නම් මෙටා ඩේටාත් වෙනස් කරපං.........
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පටසිරි මල් මසුරං වැඩක්නේ...... මරේ මරු ෆෝන් රිං ටෝන් එකටත් දාගන්න පුළුවන්....... රෙප්+ වටිනා වැඩක් වෙනුවෙන්.........
    බොහෝම ස්තූතී සහෝ. :D

    ඔය අති විශිෂ්ඨ සංගීතයේ නිමැවුම්කරුවා ඉංගිරිසි ජාතිකයෙක් වන ක්ලැනාර්ඩ්. ඔහු ගේ සංගීත ඛණ්ඩ සහ නිර්මාණ ලෝක ප්‍රසිද්ධයි.........

    බොහෝ පින් මේ සත් කාර්ය වෙනුවෙන්. මෙවන් සංගීත ඛණ්ඩයන් නොමියෙන ඒවා......
    නොදන්නා දෙයක් කියලා දුන්නට බොහෝම ස්තුතී සහෝ. ඔහුගෙ වෙනත් සංගිත නිර්මාණත් එහෙනම් මේ වගේම උසස් තත්වයෙන් ඇති. හොයලා බලන්න ඕනේ
    මස්සිනේ....
    මීඩියාෆයර්කාරයෝ ෆයිල් එකට කෙළලා!!!

    ඕව කොපිරයිට් මැටීරියල්. ඒ නිසා අප් කරද්දී නියම නම නැතුව අප් කරපං ෆයිල් වල.....
    නැත්තං ඕකුන් කෙළවනවා............

    එමමයි........ එදා අර පිස්සුබඩිය දාපු එක වගේ තමා මේකත් බාගන්න බෑ........
    මම බලද්දි නම් ප්‍රෙටෙක්ෂන් වැඩිලා තිබුනේ නෑ. එක දිගට ගොඩ දෙනෙක් ඩව්න්ලෝඩ් කරපු නිසාද දන්නෙ නෑ. මම තව තැනකට කොපි කරලා රීනේම් කලා. මේ තියන්නේ ඒ ලිංක් එක.
    http://www.mediafire.com/download/p0ww5n46satmm3v/kiri.zip

    кσяη ησρє;17130420 said:
    Thanks Bro
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිරර් ලින්ක් එක වැඩ...
    බට් ඕකත් ස්කෑන් වෙනව මීළග පැය 24 ඇතුලත....
    ෆයිප් නේම් වෙනස් කරල අප් කරපං....පුළුවන් නම් මෙටා ඩේටාත් වෙනස් කරපං.........

    මෙටා ඩේට මුකුත් නෑ සහෝ. සිප් ෆයිල් එකේ නමත් වෙනස් කරා කිරි කියලා. අනිත් ලිංක් එකත් දැන් නම් අන්ලොක් වෙලා පේනවා. mediafire එකට ලොග් වෙලා ටික වෙලාවක් ඉන්නකොට ඒක ත් අන්ලොක් වුනා. මම වෙන බ්‍රව්සර් එකකින් බැලුවා. එතකොට නම් ඒ ලිංක් එකත් වැඩ කලා‍. බැරිම වුනොත් ඩ්‍රොප් බොක්ස් දානවා.
     
    aruna47

    Well-known member
  • ඒ දවස් වල ලංකාවේ රුපවාහිනී වල ගිය හොද ටෙලිනාට්‍යවල් අද වගේ අර සිරසේ පෙන්නන ඉන්දියාවේ මල ජරාව වගේ නෙමේ. කතාව හරවත්. ඉන්දියාවේ එව්වා වල වෙන්නේ එක්කෝ නැන්දම්මා ලේලිට අරිනවා, ලෙලි නැන්දම්මට අරිනවා. නැත්නම් පවුල කචල්.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ආසයි බන් මේ music මතක් වෙනකොටත්. අපි ඉතින් ඕක බලල ඉවර උනගමන් කඩු පොලු ටික අරන් එලියට බහිනවා රොබින්හුඩ් සෙල්ලම කරන්ඩ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Thank you machan
    Capture022.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ දවස් වල ලංකාවේ රුපවාහිනී වල ගිය හොද ටෙලිනාට්‍යවල් අද වගේ අර සිරසේ පෙන්නන ඉන්දියාවේ මල ජරාව වගේ නෙමේ. කතාව හරවත්. ඉන්දියාවේ එව්වා වල වෙන්නේ එක්කෝ නැන්දම්මා ලේලිට අරිනවා, ලෙලි නැන්දම්මට අරිනවා. නැත්නම් පවුල කචල්.
    ඔව් සහෝ දැන් යන කොරියන් කථා එහෙමත් ඔක්කොම එක වගේ නේ.
    ආසයි බන් මේ music මතක් වෙනකොටත්. අපි ඉතින් ඕක බලල ඉවර උනගමන් කඩු පොලු ටික අරන් එලියට බහිනවා රොබින්හුඩ් සෙල්ලම කරන්ඩ
    ඔව් මචං කියල වැඩක් නෑ. ඒ දවස් වල දුනු එහෙමත් හදාගන්නවා. සමහර ලමයින්ට ඊතළ වැදිලා තුවාලත් වෙලා තියනවා.
    Thank you machan
    Capture022.jpg

    එල එල :):)
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    පොඩි කාලෙ බලපු ලස්සනම කතාව බන්, තාමත් බලන්න හිතෙනවා,උබත් හොයාගන්න ඒවා ,...........
    රේප් 4 සෙලකුව කියහන්කෝ එහෙනම්.
    :yes::yes: :love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanx machan. :)
    Comment එකට Thanks මචං
    පොඩි කාලෙ බලපු ලස්සනම කතාව බන්, තාමත් බලන්න හිතෙනවා,උබත් හොයාගන්න ඒවා ,...........
    රේප් 4 සෙලකුව කියහන්කෝ එහෙනම්.
    :yes::yes: :love::love:
    Comment එකට Thanks මචං
    Thanks
    පට්ට පොඩි කාලේ ඕක ආසාවෙන් බැලුව tv series එකක් :love::love:
    Thanks :D
    Ela machan . Rep 13++++
    Thanks Machan
    Thanks for sharing

    4+
    Comment එකට Thanks මචං
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලංකාවේ අපි පොඞ් කාලේ මේ වගේ කතා මාලාවක් බලන්න තරම් වාසනාවන්ත වුනා. අද දවසේ ළමා වැඩසටහන් කියලා යන කතාමාලාවන් දැක්කම ඇත්තෙන්ම දුක හිතෙනවා. ඉස්සර පුංචි අපි විතරක් නෙමේ අපේ අම්මලා තාත්තාලත් ආසවෙන් ටයි මාමා කරපු වැඩසටහන් හරිම ආසාවෙන් බැලූවා. ඒවා හැම වයස් කාණ්ඩයකම සියලූ දෙනාටම එක වගේ රස විදින්න පුලූවන් වුනා.

    ටයි මහත්තයා වගේම පේ‍්‍රමකිර්ති කියන අපුරු පුද්ගලයත් අපේ පුංචි කාලයේ හොඳ රසවින්දනයක් අප තුල ඇතිකරන්න ලොකු බලපැමක් කලා කියලා අද මට හිතෙනවා. මේ සුන්දර මිනිසුන් දෙදෙනාට නිවන් සුව ලැබෙන්න ඒ කරපු උදාර කටයුත්තම ඇති කියලා මට හිතෙනවා.

    මට හිතෙන්නේ ටොමා මේ වගේ දැවැන්ත නිර්මාණයක් අපේ සිත් ගත්තේ ඒ කතාමාලාවෙන් කතාමාලාවට තියෙන වෙනස්කම නිසා කියලා. මේ වගේ කතාමාලා බොහෝවිට එක පිටපත් රචකයෙක් ලියන්නේ නෑ. එක් එක් කොටස් වෙනස් අය ලියන්නේ අධ්‍යක්ෂණයෙදිත් එහෙමයි. විවිධ අධ්‍යක්ෂකවරු තමයි ඒ ඒ කතාමාලාවන් කරන්නේ, සංගීතයෙදිත් එහෙම කරනවා විවිධ සංගීත අධ්‍යක්ෂකවරු යොදා ගන්නවා කතා මාලාවන්ට, ලංකාවේ නම් ලොවෙත් මේ වගේ නිර්මාණ කරන්න අපහසුයි. ප‍්‍රධානම දේ බජට් එක, අනිත් එක අපේ නිර්මාණකරුවන්ගේ තියෙන එකමුතු නැතිකම, අපේ අධ්‍යෂකවරු කිහිපදෙනෙක් එක නිර්මාණයක වැඩ කලොත් අනිවා එකිනෙකා මරාගන්නවා. එහෙම කියන්නේ අපේ ශිල්පීන් බාල්දු කරන්න හිතාගෙන නෙමේ ඒක තමයි ඇත්ත.

    මම ලියුවා වැඩිද දන්නෙත් නෑ. :D ටොමා උඹට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් දැම්මට
    රේප්
    ++
     
    ලිව්වා වැඩි නෑ මචං. ඉතාමත් වටින අදහස් පෙළක් පළ කලාට ස්තූතී. අද ජීවත් වෙන සුන්දර මිනිසුන් බිහි වෙලා තියන්නේ ඔන්න ඔය ටයිමාමා, ප්‍රේම කිර්තිමාමා වගේ උසස් හැකියාවන් තිබුන අයගේ හොද නිර්මාණ එක්ක. රොබින්හුඩ් වගේ නිර්මාණයක්, ඔශින් වගේ නිර්මාණ විතරක් නෙවෙයි පිස්සු පූසා වගේ කාටූන් වුනත් අපේ රස වින්දනයට එකතුකරේ අමුතුම හැගීමක්. මම හිතන්නෑ ඒ හැගීම බෙන්10 හෝ කොරියන් කථා බලන ලමයෙකුට එනව කියලා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රොබින්හුඩ් වගේ නිර්මාණයක්, ඔශින් වගේ නිර්මාණ විතරක් නෙවෙයි පිස්සු පූසා වගේ කාටූන් වුනත් අපේ රස වින්දනයට එකතුකරේ අමුතුම හැගීමක්. මම හිතන්නෑ ඒ හැගීම බෙන්10 හෝ කොරියන් කථා බලන ලමයෙකුට එනව කියලා.

    :yes::yes::yes::yes:

    උඹ කියන කතාව හරි බං

    ටයි මාමා සහ පේ‍්‍රමකිර්ති සම්බන්ධ අපුරු සිදුවිමක් කියන්නම් මං, උඹට අමතක වුනාද දොස්තර හොඳ හිත, මේ දොස්තර හොඳ හිත කාටුන් කතාවල එන තණකොළ පෙත්තා වාදක කණ්ඩායමේ ගීත ටික ලියන්න පුද්ගලයෙක් ටයි මාමා හෙව්වා. මේ ගීත ලියන්න පේ‍්‍රමකිර්ති හොඳයි කියලා අතුල රන්සිරිලාල් ටයි මහත්තයාව යාබද ගුවන් විදුලියට එක්කගෙන ගියා. ඊට පස්සේ පේ‍්‍රමකිර්තිව හමුවෙලා මේ වගේ ගීත ටිකක් ලියන්න කියලා යන්න ගියා. කොහොම හරි අවස්ථා 2 -3 පේ‍්‍රමකිර්ති වෙත ගියාට සින්දු ටික ලියලා නෑ. දැන් කොහොම හරි ගීත ටික පටිගත කරලා ඒවා හඬ කවන්න සුදානම් කරපු දිනයත් ලංවෙලා. ඒත් සින්දු ටික ලියලා නෑ. ටයි මහත්තයා කියන්නේ ලෙසියෙන් තරහා යන පුද්ගලයෙක් නෙමේ, තරහා ගියොත් සොරිම තමා. සින්දු ටික නැති නිසා හොඳටම තරහින් ගුවන් විදුලියට ගිය ටයි මාමා පේ‍්‍රමකිර්තිට බැරි නම් බැහැ කියනවා කියලා තදින් කියනවා.

    ඊට පස්සේ පේ‍්‍රමකිර්ති ටයි මාමාට සින්දු ටික ලියලා දෙනවා. පේ‍්‍රමකිර්ති කියන්නේ කොතරම් නිර්මාණ ශිල්පියෙක්ද කියනවා නම් ඔහුට තදින් බැණ වැදුනු බැහැ නම් බැහැ කියනවා කියන වචන අරගෙන දොස්තර හොඳහිත තණ කොළ පෙත්තා ගෲප් එකට බැහැයි කියලා බැහැයි කියලා බෑ නමින් අපුරූ ගීතයක් ලියනවා. පේ‍්‍රමකිර්තිගේ පද රචනා ගැන ගොඩක් සතුටු වන ටයි මාමා ඔහුගේ පිස්සු පුසා එකෙත් ගීත ලියන්න දෙන්නේ පේ‍්‍රමකිර්තිට