

ලංකාවේ සිස්ටම් එක ෆුල් අවුල්..එකයි වෙලා තියෙන්නේ...
බොරුවට අවුරුදු ගණන් නාස්ති කරනවා කැම්පස් යන්න දෙපාර තුන් පාර උසස් පෙළ ලිය ලිය..කොහොමහරි ගියොත් ගොඩ යතහැකි...බැරි උනොත් වෙන්නේ අර අවුරුදු ගාන ගැන දුක් වෙවී මානසිකව වැටෙන එක...
ඒ නැතත් තමන්ගේ හැකියාව අදුරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන දේ තේරුම් ගන්නේ නැහැ...එහෙම කවුරුත් කියන්නෙත් නැහැනේ..ඉස්කෝලේ වත් ළමය දුර්වල නම් ඒ ළමයට ඉස්සරහට යන පාර කියන්නේ නැහැ...හැමෝම කියන්නේ පාස් වෙයන්, කැම්පස් පලයන්, S3 හරි දාගනින්..නැත්තම් උඹ ඉවරයි...බැරි එකා ට කියන්නේ උඹ නම් මීහරකෙක්, මක බෑවියන් කියල..
එහෙමත් එකෙක් තමා ගොඩ යන්නේ..ඔය උඹ කිව්වා සීන් එක තමා වෙන්නේ විභාගෙ කොහොමහරි පාස් වෙන එක විතරක් අරමුණු වෙන උන්ට..උන් විභාගේ පාස් වෙනවා..කැම්පස් යන්න බැරි උනොත් එතනින් එහාට මොකද කරන්නේ කියල දන්නේ නැහැ...ඇයි ඉස්කෝලේ උගන්නනේ විභාගේ පාස් වෙලා කැම්පස් යන්න විතරනේ...
සමහර ගුරුවරු නම් ඉන්නවා ළමය ඉන්න තැන තේරුම් අරන් කරන්න ඕනේ දේ පැහැදිලිව කියල, මනස හරිගස්සලාම ඉස්කෝලෙන් එලියට එවන...ඒ වගේ හැමෝටම හම්බෙන්නේ නැහැ...