අකුරු දෙකේ..... Idukki Gold AKA KG (Kerala gold/ kerala ganja) - Sheelavathi Strain(present)

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේක ටිකක් කලින් දාපු පෝස්ට් එකක්.කිරියේ ගොඩක් දෙනා නීතිමය තත්වය විමසපු නිසා මම ඒ ගැන හරියට නොදන්න නිසා අයින් කලා.
    හැබැයි මේ පාර ඒ ගැන දාන්නේ නීතිමය ත්වයන් දැනගෙන.

    ඒ අනුව විශද්‍රව්‍ය අබිං සහ අන්තරාදායක ඖශද පනත අනුව කංසා සම්භන්දව මත පලකිරීම වරදක් නෙමෙයි.
    වැඩි විස්තර ඔන කෙනෙක් මේ LINK වලින් ගිහින් බලන්න.


    https://bit.ly/3cKINVw

    https://bit.ly/2Az2zoC

    මේක බුකියේ පලවෙච්ච පොස්ට් එකකින් ගත්තේ.

    ලංකාවේ කංසා භාවිතා කරන කවුරුත් දන්න දෙයක් තමා KG කියන්නේ. මම දැක්කා ගොඩක් අය මේ ගැන විවිධ අදහස් කියලා තියෙනවා, සමහර දේවල් නම් ඇත්තටම බොරු කියලා දන්න ඕනම කෙනෙක්ට තේරෙනවා ( corex d වල පොගවලා උණ බට වල කොටලා local වලින් හදන KG වගේ කතා 😂) ලංකාවේ විතරක් නෙමෙයි ගොඩක් රටවල sativa lovers ලා අතර ප්‍රසිද්ධ strain එකක් මේක. Highly potent වගේම uplifting high එකක් තියෙන්නේ. හොද feel එකක් දෙන strain එකක් කිව්වොත් හරි. හැබැයි මේකේ original strain එක idukki gold. ඒ කිව්වේ කේරල සහ තමිල්නාඩු අතර කදුපන්තිවලට යාබදව තියෙන වනගත ප්‍රදේශ වැඩි ග්‍රාමීය ප්‍රදේශයක් තමයි idukki කියන්නේ මේකේ හැදිච්ච landrace එකක් නිසා තමා මේ නම වැටුනේ. Gold කියන්න හේතු උනේ එකක් මේකේ පාට කහට හුරු රන් පැහැය. ඒ වගේම මේ ප්‍රදේශ වල පාරම්පරිකව ගංජා වගා කරන ගෝත්‍ර (Tribes) වල එකම ආදායම් මාර්ගය උනේ මේක. හැබැයි මේක මේ විදියට ප්‍රසිද්ධ වෙන්න ගන්නකොට ඉන්දියානු රජයට මේක කරදරයක් වෙන්න ගත්තා පස්සෙ idukki වල දිගට හරහට වැටලීම් කරන්න ගත්තා කේරල තමිල්නාඩු බෝඩරේ නිසා දෙපැත්තෙම පොලිසි වලින් මේ raids උනා ඒ නිසාම මේ ගෝත්‍ර වලටත් අනික් වගා කරුවන්ටත් එන්න එන්නම කදුවල කැලා වලට පහුබහින්න සිද්ධ උනා. ක්‍රම ක්‍රමයෙන් ගොඩක් වගාකරුවෝ වෙනත් කුලුබඩු වගාවන් වලට යොමු උනා හැබැයි පාරම්පරික ගෝත්‍ර වලට ඒක කරන්න බැරි උනා ඒ අතර මේ වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු ඉන්දියානු පාතාලය සහ දේශපාලකයින් වෙනත් විකල්පයකට ආයෝජනය කරන්න ගත්තා මේ විදියට මුල්‍යමය සහයෝගය ලැබුන නිසා මේ වගාකරුවන්ට හැකියාවක් ලැබුනා හිමාලයේ නැගෙනහිර බෑවුමේ පාර්වතී නිම්නයේ වගාකරුවන් එක්ක එකතුවෙලා පහල කදුකර ප්‍රදේශ වලට සහ ඝර්මකාලාපීය දේශගුනයට ගැලපෙන hybrid එකක් parvathi strain (himalayan වල hashish ආශ්‍රිත නිශ්පාදන සදහා වගා කරන strain එක) එක මුලික කරගෙන නිපදවන්න. මේ අලුත් strain එකට නම දුන්නේ ඉන්දියාවේ කෘෂිකර්මයට අධිපති දෙවියන්ගේ නම sheelavathi කියලා. ශීලවතී strain එක කලින් තිබුණ strain එකට වඩා වැඩි අස්වැන්නක් වගේම නිතර සිදුවන දෙශගුණික වෙනස්කම් වලට හොද ප්‍රතිරෝධයක් තියෙන strain එකක්. මේ නිසාම වැඩි ලාබයක් ලබාගන්න පුළුවන් උනා වගාකරුවන්ට. ඒ වගේම මේක balance hybrid එකක් ඒ කිව්වේ indica and sativa feeling දෙකම එක වගේ තියෙන. කොහොම හරි idukki හරහා තමයි වෙලදාම කරේ කලින් idukki කියන brand එකට තිබුන පිලිගැනීම පාවිච්චි කරලා තමා බෙදාහැරීම කරේ. දැනට අපිට එන්නෙත් kg කියලා මේ strain එක තමයි.කොහොම උනත් මේක සෑහෙන්න powerful strain එකක් නිසා ඉක්මනින්ම කංසා භාවිතා කරන්නන් අතර ජනප්‍රිය උනා.



    KG / Sheelavathi හොද නරක



    ඇත්තටම strain එකක් විදියට ගත්තොත් මේ strain එක ආසියාවේ තියෙන හොදම එකක් කිව්වොත් හරි. Parvathi strain එක මූලික උන නිසා මේකෙත් පාර්වතී වගේම ඇලෙන සුලු ගතියක් තියෙනවා වගේම හශීශ් වල වගේම පොඩි පැගිරි ටේස්ට් එකක් මේකෙත් තියෙනවා. මේ strain එකෙනුත් hashish ආශ්‍රිත නිශ්පාදන කරන්නේ ඒ නිසා.



    දැන් බලමු ලංකාවේ බහුලයක් KG හොද නෑ කියන්නේ ඇයි කියලා. ලංකාවට එවන KG වගේම ලංකාව ඇතුලේ හදන local දෙකම හරියට dry and cure වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපිට ඔය දෙකෙන්ම europe or usa වලින් එන hybrid bud එකක quality එක බලාපොරොත්තු වෙන්න බෑ. KG වල ප්‍රශ්නේ තියෙන්නේ KG එන්නේ සෑහෙන දුරක ඉදලා දවස් ගානක් ලොරිවල බෝට්ටුවල ඇවිත් ලංකාවට එන්නේ සමහර වෙලාවට මුහුදේ බැරල් වල පාවී පාවී තිබිලා. ඉතින් මෙහෙට එනකොට සෑහෙන විපර්‍යාසයක් වෙලා තියෙන්නේ. පස්සේ මෙහෙට ආවහමත් එහෙ මෙහෙ මුලු වල ගහලා හංගන් තමයි මිනිස්සු අතරට එන්නේ ඔය අතරමග මේවට කූබි සහ විවිධ කෘමි වර්ග එහෙම වහන්න ගන්නවා මොකද මේකේ තියෙන පැනි වගේ ඇලෙන ගතිය නිසා. ඉතින් මේ කෘමි එලවන්න කෘමිනාශක භාවිතා කරනවා ඊට අමතරව මුහුදු හුලං හරි මුහුදු හිරිකඩ වැදිලා දීලීර හැදෙන්න පුළුවන් මේවගේ වෙලාවට formaline ගහනවා හැබයි ඔය කියන දෙකම මිනිස් ශරීරයට හොද දේවල් නෙමෙයි. ඒ වගේම මේවා ගහපු කංසා වලින් අමුතු සැරගදක් එනවා වගේම බාගෙට දිරන කොම්පෝස්ට් වගේ වේලිච්ච ගතියක් තියෙන්නේ. කහට ගතිය හොදටම වැඩී ඒ කිව්වේ smoke කරද්දී එන tar එක. මේ කිසි දෙයක් ඇගට හොද නෑ.smoke කරද්දිත් බොන්න ගොඩක් අමාරුයි පිච්චිලා යන හැගීමක් එනවා. මේ ඔක්කොටම හේතු කිසි ප්‍රමිතියක් නැතුව ගහන chemical. පහල තියෙන photo වල තියෙන්නේ chemical ගහපු නැති සාමාන්‍ය KG. අඩුම තරමේ KG නම් ඔයවගේ quality එකවත් තියෙන්න ඕනා අතට ගත්තු ගමන් කුඩු වෙලා යනවා නම් නිකන් දුන්නත් ගන්න එපා.



    අදට KG පාඩම ඉවරයි. මම දන්න දේවල් ටිකක් ඔයාලා එක්ක බෙදාගත්තේ මේකේ වැරදි අඩුපාඩු ඇති, ඔයාලා දන්න දේවලුත් comment කරන් යන්න.



    මූලාශ්‍ර -

    indian landrace exchange

    සහ කේරල යාලුවෙක් ඩුබායි වලදි හම්බුන


    marijuana-buds-740.jpg
     
    • Like
    Reactions: Plusky