mage nigamanaya hariyata hari neda wotson?
oya tiyenne badu.
umba nan patta porak ban. eka neme moakda ban oya ejiptu shapaya? mata miss une kohomada?![]()
මෙහෙමයි මචන්
ෂර්ලොක් හෝම්ස් තමයි විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්).
2003 වසරෙදි චන්දන මෙන්ඩිස් මහත්මයා ලියා නිකුත් කෙරූ "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ පුද්ගලිකයි රහසිගතයි" කෘති දෙකෙන් තමයි ඔහු, මෙතෙක් කල් කොනන් ඩොයිල් ලියූ ෂර්ලොක් හෝම්ස් කතා 60 පමණක් කියවු පාඨකයින්ට ඒ කතා 60ට අමතරව තවත් කතා ඇතැයි ප්‍රකාශ කරන්නේ,
ගොඩක් අය කියනවා මේවා චන්දන මෙන්ඩිස් ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කියල. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.මේවා චන්දන මෙන්ඩිස් ලියූ කතා නොවෙයි.. ආතර් කොනන්ඩොයිල්ගෙන් පසු ලේඛකයන් කිහිප දෙනෙක් හෝල්ම්ස් ගේ අළුත් කථා ඒ චරිත අනුසාරයෙන්ම ගොඩ නැගුවා.. සර් කොනන්ඩොයිල් ගේ බාලම පුත්‍රයා වූ ඒඩ්‍රියන් කොනන්ඩොයිල් ඒ අතරින් කෙනෙක්.. තවත් කිහිප දෙනෙක් හිටියා.ඒ කතා උපුටාගත් මුල් කතා ගැන හැම පොතකම මුලින් සඳහන් කරලා තියෙනවා.ඒවාගේ නම් වලින්ම ගුගල් කරලා බලන්න පුළුවන්.. ( මේ කතා කොනන් ඩොයිල් මහතාගේ කතා වගේ සාර්ථක නැහැ, නමුත් මේවා පරිවර්තනය කරලා සෑම අවුරුද්දකම අපි අතට දෙන්නේ හෝම්ස් චරිතය අපි අතර හැමදාම ජීවමාන කරලා තියාගන්න )
මේ ඊජිප්තු ශාපයත් ඒ වගේ පොතක් ගිය අවුරුද්දේ තමයි නිකුත් උනේ ..











