අටානාටිය සුත්‍රය

Saman_Silva

Member
Nov 16, 2013
7
1
0
අටානාටිය සුත්‍රය

මට අටානාටිය කියන බෞද්ධ සුත්‍ර දේශනාවට සවන් දෙන්න තැනක් තියෙනවද?

මම දවසක් රේඩියෝ එකේ බන යනකොට අහං හිටියා, ඔය සුත්‍ර දේශනාව තුල සදහන් නොපෙනන ලෝකය,ප්‍රේතයන් ගැන එහෙම සදහන් වෙනවා කියලා,
මම ආසයි ඒ ගැන කියවලා දැන ගන්න. කවුරු හරි ඒ ගැන සදහන් ලිපි තියෙන ලින්ක් එකක් ගැන දාන්නවද?
 
  • Like
Reactions: polwattacom

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතනින් බා ගනින් මචං...

    ශුවර් නැහැ හැබැයි.. ප්ලේ කරලා අහන්න විදිහක් නෑ.. අම්මෝ 11.30 යි.. පිරිත් කියද්දි ඔය සූත්‍රය කියද්දි චූ කරන්නවත් යන්න දෙන්නේ නෑ යක්කු ආවේස වෙනවයි කියලා..

    මෙන්න මෙතන පිරිත් සෙට් එකම තියනවා...
    http://amadaham.weebly.com/350835383515353835013530.html
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතනින් බා ගනින් මචං...

    ශුවර් නැහැ හැබැයි.. ප්ලේ කරලා අහන්න විදිහක් නෑ.. අම්මෝ 11.30 යි.. පිරිත් කියද්දි ඔය සූත්‍රය කියද්දි චූ කරන්නවත් යන්න දෙන්නේ නෑ යක්කු ආවේස වෙනවයි කියලා..

    අම්මෝ මම දැන් ප්ලේ කරල යකෙක් ආවනෙ :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ මම දැන් ප්ලේ කරල යකෙක් ආවනෙ :shocked:

    :lol::lol: නෑ මචං අපේ ගමේ පිරිතකදි එහෙම සීන් එකක් උනා මම හෙන පොඩියි ඒ කාලේ.. ඒකයි කිව්වේ.. දන්නේ නෑ ඉතින් ඌ පොයියක් කෙලියද ඇත්ත්හටම උනාද කියලා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    මට අටානාටිය කියන බෞද්ධ සුත්‍ර දේශනාවට සවන් දෙන්න තැනක් තියෙනවද?

    මම දවසක් රේඩියෝ එකේ බන යනකොට අහං හිටියා, ඔය සුත්‍ර දේශනාව තුල සදහන් නොපෙනන ලෝකය,ප්‍රේතයන් ගැන එහෙම සදහන් වෙනවා කියලා,
    මම ආසයි ඒ ගැන කියවලා දැන ගන්න. කවුරු හරි ඒ ගැන සදහන් ලිපි තියෙන ලින්ක් එකක් ගැන දාන්නවද?

    http://en.wikipedia.org/wiki/Atanatiya_Sutta

    http://www.accesstoinsight.org/tipitaka/dn/dn.32.0.piya.html

    To know about pretas:growl::shocked::lol:

    go to this http://www.ogatharana.org/page2.php and dowwload the book "Preta Vastu Varnanawa".

    http://what-buddha-said.net/library/pdfs/Stories_of_the_departed-petavatthu.pdf
    http://mahamevnawa.ca/publications/PetavatthuPali_V1%20.pdf
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    නමෝ බුද්ධාය !

    මෙම සුත්‍ර දේශනාව youtube තුල පල කල Samadhi De Silva ඔබට බොහොම පින්
    තෙරුවන් සරණයි !
    ආටානාටිය සූත්‍රය තුළ සඳහන් වී තිබෙන්නේ යක්‍ෂ, නාග, කුම්භාණ්ඩ, ගාන්ධර්ව යන මේ ලෝකයේ සිවුදිසාවෙහි වාසය කරන අමනුෂ්‍යයන්ගෙන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයන්ට ඇතිවන උවදුරු නැතිකිරීම පිණිසත්, අමනුෂ්‍යයන් ගෙන් වන උවදුරු වලින් ආරක්‍ෂාවීම පිණිසත්, සිවුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් හිංසාවක් ඇති නොවනු පිණිස දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කළ දේශනයක්. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පර්වතයේ වැඩ සිටිද්දී මේ ලෝකයේ සිවු දිසාවන් පාලනය කරන වෛශ්‍රවණ, විරූපාක්‍ඛ, විරුල්හ, ධෘතරාෂ්ට්‍ර කියන සතරවරම් දෙවි මහරජවරුන් තමන්ගේ අණසක යටතේ පාලනය වන මහත් යක්‍ෂ සේනාවක්ද, නාග සේනාවක්ද, කුම්භාණ්ඩ සේනාවක්ද, ගාන්ධර්ව සේනාවක් ද පිරිවරාගෙන පැමිණිලා, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනාමාන කරලා එකත්පස්ව වැඩ සිටියා. ඒ අතර වෛශ්‍රවණ, දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා මෙසේ පවසනවා.

    "බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු බලසම්පන්න යක්‍ෂයින් ඉන්නවා. අපැහැදුනු බලසම්පන්න යක්ක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු මාධ්‍යානුභාව යක්‍ෂයිනුත් ඉන්නවා. අපැහැදුනු යක්‍ෂයිනුත් ඉන්නවා. පැහැදුනු නීච යක්‍ෂයිනුත් ඉන්නවා ස්වාමීනී! බොහෝ යක්‍ෂයන් බුදුරජාණන් වහන්සේ ගැන අපැහැදීමෙන් සිටින්නේ, එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් සොරකමෙන් වැරැදි කාම සේවනයෙන් බොරුවෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් බොහෝ යක්‍ෂයින් දුශ්ශීලයි. පංච දුශ්චරිතයේම යෙදෙනවා. ඒ නිසා දුශ්ශීල යක්‍ෂයින් බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රාවකයින් ගැනත් වෛර සිතින් කටයුතු කරනවා. ස්වාමීනී යම්කිසි යක්‍ෂයෙක් ගෙන් ධර්ම මාර්ගය අනුගමනය කරන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවකයින්ටම හිංසාවක් පීඩාවක් සිදුවුණොත් එවැනි අමනුෂ්‍ය උවදුරු වලින් ආරක්‍ෂා වීම පිණිස මේ ආටානාටිය නම් ආරක්‍ෂිත දේශනාව සිහි කරන්න" කියලා වෛශ්‍රවණ බුදුරජාණන් වහන්සේගෙන් ආටානාටිය සඳහා අවසර ඉල්ලුවා....