අඩු ගාණකට නවතින්න
හොස්ටල් එකක් කිව්ව ගමන් ගොඩක් දෙනෙක්ට ඔලුවට එන්නේ ඉස්කෝලේ හොස්ටල් එක තමා. හැබැයි මේ කියන්න යන්නෙත් එයිට ටිකක් සමාන දෙයක් ගැන. දැන් ඔය බජට් එක ෂේප් කරගෙන සංචාරය කරන්න යන උදවිය සෑහෙන්න ඉන්නවනේ. ආන්න ඒ කට්ටියට හෝටලේක නවතින්න වියදම් කරනවට වඩා අඩු මුදලකට නවාතැන් ගන්න පුලුවන් හොස්ටල් එකක. විශේෂයෙන්ම බැක්පැකර්ස් කියලා අපි කියන තනියෙන් එහෙ මෙහෙ යන සංචාරකයින්ට මේ තැන් මරුවට සෙට් වෙනවා. මේ ලංකාව වටේ තියෙන ඒ විදියේ හොස්ටල් 7 ක්.
1. Colombo City Hostels – කොල්ලුපිටිය
Hostels to stay
Source – hostelmanagement.com
කලම්බු සිටි හොස්ටල් කියන්නේ කොල්ලුපිටිය නගර මධ්‍යයේ, ඒත් නිසංසල තැනක තියෙන හොස්ටල් එකක්. ඇත්තටම මෙතන ටාගට් එකත්, මෙතනට වැඩිපුර එන්නේත් විදේශිකයෝ තමයි. බැක් පැක් ටුවරිස්ට් කෙනෙක්ට එක රෑකට ඩොලර් 15 ක් ගෙවලා මෙතන ඉන්නවා කියන්නේ සෑහෙන්න ඉතිරියක් කියලා කියන්න ඕන. හැබැයි ඒ ඩොලර් 15 ඇතුලේ හම්බුවෙන්නේ හොස්ටල් ඇඳක් විතරක් නෙවෙයි. මෙතන තියෙන 4G Wi-Fi සේවාව නොමිලේ පාවිච්චි කරන්න පුලුවන්. හොස්ටල් එකේ තියෙන අංග සම්පූර්ණ මුලුතැන්ගේ පාවිච්චි කරලා තමන්ට ඕන කෑමක් හදාගන්න පුලුවන්. ඕන නං පූල් එකකුත් තියෙනවා. ඒ වගේම හොස්ටල් එකේ නවතින අයට එකිනෙකාව අඳුනගන්න වගේම එකට වැඩ කරන්නත් උදවු වෙන විදියේ එක එක ක්‍රියාකාරකම් එහෙමත් කලම්බු සිටි හොස්ටල් එකෙන් සංවිධානය කරනවා. – දුරකථන ~ +94 77 485 2650
https://goo.gl/maps/TxQ4SV4L4sG2
2. Hostel at Galle Face – ගෝල් ෆේස්
Hostels to stay
Source – booking.com
ඇමරිකානු තානාපති කාර්යාලය ගාව ඉඳන් කිලෝමීටර් එකහමාරක විතර දුරින්, ගෝල්ෆේස් එක පේන තෙක් මානේ තියෙන මේ හොස්ටල් එකත් විශේෂයෙන්ම විදේශිකයින් අතරේ බොහොම ජනප්‍රියයි. ඒ වගේම ගොඩක් වෙලාවට රුපියල් දෙදාහක් වගේ වෙනකොට කීපදෙනෙක් ඉන්න කාමරේක හොස්ටල් ඇඳක් ගන්න පුලුවන් මෙතනිනුත්. මේ හොස්ටල් එක ජනප්‍රිය වෙන්නත් සුහද කාර්යමණ්ඩලය, පිරිසිදුකම වගේ දේවල් බලපානවා. මෙතනත් පොදු මුළුතැන්ගෙයක් තියෙනවා තමන්ට වුවමනා කෑමක් බීමක් හදාගන්න. – දුරකථන ~ +94 11 4 503432
https://goo.gl/maps/6Dt9jcNxMZH2
3. Thambili Island @ Stubbs – තිඹිරිගස්යාය
Hostels to stay
Source – thambili-island-stubbs-lk
තිඹිරිගස්යායේ තියෙන තැඹිලි අයිලන්ඩ් එකත් දැන් දැන් හොඳ හොස්ටල් එකක් විදියට ප්‍රසිද්ධ වේගෙන එන තැනක්. විශේෂයෙන්ම රුපියල් දාහකට පොඩ්ඩක් වැඩිවෙන ගාණකට ඒ සී තියෙන ඩෝම් එකක බන්ක් බෙඩ් එකක් ගන්න පුලුවන් කමත්, උදේ ආහාරය වුනත් ඉතාම සුළු මුදලකට ගන්න පුලුවන් වීමත්, ඒ වගේම හදිසියකදී රිසවේෂන් එක කැන්සල් කරන්න වුනත් කිසීම අවුලක් නැති වීමත් ඒකට හේතු කියලා හිතන්න පුලුවන්. ඕන නම් මෙතනින් බජට් එකට තනි කාමර වුනත් ගන්න පුලුවන්. වයි-ෆයි නොමිලේ. සුළු මුදලකට සුපිරි සේවාවක් කියලා බය නැතුව කියන්න පුලුවන්. – දුරකථන ~ +94 11 2 500400
https://goo.gl/maps/dx2iy5QaZfy
4. Hangtime Hostel – වැලිගම
Hostels to stay
Source – hostelworld.com
සුන්දර මුහුදු තීරයක් තියෙන වැලිගම ඔය සර්ෆ් කරන්න එහෙම යන කට්ටියටත් මරු. වැලිගම තියෙන මේ හොස්ටල් එකේ නවාතැන් ගන්න රුපියල් එක්දාස් පන්සීයකින් පුලුවන්. ඕන නං තුන්දාස් පන්සීයක් – හාරදාස් පන්සීයක් ගෙවලා ඩබල් රූම් එකක් වුනත් බුක් කරන්න පුලුවන්. හොස්ටල් එකක දෙන්න පුලුවන් හැම සුවපහසුවක්ම එක්ක පහසුකම් ගණනාවක් තියෙන මේ හොස්ටල් එක සර්ෆින්ග් පාඩම් වල ඉඳන්, යෝගා පංති විතරක් නෙවෙයි, වැලිගම ප්‍රදේශයේ එක එක විනෝදජනක ක්‍රියාකාරකම් පවා සංවිධානය කරනවා. ඒවා නං ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ විදේශික සංචාරකයන්ට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ හොස්ටල් එක සම්බන්ධයෙන් කියන්න ඕන අනික් කාරණාව තමයි රූෆ් ටොප් එක. කෝපි, සුෂි, බර්ගර් සහ ෆුල් ආතල් කියලා තමයි මේ කට්ටිය රූෆ් ටොප් එක ප්‍රමෝට් කරන්නේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ එතකොට. ඇත්තටම වැලිගම පැත්තට ගිහින් නවතින්න බජට් පොට් එකක් හොයනව නං අනිවා සලකලා බලන්න ඕන තැනක් තමයි Hangtime Hostel කියන්නේ! – දුරකථන ~ +94 76 525 8933
https://goo.gl/maps/esKRkY7V8PN2
5. Kandy Down Town Hostel – නුවර
Hostels to stay
Source – hostelz.com
සුන්දර කඳුමුදුන් වලින් වටවුණු නුවර ටවුන් එකේ හොස්ටල් එකක් හොයනවා නං මෙන්න තැන. නුවර බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් කිලෝමීටර් එකහමාරක දුරින් තියෙන මේ හොස්ටල් එක බොහොම සරල විදියට නිමවලා තියෙන, ඒත් අවශ්‍ය පහසුකම් සියල්ලම තියෙන තැනක්. ඒ වගේම ලංකාවේ තියෙන ලාබම හොස්ටල් එකක් කියලත් බය නැතුව කියන්න පුලුවන්. වෙන කොහෙද මචං රුපියල් දාහකටත් අඩු ගාණකට හොස්ටල් බන්ක් බෙඩ් එකක් එක රෑකට දීලා උදේ කෑමත් දෙන්නේ. ඒ විතරක් නෙවෙයි, නොමිලේ වයි-ෆයි තියෙනවා. මුළුතැන්ගේ වගේම රෙදි සෝදන යන්ත්‍රයත් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට ඕන නං කොමන් රූම් එකේ තමන්ගේ පොතකට වෙන පොතක් හුවමාරු කරගන්න වගේ දේවලුත් කරන්න පුලුවන්. කොටින්ම කියනවා නම් අඩුම ගාණට විශිෂ්ට හොස්ටල් අත්දැකීමක් ඕන නං යන්න මෙතනට. – දුරකථන ~ +9477 710 6988
https://goo.gl/maps/sugAWr9TMXq
6. Hostel First – මිරිස්ස
Hostels to stay
Source – booking.com
මිරිස්සේ සුන්දර මුහුදු තීරයට මීටර් සීයක් විතර එහායින් තියෙන මේ හොස්ටල් එකේ නවාතැන් ගන්නත් පුලුවන් ඩොලර් දාහතරක් විතර එක රෑකට වියදම් කරලා. මෙතනත් පොදු මුළුතැන්ගෙයක්, පොදු විසිත්ත කාමරයක් තියෙනවා. ඒ වගේම ඕන නං ගාඩ්න් එකේ බාබක්‍යු පාරක් දාන්න හැකියාවත් තියෙනවා. එතකොට ඕන නං මිරිස්ස-මාතර ටවුන් පැත්තේ කරක්ගහන්න පාපැදියක් එහෙම රෙන්ට් එකට ගන්නත් පුලුවන්. ඒ වගේම තල්මසුන් බලන්න යන ටුවර් එහෙමත් මේ අයම ඕගනයිස් කරනවා. – දුරකථන ~ +9476 798 6788
https://goo.gl/maps/UjjXuYZwvh12
7. Barracuda Beach Inn – මීගමුව
Hostels to stay
Source – booking.com
මීගමුව පැත්තේ සංචාරයකට යනවා නං හොයාගන්න පුලුවන් ලාබම හොස්ටල් එකක් තමයි මේ. හැබැයි මෙතන ඩෝමිටරි බෙඩ් විතරක් නෙවෙයි, තනි කාමරත් ගන්න තියෙනවා. හොස්ටල් බෙඩ් එකක් ඩෝම් බෙඩ් රූම් එකක ගන්න පුලුවන් රුපියල් අටසිය පණහක් වගේ වෙනකොට. ඒ සී සහ නොමිලේ වයි-ෆයි සේවාවන් තියෙනවා වගේම තේ එකක් කාරිය හදාගන්නත් පහසුකම් වුනත් මෙතනම තියෙනවා. සමස්තයක් විදියට ගත්තහම හොස්ටල් එකක් විදියට තත්ත්වයත් හොඳයි කියන්න පුලුවන්. – දුරකථන ~ +9431 2239888
https://goo.gl/maps/eAE7AdrbkCS2
http://www.aniwa.lk/

man Myanmar gihin hitiya hostel ekaka 