“අද දින විවාහ දිවියට පත් මේ දස හැවිරිදි පුංචි කුල කුමරියට චිරාත් කාලයක් කාම සම්භෝගී යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා!!”
“ඒ ළමයා පුංචි කාලෙ ඉඳන් ම සෙක්ස්වලට හරි ලැදියි. පිරිමින්ට පුදුම ආසාවක් තිබුණෙ.”
“පතාගෙන ආපු විදිහනෙ ඉතිං! වාසනාවන්ත දරුවෙක්. අද කාලෙ හැදෙන උන්ට තේරුමක් තියන වයසට ආවත් හරියට වල්හිතක් පහළ වෙනව ද? ”
“උඹල හිතන්නෙ ඔය ළමයගෙ දෙමව්පියො හරක් කියල ද? තමන්ගෙ ළමයගෙ ජීවිතේ විනාස කරන්න බන්දල දුන්න කියල හිතන්නෙ? බලපං ඒ ළමයට දැන් මොනතරම් සැපක් ලැබෙනව ද? අනික ළමයාගෙ සතුට ගැන හිතන දෙමව්පියො කවදාවත් ළමයා කැමති දෙයක් නොකර ඉන්නව ද?”
“බලෙන් බන්දන්න ඒ ළමයා බබෙක් ද බං? උඹ කියන්නෙ අවුරුදු දහයක ළමයෙක්ට තමන්ගෙ කසාදෙ ගැන තීරණයක් ගන්න බෑ කියල ද?”
“කවුද කියන්නෙ පුංචි ළමයි කසාද බැන්ද ම අතවරයට ලක් වෙනවා කියල? තැනක දෙකක වුණා කියල හැමෝම එහෙම කරන්නෙ නෑ.”
“අඩු වයසින් කසාද බන්දල නොදුන්නොත් ලොකුවෙලා නොගැලපෙන කසාදයක් කරගෙන ජීවිතේ විනාස කරගත්තම උඹල එනව ද කන්න දෙන්න? දැන් ඔය වැදගත් විදිහට පවුල් කන අය කවුරුත් පොඩි කාලෙ බැඳපු අය තමයි.”
“දැන් උඹල කියන්නෙ ඔය දෙමව්පියො නැතිබැරිකමට ළමයව දුන්න කියල ද? මං දන්න හුඟක් දෙමව්පියො ළමයි බන්දල දෙන්නෙ කන්න දෙන්න බැරිකමට නෙමෙයි. පවුල් දෙකටම වෙන යහපත ගැනත් ළමයගෙ අනාගතේ ගැනත් හිතල!”
"අකමැති නම් දැනුම් තේරුම් ඇති වයස ආවම ඩිවෝස් වෙන්න පුලුවන්නෙ ඕන්නම්. ඩිවෝස් වෙන්න බෑ කියල තහනමක් නෑනෙ"
***
හිරිකිතයි නෙහ්??
පොඩි උන් මහණ කිරිල්ලත් ඔච්චර ම තමා!
පොඩි එකෙක් මහණ කලත්, විවාහ කලත්, ළමා සොල්දාදුවෙක් කලත්, ළමා මෙහෙකරුවෙක් කලත් වෙන්නෙ එකම දෙයයි..
ඒ උංගෙ ළමා කාලය නැතිවෙන එක විතරයි..
